පහර දීමකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මියයයි.

‛අපිට පොලීසියෙන් පහර දුන්නා’ – විශ්ව විද්‍යාල ශිෂයෙක්. ‛අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ’ – උසස් පොළිස් නිළධාරියෙක්

ඉකුත් 18 වන දින පොලිස් පහර දීමට ලක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත බණ්ඩාර සිසුවා බදුල්ල මහ රෝහලේ දී අද උදෑසන ජීවිතක්‍ෂයට පත්විය. රුහුණු විශ්ව විද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලබන සුසන්ත බණ්ඩාර ශිෂ්‍යා ලූනාව, බුත්තල පදිංචිව සිටි අයෙකි. මෙම සිදුවීම පිළිබදව ‛විකල්ප’ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විමසීමක් කරන ලදි. එහිදි එම සංගමයේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට අකමැති ශිෂ්‍යයෙක් පවසා සිටියේ,
‛‛පහුගිය 17 වෙනිදා උදේ විශ්ව විද්‍යාලයට ගමේ පිරිසක් බලෙන් ඇතුල් වෙලා මහ ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට අලාබහානි සිදුකරල විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකුටත් පිහියෙන් අනල යන්න ගියා. පහු වෙනිදා විශ්ව විද්‍යාල පිටත එච්චර හොද වාතාවරණයක් තිබුණේ නැහැ. 500 ක් විතර ශිෂ්‍යයන් එදා විශ්ව විද්‍යාලේ ඇතුලේ හිටියා. විශ්ව විද්‍යාලේ සිසුන්ට පහර දීමේ සිද්ධියත් එක්ක ගමෙන් සිසුන්ට ගොඩක් තර්ජන තිබුණා. එදා විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් එදින සිට විශ්ව විද්‍යාලය නිවාඩු දෙන බව දැනුම් දුන්නා. විශ්ව විද්‍යාල නේවාසිකාගාරය විශ්ව විද්‍යාලයට මඳක් දුරින් [මැද්දවත්ත ප්‍රදේශයේ] පිහිටා තිබුණු නිසා පිටත නොසන්සුන් තත්ත්වට හේතුවෙන් සිසුන් එලියට යන්න බය වුණා. පස්සේ අපි මේ පිළිබදව විශ්ව විද්‍යාල උපකුලපති තුමා හමු වී කියා සිටියා පිටත අපට නිසි ආරක්‍ෂාවක් නැති නිසා නේවාසිකාගාරයට යාමට නොහැකි බව. අපි ඉල්ලීමක් කළා විශ්ව විද්‍යාල උපකුලපති තුමාගෙන් මේ පිළිබද ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. නමුත් මේ සම්බන්ධව කිසිදු ක්‍රිමාර්ගයක් නොගෙන විශ්ව විද්‍යාල පාලක මණඩලය විසින් කියා සිටියේ වහාම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වන ලෙස සහ සිසුන්ට විශ්ව විද්‍යාලයේ රැදී සිටීය නොහැකි බවයි.’’

‛‛පසුව බස් 2 කක පොලීසියෙන් 300 විතර විශ්ව විද්‍යාලයට ඇවිත් ඔවුන් නියෝගයක් කලා විශ්ව විද්‍යාලයේ සියළුම සිසුන්ට එලියට බහින්න කියාල, ඒත් සිසුන් ගියේ නෑ.. විනාඩි කිහිපයක් ගියාම පොලීසියෙන් විශ්ව විද්‍යාලෙට ඇතුළු වී සිසුන්ට පහර දී සියළුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් පන්නා දැමුව. අපේ ඇදුම් බෑග් සියළුම දේවල් තිබුණේ නේවාසිකාගාරේ පස්සේ. අපි ඉක්මනින් නේවාසිකාගාර වලට ගියා. පොලීසියෙන් නේවාසිකාගාරවලටත් ඇවිත් සිසුන්ට පහර දී ගෙවල් වලට යන ලෙස නියෝග කරා.’’

