ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම

September 9, 2010 by Karapoththa  
Filed under Colombo, Featured Articles, Features

ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ:

“ඇය යාපනයේ පුස්තකාලයේ දී ඇය සිවිල් සමංජ සංවිධාන ප්‍රධානීන් රැසක් මුණ ගැසී සන්නද්ධ අරගලයේ අවසානයෙන් පසු මෑත කාලීන වර්ධනයන් පිළිබඳ ඔව්න්ගේ අදහස්වලට සවන් දුන්නා ය.”

එළෙස යාපනයේ සිවිල් සමාජ ප්‍රධානීන් නිරූපමා රාවෝ ට කියා සිටි මෑත කාලීන වර්ධනයන් පිළිබඳ අදහස් මොනවාද? යාපනයේ සිට වාර්තා කරන දෙමළ ජනමාධ්‍ය කියා සිටි අන්දමට යාපන සිවිල් සමාජ ප්‍රධානීන් වෙනත් වචනයෙන් නමුත් නිරූපමා රාවෝ ට කියා සිටියේ “බොරු කතා එපා. අපේ ප්‍රශ්ණ ගැන උනන්දුවක් තිබෙනවා නම් දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසදුමක් ගැන වැඩ කරන්න” කියා ය. එළෙස ඇයට කරුණු කී පිරිස් අතර ශ්‍රාස්ත්‍රඥයින් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ද වූහ. ඔව්න් කියා සිටියේ තැන තැන කැරෙන යළි පදංචි කිරීම්වලින් දෙමළ ජනයාට ඇතිවන සැබෑ සුගතියක් නැති බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිතුත් කළ එම වාර්තාවේ ම මෙසේ ද සදහන් වෙයි. “ දැන් පැමිණ ඇත්තේ අනාගත පරම්පරා වෙනුවෙන් ඉදිරිය දෙස බැලීම බව කී නිරූපමා රාවෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවගේ සුභ සාධනය සෑම විටම ඉන්දියාවේ මූලිකත්වයක් බව කියා සිටියා ය.” පුදුමයකට මෙන් යාපනයේ පැවැති රුස්වීමේ දී ද ඇය දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා වන දෙමළ ජනයාගේ අරගලය ගැන හෝ දේශපාලන විසඳුමක අවශ්‍යතාවය ගැන හෝ කතා කලේ නැත. මෙම නිවේදනය සහමුලින්ම වාගේ වෙන් වී ඇත්තේ ඉන්දියාව විසින් මෙරට දෙමළ ජනයා අරභයා කරන්නට යන සුභ සාධක කටයුතු අරභයා ය. ඇත්ත වශයෙන්ම නම් නිරූපමා රාවෝගේ මෙම සංචාරයට හේතු වූයේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ඉන්දීය මධ්‍යම රජය වෙත කරන ලද බැලපෑම ය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ වාර්ගික ප්‍රශ්ණ වලට විසඳුමක් ලෙස දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙම තමිල්නාඩු බලපෑම මහත් අවධානයක් යොමු කරයි.

ශ්‍රී ලංකාවේ චීන මැදිහත් වීම දැන් ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දීය රාජ්‍යයේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත් ද යන ප්‍රශ්ණය යම්යම් දේශපාලන විචාරකයින් විසින් මතුකරනු ලැබ තිබේ. සෝවියට් සමාජවාදී කඳවුර සහ ඇමෙරිකානු බටහිර ධනපති කඳවුර අතර තිබූ සීතල යුද්ධ කාලයේ දී ඉන්දියාව සිටියේ සෝවියට් කඳවුර සමඟ ය. එනමුත් සෝවියට් කඳවුරට අයත් වූ චීනය සමඟ ඉන්දියාව කවර කළෙකවත් එක් කඳවුරක සිටියේ නැත. දකුණු ආසියාවෙහි ඉන්දීය පිළිවෙත චීනය විසින් හදුන්වන ලද්දේ ඉන්දියානු ව්‍යාප්තවාදය ලෙස ය. නමුත් අද ඉන්දියාවේ විදෙස් පිළිවෙත ඇමෙරිකාව සමඟ සමීප බැදීමක් බවට පත්ව තිබේ. වෙනස් නොවී ඇත්තේ චීනය සමඟ වූ පසමිතුරු සබඳතාවය යි.

