‛නකල්ස්’ විනාශය අත ලඟ ද..? පරිසරවේදීන් බිය පළකරයි.

July 22, 2010 by Karapoththa  
Filed under Colombo, Featured Articles, Features, Kandy, Matale

නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී අදහස් දැක්වීම සඳහා නීතිඥ ජගත් ගුණවර්ධන, සජීව චාමිකර, තිලක් කාරියවසම් සහ ගාමිණි ජයතිස්ස යන අය සහභාගී විය. එහිදී ඔවුන් දැක්වූ අදහස් සහ නිකුත් කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවේ කරුණු මෙසේ දක්වා සිටිමු.

ශ්‍රී ලංකාවේ ජෛව කලාප අතුරින් එකක් වන දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් කඳු වැටිය අප රටේ සුවිශේෂී ජෛව උරුමය මුළු ලොවටම කියාපාන මහා සම්පතකි. හෙක්ටයාර 21000 පුරා ව්‍යාප්ත වී ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ අවර්ණය වී ඇත. මීටර් 760 සිට මීටර් 19000 දක්වා උච්චත්ව පරාසය තුල පිහිටි කඳුවැටි වලින් සමන්විත නකල්ස් කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධති වල අධික විවිධත්වයක් දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ ගනයේ ශාක විශේෂ, සත්ව විශේෂ සහ පක්‍ෂි විශේෂ රැසක් නකල්ස් අඩවියෙන් ජීවය ලබයි. තව ද සමස්ථ නකල්ස් කඳුකරයම ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි.

මෙවන් සුවිශේෂී ජෛව ප්‍රජාවකට උරුමකම් කියන නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයේ තැනින් තැන ආකාර කිහිපයක ඉඩම් හිමිකම් සහිත වනාන්තර පැවතීම මෙම වනපෙතේ පැවැත්මට ප්‍රභල තර්ජනයක් වී තිබේ. මේ ආකාරයේ විවිධ ඉඩම් හිමිකාරිත්වයක් සහිත වගා බිම් නකල්ස් කදුකරය තුල පිහිටා තිබීම හේතුවෙන් ඒවායෙහි සිදුවන සංවර්ධන කටයුතු එහි පැවැත්මට බලපෑ ආකාරය පිළබද බොහෝ තොරතුරු අපට ලැබී ඇත. ඒ අතුරෙන් ප්‍රධාන කරුනු වනුයේ නකල්ස් සංරක්‍ෂිතය තුල සංචාරක හොටෙල් ව්‍යාප්ත කිරීම හා වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමයි.

මෙම කඳුකරය රැකවරණය තව දුරටත් තහවුරු කිරීම සදහා නීති සම්පාදනය වියතු අවධියක මීට වසර තුනහමාරකට පමණ ඉහත එහි ජෛව ප්‍රජාවගේ රැකවරණයට බලපෑම් ඇති විය හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්විය. මෙය සිදු කෙරුනේ ජාතික පාරිසරික පනත යටතේ 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරණ ගැසට් නිවේදනය මඟින් ‛‛නකල්ස් පාරිසරික ආරක්‍ෂිත ප්‍රදේශයක්’’ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙනි. බැලූ බැල්මට නකල්ස් කදුකරයේ පැවැත්ම තහවුරු කිරීමට මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කල බව පෙනුන ද එමඟින් සිදුකර ඇත්තේ, ඇති විය හැකි අහිතකර බලපෑම විධිමත් කිරීමකි.

කැලෑ ආඥා පනත යටතේ 2005.05.05 වන දින අංක 1130/22 දරණ ගැසට් නිවේදනය මඟින් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයන් ලෙස ප්‍රකාශයට පත් කරමින්, නකල්ස් අඩවිය තුල පිහිටි පෞද්ගලික හා වෙනත් රජයේ ඉඩම් වල සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් පාලනය කිරීම සඳහා ඉහත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට තිබුණි. නමුත් එම ගැසට් නිවේදනයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් නකල්ස් කදුකරයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට සිදුවී ඇති අහිතකර ප්‍රතිඵල අද වන විට දැක ගන්නට හැකිව තිබේ.

