මිනිසුන් මහ මඟට ඇද දැමීමේ බලහත්කාර සංවර්ධනය.

August 21, 2010 by Karapoththa  
Filed under Featured Articles, Features, Hambantota


වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ නූතන රජය විසින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරමින් සිටියි. මෙහි මූලික අදියර වශයෙන් රට තුල අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.

වර්ථමාන රජයේ සංවර්ධන ක්‍රියාවලීන් අතර අධිවේගී මහා මාර්ග ,ජාත්‍යන්තර ක්‍රීඩාංගන, ගුවන් තොටුපල, වරාය, දැවැන්ත ගොඩනැඟිළි සංකීර්ණ, ටෙලි සිනමා ගම්මාන, විශාල සම්න්ත්‍රණශාලා වැනි අති දැවැන්ත ඉඳිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මේ ඉදිකිරීම් බොහොමයක් මේ දිනවල කඩිනමින් ක්‍රියාත්මක වන්නේ ඉතා ඉක්මනින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් කරා ලගා වීමට ද?

රටක් සංවර්ධනය වීම රටේ ජනතාවගේ ද දියුණුවට ඉවහල් වන නමුත් මෙහි දී සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. සංවර්ධන කටයුතු කෙසේ හෝ සිදුවුනද අද වන විට මහ ජනයා සිටි තැනිනුත් පහළට ඇද දැමීමට මේ ආශ්ර්‍චයමත් සංවර්ධනයට හැකියාව ලැබී ඇත. මෙහිදී රජයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ සංවර්ධනය පමණකි. රජය විසින් කුමණ ප්‍රදේශයක යම් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා තමන් ජීවත් වන නිවස හෝ ගම තොරා ගත හොත් එහි නීත්‍යානුකූල අයිතිය තමන් සතු වුවද, එම ඉඳිකිරීම් සඳහා සියල්ල ලබා දී රජයේ තීන්දු තීරණ වලට අනුව කටයුතු කල යතු තත්ත්වයක් උදාවී ඇත. තවද මේ කටයුතු සදහා ගොවිතැනින් එදා වේල සපයා ගන්නා ගොවීන්ට තම කුඹුර, හේන රටේ සංවර්ධනට වෙනුවෙන් දයාද කරන්නට සිදුව තිබේ. එසේම ස්වභාවධර්මය, ස්වභාවික වනාන්තරද මේ දැවැන්ත සංවර්ධනයේ යත්ත්‍රොපකරණ මඟින් ඉතා කෙටි කාලයක දී විනාශ කර දමා ඇත.

සංවර්ධන ව්‍යාපෘති මෙසේ සිදු වෙද්දී මේ ආශ්ර්‍චයමත් සංවර්ධනය දඩමීමා කරගත් වර්ථමාන ආණඩුවේ ප්‍රභල මැති ඇමතිවරුන්, ඉහළ පෙලේ ව්‍යාපාරිකයින් සමඟ මැදිහත්වී ආරක්‍ෂක අංශ ද සම්බන්ධ කර ගනිමින් විවිධ ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගනිමින් නව බලහත්කාර ඉදිකිරීම් ව්‍යාපෘති මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටින බව පසුගිය කාල වකවානුව තුල වාර්ථා විය. මේ ආකාරයෙන් සිදු කරන ඉදිකිරීම් බොහොමයක් සංචාරකයන් අරමුණු කර ගනිමින් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.