ඉන්දියානු යුද දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ දකුණු ආසියාව තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙහි බාහිර බලවේග මැදිහත් වීම ඉන්දියානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පත්ව ඇති බව යි. බාහිර බලවේග යනු අන් කවර රටක්වත් නොව චීනය යි. පශ්චාත් එල්ටීටීඊ යුගය තුළ ශ්‍රී ලංකාවෙහි චීන බලපෑම ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයිනගේ නිරන්තර මාතෘකාවකි.

එනමුත් ශ්‍රී ලංකාවෙහි සමජ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ඉන්දියානු බලපෑම තවමත් චීනයට නැත. අනෙත් අතට අප්‍රිකාවෙහි බොහෝ රටවල චීනය විසින් අල්ලා ගෙන ඇති දේශපාලන සහ ආර්ථික බලපෑම දෙස බලන විට ශ්‍රී ලංකාවෙහි ද එයම සිදු නොවනු ඇතැයි කිව නොහැකි ය. චීන ප්‍රාග්ධනය විශේෂයෙන්ම ලැදියාව දක්වන්නේ යටිතල ව්‍යුහ සංවර්ධනය මගින් දීර්ඝකාල බලැපෑමක් අල්ලා ගැනීමට ය. අද චීන විදෙස් පිළිවෙතෙහි නිර්ලෝභී සමාජවාදී ආධාර කියා දෙයක් නැත. අප්‍රිකාවෙහි චීන අවශ්‍යතාවය වන්නේ චීන කර්මාන්ත සඳහා ඇති අමුද්‍රව්‍ය ලබා ගැනීම පිණිස ය. ශ්‍රී ලංකාවෙහි චීන ලැදියාව මුලික වශයෙන්ම ඇත්තේ ඉන්දියානු බලපෑම දුර්වල කිරීම සහ නාවික පහසුකම් ලබා ගැනීම පිණිස ය.

ඉන්දියාවට එසේ නොවේ. එයට මේ තාක් තිබූ ප්‍රධාන ලැදියාවන් දෙක නම් තමිල්නාඩුව හරහා එන ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සහ දකුණු ආසියාවෙහි සිය ආධිපත්‍ය පවත්වා ගැනීම ය. එයට මෙරට දෙමළ ජනතාව අතර බලපෑමක් ඇති අතර දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාව දෙස බලන්නේ සිය අයිතීන් ලබා ගැනීම සඳහා සහාය ලබා ගත හැකි දකුණු ආසියානු බලවතා ලෙස ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්දයෙන් විශේෂයෙන් ම මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ ඉන්දියාව තරම් ඍජුව මත ප්‍රකාශ කරන අන් රටක් නැත. ඉන්දියානු ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවෙහි කරනු ලැබ ඇති ආයෝජනයන් මෑත කාලයෙහි සැළකිය යුතු පරිදි ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියානු සංචාරක වෙළද පොළෙහි ශ්‍රී ලංකාව මහත් ආකර්ශනයක් බවට පත්ව තිබේ. චීනයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන්නේ නැති තරම් ය. ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. ශ්‍රී ලංකාවෙහි චීන බැලපෑම ඉන්දියාවට තර්ජනයක් වන පරිදි නැගී ආවේ වත්මන් ආණ්ඩුව යටතේ ය.

එසේ නමුත් ඉහත කී තත්ත්වය අපට පෙනුනුම් කරන්නේ ශ්‍රී ලංකාවේ චීන බලපෑම් කොතරම් ප්‍රබල වුව ද එයට ඉන්දියාව පැරද වීම දුෂ්කර බව යි. ඉන්දියාවට ශ්‍රී ලංකාවෙහි ආර්ථික දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සමාජ ක්ෂේත්‍රයේ ද බලපෑමක් සතු ය. මෑත කාලීනව මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්දයෙන් ඉන්දියාව පෙන්නුම් කරන අලුත් උනන්දුව ඊට එක් නිදසුනකි.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ඉන්දියානු ආණ්ඩුව සමඟ දේශපාලන සාකච්ජාවන්හි නිරත විය. ප්‍රසිද්ධියේ ම ඉන්දියාව කෙරෙහි පක්ෂපාතිත්වයක් දක්වන වර්ධරාජා පෙරුමාල් වැනි දේශපාලනඥයින් ද ඇතුළත් වන දෙමළ දේශපාලන පක්ෂ පෙරමුණ ගොඩනැගුනේ එම සාකච්ජාවන්ගෙන් අනතුරුව ය. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ සන්ධානය ද ඉන්දියානු ආණ්ඩුව සමඟ නිරන්තර සාකච්ඡාවන්හි නිරත වෙයි. මෙම දේශපාලන පක්ෂ සියල්ල සිය ප්‍රධාන එකඟතාවය ලෙස සළකන්නේ දේශපාලන විසඳුමක් ලබා ගැනීම යි.