අදවන විට මහනුවර දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ ගීරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කුඹුක්ගොල්ලවත්ත, ලූල්වත්ත හා අට්ටලවෙට්ටුව සිට තංගප්පුව මාර්ගයේ හෝටල් ඉදිකර හා ඉදිකරමින් පවතී. මාතලේ දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ රිවස්ටන් ප්‍රදේශයේ ගෝනමඩවත්තේ හෝටල් තුනක් ඉදිකර ඇත. හස්නිම් මුසාජි හා මනතුංග යන අයට මෙම හෝටල් ත්‍රිත්වයෙන් දෙකක් අයත් ය. පතන ප්‍රදේශයේ කෝට්ටේගොඩ බතික් ආයතනයේ හිමිකරුට අයත් හෝටලය ඉදිකර තිබේ. රත්තොට – ඉලුක්කුඹුර මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්වා විහිදී ඇති මාර්ගයේ කිලෝමීටර 8 ක් දුරින් මාර්ගය අවසානයේ රෝයි සිල්වා යන අයට අයත්ව තිබූ ඉඩම ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් මිල දී ගෙන විශාල හෝටලයක් ඉදිකරමින් තිබේ. දුම්බර අඩවිය පුරා තැනින් තැන ඉදිවන මෙම හෝටල් හේතුවෙන් අනාගතයේ දී බොහෝ බලපෑම් මෙම වනාන්තර පද්ධතියට සිදු විය හැකිය. විශේෂයෙන් රක්ෂිත වනාන්තරය තුළ අනවසර ක්‍රියාකාරකම් සිදු කිරීම, දඩමස් ජාවාරම, හෝටල්වලින් බැහැරලන රසායනික ද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතිවලට එක්වීම ආදී හානිකර ක්‍රියා රැසක් සිදුවිය හැකි අතරම සමහර ක්‍රියා මේ වන විට ද සිදුවෙමින් පවතී. කැලෑ ආඥා පනතේ විශය පථයෙන් පරිබාහිරව සිදුවන මෙම ක්‍රියාවක් නතර කිරීමට නීතිමය බලතල හිමි මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගැනීම ද කණගාටුවට කරුණකි.

දුම්බර වනපෙතේ ආරක්ෂාව කෙසේ වෙතත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇති ව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම ගැසට් නිවේදනය මගින් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි පෞද්ගලික ඉඩම්වල හා වෙනත් රජයේ ඉඩම්වල නීතිමය බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ද මධ්‍යම පරිසර අධිකාරිය සතු කර ගෙන තිබේ. වන සංරක්ෂණ නිලධාරීන් මෙන් දුම්බර වනපෙත පිළිබඳව කිසිත් නොදන්නා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් එහි සිදු වන ‛වන’ අපරාද මැඩලීම සඳහා කෙසේ ක්‍රියා කරයි ද යන්න සිතා ගැනීමටත් අපහසු ය. මෙවන් ගැසට් නිවේදනයක් පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේ කිනම් අරමුණක් මත ද? කළ යුතු දෑ පවතිද්දී නොකළ යුතු දෑ සිදු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.

දුම්බර අඩවියේ අනාගත පැවැත්මට ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනින. නමුත් එය අද වන තෙක් ක්‍රියාත්මක නොවේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියෙහි 22(1)ඊ සහ 44(ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයෙන් ඉදිරි කටයුතු සැළසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු සිදුකර නොමැත. මෙම ක්‍රියාමාර්ග වලට එලැබීම පැහැර හරින සෑම දිනයක් පාසාම එම වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු සදහා ක්‍රමක්‍රමයෙන් යොදා ගනිති. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂිත වනාන්තර කුට්ටි පමණි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමයි. ඊට අමතරව මෙම ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතුය. ඉන් පසුව ඒ වටා ප්‍රදේශය ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුය. මෙමගින් නකල්ස් කඳුකරයේ ජෛව සුරක්ෂිතතාව තහවුරු කළ හැකිය.

ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් සහ තම පෞද්ගලික සුකවිහරනය උදෙසා අපව ජීවත් කරවන ස්වාභාවධර්මයාට මෙවන් දෑ සිදු කිරීම අපගේම විනාශයට අතවනනවා නොවේද?

සටහන – කැලුම් මධුරංග

සිදුකර ඇති සහ සිදුකරමින් ඇති ඉදිකිරීම්

සිරකරුවන්ගේ තීන්දුව

විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය.

සිරකරුවන්ගේ තීන්දුව

වැරදි නොකල සිරකරුවන්
මේ අපිමයි.
යුක්ති යුත්ත මේ අපහට නම්
උරුම නොවෙයි.
මේ දිවියම
බිත්ති හතර අතර මැදයි.
අප ඉපදුණු ඒ මොහොතම
අපේ අම්මා අඬන්නීය
අපේ දිවිය ඒ තරමට පවුකාරය

මේ දැන් වු
වන සභාවේ
සියුම් කුසුම්වලට පවා අණලන්නේ
පතොක් ගස්ය

අපේ සුසුමේ
ක්ෂය වන්නේ ඔක්සිජන්ය
ඣ2 වැඩෙන්නේය

භාග විටෙක මතු දිනයක
අප හදවත් අක්‍රිය වෙයි
අපි කිසි දින නොකළා වූ වැරදි වලට
වන්දි ගෙවමු
වග විභාග නඩු හබ ගැන
විශ්වාසය කළඳක් නැත.

යල් පැන ගිය නඩු තීන්දු.
සංශෝධනය කරමුව අපි
පෙත්සම් වුව ලියා එවා
බොහෝ කල්ය
ඒ ලියූ දේ දවාලුවද
අප විසින්ම
නීති කෙටුම් සැකසෙනු ඇත.

අපේ හඬ කිසිවෙකු හට
මින් මත්තට
නතර කරන්නට නොහැකිය.

ලියා ඒව්වේ.මින්සර

උපුටා ගැනීම – ‛සහෝදර පියාපත්’ නම් පොතෙන්

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි.

හොම්බ අන්න වන්නට ලියනා උන්නේ
පුම්බා ඇමති පට්ටම ඔලුවට ගත්තේ
රිංගා රටාවට මුල් පුටුවට නැංගේ
අම්මා සිහිකරන්නට වේවි ද දුටුගැමුණුගේ වංශේ

සංදේස අරන් සැළලිහිණියා ගිය පුරයේ
සව්දන්ජෙමා නොවැ රජවැඩ කළ නිරයේ
මහපුටුවටත් වැඩි බලතල දැරු රජයේ
ලියනා කියන උන්ගේ නිරයේ දොර දෝ ඇරියේ

කට ඇරියොතින් වැනසේ දියවන්නේ ගරූ
යන එන තැනදී කටමැත වැඩකිඩ ද චුරූ
දිවුරුම් දිදී පෙන්නුවෙ පච්චා ද පිරූ
නූතන (නො)දුටුගැමුණු සිල් රෙදි අදි ද මරූ

ෙම්ඝ

ලෝක උරුම මහනුවර නගරයේ සිල් සුවඳ බිඳින, කුණු ගඳ..

April 22, 2010 by Karapoththa  
Filed under Featured Video, Health, Kandy, Life quips, Video

YouTube Preview Image

ලෝක උරුම මහනුවර නගරයේ සිල් සුවඳ බිඳින, කුණු ගඳ..