මෙහිදී පොලීසිය විශ්ව විද්‍යාල භුමියට හෝ ශිෂ්‍ය නේවාසිකාගාරය තුලට ඇතුල් වීමට නම් උප කුලපති තුමාගේ හෝ විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ අනුමැතිය සහ අවසරය අනිවාර්ය විය යුතු අතර ඔවුන් නොදැනුවත්ව පොලීසියට විශ්ව විද්‍යාල භූමියට ඇතුළු විය නොහැකි බවත් සිසුන් වැඩිදුරටත් පැවසයි. නමුත් විශ්ව විද්‍යාලය තුළට පොළිසිය පැමිණ මෙම සිදුවීම සිදුකල බවත් ඔවුන් පැවසීය.

පසුව අප මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමන්ව දුරකතනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කල ද, ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය විසින් පවසා සිටියේ ඔහු තම අසුනේ නොමැති බවත් පෞද්ගලික නිවාඩුවක් මත කොළඹ ගිය බවත් ය. පසුව උප කුලපති ලේකම් වරිය වශගෙන් මේ සම්බන්ධව අප විමසීමක් කල විට ඇය කියා සිටියේ ‛‛ කරුණාකර 041 2227029 අමතා එතුමන්ගෙන් මේ පිළිබඳ අදහස් ලබාගන්න’’ ලෙසයි. නමක් තනතුරක් නොමැති එතුමා කවුද යන්න ප්‍රශ්නයක් මතු වුව ද, උප කුලපති ලේකම් වරිය ලබා දුන් අංකයට එතුමා හා සම්බන්ධ වීමට අප කටයුතු කලේ ය. එයට පිළිතුරු දුන් අය කියා සිටියේ ‛එතුමා ද අසුනේ නොමැති බව සහ ඔහු විශ්ව විද්‍යාලයේ ද නොමැති බවයි.’

පසුව අප ඔහු වෙත කියා සිටියේ උප කුලපති කාර්යාලයේන් ඉහත සිදුවීම සම්බන්ධව මෙම අංකයෙන් දැන ගැනීමට හැකි යැයි අපට කියා සිටිය බව යි. ඒ සම්බන්දව ඔහු කිසිවක් නොකිවු අතර, ඔහුගෙන් තනතුර විමසූ විට කියා සිටියේ ඔහු විශ්ව විද්‍යාල සිසුවෙක් බවයි. අද උණුසුම් තත්වයක් විශ්ව විද්‍යාලය තුළ හටගෙන ඇති අවස්ථාවක විශ්ව විද්‍යාලයේ කාර්‍යාලයේ දුරකථනය භාවිතා කිරීමට ‛සිසුවෙකු’ට හැකියාවක් තිබේ ද?

විශ්ව විද්‍යාල පාලන කමිටුවේ දුරකතන වලට සිසුන්ට ද පිළිතුරු දීමට හැකි පරිඳි තිබෙන බව පුදුමයකි. තව ද විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ ශිෂ්‍යයන් සිටීම ද අදහා ගත නොහැක. එසේ තිබුණා නම් මෙම සිදුවීමද වෙනස් වීමට ඉඩ තිබුණි.

මේ සියල්ල කෙසේ වෙතත් රුහුණු විශ්ව විද්‍යාලයේ නෙවාසිකාගාරයේ දී පොලිස් පහර දීමට ලක් වූ සුසන්ත බණඩාර සිසුවා මුලින් බුත්තල රෝහලටත්, බණ්ඩාරවෙල රොහලටත්, එයින් කොතලාවල දැඩි සත්කාර ඒකකයේ දින 4ක් ප්‍රතිකාර ලබමින් අවසානයේ දී බදුල්ල රෝහලේ දී අද[23] ජීවිතක්ෂයට පත් විය.

