ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය.

රතුගල වැදි නායක දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නිලා ඇත්තෝ මෙම විරෝධතාවයට එක්වෙමින් කියා සිටියේ ‛‛1980 දී තම මී මුත්තා වන හඳුනා ඇත්තෝ ද මෙම සුසාන භූමියේ වල දැමූ බවත්, තම පියා වන රන්දුනු වන්නිලෑ ඇත්තෝ ද මෙහි වළදැමූ බවත් ය.’’ ඔහු තව දුරටත් පවසා සිටියේ ‛‛එදා වෙල්ලස්ස වසමේ රාජකාරි කළ ගම්මුලා දෑනියා සන්නසකින් මෙම සුසාන භූමිය සමග ඉඩම් අක්කර 200ක් අපට පවරා දුන් බවයි’’

දැන් මෙම ඉඩම් කොටස්කර විවිධ පුද්ගලයින්ට විකුණා ඇති බවත්, එසේ ඉඩම් මිළට ගත් විශ්‍රාමික බැංකු නිළධාරියෙකු මේ වන විට එහි සංචාරක හෝටලයක් ඉදි කිරීමට සැළසුම් කර ඇතැයි ඔහු පැවසී ය. 1985 දී මෙම ඉඩම් ගනුදෙනුව සිදුවී ඇති බවත් එවකට පැවති ආණ්ඩුව සමයේ මොණරාගල හිටපු දිසාපතිවරයෙකු මෙයට සම්බන්ධ බවද වැදි නායකයා හෙළි කළේය.

මේ විරෝධතා ව්‍යාපාරයට එක් වූ ආදිවාසීන් කියා සිටියේ ‛‛අපේ මී මුත්තන් වළ දැමූ මේ සොහොන් බිම තම වරිගයාට නිදහස් කර දෙන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.’’

සටහන – මීගොඩ හේමපාල

Pic by – www.bbc.com

දෙඹරවැව අනාථයි….

Dembara Wava Pic
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙඹරවැව ව්‍යාපාරයට අයත් ගොවිපවුල් 68ක් මෙතෙක් නොවිසඳුනු ගැටලු රැසක් නිසා බරපතල අසීරුතාවයකට ලක්ව සිටිති. එහි ප්‍රධානම ගැටලුව ලෙස ගොවීන් පවසන්නේ තමන්ට ගොවිතැන් කරගෙන යාමට නිසි ලෙස ජලය නොමැති බවයි.
වසර 35ක් තිස්සේ මෙම ගැටලු බලධාරීන්ට ඉදිරිපත්කළද මෙතෙක් විස දී නොමැත.
1973 දී මෙම ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ දෙබරවැව කේන්ද්‍ර කරගෙනය. පහත් බිම් අක්කර 250ක් මේ ව්‍යාපාරය යටතේ අස්වද්දනු ලබන අතර ජල ගැටලුව නිසා දැන් වගාකල හැක්කේ එක් කන්නයකදී පමණක් බැව් ගොවීන් පවසයි.

’‛මේ පළාතේ ගොවීන්ට කුඹුරු වැඩ කරන්නට ඇත්තේ මේ ගොවි ව්‍යාපාරය පමණයි. තවම මෙකේ ඇල මාර්ග හරියට හදලා නෑ. ඒවා ගැන කිව්වාහම නිළධාරින් කියන්නේ ලබන අවුරුද්දෙ හදනවා. ඊළග අවුරුද්දේ හදනවා. මුදල් නෑ. මුදල් ලැබුනම කරන්නම්….කියලා. මේවා බොරු කතා. අපි මේ පිළිබඳ ගොවි සංවිධානයේ රැස්වීමේදී කතා කරලා ඇමතිවරුන්ට, නිළධාරීන්ට ලිපි යැව්වත් පලක් උනේ නෑ.’’ ප්‍රදේශයේ ගොවීන් මෙසේ පවසයි.

මේ පිළිබඳ දෙබරවැව ගොවි සංවිධානයේ ලේකම් ඩී. එම්. ගුණතිලක(70) මහතාගෙන් විමසීය. ඒ පිළිබදව ඔහු පැවසුවේ මෙවැන්නක්. ‛‛මේ ව්‍යාපාරයේ වම් ඇල සහ දකුණු ඇලත් හරියට කරලා නෑ. කුඹුරුවලට දාලා තියන බටත් කැඩිලා. ස්පිල් එකේ වැඩත් අවසන් නෑ. මේ වැවෙන් වතුරත් කාන්දු වෙනවා. ඉතිරි වැඩටික කරන්න වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ සල්ලි නැතිලු. මුලින්ම කරපු වැඩ ඇරෙන්න වෙන කෙරුනු කිසිම දෙයක් නෑ. යල මහ වැඩකරන්න බැහැ. එක් කන්නයයි වැඩ කරන්න වෙන්නේ. ඒවගේම දවසින් දවස වැව ගොඩවෙනවා. විසඳුමක් නෑ.