යුද්ධාවසානයෙන් දින කිහිපයකට පසු ඉන්දියනු සංචාරයක යෙදුණු ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ 13වන සංශෝධනය ඉක්මවා යමින් මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණවලට දේශපාලන විසඳුමක් ලබා දීමට තමා සූදානම් බව යි. එනමුත් පසුගිය මාස 16ක් කාලය තුළ ඒ අරභයා කිසිදු ප්‍රගතියක් අත් කර ගැනුණේ නැත. මෙම ප්‍රශ්ණය පිලිබඳව දිගින් දිගටම උනන්දුවක් පෙන්වා ඇත්තේ ඉන්දියානු දේශපාලනයේ තීරණාත්මක භුමිකාවක් අයත් තමිල්නාඩු ප්‍රාන්තය පමණි. තමිල්නාඩුව සහ දිල්ලිය හැරුණ විට ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ ගැන එතරම් උනන්දුවක් පෙන්වන වෙනත් දේශපාලන බල කේන්ද්‍ර කිසිවක් ඉන්දියාවේ නැත. එමෙන්ම අනෙක් අතට තමිල්නාඩුව නොසළකා සිය දේශපාලන උපාය මාර්ග සකස් කිරීමට ඉන්දීය මධ්‍යම රජයට හැකියාවක් ද නැත.

තමිල්නාඩුව ඉන්දියාවේ සියළුම ප්‍රාන්ත අතුරින් කාර්මිකරණය අතින් පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාවේ තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කිය යි. නාගරිකකරණය අතින් ද ඉදිරියෙන්ම සිටින එය විදේශ ප්‍රාග්ධනය ගලා ඒම අතින් තෙවැනි ස්ථානයේ සිටියි. ඉන්දියාවේ වේගයෙන් නැගී එන ඉන්දීය ආර්ථිකයේ අවශ්‍යතාවයන් නියෝජනය කරන ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩුව අතර ඇති සහ සම්බන්ධය හුදෙක් ලෝක් සභා ආසන අංක ගණිතය ඉක්මවා යනනේ එබැවිනි.

තමිල්නාඩු දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික දේශපාලනය අතර ඇති බැඳීම දැන් මෙරට දෙමළ ජනයා අරභයා ඇති බැදීමක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් ගැන කතා කරන තමිල්නාඩු දේශපාලන පක්ෂ කුඩා බව සැබෑ ය. එනමුත් කුඩා දේශපාලන පක්ෂයක් වන හෙළ උරුමය සිංහල ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රයට තීරණාත්මක බලපෑමක් කරන පරිද්දේන්ම තමිල්නාඩු දේශපාලනය තුළ උත්ප්‍රේරක භුමිකාවක් එම පක්ෂ සහ සංවිධාන විසින් අල්ලා ගෙන තිබේ.

ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගෙන් විමසා සිටියේ ප්‍රසිද්ධියේ ය. තත්ත්වය විමසා බැලීම පිණිස විශේෂ නියෝජිතයකු ශ්‍රී ලංකාවට යැවිය යුතු යැයි තීරණය වුයේ ඒ ප්‍රසිද්ධ සාකච්ජාව හරහා ය.

රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමේ පිළිවෙත අවසන් කළා ය. විශේෂයෙන් ම කොන්ග්‍රස් පක්ෂ නායකත්වය යටතේ ඉන්දියාව දැක්වූයේ එල්ටීටීඊ ය පරාජය කිරීමට සහාය දක්වන අතර තුර දෙමළ ජනයාගේ ප්‍රශ්න සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය ය යන ස්ථාවරය යි. මෙරට දෙමළ ජනයා සහ දෙමළ දේශපාලන පක්ෂ සමඟ ඇති සබඳතා ශ්‍රී ලංකාවේ චීන බැලපෑම අවම කිරීමට පාවිච්චි කළ යුතුය යන අදහස් ඉන්දියාවෙහි යම්යම් යුද දේශපාලන විචාරකයින් විසින් දැන් පෙරට ගනිමින් තිබේ.

