අලුතෙන් මැරීම හෙවත් මරා දැමීම
July 1, 2008 by Karapoththa
Filed under Democracy, Human Rights, Human Security, Kegalle, Life quips, Peace and reconciliation, සිංහල
අනේ අප්පෝ…. මේ ගෙවල්වල හිටිය මිනිසුන්ට මොනව වෙන්න ඇද්ද…? බෝම්බ වලින් විනාශ වුනු ගෙයක් දැකලා උපාසක අම්මා කෙනෙක් හුල්ලනවා.. අත දික්කරමින් ගිණි තිබ්බ යාපනේ පුස්තකාලය නොදන්න අයට පෙන්වනවා.
සමහරු කිලිනොච්චියේ සයිවර් කඩෙන් තෝසේ කනවා. පාර අයිනේ කඩවලින් තල් හකුරු, කොට්ට කිලංගයි, වැනි දේ ගන්නේ හරිම ආසාවෙන්.
ඒ……මීට වසර කීපයකට පෙර එනම් 2002 වසරේ මුල්භාගයේ සිට වසර කිහිපයක් දක්වා සටන්විරාම කාලසීමාවේදී , ඒ 9 පාරේ(යාපනේ, කිලිනොච්චියේ, චාවකච්චේරිවල….) හැමදාමත් වගේ තිබූ දර්ශණයන්. .
එවකට දකුණේ බොහෝ මිනිසුන් ඒ 9 පාරෙන් යාපනේ ගියේ ය. යුද්ධයේ බිහිසුණුකම නිසා විනාශ වුනු දේවල් දැකලා දකුණෙන් ගිය බොහෝ මිනිසුන්ගේ සිත්වල දුක විතරක් නෙමේ, වරදකාරි හැගීමක් තිබුණා කියලා මට හිතුනා.
ඒ නිසා මමත් ඔවුන් දිහා බලන් හිටියේ අලුත් බලාපොරොත්තුවකින්.
අවුරුදු 06ක් ඉක්මව ගොස් ඇත…. අද යාපනේ අර්ධද්වීපයම හාමතේ. මල්ටි බැරල් විලින් විතරක් නෙමේ බඩගින්නත් ඔවුන්ගේ ජීවිත බිල්ලට අරගෙන. නැවත වරක් උතුරේ පමණක් නොවේ දකුණේ මිනිස් ජීවිතත් අසාධාරණ යුද්ධය විසින් ආක්‍රමණය කර තිබේ. නැවත වරක් දකුණේත්, උතුරේත් තරුණයින්ගේ මළකඳන් ඔවුන්ගේ දෙමාපියන්ගේ උරහිසින් ගෙනගොස් මිහිදන් කිරීමේ යුගය උදා වී ඇත.
යුද්ධය විසින් ඉතාමත් කුරිරු ලෙස ජන මණස විකෘති කොට තිබේ. කවුද මැරිලා තියෙන්නේ කියලා අහන…යුගය වෙනුවට කීයක් මැරිලද කියලා අහන තරමට, මැරීම හෙවත් මරා දැමීම අලුත් ශ්‍රි ලංකාවේ සාමාන්‍යකරණය වී හමාරයි.
මට මතක් උනේ 1980 ගනන්වල ඉරාක ඉරාන යුද්ධය පිළිබද ජීන් සැසන් නම් මාධ්‍යවේදිනිය විසින් ලියන ලද මයාඩා නම් පොතේ එක් සටහනක්.
‛‛පෙරමුණින් අති විශාල සංඛ්‍යාවක් සෙබල මළ මිනී ඉරාකයට ගලා එන්නට විණි. බැග්ඩෑඩයේ වීදි එකවරම කලු පැහැ අවමංගල කොඩිවලින් පිරිණි. ඒ හැම පතාකයකම, මිය ගිය සොල්දාදුවගේ නම, මිය ගිය පෙදෙස, සමග කුරානයේ පාඨයක් ද විය. දිවි පිදූවෝ නොමැරෙති සහ සදාම් විසින් රචිත, දිවි පිදුවෝ අප සියල්ලටම වඩා උතුම්ය.. යන පාඨ ඒවායේ දැකගත හැකි විය. දිනපතා කලු කොඩි වැඩිවන සේයක් දක්නට ලැබුණු අතර, ඉරාක හමුදාව නොනවතින රුධිර ගලනයට බිලි වී ඇති බව ඉක්මනින්ම සැමටම තේරුම් යන්නට විය.
මුලදී මරණයට පත්වන සෑම විරුවකු වෙනුවෙන්ම ඉඩම් කැබැල්ලකුත්, දිනාර් 5000 කුත්, අලුත්ම මෝස්තරයේ ටොයෝටා රථයකුත් අදාල පවුල්වලට පිරිණමන ලදි.
ඉරාකයේ ජනප්‍රිය ළමා ගීතයක තාලයට අනුව ලියවුණු නව පදවැල් යථාර්ථය පිළිබිබු කරමින් ලියවී තිබුණු අතර යුද්ධයෙන් සිදු වූ හානිය පිළිබදව උපහාසාත්මකව තමන්ගේ හැගීම් පිට කිරීමට ඔවුහු කටයුතු කලහ.’’
‛‛ඔන්න දැන් මගේ පියා එනවා යුද පෙරමුණේ ඉඳන්
හැබැයි එන්නේ ඇන ගහපු පෙට්ටියේ නිදන්
මගේ අම්මා තවත් මිනිහෙක්ව කාරේ බැඳන්
ඉතින් මොකෝ මං යන්නේ දැන් ටොයෝටා රථෙන්’’
ඕනෑම යුද්ධයක් හමුවේ විනාශ වන්නේ මිනිස් ජීවිත පමණක් නොව, ඒ ජීවිතවලට සම්බන්ධ සියලුම දේ විනාශ වන බව ලෝකයේ මෙතෙක් පැවති ගැටුම් සහ යුද්ධයන් ඔප්පුකර දී තිබේ. නමුත් අද අප සමාජය අපට පවසන්නේ අලුත් ශ්‍රි ලංකාවට යුද්ධයෙන් තොර සාමයක් නැත කියාද..? යුද්ධයෙන් තොර නිදහසක් නැත කියාද..?
තපු
Vikalpa – A new Citizen Journalism website in Sinhala and Tamil
August 3, 2007 by Vikalpa Admin
Filed under Anuradhapura, Badulla, Colombo, Democracy, English, Galle, Gampaha, Governance, Hambantota, Kalutara, Kandy, Kegalle, Kurunegala, Matale, Matara, Media, Moneragala, Newsletter, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Ratnapura, Stories from the silent
We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.
Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.
Please download our flyer here.
For further details, please email info@vikalpa.org or download our inaugural Vikalpa newsletters from the site.