වැල්ලවාය – දඹේගොඩ ජිනදාස
Picture by Sampath Samarakoon

ඌවට අහිමි වූ ගුවන් තොටුපල යළි ඉල්ලති.

එක්සත් ජාතික පක්ෂ රජය මඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව කුඩා ඔය ප්‍රදේශයේ පිහිටුවන්නට සියලු වැඩකටයුතු සූදානම් කරනලද තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල හම්බන්තොට ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව සිය නොසතුට පළ කර සිටියි.
වත්මන් රජය බලයට ඒමත් සමඟම වැල්ලවාය ගුවන් තොටුපල ඉදිකිරීමේ තීන්දුව වෙනස් කරමින් එය වෙනත් ප්‍රදේශයක පිහිටුවන්නට තීරණය කරන ලදි.
වැල්ලවායේ මෙම ගුවන් තොටුපළ පිහිටු වී නම් මෙම ප්‍රදේශය තුළ අංග සම්පූර්ණ නගර හා පුඑල් මාර්ග පද්ධතියක් ඉදිවන අතර යටිතල පහසුකම් සම්පූර්ණ වන්නට තිබුණි. ඒ නිසා මේ සියල්ලම මේ වනවිට ඌව පළාතට අහිමි වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
මේ දිනවල පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවලින් වැල්ලවායට අහිමු වූ ගුවන්තොටුපළ පිළිබඳව අසන්නට ලැබෙන අතර එය කඩිනමින් ඌව පළාතට ලබා දීමට රජය තීරණයක් ගත යුතුව ඇතැයි දේශපානඥයින් අවධාරණය කර සිටිති.

දඹේගොඩ ජිනදාස
වැල්ලවාය

පොහොර සහණාධාරයක් දෙන්න.. ඌවේ උක් ගොවීහූ රජයෙන් ඉල්ලති.


කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති.
රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම ලාභ ලැබිය නොහැකි වගාවක් වන බැවින් කඩිනමින් රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු යැයි ගොවීහූ අවධාරණය කරති. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික භෝගය උක්වගාව බවට පත්ව ඇති බවත් විශාල ගොවීන් පිරිසක් මේවන විටත් උක් වගාවට යොමුව ඇති බවත් වාර්තාවේ.
මේ පිළිබඳව ‛විකල්ප’ සමඟ අදහස් දක්වන මොණරාගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක්

‛‛කලකට ඉහත දී මොණරාගල දිස්ත්‍රික්කයේ උක්වගාව සිදුකිරීමට මෙතරම් අපහසුවක් උනේ නෑ. ඊට හේතුව මෙ පොළොව සරුවට තිබුණා. එතරම් පොහොර ප්‍රමාණයක් අවශ්‍ය උනේ නෑ. අද එහෙම නොවෙයි. පොහොර මොනතරම් දැම්මත් උක් ගස් හදන්න බෑ. පොහොර විතරක් නොවෙයි, කෘෂි රසායන ද්‍රව්‍ය, බීජ උක්, කම්කරු කුළිය, උක් කැපීම සහ පැටවුම් කුළිය ඒ සියල්ලටම වඩා වැඩියි. මේ සියල්ල සලකා බලා උක්වගාව තව දුරටත් කරගෙන යන්නට නම් අඩුතරමින් පොහොර සහණාධාරයක් ලැබිය යුතුයි’’

