සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි
July 30, 2008 by Vikalpa_R
Filed under Gampaha, Human Rights, Life quips, Peace and reconciliation, සිංහල
මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත් 30 වන දින සිට 3 වන දින දක්වා සම්පූර්ණයෙනුත් මෙම තහනම ක්‍රියාත්මක වන බව බළධාරින් විසින් ධීවරයන්ට දන්වා ඇත. මේ හේතුවෙන්මිගමුව,වැල්ලවිදිය,මහවිදිය,පිටිපන,දූව,තලාහේන,දුන්ගල්පිටිය,සෙත්ප්පාඩුව,කැපුම්ගොඩ, කුරණ හා කටුනායක ආදී ප්‍රදේශ වල ධිවර පවුල් 3000 කට පමණ සිය රැකියාව කරගැනිමට නොහැකි වි ඇත. මෙම තිරණය හේතුවෙන් දැඩිලෙසම පිඩාවට පත්ව සිටින්නේ එදිනෙදා කුලියට ධීවර රැකියාවේ යෙදෙන පිරිසයි. ධීවර යාත්‍රා මෙන්ම නොගැඹුරු කලපුවේ සිදුකරන කට්ටු දැල්,විසිදැල් හා මස් අටු එලිමද මෙමගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මෙම තීරණයෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ධීවර සමිති ධීවර අමාත්‍යවරයාට කරුණු දැක්වුවද ඔහු පවසා ඇත්තේ මෙය ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දුවක් නිසා තමාට මැදිහත් විය නොහැකි බවයි. මේ පිළිබඳව විකල්ප සමග අදහස් දැක්වු මීගමු ධීවරයන් පැවසුවේ සාක් නිසා තමන්ට හා තම දරුපවුල් වලට බඩගින්නේ සිටින්නට සිදුවි තිබෙන බවයි. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියන්නේ මෙවාට බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.
NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය
July 30, 2008 by Vikalpa_R
Filed under Gampaha, Peace and reconciliation, සිංහල
මෙම සිදුවීම සිදුවුනේ 25.07.2008
මාර්ග අංක 380 බස් රථය කිරිබත්ගොඩ සිට කඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී තැඹිළිගස්මුල්ල ආසන්නයේදී හදිසීයේම යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක නවතනු ලැබීය. ‛‛බස් රථයේ ඉන්න හැමෝම බැහැල ඉස්සරහට යන්න’’ ඒ සැනෙකින් බස් රථයේ කොන්දොස්තරවරයාගේ හඬ දෝංකාර දුනි. පේළියට ඉදිරියට අයගේ ගමන් මළු හා ජාතික හැඳුනුම්පත්ද පරීක්ෂාවට ලක්කරන ලදි. මගේ වාරය එළඹිනි ‛‛ජාතික හැදුනුම් පත ගන්න’’ පොලිස් නිලධාරියා මාගේ හැඳුනුම්පත ඉල්ලා පරීක්’ෂාවට ලක්කළා. එහිදි මා දෙමළ ජාතිකයෙකු බව දැනගත් ඔහු මගෙන් ඇසු ප්‍රශ්ණ සහ මා දෙනු ලැබු උත්තර පහත දැක්වේ.
ඃ ඔයාගේ සේවා ස්ථානය කොහේද තියෙන්නෙ? කොල්ලුපිටියෙ
ඃ ආයතනයේ නම? විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ඃ ඒක රජයේ එකක්ද? නැහැ
ඉන් පසු ඔහු මාගේ සේවා ස්ථානයේ හැදුනුම් පත ඉල්ලා සිටියා. එය හරවා බැලූ ඔහු ‛‛ආ මෙයා NGOකාරයෙක් ’’ ඇත්තද එහෙනම් මෙයත් කොටියෙක්ද දන්නේ නැහැ. එම ප්‍රශ්ණයෙන් මම දැඩි අපහසුවටත්, අසරණ බවටත් පත්වුණි. ඒ අතර තවත් පොලිස් නිළධාරියෙක් මා අසලට විත් ‛‛ අපි නොදන්න එන්.ජී.ඕ,මේ ගොල්ලො ඇති තරම් කොටින්ට උදවු කරන අය’’ යැයි පැවසූවේ හිනා මුසු මුහුණිනි. එවිට මගේ බිය ටිකක් පහව ගිය අතර ඔවුන් මට යන්නට අවසර දුනි.
