තවත් පොලිස් ‛මැරයින්ගේ’ මෘග ක්‍රියාවක්


හැටන් පොලීසියේ පොලිස් නිළධාරින් තිදෙනකු ත්‍රිවීල් රියදුරෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. සමන්ත දීපාල් ගමගේ වන එම ත්‍රීවිල් රියදුරාගේ ත්‍රීවිල් රථයට ඉකුත් 15දා රාත්‍රියේ ගොඩවූ එම පොලිස් නිළධාරින් තිදෙනා හැටන් බණ්ඩාරනායක නගරයට ගොස් ඇත. පසුව හැටන් පොලීසිය වෙත තමන් ගෙන යන ලෙස යළිත් පොලිස් නිළධාරීන් තිදෙනා ත්‍රිවිල් රියදුරාට පවසා ඇත. එම අවස්ථාවේදී ත්‍රිවිල් රියදුරා එය ප්‍රතික්ෂේප කිරීම නිසා බරපලතල තුවාල සිදුකරමින් ත්‍රිවීල් රියදුරාට පහර දී ඇතැයි වාර්තා වේ.

එම පහරදීමට සම්බන්ධ පොලිස් නිළධාරීන්ගේ මේ වන විට වැඩ තහනම් කර ඇතැයි පොළිස් අරංචිමාර්ග පවසන නමුත් එම පොළිස් නිළධාරින් මේ වන විට අතුරුදහන්ව ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි.

පසුගිය 13වනදා වරෙන්තුකරුවෙකු යැයි ත්‍රිකුණාමලයේ මාලු ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් ඝාතනය කර අදට ගෙවී ඇත්තේ දින කිහිපයකි. ඒ පිළිබදව සහ පොලීසියේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ ‛විකල්ප’ වාර්තා කලේය.
Pic by Daillymirror.lk

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත.

හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ ආරක්ෂාවට සිටි උපපොළිස් පරික්ෂකවරයාට බරපතල තුවාල සිදු වී දික්ඔය රෝහලට ඇතුලත් කර ඇති බවත්ය. එම පොලීසියේ ප්‍රකාශකයා වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරිමට තමන්ට නොහැකි බව ප්‍රකාශ කලහ.

මෙහිදී රංගා මහතා එම ප්‍රහාරයෙන් බේරාගෙන ඇත්තේ අහසට වෙඩ් තැබීමෙන් බවත්, එම ප්‍රහාරයට ප්‍රදේශයේ දේශපාලකයෙකු සම්බන්ධ බව ද වාර්තාවේ.

ශක්ති ටීවී මගින් විකාශය කරනු ලබන ‛මින්නල්’ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජෙ. ශ්‍රී. රංගා මහතා ය.