දඹේගොඩ ජිනදාස
වැල්ලවාය
Pic by Internet

මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු 60% නියඟයෙන් විනාශයි

July 20, 2009 by Vikalpa_R  
Filed under Life quips, Moneragala, සිංහල

මාස කිහිපයක් තිස්සේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මේ වන විට වගා කළ කඹුරු වලින් 60% පමණ විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති අතර මාස් කන්නයේ බලාපොරොත්තු තරම් වැසි නොලැබීම ද එක් හේතුවක් වී ඇතැයි ගොවීන් කියා සිටිති. විකල්ප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ප්‍රදේශයේ කළ සොයාබැලීමකදී වැල්ලවාය ගොවිජනසේවා බල ප්‍රදේ‛ශයට අයත් කුඹුරු අක්කර 2066 කින් වැඩි කොටසක් නියඟයෙන් විනාශ වී ගොස් ඇති බව් දැනගන්නට හැකිවිය.
මේ වන විට වැල්ලවාය මහ වාරිමාර්ගයට අයත් කුඹුරුකොළබොරේ වෙල්යාය, මලපේ වෙල්යාය, මැදවෙල වෙල්යාය, කාමරංකවෙල, කුරුගම යාය ආදි වෙල්යායවල් විනාශයවී ගොස් තිබේ. මෙම වෙල් යායවල්වලින් ඉකුත් කන්නයේ ලබාගත් අස්වැන්නෙන් දහයෙන් එකක ප්‍රමාණයවත් මෙවර ලබාගත නොහැකිව ඇති අතර ණය වී මෙන් පොලියට පවා මුදල් ලබාගෙන ගොවි තැන් කළ බොහෝ පිරිසක් මේ නිසා බරපතල අසිරුතාවයට ලක්ව සිටිති.
මේ සම්බන්ධයෙන් විකල්ප වේබ් අඩවිය වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ යාලබොවේ කුඹුරු යායවල් කිහිපයක් පිරික්සීමට ගිය ගමනේදී අපි ආර්.එම්. පුංචිබණ්ඩා ගොවි මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියා. ‛‛මුලින් හෙඳට කුඹුරු හැදුනා එත් කුඹුරු පැහෙන වෙලාවේදී වතුර නැතිවුනා. මේ කුඹුරු වලට ස්තීරවම නොකඩවා ජලය ලැබෙන වැඩපිලිවෙලක් නැහැ. වැහි වතුර ගැන බලාපොරොත්තුවෙන් තමයි අපි කුඹුරු වැඩකලේ. මේ සැරේ වියදම් කලත් වි මළු හතරකට පහකට වඩා ගන්න නැහැ. මේ කුඹුරුවලට ඉහලින් තියෙන කෝන්පැලෑන ප්‍රදේශයේ අමුණක් ඉදිකර ජලය ගැනිමට කිසියම් වැඩ පිලිවෙලක් සකස් කළ යුතුයි. මගේ වගේම මේ වෙල්යායේ හැම කෙනෙක්ම මේ සැරේ අසරණ වුනා’’
අපි මේ පිළිබදව වැල්ලවාය ගොවිජන සේවා ප්‍රාදේශිය කාර්යාලයේ නිළධාරී සරත් බන්දුල මහතා ගෙන් විමසා සිටියා.
‛‛ මේ සැරේ දැඩි නියඟය නිසා වැල්ලවාය ප්‍රදේශයේ ගොවින් ජල හිඟයකට මුහුණ පෑවා. ප්‍රදේශයේ 60% පමණ කුඹුරු ඉඩෝරයෙන් විනාශ වී තිබෙනවා. ජලය ඇති යම් යම් වාරි මාර්ග ව්‍යාපාර වල අපි අර පරිස්සමින් ජලය බෙදාහැරීමට අවශ්‍ය කටයුතු කළා. එත් අමතර ජලය සැපයිමේ ක්‍රියාමාර්ගයක් ගැනිම අසීරුයි.

දඹේගොඩ ජිනදාස

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර් හා යන්ත්‍රෝපකරණ රැසක් විනාශ මුඛයේ

July 16, 2009 by Vikalpa_R  
Filed under Corruption, Moneragala, සිංහල

නිසි කලට වෙන්දේසි නොකිරීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර්, යන්ත්‍රෝපකරණ, නගුල් හා කෘෂි උපකරණ රැසක් වසර ගණනාවක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බව විකල්ප වෙබ් අඩවිය කරන ලද සොයා බැලීමකදී දැකගත හැකිවිය.
කල් ඉකුත් වූ පාවිච්චියට ගත නොහැකිවන විට මෙම යන්ත්‍ර සූත්‍ර වෙන්දේසිකර රජයට අදායමක් ලබාගතයුතු වුවත් බලධාරීන් ඒ සසහා මේවනතුරුත් පියවරක් නොගැනිම මහජනතාවගේ විමතියට හේතුවී තිබේ.
මේ වනවිට ඇතිමලේ, සියඹලාන්ඩුව,මොණරාගල, බුත්තල, වැල්ලවාය, බිබිල, මැදගම, කොටගම තෙදුල්ල, තනමල්විල හා බඩල්කුඹුර යන ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙම ට්‍රුක්ටර් හා උපකරණ විනාශවෙමින් පවතී.
කලක් තිස්සේ දිරාපත්ව මේ ට්‍රුක්ටර් තවත් කලක් මේ අයුරින් දිරන්නට ඉඩහැරියහොත් වේන්දේසියකදී මේවාට ලැබෙනුයේ අවම මිළක් බැව් පවසන පලාත්වාසින් පසුගිය කාලයේ ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරුන් කිහිපපොළක්ම පත්ව රාජකාරී කොට ගියත් මේ ප්‍රශ්නය වසඳන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවු බව ගොවීන් කියා සිටිති.
අපි මේ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කල විමසිමකදී එහි නිළධාරියෙක් පැවසූවේ ‛‛කිහිප විටක්ම මේ ට්‍රුක්ටර් වෙන්දේසියේ දමන්නට සූදානමක් තිබුණාත එත් වෙන්දේසියේ දැමීමක් සිදුවුනේ නැහැ. දැන් මේවා බොහෝ දුරට දිරාපත්වෙලා තව තලක් මෙසේ දිරුවොත් ගැනුම්කරුවන්ට පාඩුයි. රජයට ලැබෙන ආදායමත් අඩුවෙනව. දැනට මෙවැනි අබලන් ට්‍රුක්ටර් රථ අනුරාධපුරය හි හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෙන්දේසිකර තිබෙනව කෙසේ වෙතත් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්තුමාගේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුයි කියාය.’’

