ගංවතුරක් – කළ හදියක්
June 3, 2008 by Vikalpa_R
Filed under Kalutara, Life quips, සිංහල
වැස්සේය…. වැස්සේය… වැස්සේය.. දින හතරක් පුරා එක දිගට වැස්සේය.දිවා රෑ නැතිව වට නා කපන වැස්ස කැඳවාගෙන ආ මහ සුළඟ විසින් ගස්වල වූ අතුකඩා බිම දැමිමේය.සමහර අතු කඩා වැටුනේ විදුලි කම්බි මතටය.මුලින් මුලින් විදුලි බල මණ්ඩලයේ කාර්මිකයන් ඉක්මනින් පැමිණ ඒවා ප්‍රතිසංස්කරණය කළත් ඔවුන්ගේ හැකියාවත්, කැපවිමත් වැස්ස ඉදිරියේ පරාජය විය.පළාතම අඳුරේ ගිලින.තැනින් තැන රෑ දැල්වුනු කුප්පි ලාම්පු එළියෙන් බැල්ලපිටිය ගමේ වැසියන් රැය පහන් කළහ.
උදේ අවදිව බැලු කල කුකුලේ ගඟ ගෙවල් දොරකඩ සිට ඔච්චමට සිනා නගමින් සිටියේය.බැල්ලපිටියට ආසන්න නගර දෙකකි.එක්කෝ හොරණ නගරයයි නැතිනම් නැබොඩ නගරයයි මේ දෙකටම යාගත නොහැකිවන ලෙස බැල්ලපිටියේ වැසියන් ගංවතුරට කොටු වි සිටියහ.
ඔවුනට පිළිසරණක් ලැබෙතොත් මෙවැනි අවස්ථාවක එය ලැබෙන්නේ අගුරුවාතොට පොලීසියෙනි.ඒත් පොලීසිය ගංවතුරට යටවී ඇත. පොලිස් නිලධාරින්ට පවා කර කියාගත හැකි දෙයක් නැත.වේගයෙන් ගලා යන ජල පහර දිනන්නට සමත් වන්නේ මෝටර් බෝට්ටුවකට පමණකි. එහෙත් මෝටර් බෝට්ටුවක් ඇති තැනක් අහල පහලක නැත.
බැල්ලපිටියේ මුතුකුඩ ආච්චිගේ වයස අවුරුදු අසූ ගණනක් වුවත් මෑතකදී මෙහෙව් ගංවතුරක් ගැලූ බවක් ඇයට මතක නැත.අතපය හයිය තිබූ කාලයක නම් මෙවැනි ගංවතුරකදී මුහුණ දෙන අයුරු ඇය දනී.එත් අද ඇයගේ අතපය වලංගු නැත.තම නිවසට ගංවතුර ගලද්දී ඇගේ දරු මුණුපුරෝ තම සුවපහසුවට වඩා ආච්චිගේ සුව පහසුව කෙරෙහි උනන්දු වූහ. ඒත් මේ දුෂ්කර අවස්ථාවෙහි ඇයට අවශ්‍ය පහසුකම් සලසන්නට ඔවුහු අපොසත්වුහ. මේ කරදර මැද ඇයගේ අසනීප තත්ත්වයද ක්‍රමයෙන් නරක අතට හැරෙනු බලා සිටිනු විනා අවශ්‍ය පරිදි රෝහලක් නැත්නම් වෙදගෙදරක් සොයා ගන්නට පවා හැටියක් නැතිවිය.අවසානයේදී මුතුකුඩ ආච්චි අවුරුදු අසූගනනක් වු ඇගේ ජීවිතය කෙළවර කොට දෑස්පියා ගත්තාය.