අප්‍රේල් මාසය නිසා තිබෙන රස්නය උහුළ ගන්නත් බෑ සමහර වෙලාවට. පසුගිය 20 වනදා මාතලේ ඉඳලා මහනුවරට වායු සමනයකරනලද බස් රථයෙන් පැමිණියත් මට දැනුනේ පුදුම දාහයක්. විනාඩි 45ක විතර ගමනකින් පස්සේ බෝගම්බර හිර ගෙදර විශාල බැම්ම අසල බස් රථය නතර කෙරිනි. බස් රථයෙන් බැසගත් විටම තිබූ දාහය දෙගුණ තෙගුණ වී දැනෙන්නට විය. ඒ එවේලෙහි ඉර මුදුන් වී ඇති නිසාවෙනි.

බසයෙන් බැස, යාර කිහිපයක් කොළඹ බස් නැවතුම දෙසට ගමන් කරමින් සිටි මට, දාහය නිසා ඇති වූ උණුසුම බිඳගෙන පැමිණයේ මහා දුර්ගන්ධයකි. ඒ මා ඉදිරයෙන් මහපාරේ දමා ඇති විශාල කූණුගොඩෙන් බව මොහොතකින් මට වැටහිනි. ඒ කුණු මහනුවර මධ්‍යම වෙළදපොලත්, බන්ධනාගාර බැම්මත් අතර මහදවල් කුණු වෙමින් තිබිණි.

ඒ අසලින් ගමන් ගන්නා මිනිසුන් බොහොමයක් ගමන් ගත්තේ තම නාස් පුඩු අතින් තද කර ගෙන ය. එ එයින් හමන මහා දුර්ගණ්ධන නිසාවෙනි. එසේම ඒ කුණු ගොඩ හාරන බල්ලන් තව තවත් මේ දුර්ගණධය වැඩි කරමින් සිටියේ රස ආහාරයක් සොයමින් ය.

ඉර මුදුන් වී ඇති ඒවේලේ නාස් පුඩු ගලවා ගෙන යන දුර්ගන්ධයක් තිබෙන මහනුවර නගරය ඓෙතිහාසික නගරයක් ය. එක් පසෙකින් සුන්දර මහනුවර වැව ය. වැව අසල දන්තධාතුන් වහන්සේ ය. අනෙක් පසින් බහිරව ක්න්දේ සිට නගරය දෙසට යොමුව ඇති සිත් පහන් වන බුදු පිලිමය ය. මේ සියලු දේවල ඇති ශාන්තිය, සුන්දරත්වය, භාවමය දැනීම් නගර මධ්‍යයේ ඇති මේ දුර්ගණ්දයෙන් විනාශ වේ. මේ විනාශය අද ඊයේ ඇති වුවක් නොවේ. මීට වසර 8කට පමණ පෙරත් මේ දුර්ගණ්ධයම මා විඳ ඇත්තෙමි.

එක් පසෙකින් මේ මහා දුර්ගණ්ධයත්, අනෙක් පසින් හමන සිල් සුවඳත් එක විට මෙහි ගැවසෙන මිනිසුන් විඳගන්නේ කෙසේ ද? මේ පිළිබඳව අප මහනුවර මහනගර සභාවෙන් විමසීමක් කළෙමු. තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ නිළධාරියෙක් අප සමග මෙසේ පැවසී ය.

‛‛ඔව් එහෙම ප්‍රශ්ණයක් තියනවා තමයි. ඒ කුණු අයින් කරන වැඩේ මේ වෙනකන් කරේ කලීන් කෙයාර් කියන ආයතනය. ඒකෙන් මේක හරියට වෙන්නේ නෑ. ඒක පුද්ගලික ආයතනයක්නේ. ඒක නිසා අපි දැන් ආපහු නගරසභාව මගින් මේ කුණු කළමණාකරනය කරන්න සැළසුම් කරලා තියෙන්නේ. දැනටමත් ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් පත් සකස් කරලා තියෙන්නේ. අනිත් එක තමා බන්ධනාගාරයේ කුණුත් දාන්නේ මෙතනට. අනවසර වෙළදසැල්වල කුණුවෙන එළවලු, මාලුත් දාන්නේ මෙතනට ඒකයි මේ ප්‍රශ්ණය. දැන් ඡන්දෙත් ඉවර නිසා අපි ඒ අනවසර වෙළදසැල් ඉවත් කරනවා. එතකොට මේ ප්‍රශ්ණය ඉතා ඉක්මනින් ඉවර වෙයි. බන්ධනාගාරයේ කූනු මෙතන දාන්න එපා කියලා ලිඛිතව අපි ඉල්ලීමකුත් කරලා තියෙන්නේ.’’