අනවසර ඉඳිකිරීම් ලෙස කියමින් කිසිදු දැනුම් දීමකින් තොරව සහ කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොමැතිව ආරක්‍ෂක අංශ ද යොදා ගනිමින් නිවාස, පූජනීය ස්ථාන කඩා බිද විනාශ කර එම ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක වර්ථමාන රජය මේ වන විට නිරත වේ. මේ අතර අවේලාවේ ගම් වලට ගඩා වැදී මිනිසුන්ට අමානුෂික ලෙස පහරදී ඔවුන්ගේ නිවාස, පැල්පත් කඩා බිඳ විනාශකර, මිනිසුන් ගමෙන් පලවාහැර පසු දින ගම්මාන වලට ඇතුළු වීමට නොදී දැඩි ආරක්‍ෂක රැකවල් යොදා තිබුණු සිද්ධියක් පානම ප්‍රදේශයෙන් වාර්ථා විය. එමෙන්ම එම ප්‍රදේශයේ පූජනීය ස්ථානයක් ද, අරුගම්බේ ප්‍රදේශයේ පූජනීය ස්ථානයක් ද, රාජගිරියේ පිහිටි ක්‍රිස්තු දෙවස්ථානයක්ද මේ අයුරින් අනවසර ඉදිකිරීම් යයි කියමින් මිනිසුන්ගේ දැඩි විරොධය මැද දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ ආන්ඩුවේ ද බලධරයන් දැනුවත්ව කඩා බිද විනාශ කර දමා තිබුණි. මෙම ඉවත් කිරීම් සඳහා පැමිණෙන ආණඩුවේ නියෝජිතයන්ගෙන් ගම්මුන් මේ සම්බන්ධව නීත්‍යානු කූල ලියවිල්ලක් ගැන විමසූ විට සෑම විටක දීම ඔවුන් කියා සිට ඇත්තේ ‛‛ මේක ඉහලින් ලැබුණු නියෝගයක්, ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ’’ යන්නයි. මෙම අනවසර ඉවත්කිරීම් සම්බන්ධයෙන් සුවිශේෂී කරුනක් නම් මේ අයුරින් රජය විසින් අත් පත් කරගත් ඉඩම් වලින් බොහොමක් සංචාරක කර්මාන්තය සඳහා වඩාත් උචිත පරිසර වල පිහිටා තිබීමයි. කෙසේ වුවද මේ සිද්ධීන් පසුපසින් අණ්ඩුවේ ප්‍රබල බලවේගයන් ද ක්‍රියාත්මක වන බව පැහදිළි වනු ඇත.

මීට අමතරව ලංකාවට ආවේනික ලෝක උරුමයක් වූ දුම්බර කදුවැටියට ද මේ ආශ්චර්‍යමත් බැල්ම වැටී ඇත. එය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ පියවරක් ලෙස දුම්බර රක්‍ෂිතය තුල දැවැන්ත සංචාරක හෝටල් බොහොමයක් ඉදිවෙමින් පවතී. මෙයින් කිහිපයක් මේ වන විට සාදා නිමකර ඇත.මේ ඉදිකිරීම් නීත්‍යානු කූල ද? නැද්ද? අනවසර ඉඳිකිරීම් ද?

මේ සදහා තවමත් රජය කිසිදු නීත්‍යානු කූල පියවරක් ගෙන නොමැත. රජයේ තීරණය කෙසේ වුවද, සොභාදහමෙන් මෙයට කිසිදු අවසරයක් නොදෙනු ඇත. එසේ නම් මෙය රජයේ සංවර්ධන ක්‍රියාවලීයේ තවත් එක් පියවරක් ද ?

එසේම ඈත අතීතයේ සිට ලංකාවට උරුමකම් කී ආදීවාසී ජනතාවට ඉකුත් දින මෙම ආශ්චර්‍යමත් බැල්ම වැටුනෙ ඔවුන් පාරම්පරිකව අවුරුදු 80 ගණනක් භාවිතා කල පොදු සුසාන භූමිය ද ඔවුන්ට අහිම කරමිනුයි. මෙම ඉඩම කොටස් කර විවිධ පුද්ගලයින්ට විකුණා ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ද සින්නකර ඔප්පුවක් මඟින් පවරා දී තිබේ. මේ වන විට එහි සංචාරක හොටලයක් ඉදිකිරීමට සූදානම් වන බව ඔවුන් පවසයි.