දඹෙගොඩ ජිනදාස

භූමිතෙල් සහණාධාරයක් දෙන්න..වැල්ලවායේ ගොවීහු ඉල්ලති.


වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය.

කෙසේ වෙතත් භූමිතෙල් මිළ අධික නිසා මේවන විට විශාල ගොවීන් පිරිසක් තම ගොවිතැන අතහැර තිබේ. සතියකට තුන් හතර වතාවක් සිය එළවඑ කොටුවලට මෝටර් මඟින් ජලය සැපයිය යුතු වීමත්, එම නිසා මසකට භූමිතෙල්වලට රුපියල් දහස් ගණනක් වැය කරන්නට සිදුවීමෙන් වන අධික වියදම නිසා ගොවීන් බෙහොමයක් තම ගොවිතැනින් ඈත් වී ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳව ‛විකල්ප’ වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වූ තෙඑල්ල ප්‍රදේශයේ ගොවි මහතෙකු වන එම්. කේ. අමරදාස(49) මහතා,

‛‛මේ ප්‍රදේශයේ විශාල පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය එළවඑ වගාවයි. කිරිඳි ඟගේ වතුර මෝටර්වලින් අරගෙනයි මේ වගාව කරගෙන යන්නේ. අද භූමිතෙල් මිළ ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. ඒක නිසා මෝටර්වලින් වතුර ගහලා එළවඑ වවලා ලාභ ගන්න බෑ’’

මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ කේ. ඇම්. පොඩිමහත්තයා(51)මහතා
‛‛එලවඑ වගාවෙන් ප්‍රදේශයේ ආර්ථිකයට මහත් සහනයක් ලැබෙනවා. ඒ නිසා රජය මේ ගොවීන්ට භූමිතෙල් සහනයක් දිය යුතුයි.

ගොවීන්ගේ මේ ප්‍රශ්ණය පිළිබදව වඩාත් උනන්දු වන හිටපු පළාත් සභා මංත්‍රීවරයෙකු වන සුනිල් ආනන්ද මහතා අදහස් දක්වමින්
‛‛මොණරාගල දිස්ත්‍රික්කයේ ආර්ථිකයට එළවඑ වගාවෙන් සුවිශේෂ තත්වයක් ලැබෙනවා. භූමිතෙල් මිළ ඉහළ නිසා ඒ තත්වය නැති වී ගිහින් තියනවා. ඒ නිසා රජය කඩිනමින් සහන මිළට භුමිතෙල් සැපයීමට පියවර ගත යුතුයි.’’

වැල්ලවායේ දඹේගොඩ ජිනදාස
Pic by INTERNET

හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”

kumbuk-tree_1
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට පත්වෙමින් ඇති බව ගොවීන් පවසයි.
මේ කුඹුක් ගස් තම පෙෘද්ගලික ඉඩම්වලට යා කර බලපත්‍ර යටතේ මෙම ‛කුඹුක් සංහාරය’ සිදුකරන බවත්, මේ නිසා ලුණුගම්වෙහෙර ජලාශයටද මෙයින් බලපෑමක් සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මේ පිළිබද හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් නිශාන්ත ඩයස් මහතා කරුණ දක්වමින්,

‛මේ ගැන මම නිතර ප්‍රාදේශීය සභාවේදීත් කතා කරනවා. තමන්ගේ පෞද්ගලික ඉඩම් කියමින් එක්තර අයෙක් කරන මේ ක්‍රියාව රටට අහිතකරයි. මේ දැව ඇදීම නිසා රජය ඉදිකරන මාර්ග තවත් අතකින් විනාශ වෙනවා. ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමාධාර මත ඉදිවන කොන්ක්‍රීට් මාර්ග වලින් ගමේ ජනතාවට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. දැන් ප්‍රාදේශීය සභාව තමන් යටතේ තිබෙන මාර්ගවල ටොන් 5ට වැඩි බර වාහන යෑම තහනම් කර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මට්මින් මේ දැව හෙලීමේ අක්‍රමිකතා සොයා බලන්න ඕනෑ. තවත් පැත්තකින් කුඹුක් කියන්නේ වටිනාම දැව වර්ගයක්. මේවා අපි ආරක්ෂාකර ගත යුතුයි.”

සී. එස්. රත්න

pic – Internet

Next Page »