නගර සභාව මේ දුර්ගන්ධයට එක් වගකිවයුත්තෙක් ලෙස බන්ධනාගරයට ඇගිල්ල දිගු කිරීම නිසා අපි මේ සම්බන්ධයෙන් මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් පී.එම්.පී. රණවක මහතාගෙන් විමසීමක් කලෙමු. ඔහු පවසා සිටියේ,
‛‛ක්ලීන් කෙයාර් කියන ආයතනය තමා ඔය කුණු ඔතන දාන්නේ. ඇත්තටම ඔතෙන්ට තමයි සියලු කුනු ඒ අය ගෙනත් දාන්නේ. අනෙක් කරුණ නම් ඔය පාරේ කුණු වන එළවලු, මාලු ආදී ගඳ ගහන සියලු ඒවාත් දාන්නේ ඔතනට.’’

බන්ධනාගාරයේ කූණුත් එතනට දැමීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඔබලාට දන්වා ඇතිබවත් නගරසභාව කියන කාරණය ගැන අපි ඔහුගෙන් තව දුරටත් විමසූවෙමු.

‛‛අපිට එහෙම කිසිම ලිඛ්ත දෙයක් කවුරුත් එවලා නෑ. ඔක හරියට එයලට තියන වැඩ අපෙන් අහනවා වගේ දෙයක්. අපිට අපේ කුණු නිසායාකාරව ගෙනියන්න ට්‍රුක්ටරයකුත් තියනවා. අපි ඒවා නිසි තැන්වල දානවා. බන්ධනාගාර අධිකාරිතුමාත් ජීවත් වෙන්නේ ඔතනම අසල. එතුමාටත් මේ කුණු ගඳ නිසා ජීවත් වෙන්න අපහසුවෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය ගැන ප්‍රදේශයේ පරිසර සංවිධානත් සහ වෙනත් සංවිධානත් දිගින් දිගටම කතා කරා. අනිත් එක තමා කොයිම වෙලාවෙවත් අපේ කුණු අපි පාරේ දාන්නේ නෑ. අපි අපේ ට්‍රුක්ටරයෙන් ඒවා නිසි තැන්වල දානවා.’’

කෙසේ වෙතත් මහනුවර මධ්‍යම වෙළදපල අවට කුණු නිසියාකාරව දැමීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැති බව වෙළදපලට පිවිසෙන ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. වෙළදපල පමණක් නොවේ මහනුවර වැවට, අසල ඇති කාණු පද්ධතියෙන් එකතුවන අපද්‍රවය ප්‍රමාණයත් ඉතා අධිකය. වැසිදිනකට උතුරා යන කානු පද්ධතිය හරියට පහුගිය මැතිවරණයේදී උතුරා ගිය අපේක්ෂකයින්ගේ පොරොන්දු මෙන් විය. මෙසේ උතුරා ගිය පොරොන්දු නිසායාකාරව ඉටු වී නම් අද මෙවැනි දුර්ගන්ධවන් නැත. මෙවැනි සුන්දදර නගරයක් මෙසේ ගඳ ගසන්නේ නැත.

කෙසේ නමුත් වසර ගණනාවක් පැවති මෙම තත්වය සමනය කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරනවා වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කර සිටීමෙන් බළධාරීන්ට සහ දේශපාලකයින්ට කිසිදාක මේ ‛ලොක උරුම නගරයට’ කිසිදිනෙක ‛ජයකෙහළි’ නැංවීමට පුලුවන් වන්නේ නැත.