මිනිසුන් මහ මඟට ඇද දමා කරන සංවර්ධනය රටේ සංවර්ධනයක් වන්නේ කෙසේදැයි ප්‍රශ්ණයකි. සොබාදහම විනාශ කරමින්, මිනිසුන්ගේ ජීවිත අහිමි කරමින්, මිනිසුනට පහර දෙමින් ඔවුන්ගේ නිවාස පොටිපට්ටම් කර, පූජනීය ස්ථාන විනාශකර, ජනතාවගේ සියළු උරුමයන් අහිමි කරමින් වර්ථමාන රජය විසින් සිදුකිරීමට වෙර දරණ ආසියාවේ අශ්චර්‍ය ඇත්තටම අශ්චර්‍යක් නොවේද ?

යමෙක්ට මෙය තේරුම් ගැනීමට හැකි වන්නේ තමන්ට මේ ඉරණම අත් වූ විට පමණකි. එය වැඩි ඈතක නොවෙයි, හෙට දිනයේ ඔවුන්ට මෙන් ඔබටත් මෙම ඉරණම මුහුණ දීමට සිදුවුහොත් ඔබේ හිතට දැනෙන වේදනාව අද මේ මොහොතෙත් ඔවුන් විදවමින් සිටියි.

ජෙනරාල් නිදහස් කරන්නයි උද්ඝෝෂණය කළ පිරිසට හා මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී මැරයෝ පහරදෙති

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ සන්නද්ධ මැරයන් විසින් පහර දෙනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් උද්ඝෝෂකයන් කිහිප දෙනෙකුට හා මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තුවාල සිදුවූහ.
‛‛ අපි උද්ඝෝෂණයට පැමිණෙන කොට තංගල්ල නගරයේ තැන්තැන් වල පිරිස් රැඳිල ඉන්නව දැක්ක. උද්ඝෝෂණය ආරම්භ කරල ටික වෙලාවක් යනකොට පොලිසිය බලාගෙන හිටියදි අපට මැරයෝ පහර දුන්න. අපි දුවල පණ බේරගත්ත’’ පහර කෑමට ලක්වූ එක් පුද්ගලයෙක් අප සමග පැවසුවේ එසේයි.
පසුගිය දින කිහිපය පුරා රටපුරා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනිමට එරෙහිව උද්ඝෝෂණ පැවති අතර ඒ සෑම අවස්ථාවකදීම එවාට මැරප්‍රහාර එල්ල වුයේ පොලිසිය බලා සිටයදීය.පසුගිය බ්‍රහස්පතින්දා දෙහිඅත්තකණ්ඩියේදී ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට පැමිණි ජනතාවට පොලිසිය එලව එලවා පහරදුන්නේය. සුව එම අවස්ථා රූපගත කළ මාධ්‍යවේදින්ට අඩන්තේට්ටම් කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ කැමරාතුළ තිබූ සිද්ධියට අදාල රූපරාමු සියල්ලක්ම මකා දැමීමට කටයුතු කළාය.
මෙම සිදුවීම් වලින් තහවුරු වන්නේ මෙරට ජනයාට තමවිරෝධ පෑමට ඇති අයිතිය අහෝසි කරඇති ආකාරයයි. එසේම එම අයිතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින මාධ්‍යවේදින්ටද පහරදීම මඟින් සියල්ල යටපත් කිරීමේ උත්සාහයකද රජය නිරතවෙමින් තිබෙන බවයි. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවන බව කිව යුතුය.