එතෙක් මා සිතා සිටියේ එදින මට පොලිස් කූඩුවේ ලගින්නට වේ යැයි කියායි.
සුෙර්න් ජූලියන්
කිරිබත්ගොඩ නගරයේ මහා තොරන…
May 29, 2008 by Vikalpa_R
Filed under Gampaha, Life quips, සිංහල
ජාතකය …. මර්වින් සිල්වා
මේ වෙසක් කාලයයි. කිරිබත්ගොඩ නගරය වෙනදාට වඩා අලංකාරයි.
වීදි දෙපසේ වෙසක් කුඩු, පාට පාට විදුලි බුබුලු, සෑම තැනකින්ම බැති ගී හඩ මෙන්ම වෙහෙස නිවන්න දන්සැල් ආදී පිං වැඩ. නගරය මැද වූ විශාල තොරනද එය නරඹන්න ආ ජනයා නිසාද කිරිබත්ගොඩ නගරය වෙසක් සිරියෙන් ඇළලී ගිහින්.
මේ අතර පසුගිය මැයි 21 වෙනිද කිරිබත්ගොඩ බස් නැවතුම අසලින් අපූරු ජාතක කතාවක් ශ්‍රවනය කිරීමේ හැකියාව එහි වු සියළු දෙනාට ලැබුනි. මේ ජාතක කථාවේ නම මර්වින් සිල්වා ජාතකයයි.එම ජාතක කථාවෙන් ඇසුන කවි පදයක් හා විස්තරයකි පහත දැක්වෙනුයේ
නමත් ඇති වැඩත් ඇති මර්වින් සිල්වා ඇමැති
කරන දෙයක් කරයි හිතලා මෙන්න නියම පුරපති
අපේ මර්වින් ඇමැතිතුමා නිසා මෙ කිරිබත්ගොඩ නගරය තවතව ලස්සන වෙනවා.සුරා සූදූවෙන් තොර නගරයක් හදන්න ඇමැතිතුමා වෙහෙසෙන බව ඔබ දකිනවා ඇති.ඇමැති තුමා හිතු දේ කරනවා. කරනදේ හිතනවා.
සෙනඟ හෙමින් හෙමින් මුමුන මුමුන බනින්න පටන් ගත්තා. සමහරු බැන බැන යන්න ගියා.
සුෙර්න් ජූලියන්
ඇමති ද.මු.දසනායක ඝාතනය හා යුද්ධ වර්ෂය
January 8, 2008 by Vikalpa_R
Filed under Democracy, Gampaha, Human Security, Peace and reconciliation, සිංහල

අද උදෑසන ජාඇල දී සිදුවු ක්ලේමෝ බෝම්බ පිපිරීමකින් ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ද.මු. දසනායක මහතා ජීවිතක්ෂයට පත්වුවා. 2008 වසර යුද්ධ වර්ෂය බවට රජය ප්‍රකාශ කළ පසු සිදුවූ දෙවන ප්‍රභූ ඝාතනය ලෙස මෙය සඳහන් කළ හැකියි. පළමු ඝාතනය මේ වසරේ පලමු දිනයේදී සිදුවු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් මන්ත්‍රීවරයා ගේ ඝාතනයයි.එහිදී සාමාන්‍ය වැසියෙක් මියගිය අතර තවත් සාමාන්‍ය වැසියන් හය දෙනෙකු තුවාල ලැබුවා. ද.මු. දසනායක ඇමතිවරයා ඝාතනය වු ස්ථානයේද සාමාන්‍ය වැසියෙක් මියගිය අතර හතර දෙනෙකු තුවාල ලැබුවා. මෙම ඝාතනය දෙක සම්බන්ධයෙන් යුධ වැදී සිටින දෙපාර්ෂවය වෙතම චෝදනා එල්ලවුවා.