මගේ මිතුරෙක් ‛දැන් කොළඹට පැමිණ ඇතැයි දැන ගන්නේ කෙසේ ද..?‛ යැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, ‛‛බේරේ වැවෙන් එන ගදෙන් යැයි කියා ය. එය තවමත් කොළඹ දී සත්‍යයකි.
මහනුවර මේ ගැටලුව ඉක්මනින් බලධාරීන් විසින් විසදුවේ නැතිනම්, මහනුවර ලෝක උරුම නගරයට පමිණ ඇතැයි දැනගැනීමට හොඳම ක්‍රමය කුමක්දැයි විමසන විට, ‛‛මාර්කට් එකෙන් එන ගදෙන් යැයි’’

Sampath Samarakoon

සිද්ධින් කිහිපයක් හැරුණුකොට, ප්‍රතිඵල ශුන්ය කළ මධ්‍යස්ථානවල අද පැවති ඡන්දය සන්සුන්.

ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වාර්තා කරයි. සුලු සිද්ධින් කිහිපයක් හැරුණූ කොට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ මෙම ඡන්ද කොට්ඨාශ දෙකෙහි ඡන්දය පැවති අද දිනයේ බරපතල ගණයේ සිද්ධින් වාර්තා වී නැති බවත් වාර්තා විය.

මහත් ආන්දොලනයකට තුඩු දුන් නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ අද පැවති ඡන්ද විමසීම පිළිබඳව අප මනෝ ගණේෂන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ‛ඡන්දය භාවිතා කිරීම ආරක්ෂක අංශවල පිහිටෙන් සාමකාමීව පැවති බවයි.’

මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය


‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’

2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ සිදු වූ ඡන්ද මංකොල්ලයත් සමඟ ය. එම ඡන්ද මංකොල්ලයෙන් සිදුවූයේ අවසන එහි ප්‍රතිඵල ශුන්‍ය කිරීමටයි. එසේ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට කොන්දක් ද තිබුනේය.

කෙසේ නමුත් මේ වන විට එම ශුන්‍ය කළ කොට්ඨාශ දෙකෙහිම ඡන්දය දැන් පැවැත්වෙයි. නමුත් අද(20) දිනය අවසාන වන තෙක් විශේෂයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පවත්වන ඡන්දය නිදහස් හා සාධාරණ දැයි කිව නොහැක. මක්නිසාද යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ නිසා ය. ‛නාවලපිටිය සිද්ධිය මානසික රෝගියෙකුගේ විකෘති ක්‍රියාමාර්ගයක්’ යැයි එජනිස ප්‍රභලයෙක් සේම මහනුවර දිස්ත්‍රික් අපේකෂකයෙකු වන එස්. බී. දිසානායක මහතා විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබීමයි. එබැවින් එම මානසික රෝගියා මේවන විට ප්‍රතිකාර ගැනීමට යොමුව තිබීම පිළිබඳ කිසිදු සටහනක් මේ වන විට නැත. එයින් හැඟවෙන්නේ අද ද එම මානසික රෝගියා නාවලපිටියේ ක්‍රියාකරන බවය.

නමුත් නාවලපිටියේ සිදුවූයේ කුමක්ද යන්න මේ වන විට ආණ්ඩුවද, පොලිස්පතිවරයාද හොදින් දැන සිටිය යුතුය. එහෙත් එකම පක්ෂයේ අපේක්ෂකයන් මෙසේ අං ඇද ගන්නා විට ජනතාවට කුමක් කළ හැකිද? එසේම නාවලපිටියේ මෙන්ම මාතලේ ත්‍රිකුණාමලයේ ඇතුලු බොහෝ තැන්වල මෙම එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනිල්ලට මනාපය හේතු වි ඇති බව බොහෝ තැන්වලින් පැහැදිලි වේ. නාවලපිටියේ ඇතිවු මංකොල්ලයට ද ‛මනාපය’ හේතු වු බව රහසක් නොවේ.. මෙම සියලු සිද්ධින්ට ප්‍රධානම හේතුව වී ඇත්තේ මනාප පොරයයි. එයිනුත් එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනීම අනෙකයි. එයිනුත් එජනිස එයට වැඩි දායකත්වයක් සපයා තිබීම අනෙක් විශේෂ කරුණයි.
මහමැතිවරණයේදී මෙම මනාප පොරය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවන් ද නිර්මානය කළේය. මැතිවරණයෙන් පසු ද මාතලේ වැනි ප්‍රදේශවල ඉතා ප්‍රභල අන්දමින් සිදු විය.