Protest against 18th Amendment – Massive crowd in Colombo

September 8, 2010 by Karapoththa  
Filed under Colombo, Featured Video, Video

YouTube Preview Image

‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා
මහින්දයෝ මේ අහපන්
සංශෝධනේ නවත්තපන්
නැත්තන් අපි එළවනවා’’
අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛18වන සංශෝධනයට එරෙහි ව්‍යාපාරය’ විසිනි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල නියෝජිතයින් මෙයට එක්ව සිටියේය. ‛‛මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අපි අද ප්‍රකාශයට පත් කරලා, අද කනත්තට ඇවිල්ලා ඒ මළගම ලෝකයට අපි ප්‍රකාශ කරනවා.’’ මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටියේ ය.

වෝඩ් පෙදෙසින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය බොරුල්ල මංසන්ධිය වෙතට පැමිණෙන විට පොළීසිය එයට බාධා කරමින් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරූ විරෝධතාකරුවන් නාරාහෙන්පිට දෙසට හරවා යැවීය. ඉන්පසු ඔවුන් සේනානායක හංදිය අසලට පැමිණ නැවතත් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරීමේදී පොළීසිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ අවස්ථාවේදී රාජගිරිය දෙසට යන මාර්ගය පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබිණී. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් එම මන්සංදියේ වාඩිලාගෙන තම විරෝධය ප්‍රකාශ කල අතර පසුව බොරැල්ල කනත්ත අසලට පැමිණ රැස්වීමක් පැවත්වීය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජොසප් ස්ටාලින් ‛‛මෙතනට අද විවිධ බලවේග ඇවිල්ලා ඉන්නවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පොදු මහජනතාව මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනිවාර්‍යයෙන්ම මේ 18වන සංශෝධනය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් වීදියේදී අපි එය පරාජය කරනවා.’’

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අදයි..!

September 8, 2010 by Karapoththa  
Filed under Colombo, Featured Articles, Features

‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.

පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු වන ගේට්ටුව අසලටම ගමන් ගත්තේය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

මේ එහි සේයාරූයි.

‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ

‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම යෝජිත 18වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙම ස්ථානයට පැමිණි කොඳුනාරටිය තියෙන ප්‍රගිතිශීලි නිතිඥ වරුන්ට ස්තුතියි.’’ මෙසේ පවසා සිටියේ ජාතික නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතායි. ඒ අද කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට යෝජිත 18වන සංශෝධනයට එරෙහිව පැවති උද්ඝෝෂණයකදීය. ඔහු වැඩිදුරටත් මෙසේ පවැසී ය.

‛‛8වනදා පාර්ලිමේන්තුවේ මෙම පනතට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනාට ඉතිහාසයේ අපරාධ කරුවන් වෙනවා.මේ සොහොන්ගත කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියයි. ඒ නිසා සියලු දෙනාට වගීමක් තියනවා එයට එරෙහි වෙන්න.’’

ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්

September 7, 2010 by Karapoththa  
Filed under Colombo, Featured Articles, Features

අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා කරන්නෙ නැතිව ඕනෑ තරම් තරඟ කරන්න ඉඩ දෙන එක. තිබුණු ව්‍යවස්ථාධායක සභාව සම්පූර්ණයෙන්ම නැතිකරල ඒ වෙනුවට වෙනත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කරනවා. ඒකට කිසිම බලයක් නැහැ ඒක නිකම් ඉංග්‍රීසියෙන් කියනවනම් ජනාධිපතිට Observation දෙන්න පුළුවන් එකක්. අපි මොකද්ද දැක්ක කියල කියන්න පුළුවන්. ඒ වගේ කිසි වැඩක් නැති දෙයක්. 3 වැනි දෙය තමයි මැතිවරණ කොමසාරිස් ඒ දෙපාර්තමේන්තුවේ දැනට යම් දුරටවත් මැතිවරණය වැරදි දේවල් පාලනය කරන්න තියෙන ඒ බලය, ඒකත් අයින් කරල. මැතිවරණ කොමසාරිස් කොළ අච්චු ගහල, කොලේ බෙදල, ගණන් කරන කොමිටි එකකට අඩුකරලයි තියෙන්නෙ. මැතිවරණ කොමසාරිස් දැන් නිකන් කූලී කාරයෙක්.