මේ සියල්ල මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේදී යුද්ධය උත්සන්න වීමත් සමගින් තවත් දහස් ගනනක් මිනිසුන් මියයන බවය. ඒ අතර ප්‍රභූන් මෙන්ම සාමාන්‍ය ජනයාද වන බව නිසැකය. සාමාන්‍ය ජනයා යුද්ධයේ නිරන්තර ගොදුර බවට පත්වීම සෑම යුද්ධයක දී ම සිදුවන යථාර්තයකි. එම යථාර්තය යුධ වැදී සිටින දෙපාර්ශවයම ලෙහෙසියෙන් අමතක කරන බවද නිසැකය. මන්ද යුද්ධයේ පලමු ගොදුර සත්‍යය වන නිසා දෙපාර්ශවය විසින් සිදුකරන ඕනෑම විනාශයක් අදාල පාර්ශවයන් විසින් සාධාරණීය කරන නිසාත්ය.
பல்வேறு தொழிற்சங்கத்தினரும் பங்கேற்பு
December 20, 2007 by Vikalpa_N
Filed under Gampaha, Governance, தமிழ்
உலக மீனவர் தினத்தையிட்டு தேசிய மீனவ ஒத்துழைப்புப் பேரவையும் உலக மீனவ மக்கள் சம்மேளனமும் ஏற்பாடு செய்திருந்த மாபெரும் எதிர்ப்புப் பேரணியும்‚ எதிர்ப்புக் கூட்டமும் 28-11-2007 அன்று நீர்கொழும்பில் நடைபெற்றது. இதில்‚ ஐயாயிரத்துக்கும் மேற்பட்டோர் கலந்துகொண்டனர்.
உலக மீனவ தின வைபவத்தை நடத்தி விவசாய‚ மீனவ‚ தொழிலாளர்‚ தோட்டத் தொழிலாளர்களின் போராட்டத்தைப் பலப்படுத்துவோம் எனும் தொனிப்பொருளின் கீழ் எதிர்ப்புப் பேரணியும் கூட்டமும் நடைபெற்றது.
வடக்கு தவிர்த்து நாட்டின் ஏனைய பிரதேசங்களைச் சேர்ந்த பல்வேறு அமைப்புகளும் இந்தப் பேரணியில் கலந்துகொண்டமை குறிப்பிடத்தக்கது.
ஊடக அடக்குமுறைக்கான இயக்கம் கலந்துகொண்டு ஊடக அடக்குமுறைக்கு எதிராக எதிர்ப்புக் கோஷம் எழுப்பியவாறு சென்றமை குறிப்பிடத்தக்கது. இதில் நாட்டின் அனைத்து பாகங்களிலும் இருந்து வந்த ஊடகவியலாளர்களும் பிரதேச ஊடகவியலாளர்களும் கலந்துகொண்டனர்.
எதிர்ப்புப் பேரணியிலும் கூட்டத்திலும் நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் அமைப்பு (கடோல்கலே)‚ ஸ்ரீ லங்கர மீனவ பெண்கள் அமைப்பு (பிடிப்பனை)‚ நன்னீர் மீனவ கூட்டுறவுச் சங்கம் (அங்கமுவ)‚ பிரஜர சக்தி அபிவிருத்தி மன்றம் (கருவலகஸ்வேவ)‚ சூரியகாந்தி சங்கம் (திருகோணமலை)‚ தென் மாகாண மீனவர் சங்கம் (மாத்தறை)‚ லூர்மாதர மீனவர் சங்கம் (தலவில)‚ கிராமிய பெண்கள் முன்னணி‚ பொதுமக்கள் திட்டவமைப்பு ஆணைக்குழு‚ சமூக நிதிக்கான பெண்கள் நடவடிக்கை‚ சவிஸ்திரி‚ தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம்‚ மாவட்ட மீனவ பேரவை‚ உலக மீனவ மக்கள் சம்மேளனம் ஆகிய அமைப்புகளுடன் நாட்டின் பல பாகங்களிலும் இருந்து வருகை தந்த பல்வேறு அமைப்புக்களையும் சேர்ந்தவர்கள் கலந்துகொண்டனர்.