‛දැනට 30ක් විතර ඉන්නවා. ඡන්දෙන් පස්සේ එකම පක්ෂයේ අය ගහගෙන. එකම පක්ෂෙනේ ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා’ මාතලේ බන්ධනාගාර නිළධාරියෙක් අප සමග පැවසීය. ‛දැන් මන්ත්‍රිවරුවත්, ඇමතිවරුවත් කවුරුක් එන්නේ නෑ, ඒ අයව බලන්න. අම්මලා තාත්තලා විතරයි එන්නේ. ඇවිල්ලා කන්න මොනවා හරි දීලා අඬ අඬ ඉදලා යනවා’ එම නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි දේශපාලන ජඩක්‍රියාවන් කොපමණ සිදු වුවත් මෙහි වැරදි කරුවන්ට දඩුවම් දීමක් පෙනේනට නැත. මෙම වැරදි දේශපාලන ක්‍රියාවන් නතර කර ගැනීමට නීතිය හෝ නිීතිය රකින අයවත්, නීති හදන්නවුන්වත් වෙහෙසීමක් දක්නට නැත. අවසානයේ හිරබත් කන්නට සිදුවන්නේ තමන්ට රස්සාවක් ඉල්ලා ගන්නට, පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් අලවපු, අරූට ගහපියවු කියනකොට ගහපු, අදේශපාලනික අපේක්ෂකයන් පසේ ගියපු, එකම ගමේ එකම පවුල්වල මිනිසුන්ටය.

මෙසේ වූ විට ප්‍රජාතන්ත්‍රවාදයවත්, යහපාලනයවත් පිළිබද රාජ්‍යකට කතා කළ හැකිද? මෙසේ යහපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන ඒමට නම් මෙම ඡන්ද මංකොල්ලයන් පතුරුවන, දේශපාලන මැරයන්ට දඩුවම් දිය තුලින් ය.

නමුත් තත්වය මෙසේ තිබිය දී නාවලපිටිය වැනි ප්‍රදේශවල සිදුවූ බරපතල සිදු විම්වලදි ලංකාවේ පොලිස්පතිවරයා ඡන්ද විමසීම අවසානයේ දී කීවේ කුමක්ද? ‛එහෙම සිද්ධින් අපට වාර්තාවෙලා නෑ’ කියා ය. නමුත් මේ වනවිට මහා පොලිස් බලඇණිත්, විශේෂ කාර්‍යබලකායත්, යුධහමුදාවත් එහි යවා ඡන්දය පවත්වමින් තිබේ. එහි ඡන්ද දායකයන්ට වඩා ආරක්ෂක හමුදාවන් ඇති බව වාර්තාවේ.