හුංගම තලුන්නේදී එජාප අධාරකරුවන් රැගත් බසයකට වෙඩි තැබීමෙන් කාන්තාවක් මියයයි

2010-01-12-Talunna Bus
අද දහවල් 12.30 පමණ හුංගම තලුන්න ප්‍රදේශයේදී , හම්බන්තොට එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ සංවිධානය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්විමේ ප්‍රචාරක රැළියකට සහභාගීවිමට යමින් සිටි බස් රථයකට මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම නිසා එහි ගමන් ගත් කාන්තාවක් මිය ගිය අතර තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩිතැබිම සිදුවන අවස්ථාවේදී බස්රථය තුළ 30 දෙනෙකුගේ පමණ පිරිසක් සිට ඇති අතර අදාල පිරිස ගමන ආරම්භකර සුළු වේලාවකින් බස්රථය හඹා ආ මෝටර් සයිකළයක් එයට වෙඩි තබා ඇත. වෙිඩි තැබීමෙන් මියගිය කාන්තාව තලුන්න හතළියේ කොළනියේ පදිංචි 60 හැවිරිදි තැනැත්තියක් බව වාර්ථාවේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලත් කාන්තාව මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව වාර්ථාවේ.
අප මේ පිළිබඳව තංගල්ල රෝහලෙන් විමසු අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මේ පිළිබදව තොරතුරු දිය නොහැකි බවයි. එසේම හුංගම පොලිසිය ඇමතීමට ගත් උතසහායද ව්‍යර්ථ විය.

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

SRILANKA/

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.

මෙසේ වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ සමෘද්ධි නියාමකවරියක වන ‛චන්ද්‍රා පද්මා’ නැමති අය බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු සංධානයේ කපිල දිසානායක මහතාගේ ජයග්‍රහණය සමරමින් සිටි අවස්ථාවේ එතනට පැමිණි සංධානයේම පරාජිත අපේක්ෂකයකුවන යුසූෆ් හෙවත් ‛රාජා මහත්තයා’ සමඟ ඇති වූ බහින් බස් වීමකිදී මෙම වෙඩි තැබිම සිදුවූ බව ‛විකල්ප’ වෙබ් අඩවියට වාර්තාවේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ හම්බන්තොට ඉඳිචින්න ප්‍රදේශයේ දී ය.

Pic by Internet

දෙවියන්ටත් නොපෙනෙන අපේ දුක

YouTube Preview Image

‛‛මැදමූලනට’’ දෙමලු ඇතුළු වීම තහනම්

පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කල පුවතක් තංගල්ල උසාවියෙන් වාර්ථාවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වහනයක රියදුරු මහතෙකු හා එම වාහනයේ සිටි මෝලම් බෑන්ඩ් කණ්ඩායමක හා නැටුම් කණ්ඩායමක පිරිසකි.