මේ පිළිබඳව අප මාතර පොළිසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ පොළිස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ ‛‛දැන් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තියනවා, මේ පහරදීම කරේ පොළිසියෙන් නෙමේ, බස්නායක කියලා, බස්සා නමින් හඳුන්වන ඇතුලෙම ශිෂයෙක් විසින් කියලා. ඒ මිය ගිය ළමයාට ගහලා තියනවා. එයා පාවා දුන්නා කියලා. ගහලා තියෙන්නේ ඔලුවට. එයාගේ මව කටඋත්තරයක් දීලා තිබෙනවා දැනට. ඒක වීඩියොත් කරලා තියනවා. දැන් ජනමාධ්‍යවලින් යයි. අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. අපි ඒක විඩ්‍රෝ කලා. දැන් මේ ශිෂ්‍යයෝ දන්නවනේ අයියලාගේ හැටි. එයාලා මේක දඩමීමා කරගෙන පොළිසියෙන් ගැහුවා කියලා ලොකු කතන්දරයක් කරනවා. ඇත්තටම සිද්ධ උනේ අභ්‍යන්තර ශිෂයෙක් පහර දුන්නා මෙයාට. දැන් පෝස්ට් මෝටන්ට් රිපෝට් එක එයි. පොළිස්පති තුමා මේ සම්බන්ධයෙන් සෙවිමට පරීක්ෂණ කණ්ඩායම් දෙකක් දාලා තියනවා. සීඅයිඩී ටීම් දෙකක් දාලා තියනවා. සත්‍යය මොකක්ද කියන එක හෙළිදරව් වෙයි.’’
දැන් පහර දුන්න කෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවාද? යැයි ‛විකල්ප’ විමසීය. ’’එවිට ඔහු ප්‍රකාශ කළේ.. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරනවා. නියම බස්සා කවුද කියලා හොයාගන්නවා. බස්සෝ ගොඩක් ඉන්නවා.

වග කිව යුත්තෝ කවුරුන් ද ? බස්සා ද? පොලීසිය ද?

නමුත් මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. මේ වන විට සියළු ශිෂ්‍ය සංගම් එකතු වී මේ පළිබඳ විරෝධතාවක් පැවැත් වීමට අද දින මාතර නගරයේ සූදානම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මාධ්‍යවේදීන් කණ්ඩායමකට දෙනියායේදී මැර ප්‍රහාරයක්

පසුගිය ඉරිදා (4) විපක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයේ සිදුකර ඇති නිරීක්ෂණ චාරිකාවක් ආවරණය සඳහා ගිය මාධ්‍ය කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදී ඔවුන් සතු කැමරා ඇතුළු අනෙකුත් උපකරණ විනාශ කිරීම බලවත් පිලිකුළින් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදින්ගේ සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදින්ගේ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන සංවිධාන යන මාධ්‍ය සංවිධාන පහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
වැඩිදුරටත් කරුණු දක්වමින් එම සංවිධාන කියා සිටින්නේ රජයේ මුදල් යොදවා මග නැඟුම ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලදැයි කියන මාර්ගයක් නිරීක්ෂණය කරමින් ගමන් ගත් මන්ත්‍රී කණ්ඩායමකට හා ඔවුන්ගේ වාහන වලට දෙනියාය බෙවර්ලී වත්ත ප්‍රදේශයේදි කිසියම් පිරිසක් පහර දී තිබේ. එම සිදුවීම වාර්ථාකරමින් සිටි ලංකාදීප පුවත්පතේ ක්‍රිෂාන් ජීවක ජයරුක්, සිරස මාධ්‍ය ජාලයේ චන්දික ජයවර්ධන හා ශ්‍යාමන් චානුක සහ ටී.එන්.එල් ආයතනයේ කැලුම් ජයවීර යන මාධ්‍යවේදින්ටද එහිදී එම මැර පිරිස විසින් පහර දී ඔවුන් සතුව තිබූ කැමරා ඇතුළු උපකරණ විනාශ කර ඇති බවයි.
මෙය ඉතාමත්ම පහත් ක්‍රියාවක් මෙන්ම මහජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතියට එරෙහිව එල්ල වෙමින් පවත්නා බිහිසුණු ක්‍රියාදාමයෙහි තවත් එක් බරපතල වර්ධනීය අවස්ථාවක් ලෙස සඳහන් කරන මාධ්‍ය සංවිධාන පිළිගත් ශීෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි සිදුවීම් කිසිසේත්ම සිදුවිය නොහැක්කක් වන බවත්, මෙම ක්‍රියාව මඟින් නැවත වතාවක් සනාථ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි බිහිසුණු පරිසරය වෙනස් කිරීමට බළධාරීන් දක්වන අකමැත්තය බවත් ප්‍රකාශ කර සිටී.
එමෙන්ම පහර කෑමට ලක් වූ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේදී අදාල පැමිණිල්ල බාර නොගනිමින් හා අගතියට පත්ව සිටින මාධ්‍යකරුවන් රස්තියාදු කරමින් පොලීසිය දක්වා ඇති නොසැලකිල්ල හා වගකීම් විරහිතභාවය පිළිබඳව ද කරුණු දක්වන එම මාධ්‍ය සංවිධාන ඒ පිළිබඳව ද ඔවුන්ගේ බලවත් විරෝධය පළ කරනු ලබනවා.

ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට

September 3, 2009 by Vikalpa_R  
Filed under Democracy, Human Rights, Matara, Media, සිංහල

විශේෂාංග ලිපියක් සඳහා කරුණු ගවේශනය කරමින් සිටි ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් දෙනියාය පොලිස් ස්ථානය මඟින් ඊයේ (2) දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව ලංකා පුවත්පතේ කතුවරයා පොලීසියෙන් කල විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ ලංකා පුවත් පතේ මාධ්‍යවේදීන් කණ්ඩායම දෙනුියාය ප්‍රදේශයේ වතුයායකදී කම්කරුවන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටියදීය. රවින්ද පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ යන මාධ්‍යවේදින් අත්අඩංගුවට පත්වී දිනක් සම්පූර්ණ වී ඇතත් ඔවුන් පිළිබඳව ගනු ලබන ඉදිරික්‍රියා මාර්ග හා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරනවාද යන්න පොලීසිය විසින් තහවුරු කර නොමැති අතර බ්‍රහස්පතින්දා සවස් වනතුරුත් ඔවුන් දෙනියාය පොලිසිය තුළ රඳවා තබාගෙන සිටිති.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තිය පත්‍ර කලාවේදින්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය හා දෙමළ මාධ්‍ය සංසදය, මාධ්‍ය නිදහස මර්ධනය කිරිම සඳහ හා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරිම සඳහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනිම ඉතා බිහිසුනු ප්‍රවනතාවක් මෙන්ම සහසික අපරාදයක් බවද සඳහන් කර තිබේ.
අදාල මාධ්‍ය සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි සිවිල් නිදහස සම්පූර්ණයෙන්ම හිරකර තබන ඉතා බිහිසුනු බලතල සහිත නීතියක් මහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කිරීමට, ජනමාධ්‍යවේදින්ට සිය වෘත්තිය කටයුතු අහිමි කිරිමට යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති ඒකාධිපති රාජ්‍යන්හි පමණක් දැකිය හැකි මෙවන් මර්දනකාරී පසුබිමක් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීම ඉතා බිහිසුනු බව සඳහන් කරන මාධ්‍ය සංවිධාන එකතුව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාල මාධ්‍යවේදින් වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස හෝ ඔවුන්ට එරෙහිව පියවර ගැනිම සඳහා සාධාරණ හේතු ඇති නම් එය නොවලහ ප්‍රකාශයට පත්කර සාමාන්‍ය නීතිය යටතේ ඒ සඳහා කටයුතු කරන ලෙසය.

ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත් අවධානයට යොමු නොවූ එහෙත් ඉතා දැඩි ලෙස අසාධාරණයට ලක් වන්නාවූ සමාජ කොටසක් ගැනයි. එනම් ඉස්ලාම් දහම වැලඳගත් අයට ඔවුන්ගේ පවුල් වලින් සහ සමාජයෙන් සිදුවන දැඩි සාහසික සහ අත්තනෝමතික ක්‍රියාවන් ගැනයි.

තමන් කැමති දහමක් හදාරා ඒ දහම වැලඳ ගැනීම යනු පුද්ගලයෙකු සතු අයිතිවාසිකමකි. එය අප රටේ ව්‍යවස්ථාවෙන්ද සම්මත අයිතිවාසිකමකි.මෙලෙස දහමක් හැර යාමෙන් සිදුවන්නේ මිනිසෙකුගේ ආධ්‍යාත්මික සහ චර්යාත්මක වෙනසක් මිස අනෙකුත් සමාජ සම්බන්ධතා වල වෙනසක් නොවේ.එමෙන්ම යම් කෙනෙක් තම දහම වෙනස් කල පමණින් ඔවුන්ගේ ඥාති සබඳතා වෙනස් වීමක් සිදු නොවේ. ඒ මන්ද යත් ඥාති සබඳතා යනු අපගේ ශරීරය සහ රුධිරය සමග බද්ධ වූවක් බැවිනි.එය අධ්‍යාත්මික සහ චර්යාත්මක වෙනසකදී අදාල නොවන සාධකයකි.