අනෙක් විශේෂ දෙය නම් දැනට මහනුවර දිස්ත්‍රික්කයේ සෑම අපේකෂකයෙක්ම තමන්ගේ මනාප ප්‍රතිඵල නොදන්නවා නොවේ. එමනිසා ‛පාර්ලිමේන්තුගත’ වීමට ටිකක් හෝ මනාප ගණන අඩු සියලු දෙනා තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට ඕනෑම දෙයක් අද දවස තුළ නාවලපිටියේත්, කඹුරුපිඩ්ඩිවලත් සිදු කරයි. එය ප්‍රසිද්ධියේ හෝ හොරෙන් සිදු කිරීමට ලංකාවේ මහජන නියෝජිතයෝ යැයි කයනු ලබන අයට බොහෝ හැකියාව ඇත. මනාපය වැඩිකර ගැනීමට එකම පක්ෂයේ, එකම පවුලේ හො වෙනයම් ඕනෑම සම්බන්ධයක් අදාල නොවේ. ඕනෑම ජඩ ක්‍රියාවක් ඔවුන් සිදුකරයි. එය පිළිබදව ලංකාවේ සෑම මැතිවරණයක්ම ඕනෑවටත් වඩා සාක්ෂි සපයයි.

ඊයේ(19) ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ‛නාවලපිටිය ආසනයේ සිදුවූයේ කුමක්දැයි ජනපති මැදුරේ කුස්සියේ වඩ කරන අයත් දන්නවා, ඡන්ද පොළවල් 34 ඡන්දයත් සියයට සීයයක් සාධාරනව පවත්වාවිදැයි සිතන්න අමාරුයි.’ යැයි කියා සිටියේ ය. නමුත් කුස්සියේ අය දන්නා දේ ඉස්තොප්පුවේ ඉන්නා අය නොදන්නවා වන්නට බැරි බව ජනතාව විසින් කෙදිනක හෝ කියා දෙනු ඇත. එය එසේ වන්නේ අද දවසේ නාවලපිටියේත්, ත්‍රිකුණාමළයේ, කඹුරුපිඩ්ඩි ප්‍රදේශයෙත් ඡන්ද මංකොල්ලයේ යෙදුනු අපේක්ෂකයින්ට ජනතාව තමන්ගේ කතිරයෙන් දඩුවම් දීම තුළින් ය?

Pic By Lankaenews

වැදි තරුණයෙකුගේ ‛පොරෝ’ පහරින් එක් අයෙක් රෝහලේ..

පසුගිය 14 වනදා අලුත් අවුරුදු දිනයයි. අලුත් අවුරුදු දිනයේ සුරා සල් හෙවත් ‛බාර්’ වැසිීම සමාන්‍යයෙන් සිදු වේ. නමුත් 14 වනදා ඇතැම් සුරාසල් වලින් මත්පැන් ගැනීමට හැකිවන අයුරින් විවෘතවී තිබු බව විකල්පට වාර්තා විය. කෙසේ නමුත් මහියංගන ප්‍රදේශයෙන් මත් පැන් බී මහ මඟ ගමන් කර සිටි දඹානේ ‛ඌරුවරිගලාගේ කැකුඑා’ නම් වැදි තරුණයා පාරේ යමින් සිටි තවත් අයෙකුට පොරවෙන් කොටා ඇති ව වාර්තාවේ. මෙසේ පොරවෙන් කොටා ඇත්තේ පාෙර් ගමන් ගත් තරැණයා, වැදි තරුණයා සමඟ බහින් බස් වීමේ ප්‍රතිපලයක් ලෙසට බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

පොරව පහරින් තුවාල ලැබූ එම තරුණයා මහියංගනය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් ඇති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් මහිංයගන ප්‍රදේශයේ උත්සව සමයට නීති විරෝධි ලෙස සතුන් දඩයම් කර මස් සඳහා විකිණිමත්, නීතියානුකූල මත් පැන් මෙන්ම නීතියානුකූල නොවන මත් පැන්ද සරුවට අලෙවි වන බවත් මේ වන විට, මෙම නීති විරෝධි ක්‍රිියාවන් සඳහා ඇතැම් වැදි තරුණයන් ද සම්බන්ධ බව තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ වනජීවි නිළධාරියෙක් පැවසීය. මේ නිසා ලංකාවේ වැදි ජනයාගේ අනන්‍යතාවය මෙගින් පරිහියාමක් පවතින බවත් මෙය ඉතා කණගාටුදායක තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Next Page »