විදුලිය නොමැති ග්‍රාමීය සහ වතු ජනතාවට විදුලි ලබා දීමේ වැඩ පිළිවෙළක්

විදුලි බලය නොමැති මධ්‍යම පළාතේ දුෂ්කර වතු හා ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මධ්‍යම පලාතේ විදුලිබල අමාත්‍ය බන්දුල යාලේගම මහතා ප්‍රකාශකර ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් විදුලි බලය නොමැති ප්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය නඟා සිටුවීම ප්‍රධාන අරමුණ බවත් ඔහු ප්‍රකාශකර ඇත.
එහෙත් පරිසර විද්‍යාඥයින්ගෙන් විකල්ප කල අදහස් විමසිමකදී ඔවුන් පැවසූවේ ‛‛ මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට විදුලිබලය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් උවත් ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති කුඩා පරිමාණයේ විදුලි බල යෝජනා ක්‍රම මඟින් විශාල පරිසර හානියක් සිදුවන බවයි. අනෙක් අතින් මෙවැනි ව්‍යපෘති වලට මුදල් යොදවන ආයෝජකයින් මෙම මඟින් ලාභ ලැබිම අපේක්ෂා කරන නිසා එහි ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනයාට නොලැබෙන බැවින් මෙවැනි ව්‍යපෘති පිළිබඳව නැවත අධ්‍යනය කල යුතු බවත් ඔවුන්ගේ අදහසයි.’’
‛‛මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලි බලය ප්‍රදේශයේ ජනතාවට ලබා නොදී ජාතික විදුලි බල පද්ධතියට ලබාදෙනව. මොකද මෙම ව්‍යාපෘතිවලට මුදල් යොදවන්නේ පෞද්ගලික අංශයෙන් හා තනි පුද්ගලයන්.ඔවුන් මුදල් යොදවන්නෙ ලාභ ලැබීමේ අරමුණ ඇතිවයි එනිසා මෙ මඟින් උත්පාදනය කරන විදුලිය ප්‍රදේශයේ ජනතාවට ලැබෙන්නේ නැහැ. මොකද එතකොට ඒ අයට අවශය ලාභ ලැබීමට බැරිවෙන නිසා.මධ්‍යම පලාත් සභාව විසින් මුදල් යොදවා මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරනවා නම් හොඳයි එතකොට මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් වල විශාල පවුල් ප්‍රමාණයකගේ විදුලිබල සිහිනය සැබෑකර ගන්න පුළුවන්.’’ මෙසේ අදහස් ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ජීවත් වන ගුරුවරයෙක්. පරිසරවේදීන් මතුකළ හානිදායක තත්ත්වය පිළිබඳව අප විමසූ විට ඔහු පැවසූවේ ‛‛ රජය මඟින් ව්‍යාපෘතිය සිදුකලත් පරිසර හානිය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකල යුතුබවත්, හානියක් සිදුවන්නේ නම් එම හානිය අවම කරගතහැකි නම් පමණක් ව්‍යපෘතිය ක්‍රියාත්මක කළ යුතුබවත්ය. නැති නම් සිදුවන්නේ විදුලි බලය වෙනුවෙන් තම පැවැත්ම අර්බූදයට යවා ගැනිමක් බවත් ඔහු වැඩිදුර ප්‍රකාශකර සිටියේය.’’

වලපනේ කුරුපනාවල ආයුර්වේදය වැසී යාමෙන් රෝගීන් අපහසුතාවයට

April 28, 2009 by Vikalpa_R  
Filed under Governance, Nuwara Eliya, සිංහල

වලපනේ ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරනු ලබන කුරුපනාවල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව විකල්ප වෙත වාර්ථාවේ.
මේ පිළිබඳව විකල්ප වලපනේ ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට එහි නම හෙළිකිරීමට අකමැති වූ ප්‍රකාශිකාවක් පැවසූවේ ප්‍රදේශීය සභාව මේ වන විට දෛනික වැටුප් පදනම මත වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනිම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ මීට පෙර ආයුර්වේද අමාත්‍යාංශය මඟින් වෛද්‍යවරු දෙදෙනෙකු කුරුපනාවල ආයුර්වේදය වෙත ලබාදුන්නද ඔවුන්ගේ වැටුප් මුදල් ප්‍රතිපුරනය නොකිරිම හා ඉතා දුෂ්කර පලාතක් වූ කුරුපනාවල ප්‍රදේශයෙන් මාරුවීම් හදා ගැනිමට අදාල වෛද්‍ය වරුන්ට අවශ්‍ය වු නිසා ඔවුන්ගේ සේවය ගබාගැනිමට නොහැකි වු බවයි.
මෙම වෛද්‍යවරු දෙදෙනාට මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැයකිරීමට සිදුවු බවත් එම මුදල් ප්‍රතිපූරනය කිරීමට යාමේදී පළාත් සභාවට මුදල් නොමැති නිසා අදාල මුදල් ලබාගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ව නඩත්තුකිරිම ප්‍රාදේශීය සභාවට නොහැකි වු බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
මේ අතර පලාත් රාජ්‍ය සේවය මගින් දැන්වූයේ මෙම තනතුරු දෙක අනවශ්‍ය නිසා එම තනතුරු අහෝසි කල බවයි. තත්ත්වය මේසේ වූවද ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගනිම්න් මෙම සේවාව පවත්වාගෙන යාමට තින්දු කල බව ඇය ප්‍රකාශ කර සිටියය.