දැන් මේ තුනම එකතුවක් විදියට ගත්තොත්, සමස්ථයක් හැටියට අපි දකින්නේ විධායක ජනාධිපතිගේ බලයේ විශාල වශයෙන් වැඩි කරල. 2005 චින්තනේ නම් කිව්වේ විධායක ක්‍රමය නැති කරනව, මේවා අඩු කරනව, කියල තමයි ආවේ. හැබැයි කළේ ඒකෙ බලතල විශාල වශයෙන් වැඩි කිරීම ඒක එකක්. දෙවනුව දේශපාලන වශයෙන් හුගක් වැදගත් දෙයක් තමයි, ඇත්තට ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් තියෙනව ලංකාවෙ, මොකක් හරි කරන්න ඕන කියල කථාව ඔක්කොම ගියේ, මේ ඔක්කොම මේ ඔක්කොම කථා වුණේ ජාතික ප්‍රශ්ණයත් එක්ක. මේ දෙමළ ප්‍රශ්ණෙ විසදන්න ඕනේ, යුද්ධයෙන් පස්සේ මොකක් හරි කරන්න ඕනේ, ජාතික ප්‍රශ්ණෙට මොකක් හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියල. 13 ප්ලස් 13 මයිනස් 13, 14 ඕන මඟුලක් , මොකක් හරි කරන්න ඕනෙ කියල. ඒ කතාවෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියන එක ආවේ. කෝ දැන් ජාතික ප්‍රශ්ණය ගැන එක වචනයක් තියනවද මේ අලුත් සංශෝධනයේ. ලංකාවේ දෙමලු ඉන්නවයි කයලවත් මේ ව්‍යවස්ථාවේ මතක් කරලා තියනවද. නැහැ. ඒ ප්‍රොඩාවෙන් පටන් අරගෙන ව්‍යස්ථාමය වෙනසක් ගේනවැයි කියලා මේ ජාතික ප්‍රශ්නය විසදන්න ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා සම්පූර්ණයෙන්ම වෙනත් දෙයක් ගෙනල්ලා තියෙන්නේ.

ව්‍යවස්ථා වෙනස් කරන්නේ ව්‍යවස්තා හදන්නේ ජනතාවගේ දියුණුවට. මම නම් දකින එකම උදාහරණයයි ව්‍යවස්ත්ථා සම්පූර්ණයෙන්ම හදන්නේ එක මනුස්සයෙක්ගේ හරි එක පුවලකගේ උවමනාවට මේ ලංකාවේ.

අපි අද ඉන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දීමේදී ටිකක් අමාරු තැනක. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ මොකද්ද වෙන්නේ 160ක්ද , 150ක්ද අනිද්දා උන් අමුඩේ ගලවන්න යනවා. එච්චරයි කරන්නේ. හෙලුවැල්ලෙන් නටනවා කිසිම ලැජ්ජාවක් නැතුව.

කොහොමද අපි මෙවැනි තැනකට වැටුනේ. එක හේතුවක් මර්ධනය. දෙවන හේතුව ජාතිවාදී යුද්ධයෙන් ලොකු ජයග්‍රහණයක් ගත්තොත් ඒ යුද්ධයෙන් ජයග්‍රහණය ගත්ත පැත්ත යම් කාලයකට ඒ ජාතීන් අතර විශාල යෝධයෙක්, රජ්ජුරුවො කෙනෙක් විදිහට පෙනී සිටිනවා. ඒක හරියට හිට්ලර් යුදෙවුවො මරලා ජර්මනියේ සයිකොලොජි එක වෙනස් කරා වගේ. අපේ රටෙත් එවැනි දෙයක් තිබෙනවා. නමුත් මර්ධනයට විරුද්ධව මිනිස්සු ටික ටික පෙළබෙන්න පටන් ගන්නවා. මාකොෂ්ට හැමදාම එතන ඉන්න හම්බ උනේ නෑ. රුමේනියාවෙත් එහෙමයි. ඔය වගේ හැම තැනම සිදු උනා. ජනතාවගේ මැතිවරණය බලය නැතිකරාට හැමදාම එහෙම බෑ. හිට්ලර්ට උනා වගේ. දෙමලු නැති කරා කියලා සිංහල මිනිස්සු මුලා කරන්න බැ හැමදාම. ඒ සෙල්ලම හරියන්නේ නැ. ටික කාලයක් පුලුවන් නටන්න. ඊට පස්සේ බැහැ. ඔය දෙකම නැතිවෙන දේවල්. එකක් තමයි විධායක බලය ඉතාම ශක්තිමත් කරන එක. අනෙක රටතුළ මර්ධනය වැඩි වැඩියෙන් ඇති කරන එක. ඔය දෙකම සම්බන්ධ වේන්නේ මෙහෙමයි. මේක ඇත්තටම ජනාධිපතිට තුන්වන සැරේ ඡන්දය ඉල්ලන්න ඉඩ දීම පමණක් ප්‍රශ්නයක් නම් සමාජයට කියන්න පුලවන් ප්‍රශ්ණයක් නැහැ නේද කියලා. ජනප්‍රිය නම් මිනිහා දිනයි. කැමති නැතිනම් මිනිහා පරදියි. ඔය වගේ දේවල් කියන්න පුලවන්.