විකල්පට වාර්ථාවන අන්දමට සිද්ධිය මෙසේයි. ‛‛ කොළඹ අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා කොළඹ ප්‍රදේශයේ සිට රට පුරා ගමන්ගත් ප්‍රවර්ධන කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 9 වන දා නියමිත පරිදි වීරකැටිය ප්‍රදේශයට ලඟා වුයේ එම ප්‍රදේශයේ ප්‍රවර්ධන කටයුතු සඳහාය. කෙසේ වෙතත් මෙහි පැමිණි සියළු දෙනාම පොලීසියේ දැඩි පරීක්ෂාවට ලක්වුයේ එම ප්‍රදේශය ජනාධිපතිතුමාගේ ගම්ප්‍රදේශය නිසා එතුමා නිතර එහි යනෙන නිසා බව කියවේ. මින් එක් වාහනයක සිටියේ මෝලම් බෑන්ඩ් කණ්ඩායමක සාමාජිකයන් 6 දෙනෙකුත්, නැටුම් කණ්ඩායමකට අයත් මවක් සහ දියනියකුත් ඇතුළු 12 දෙනෙකි. එම වෑන් රථයේ රියදුරු හා මෝලම් කණ්ඩායමේ සාමාජිකයන් දෙමළ ජාතිකයන් වූ අතර නැටුම් කණ්ඩායමේ මව හා දියණිය ඇතුළු ඉතිරි පිරිස සිංහල ජාතිකයන්ය. එහි සිටි ද්‍රවිඩ ජාතිකයන් සතුව ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ලියකිවිලි හා ප්‍රදේශයේ පොලිසියෙන් ලබාගත් අනන්‍යතා ලියකියවිලි ඇතුළු සියලු තොරතුර තීබි ඇත. එහෙත් පිරිස දෙමළ නිසා පොලීසිය වෙත ඔවුන් රැගෙන ගොස් නැවතත් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට පිටත් විමට අවසර ලබා දී ඇත. මෙසේ පිටත්ව ගිය ඔවුන්ට මද වේලාවකින් පොලීසියෙන් දුරකථන ඇමතුමක් ලැබුන අතර එමගින් කියවුනේ නැවතත් පොලිසියට පැමිණෙන ලෙසයි. නැවතත් පොලිසියට ගිය ඔවුන්ට දැනගන්නට ලැබුනේ අත්අඩංගුවට ගත් කොටි පිරිසක් පොලීසිය විසින් මුදාහැර ඇති බවට මහජනතාව විසින් ඉහළට පැමිණිලි කර ඇති නිසා ඔවුන්ව උසාවියට ඉදිරිපත් කිරීමට සිදුවන බවය.මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම පිරිස අහිංසක බව දන්නා නමුත් තමා ද රැකියාව බේරාගත යුතු නිසා පිරිස උසාවියට ඉදිරිපත් කිරිමට සිදුවන බවයි. මෙම පුද්ගලයින් 9 දෙනාට එදින රාත්‍රිය පොලිසියේ ගත කිරීමට සිදු වූ අතර පසුදා ඔවුන්ව උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. මෙහිදී විනිශ්ච්‍යකාරවරයා පවසා ඇත්තේ අබාන්ස් ආයතනයෙන් ඉදිරිපත් වී මොවුන්ගේ පැමිනීමට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නම් පිරිස මුදාහරින බවයි. කෙසේ වෙතත් අබාන්ස් ආයතනයේ වීරකැටිය කළමණාකාරවරයා එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ‛‛ තමන් නොදන්නා අය වෙනුවෙන් තමන්ට සහතික විය නොහැකි බව දන්වමිනි.’’ අවසානයේදී බන්ධනාගාරයේදී මෙම පිරිසට එහි ජේලර්වරුන්ගෙන් පහර කෑමට සිදුවූනේ ද කොටි යන චෝදනාවටය.
අපි කිසි වරදක් කරල නැහැ එහෙත් අපිට හිරේ ලගින්න උනෙත් ගුටිකන්න උනෙත් අපි දෙමළ නිසා. අපිව අත්අඩංගුවට ගන්න කොට අපි ලඟ සියළු ලියකියවිලි තිබුනා. අයිඩී කඩ් එක, පොලිසි රිපෝර්ට් එක හා අබාන්ස් ආයතනයේ ලියකියවිලිත් අපි ලඟ තිබුන. අපි කොටි නෙමේ මහත්තය අපි අහිංසක මිනිස්සු අපි මේ මහන්සි වෙන්නේ කීයක් හරි හොයාගන්න. මේ සිද්ධියට මුහුණ පෑ වාහනයේ රියදුරු සිවා අප සමග පැවසුවා.

වැන්දඹු කාන්තාවන්ට ආධාර

හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 10% ප්‍රතිශතයකි. මෙම ප්‍රමාණයෙන් 50% වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් වීමද විශේෂ තත්ත්වයකි.

සමාජයෙන් කොන්වී හුදෙකලාව දිවිගෙවන වැන්දඹු කාන්තාවන්ගේ මානසික තෘප්තිය වර්ධනය කර ආර්ථික හා සමාජමය වටිනාකමක් ඔවුන්ට ලබාදීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ බව කාන්තා මහ සංගමයේ විශේෂිත වැඩසටහන් අංශයේ සම්බන්ධිකාරිකා පුෂ්පා රංජනී මහත්මිය විකල්ප සමග පැවසූවා ය.

Sri Lanka on tsunami alert after Indonesia quake

12 Sep 2007 12:31:03 GMT
Source: Reuters

COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in Indonesia, the National Disaster Management Centre said.
“We have issued a warning for the south, north and east after the quake,” Keerthi Ekanayake, an official at the centre told Reuters. Sri Lanka was battered by the 2004 tsunami that hit the Indian Ocean rim

Next Page »