Come Tomorrow

p1.jpg

“දැනට මාසෙකට විතර ඉස්සෙල්ලා අපි ඉන්න වත්තේ සංකර් කියලා කෙනෙක්ගේ අම්මා මැරුණා. ඒ මැරිච්ච දවසේ ඒ ගොල්ලන්ට ටෙලිග්‍රුම් එකක් එවල තිබුණා. ‛‛Mother is dead, Come tomorrow ’’ කියල. දවසක් දාලා නැහැ. ටෙලිග්‍රුම් එක අපි ඉන්න වත්තට හම්බ වුනේ සුමානයකට පස්සේ. ඊට පස්සෙ නෑදෑයෝ ඔක්කොම, අපේ දෙමළ සංස්කෘතියට අනුව මල් මාල අරගෙන අඬ අඬා මළගෙදර යනකොට ඒ ගොල්ලෝ දානය දීලත් ඉවරයි. ටෙලිග්‍රූම් එක ලැබිල තියෙන්නේ දවස් පහකට පසුවයි.

ඊට පස්සේ තමයි නෑදෑයෝ ඔක්කොම ලෑස්ති කරගෙන මළගෙදර ගිහින් තියෙන්නේ. වතුවලට කවදාවත් ලියුම් වේලාවට එන්නේ නැහැ. වතුවල මිනිසුන් ඒ වත්තේ වහලුන් විදිහටයි තවමත් සැලකෙන්නේ. ඒක නිසයි ඔවුන්ගේ ලැයිම් කාමර වලට වලට ලිපිනයක් නැත්තෙ. වත්තේ කාර්යාලයට තමයි ඔවුන්ට අයිති ලිපි ලැබෙන්නේ.
හැටන් වල දරවල වත්තෙ සුභ්‍රමනියම් කියලා කෙනෙක් ඉන්නවා කියල අපි හිතමු, එතකොට ලිපියක් හෝ ටෙලිග්‍රූම් එකක් එන්නේ ‛‛සුභ්‍රමනියම්, දරවල වත්ත, හැටන් කියලයි. මෙ කොයි විදිහට ලිපියක් ආවත් ඒක ලැබෙන්නේ වත්තේ office එකටයි. වත්තේ කාර්යාලයෙන් කිසි දවසක වෙලාවට නම් ලියුම් බෙදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට වෙලාවක් තිබ්බොත් එහෙම ඒ වෙලාවට දෙනවා නැත්නම් ඉතිං සොරි තමයි. යම් විදිහකට ලියුමක් කාර්යාලයට ලැබුනෙ සිකුරාදාවක නම් ඒ ලිපිය බොහෝ වෙලාවට ලැබෙන්නේ සඳුදා තමයි. සඳුදා දුන්නත් වත්තේ සුභ්‍රමනියම්ලා දහ දෙනෙක් ඉන්නවා නම් ඒ දහදෙනාටම ගිහින් තමයි ලිපිය ලැබෙන්නේ. ඒ හම්බවෙන්නෙත් ලිපිය කාර්යාලයෙන් කඩල බැලුවට පස්සෙයි. වතුවලට විධිමත් තැපැල් ක්‍රමයක් නැහැ. නොම්බරයක් නෑ. ඇත්තටම අපිට එඩ්රස් එකක් නෑ. අපි හරිම අසරණයි.”
මේ වේදනාත්මක සිදුවීම අද දවසේත් අපට කොඳුරා කියනු ලබන්නේ වතුවල ජනයා වසර ගණනාවක සිට මුහුණ දෙමින් සිටින වෙනස්කම් ගැන නොවේ ද? රටේ ආර්ථිකය වර්ධනය කරන්නට තේ රබර් ගස් යට සිය ආත්මයන් හැමදාම වලදාන මේ මිනිසුන්ගේ ජීවිතයේ සුභවාදී සිහින අද දවසේවත් යතාර්ථයක් නොවන්නේ එය සිහිනයක්ම බව ඔවුන්ට පසක් කරමින් නොවේද?

ආණ්ඩුව වතුවල තරුණ තරණියන්ට ගුරු පත්වීම් ලබා දීම සදහා පසුගිය දා සම්මුඛ සාකච්ඡා පැවැත් වුනා. නමුත් ලිපිනයන් නොමැති කම නිසා එම පත්වීම් වෙනුවට ඔවුන්ට ලැබුනේ සුපුරුදු වෙනස් කොට සැලකීමම පමණකි.වතු ජනයා පවසන ආකාරයට මේ සිදුවීමත් හැමදාම වගේ ඔවුන්ව දේශපාලනිකව රැවටීමක්.
‛‛පසුගියදා අපේ වතුවල ළමයින්ට ගුරු පත්වීම් දෙන්න සම්මුඛ සාකච්ඡා පැවැත් වූවා. නමුත් එයට එන්න කියල ලියුම ලැබුනේ එම දිනේ පහුවෙලා සුමානයකටත් පස්සේ්. එතකොට සියල්ල නිමවෙල ඒ සඳහා වෙනත් ළමයි අරගෙනත් ඉවරයි. දෙයියො තමයි දන්නෙ අපේ ළමයින්ට යන කල