දැන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක දෙවරකට වඩා අවස්ථාවක් දෙන්නේ නෑ. හේතුව බලයේ ඉන්න මිනිහට වාසියක් තියනවා. මේකේ ලොකුම වරද ආපහු ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙන එක නෙමෙයි. ඒකේ වරද මින් පස්සේ මර්ධනය නිසාත් සහ අනෙක් ප්‍රශ්ණ නිසාත් මේ රටේ අයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලැබෙන්නේ නෑ. අපි දැක්කා වයඹ මැතිවරණය, අපි දැක්කා 2010 ජනවාරි මාසේ කොච්චර දුරට ආණ්ඩුවේ යාන්ත්‍රණය වැරදි විදිහට ප්‍රයෝජනයට ගත්තා ද කියලා. ඒ නිසා ජනාධිපතිවරණ මැතිවරණ ඉවරයි. මෙකෙන් බලය තියනවනේ ඕනම දෙයක් කරන්න. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. ඉදිරයේදී හැම මැතිවරණයකටම වෙන්නේ මොකද කියලා මට දැන් කියන්න පුලුවන්. මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. අන්න ඒකයි වෙන්න යන්නේ අපි ඔක්කොටම මේක බලපානවා. අනෙක මාධ්‍ය නිදහස අපිට ලියන්න, කියන්න තියන නිදහස ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න තියන අයිතිය. හැම දේම මේ ප්‍රශ්ණය නිසා තර්ජනයකටයි, අනතුරකටයි පත් වෙනවා.

කුමා ඩේවිඩ්

(2010 සැප්තැබ්මර් කොළඹ පුස්තකාලයේදී පැවති සම්මන්ත්‍රණයකදී දැක් වූ අදහස්)

‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය

September 7, 2010 by Karapoththa  
Filed under Colombo, Democracy, Governance, Media

විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ

2005 දී වාමාංශික පක්ෂ එකතුව

http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php

වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති ජනතා පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ජනාධිපති අපේක්ෂකල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනයල වමේ පක්ෂවලට පූර්ණ වශයෙන් එකඟවිය නොහැකි යම් යම් කාරණා තිබුණා වුවත් මූලික වශයෙන් ජනතා හිතවාදි ප්‍රතිපත්ති මාලාවක් ලෙස සලකන බව ඊයේ නිකුත්කළ පුවත් පත් නිවේදකයකින් කියා සිටියේය. එම නිවේදනයේ මෙසේ සඳහන් විය. ‛ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ ඇතුළත් වන පොරොන්දු වාමාංශික පක්ෂ අගය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත් ඒ පොරොන්දු අතර ප්‍රධාන වෙනවා’’.

2010 මැයි මාසයේදී වාසුදේව නානායක්කාර

http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/11251-vasu-wants-executive-presidency-abolished.html

බලයේ සිටින ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වඩා එම ධුරය සඳහා තරඟ කළ නොහැකි වන ලෙස ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට වමේ පක්ෂ විරුද්ධයි. ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂවලින් සමන්විත වන වමේ පොදු පෙරමුණ මැයි 31 වන දා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කිරීමට වමේ පොදු පෙරමුණ සිය විරෝධය පළ කරන බවයි.