இவர்கள் பல்வேறு சுலோகங்களையும் கைகளில் ஏந்தியிருந்ததோடு எதிர்ப்புக் கோஷங்ளையும் எழுப்பினர்.
“மீன்பிடி அமைச்சரே எங்களை ஏமாற்றாதீர்”‚ “எரிபொருளுக்கான வரியை குறை”‚ “மீன்பிடி என்ஜின் தடையை நீக்கு”‚ “மீன்பிடி உபகரண விலைகளை குறை”‚ “மீன்பிடித் தடையை நீக்கு”‚ “விலைவாசியை குறை”‚ “அத்தியாவசிய பொருட்களின் விலையை குறை”‚ “தோட்டத்தொழிலாளர்களினதும் அரசாங்க ஊழியர்களினதும் தனியார் துறையினரதும் சம்பளத்தை அதிகரிக்கவும்” ஆகிய சுலோகங்களை ஏந்தியிருந்ததுடன் கோஷங்களையும் எழுப்பினர்.
அத்துடன்‚ “சுனாமிப் பேரலையால் பாதிக்கப்பட்ட மக்களுக்கு உடனடியாக தீர்வை வழங்கு”‚ “தமிழ் மற்றும் முஸ்லிம் மக்களால் ஏற்றுக்கொள்ளக்கூடிய அரசியல் தீர்வுக்கான பேச்சுவார்த்தையை விரைவில் ஆரம்பிக்கவும”்‚ “இலங்கை வாழ் மக்களி்ன் மந்த போஷனைக்கு விரைவில் தீர்வு வேண்டும”்‚ “இலங்கையில் உழைக்கும் மக்களின் உரிமையை வென்றெடுப்போம்”‚ “யுத்தத்திற்கு‚ அடக்குமுறைக்கு‚ பட்டினிக்கு எதிராக ஒன்றிணைந்து குரல் கொடுப்போம”்‚ “நீர்கொழும்பு களப்பை நாசப்படுத்துவதை உடனடியாக நிறுத்தவும்” ஆகிய வாசகங்கள் அடங்கிய பதாதைகளையும் ஏந்தியிருந்தனர்.
பேரணி பிற்பகல் 12.30 மணிக்கு நீர்கொழும்பு தெல்வத்தை சந்தியில் ஆரம்பித்து கொழும்பு வீதி‚ பிரதான வீதி‚ ராஜபக்ஷ வீதி வழியாக வந்து கடோல்கலே மைதானத்தை பிற்பகல் 2.30 மணியளவில் வந்தடைந்தது.
அங்கு பிற்பகல் 3 மணியளவில் கூட்டம் நடைபெற்றது. இக்கூட்டத்தில் உலக மீனவ மக்கள் சம்மேளனத்தின் உள்நாட்டு‚ வெளிநாட்டு பிரதிநிதிகளும் பல்வேறு தொழில் துறையைச் சேர்ந்த பிரதிநிதிகளும் கலந்துகொண்டனர். அங்கு பாடல்களும்‚ சிரேஷ்ட உரைகளும் இடம்பெற்றன.
எம். இஸட். ஷாஜஹான்
நீர்கொழும்பு
ජීවිත බේරාගත් කඩොලාන වලට කළගුණ සලකන හැටිද මේ?