ලියුම් ගොඩක් එකට එනකොට ඒක වත්තේ මැනේජර් මහත්තයා තමයි ඉස්සරවෙලාම බලන්නේ කාට කාටද ලියුම් තියෙන්නේ කියලා. බැරි වෙලාවත් මැනේජර් මහත්තයාට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් දාලා තිබුනොත් කම්කරු උසාවියෙ සිල් එක ගහපු ඒ ලියුම එන්නෙත් ඒ ගොඩේ. එතකොට මොකද වෙන්නේ නඩුව ඉවර වුනාට පස්සේ තමයි අපට ලියුම ලැබෙන්නේ. ඒ වගේ ගොඩක් සිද්දි වෙලා තියෙනවා.
මේ සියලු දෙයින් නැවත නැවතත් ආණ්ඩුවට පසක් කරණුයේ සිංහල ජනයාට ලැබෙන වරප්‍රසාද සහ අයිතීන් උතුරේ කෙසේ වෙතත් දකුණේ දමිළ ජනයාටවත් නොලැබෙන බවයි. ආණ්ඩුවට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් උතුරේ ජනයාට ප්‍රථම තමන් අවට සිටින දකුණේ දමිළ ජනයාගේ ප්‍රශ්ණය වත් සාධාරණව විසඳිය යුතුයි. වතුකරයේ දමිළ ජනයා පවසන පරිදිම ලිපිනයන් තිබීමේ මූලික අයිතිය තහවුරු කළ යුතුමය.

සම්පත්/රසික

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා
අඳුරු ගුහාවක හරියට දුක් වින්දා
තහඩු වහලෙ හිල් අතරින් වෙක් රන්දා
හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා

ඉරද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ
බරට අඩි තබා නගරෙට විදිල්ලේ
කෙවිට ගසාගෙන සෙනෙහෙන් කිහිල්ලේ
බුබුළු මලින් මල බඹරෙක් ඉගිල්ලේ

විදුලි කොටා වැසි වැස්සෙන් තෝන්තුව
විදුලි රැහැන් පට හොන්දු මාන්දු
කෙවිට තුඩු අගින් විදුලිය කාන්දුව
උස්සා පොළොවෙ ගැහුවයි අපෙ සාන්තුව

අඳුර ගලාගෙන විත් තැන තැන රන්දා
පඳුරු ලලා වැඩුනයි නුඹ නැති හන්දා
විදුලි සැරෙන් පියඹන රූ කොයිබින්දා
විදුලි කණුත් හිස බර කර ඉකිබින්දා

නිවන පතන මණ්ඩලයේ බැනර් වල
කඳුළු වැලක් ඇඳ තිබුනයි ගලන්නට
ලැයිමෙ අඳුර මැද වැළපෙන දෙ ඇස් වල
ගලන ගලන හැම කඳුළෙම කරන්ට් එක

මහත්තුරුත් දෙණ ළඟ උැස් මහත්කර
රාත්තිරිය දුළවන්නයි පොරොන්දුව
ගහක් ගලක් වන් මිනිහෙක් වහන් කළ
ඉතින් නුදුන්නත් කම් නෑ කරන්ට් එක

මංජුල වෙඩිවර්ධන

Vikalpa – A new Citizen Journalism website in Sinhala and Tamil

Vikalpa

We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on conflict transformation, democracy, good governance and peace in Sri Lanka, this website aims to showcase voices rarely featured in mainstream media in the vernacular.

Vikalpa demonstrates the commitment of the Centre for Policy Alternatives (CPA), Colombo, Sri Lanka to critique and strengthen governance and democracy through citizen journalism and new media. It also complements Groundviews, Sri Lanka’s first citizen journalism site and now a recognised standard for alternative perspectives, news, analysis and information on Sri Lanka.

Please download our flyer here.

For further details, please email info@vikalpa.org or download our inaugural Vikalpa newsletters from the site.