2010 ජූනි වාසුදේව නානායක්කාර

http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100610_unpcon.shtml

විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට තමන් විරුද්ධ වන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. තමන් ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම විධායක ජනාධිපතිධුරයට විරුද්ධව පෙනී සිටි බව ඔහු කියා සිටියේය. ආණ්ඩුවත් සමග සිටිමින්ම ජනාධිපතිට තවත් ධුර කාලයක් බලයේ සිටීම සඳහා ඉඩ ලබා දෙන ක්‍රියාමාර්ගයකට තමන් විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කළේය.

දින කීපයකට ඉහතදී වාසුදේව නානායක්කාර මහතා අද දෙරණට කළ ප්‍රකාශයක්

http://www.adaderana.lk/news.php?nid=9651

වමේ පක්ෂ 1978 ව්‍යවස්ථාවට එරෙහි වූණා සේම මේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලටත් එරෙහි වන වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක වාසුදේව නානායක්කාර මහතා මීට ටික මොහොතකට පෙර අද දෙරණට කියා සිටියේය.

වාසුදේව නානායක්කාර අද ලංකාදීප

වමේ පක්ෂ එකතුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවසීය.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මාධ්‍ය නිෙව්දනය – වාමාංශික ව්‍යාපාරය

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට සමාජවාදී ජනතා පෙරමුණ ගත් තීන්දුව ලංකා සම සමාජ පක්‍ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුතර තීන්දුව නොවේ.

සමාජවාදී ජනතා පෙරමුණ සමන්විත වන පක්‍ෂ 2ක් වන ලංකා සම සමාජ පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්‍ෂව ඡන්දය භාවිතා නොකිරිමට තීරණය කර තිබියදීත් එම තීරණ නොතකා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට ලසසප හා ප්‍රවාපෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත් තීන්දුව අප තරයේ ප්‍රතික්‍ෂේප කරමු. සමාජවාදී ජනතා පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධවූවත්, මේ අවස්ථාව සලකා එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවට වාසුදේව නානයක්කාර සහෝදරයා මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදී මෙන්ම එම පක්‍ෂවල බහුතරයේ තීන්දු උල්ලංඝනය කිරිමකි.

සමාජවාදී ජනතා පෙරමුණ මෙම සංශෝධනයට සහය පලකිරිමට ඉදිරිපත්වීම අනාගතයේදී රටතුල අධිකාරිවාදී පාලනතන්ත්‍රයක් ඇතිකිරිමට අනුභලදීමක් ලෙස සැලකිය යුතුවේ. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා වාමාංශික ව්‍යාපාරය ගෙනගිය අරගලය හා වාමාංශික හෘදසාක්‍ෂිය අමු අමුවේ පවා දීමක්ය. මෙම තීරණයත් සමඟ සමාජවාදී ජනතා පෙරමුණේ නායකත්වයේ අවස්ථාවාදී භාවය හා දේශපාලනික බෙලහීනභාවය පෙන්නුම් කරයි. කෙසේවූවත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට හා එමගින් ඇතිවිය හැකි දේශපාලන අධිකාරිවාදය පරාජය කිරිමේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය දිගටම ගෙනයන අතර එම සාමුහික අරගලයට සියළුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරමු.

අත්සන් කලේ

අධිනීතිඥ අශෝක වීරසිංහද සිල්වා (ල.ස.ස.පෙ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභික)
විමල් රුද්‍රිගූ (ල.ස.ස.පෙ නි. ලේකම් හා දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ ලාල් විජේනායක (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ පර්සි වික්‍රමසේකර (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ටී. එම් රෂ්ඩීන් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා සභාපති ලංකා කම්කරු සම්මේලනය)
චමීර පෙරේරා (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා ප්‍රධාන ලේකම් සම සමාජ තරුණ සමිති මහා සංගමය)
හෙළරුවන් සේනාරත්න (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ඒ. ඇස්. ඇම්. ෆාරුක් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ආචාර්‍ය කුමාර් ඩේවිඩ් (ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
ආර්. පී. ලංකාලෝක ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
කුවින්ටස් ලියනගේ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩඩ්ලි කලන්සූරිය ආරච්චි ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩබ්. කේ. විලේගොඩ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩිශාන් ධර්මසේන ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
තිසුන් වනසිංහ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
එච්. ඒ. ඒ. චන්ද්‍රපාල ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)

Next Page »