අපගේ කථාවට අදාල තැනැත්තිය දකුණු ලක, මාතර දිස්ත්‍රික්කයේ, හක්මන, දෙනගම ප්‍රදේශයේ උපත ලැබූ කෙනෙකි.ඇයගේ දෙමව්පියන් සහ මුළු මහත් පරපුරම බෞද්ධයන් වන අතර ඇයගේ පියා ගමේ පන්සලේ දායක මහතෙකු ලෙසද කටයුතු කරයි.සහෝදර සහෝදරියන් රැසක් පිරිවරා ජීවත් වූ ඇය පන්සලේ දහම් පාසලෙන් මනාව ඉගෙනුම ලැබ දහම් පාසැල් ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත.අපොස උසස් පෙල විද්‍යා විෂයන්ගෙන් සමත් වූ ඇය පසුකාලයේ කොලඹ රැකියාවකට පැමිණ ඇත.රැකියා කිහිපයකට මාරුවෙමින් ගොස් ඇය නතරවූයේ දේශපාලනයට සම්බන්ධ මුස්ලිම් කාර්යාලයකයි.එහිදී ඇයට මුස්ලිම් වරුන් යනු කවුදැයි හඳුණා ගැනීමට ලැබුණු නමුදු ඇයට ඉස්ලාම් ධර්මය ගැන දැනුවත් කිරීමකට සුදුසු පුද්ගලයෙක් එහි නොවීය.
පසුකලෙක මලයාසියාවේ පාඨමාලවක් හැදෑරීමට ගිය ඇය. එහිදී ඉස්ලාම් ධර්මයද හැදෑරීමට පටන් ගත්තාය. එමගින් ඇගේ ජීවිතය වෙනස් වූ අතර ඇය මෙතෙක් වසර 33 කට ආසන්න කාලයක් අදහමින් තිබූ බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගන්නා ලදී. ඉන් අනතුරුව මලයාසියාවේ ඉස්ලාම් දහම සම්බන්ධයෙන්ද පාඨමාලාවක් හැදෑරූ ඇය පසුව සිය දෙමව්පියන් බැහැදැකීමට සිය නිවස බලා පැමිණියාය. එහිදී අය දැන් මුස්ලිම් වරියක් බව දැනගත් ඇගේ පියා දැඩි ලෙස කිපී ඇයට පහර දී නැවත බුදු දහම වෙත එන ලෙස ඇයට බල කළ අතර ඇය ඉන් නොසැලී සිටීම නිසා එම නිවසින් පිටව යන ලෙස පියා පවසන ලදී. ඉස්ලාම් ධර්මය නිසා සිය සහෘදයන් සියල්ලන්ම අහිමි වන තත්වයකදී ඇය කොළඹ පැමිණ රැකියාකවකට ගොස් මුස්ලිම්වරියක ලෙස තනිවම ජීවත් වීමට පටන් ගත්තාය.
එහිදී තම පියාට හොරෙන් අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ සුවදුක් බැලූ ඇය, ඔවුන්ගේ ඕනෑ එපාකම් වලදී සහෝදරියකගේ යුතුකම් මනාව ඉටුකරන ලදී. විවාහ වීමට නිසි වයස පසුවෙමින් පැවති එම කාලයේ ඉස්ලාම් ධර්මය වැළඳගත් තවත් සිංහල තරුණයෙකු මුණ ගැසුණු ඇය එම තරුණයා සමග ඉස්ලාම් ධර්මයට පැමිණ වසර 4 කට පසුව විවාහ විය. මෙම විවාහයෙන් පසුව නැවත වරක් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සමග සම්බන්ධ වීමට ඇය උත්සාහ දැරුවද ඇය සමග පවුලේ කෙනෙකු සම්බන්ධ වුවහොත් ඔවුන්වද පවුලේ සම්බන්ධතා වලින් නෙරපන බවට පියා තර්ජනය කිරීම නිසා එම උත්සාහයද ලත් තැනම ලොප් විය.
ඇය දැන් සිටිනුයේ වයස 38 දී ඇයගේ කුසින් බිහිවන ප්‍රථම දරුවා ලොවට බිහිවනතුරු බලා ‍සිටින අවදියකයි. ඇයද ඇගේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම ඉස්ලාම් ධර්මය වැලඳ ගත් අය බැවින් මේ වන විට කිසිදු ඥාති සබඳතාවක් පැවැත්වීමට ඔවුන් දෙදෙනාගේම ඥාතීන් ඉදිරිපත් නොවේ. මේ වන විට ඇගේ සැමියා විදෙස් ගතව සිටින බැවින් ඇයව බලාගන්නේ ඇයට කිසිදු ඥාතීත්වයක් නොමැති වුවද තම දරුවෙකු මෙන් ඇයට සලකන්නාවූ මැලේ ජාතික යුවලක් විසිනි. ඇගේ මව ඇය කුඩා කාලයේදීම අනතුරකින් සිහිය විකල් වීම නිසා ඇය අද සිටින්නේ මව් සෙනහසද පිය සෙනහසද අහිමි කර ගෙනය. ඇගේ සහෝදර/සහෝදරියන්ගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ඇයට අද ඔවුන්ද නොමැත.
ජනතා අධිකරණයට චෝදනා පත්‍රය
1. ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?
2. ශ්‍රේෂඨ දහමක් දේශණා කල බුදුරජාණන් අනුගමනය කරන්නන් යැයි පැවසුවද ඇගේ පියා සහ සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාවන් සත්‍ය වශයෙන්ම බුදු දහමට නිගා දෙන්නක් නොවේද?
3. එසේ නම් ඔවුන් බොදුනුවන්ද?
4. සිංහල අපට සිංහල කියා ආගමක් නොමැත මේ සියළුම දහම් ආනයනය කළ දහම් නොවේද?
5. මෙවැනි අයගේ ක්‍රියාවන් ගැන ඔබගේ අදහස කුමක්ද?

අන්වර් මනතුංග

Vikalpa – A new Citizen Journalism website in Sinhala and Tamil

Vikalpa

We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.

Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.

Please download our flyer here.

For further details, please email info@vikalpa.org or download our inaugural Vikalpa newsletters from the site.