September 27, 2007 by Vikalpa_N
Filed under Economic issues, Gampaha, සිංහල
මීගමුව තලාදුව ග්‍රාමසේවක කොට්ටාශයේ පිහිටි කඩොල්කැලේ ප්‍රදේශයේ කලපුව අසල බිම් කොටසේ වැවී තිබෙන කඩොලාන ශාඛ විනාශ කර පස් පුරවා නිවාස ඉදිකිරීමට විරුද්ධව කඩොල්කැලේ ග්‍රාමවාසීහු නැගීසිටිති.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ප්‍රදේශයට මෙම කඩොලාන ශාඛ නිසා මුහුදු වතුර ඇතුල්වුණේ නැත. කඩොල්කැලේ ග්‍රාමවාසින්ට මේ නිසා කිසිම ජීවිත හානියක් සිදුවී නැත. ඒ වගේම එම ජනතාවගේ නිවාස වලටත් කිසිම හානියක් සිදුවී නැත. කඩොල්කැලේ ගම සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නොවීමට ආධාර වු කඩොලාන ශාඛ විනාශ කිරීම අපරාදයක් බව ග්‍රාමවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ අක්කර 9ක කඩොලාන ශාඛ වැවී ඇත. සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ ජනතාවට ගෙවල් ඉදිකිරීමට මෙම ප්‍රදේශය තෝරාගෙන ඇත. කඩොල්කැලේ ග්‍රාමයේ තරුණයක් මේ ගැන කරුණු පැහැදිලි කරයි.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ග්‍රාමවාසීන්ගේ ජීවිත හා ගෙවල් බේරුණේ මෙම කඩොලාන ශාඛ නිසයි. දැන් සුනාමියෙන් ගෙවල් අහිමි වෙච්ච අයට ගෙවල් හදන්න මේ කඩොලාන විනාශ කරන්න පටන්.
මෙම වැඩසටහන විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බර් මාසයේදී අපි ජනපතිටයි, ධීවර ඇමතිටයි, පරිසර ඇමතිටයි ලියුම් යැව්වා. ඒ වුනත්, මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා පසුගිය සතියේ සිට යන්ත්‍ර මගින් කඩොලාන ශාඛ විනාශ කිරීම ආරම්භ කරලා තියෙනවා.
ලංකාවේ කඩොලාන ශාඛ වර්ග 22ක් තියෙනවා. මේ වර්ග 22කින් 20ක් මෙම ප්‍රදේශයේ වැවෙයි.
කඩොලාන ශාඛ විනාශ කර ගෙවල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන නිසා නැවතත් සුනාමි ඇති වුණොත් මේ ගම්වාසින්ගේ ජීවිත බේරාගානීම දුෂ්කර කාර්යක් වෙයි. සුනාමියෙන් හානියට පත්වූ ජනතාවට ගෙවල් ඉදිකර දෙනවට අපි විරුද්ධ නැහැ. එහෙත් ඒ සඳහා දහස් ගණනකගේ ජීවිත බේරා දුන් මේ ස්වභාවික සම්පත විනාශ කර දැමීමට අපි විරුද්ධයි….තවත් ව්‍යසනයක් ආවොත් මෙතන හදන ගෙවල් මිනිස්සුත් එක්කම විනාශ වෙලා යාවි…
මෙම ප්‍රදේශයේ තවත් ධීවරයෙක්,
1977 වසරේදී එජාප රජය කාලයේදී මීගමුව ඡන්ද කොට්ඨාශයෙන් තේරී පත්වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා අක්කර 1,000ක් වු මෙම ප්‍රදේශයෙන් අක්කර 400ක් සුද්ද කර ආදායම් අඩු පවුල්වලට ගෙවල් ඉදිකිරීම සඳහා ඉඩම් බෙදා දුන්නා.