ඒ සමගම අර්බූදයේ ස්වභාවය අන් අතකට හැරිණි.දැන් ඇගේ අවසන් කටයුතු නිසි බුහුමන් මැද කළ යුතුය.එහෙත් ස්භාවධර්මය කිසිවෙකුට කිසිම ගරුසරුවක් නැතිව බැටදෙයි.දේහය පිළිබඳ අවසන් කටයුතු කරන්නට පෙර සිදු විය යුතු නිළ කටයුතු රැසක් තිබේ.ඒවා කවුරුන් කෙසේ සිදුකළාදැයි ගෙදර උදවිය වත් දන්නේ නැත. ඒත් කටයුතු ඉබේම සිදුවිය.දැන් දේහය එම්බාම් කල යුතුය.ළඟම ඇති අවමංගල කටයුතු කරන ආයතනයේ වහළයටත් උඩින් වතුරය.ඉතින් ඒවා කරන්නේ කෙසේද?මිනිය එම්බාම් කෙරුණේ නැත. පෙටිටියක් ගන්නට වුවමනාව තිබුනත් පෙට්ටියක් ගන්නට තැනක් නැත.අවසානයේ තීරණය කෙරුනේ හැකි ආකාරයෙන් ලෑලී සෙයා පෙට්ටියක් තනා දේහය එහි තැබීමටය.ඒ ආකාරයෙන් කටයුතු සිදුවිය. දැන් දේහය සුසානභූමියට ගෙන යා යුතුය.සුසාන භූමියත් ගංවතුරට යට වෙලාය.කවුරුත් කරකියා ගන්නට දෙයක් නැතිව සිටියදී කෙනෙකු යෝජනා කළේ කරන්නටම දෙයක් නැතිනම් වත්තේම ගංවතුරට යට නොවූ තැනෙක මිනිය වළලා දමන්නටය.එත් එහෙම තැනකුත් නැත.කෙනෙකු කීවේ මඳක් ඉවසා බැලිම සුදුසු බවය.
ඉවසිමේ කාලයද වැස්ස විසින් අරක් ගෙන තිබිණි.ඒත් අවසානයේ සදුඳා දහවල් වනවිට වැස්ස මඳක් තුරල් කළේය. සුසාන භූමියේ කොටසක ගංවතුර බැස ගිය වහාම ගම්වැසියන් උදලු අලවංගු රැගෙන වැඩට බැස්සහ.කඩිනමින් වල කැපෙන අතරතුර කවුරුන්දො භික්ෂුන් වහන්සේලා කිහිප නමක් පොද වැසිසේම වැඩමවාගෙන ආහ. ආගමික කටයුතු සිදුකිරිමෙන් පසු ගුණකථන පසෙක තබා නැවත වැසි පටන් ගන්නට පෙර මුතුකුඩ ආච්චිගේ සිරුර මිහිදන් කෙරිණි.
ස්වභාව ධර්මයා අපට ජීවිතය දෙයි.අපි ඒ ජීවිතය ස්වභාව ධර්මයා පාලනය කිරිමට යොදවමු ඒත් ස්වභාව ධර්මයා තමන් කිසිවකුට පාලනය නොකළ හැකි බව අපට වරින් වර මතක් කරයි.ඒ මතක් කරන අතරම දුෂ්කර අභියෝගයන් අප ඉදිරියේ වරින්වර පෙන්වා අප අසරණ කරයි.ඒත් අහිංසකයන් හට සැලකීමේදී මඳක් කාරුණික වෙයි.ස්වභාව ධර්මයාගේ ස්වභාවය එයයි.
රවී චන්ද්‍රලාල්
Vikalpa – A new Citizen Journalism website in Sinhala and Tamil
August 3, 2007 by Vikalpa Admin
Filed under Anuradhapura, Badulla, Colombo, Democracy, English, Galle, Gampaha, Governance, Hambantota, Kalutara, Kandy, Kegalle, Kurunegala, Matale, Matara, Media, Moneragala, Newsletter, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Ratnapura, Stories from the silent
We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.
Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.
Please download our flyer here.
For further details, please email info@vikalpa.org or download our inaugural Vikalpa newsletters from the site.