එහෙත් දැන් අක්කර 800ක් පමණ ඉඩමේ කඩොලාන ශාඛ විනාශ කර දමා ආදායම් අඩු පවුල් 1,100කට ඉඩම් බෙදා දී තියෙනවා. කාලයක් තිස්සේ කලපුවේ ධීවර කර්මාන්තයේ යෙදී සිටී ධීවරයන්ට කඩොලාන ශාඛ සහිත සුළු භූමි ප්‍රදේශයක් ඉතුරු වී ඇත. කඩොලාන ශාඛ විනාශ කිරීම නිසා මාළු, ඉස්සෝ, කකුළුවෝ බෝවීම අඩුවී ඇත. මේවා බෝවීමට කඩොලාන ශාඛ ඉතා අවශ්‍ය වේ. කලපුවේදී ධීවර කර්මාන්තයේ යෙදන ධීවරයන්ට මෙම ප්‍රශ්නය නිසා තම කර්මාන්තය ගෙනයෑමට අසීරු වී ඇත.
සුනාමි ව්‍යසනයේදී මෙම ප්‍රදේශ වාසින් බේරුණේ කඩොලාන නිසා. මේ ගැන පිට සිටින ජනතාව කිසිවක් දන්නෙ නෑ.. ඔහු මෙසේ කීය.
මෙම ප්‍රශ්නය විසඳීමට අදාල පාර්ශවය වහම පියවර ගතයුතු බව ගම් වැසියෝ ඉල්ලා සිටිති.
කලානෙන්ජන් – මීගමුව
மரணங்கள் மலிந்த தேசம்
September 20, 2007 by Vikalpa_N
Filed under Gampaha, Human Security, தமிழ்
எமது தேசம் மரணங்கள் மலிந்த தேசமாக ஆகிவிட்டது. முனித உயிர்களின் மதிப்பு தேய்பிறையாக தேய்ந்து கொண்டிருக்கும்போது விலைவாசி எவரெஸ்ட் சிகரத்தை தொட்டுக்கொண்டிருக்கிறது.
இங்கு பல மனிதர்கள் மனித நேயத்தை‚ மனிதாபிமானத்தை மறந்து மிருகமாக வாழ்ந்து கொண்டிருக்கிறார்கள்.
நீர்கொழும்பு – வெலிஹேன பிரதேசத்தில் அண்மையில் நடந்த சம்பவம் ஒன்று மனிதன் மிருகமாக வாழ்ந்து கொண்டிருப்பதற்கு சிறந்த உதாரணமாகும்.
அந்தச் சம்பவம் என்ன?
தனது ஆசை நாயகியை கொலைசெய்து ஒருவருக்கும் தெரியாமல் வீட்டின் பின்னால் குழி தோண்டி புதைத்து வைத்த பாதகன் ஒருவன் அகப்பட்டுக் கொள்கிறான். பெண்ணின் சடலம் புதைக்கப்பட்டு 5 தினங்களின் பின்னர் பொலிஸாரால் மீட்கப்படுகிறது.
இக்கோரச் சம்பவம் நீர்க்கொழும்பு – வெலிஹேன கிராமத்தின் அடிக்கண்டிய என்ற இடத்தில் இடம்பெற்றது. தனது முதல் மனைவியை வெளிநாட்டுக்கு அனுப்பிவைத்து விட்டு ஆசை நாயகியுடன் வாழ்ந்துகொண்டிருந்த கொலைக்குற்றம் புரிந்த சந்தேக நபரான வனசிங்க ஆராய்ச்சிகே மனுவல் பிரான்ஸிஸ் (வயது-48) என்பவர்‚ பின்னர் ஆசை நாயகியான மஹாமாலிகே கிரிஸ்டின் சியாமளியையும் (வயது-42) வெளிநாட்டிற்கு பணிப்பெண்ணாக அனுப்பி வைக்கிறார்.

தோடர்ந்து ஆசை நாயகியின் மகள் ஒருவருடனும் தொடர்பு வைத்துக்கொள்கிறார். பின்னர் அந்த இளம் பெண்ணும் வெளிநாட்டுக்கு பணிப்பெண்ணாக தொழில்புரிய செல்கிறார். சந்தேகநபர் இவ்வாறு வாழ்ந்துவரும் வேளையில் முதல் மனைவி சுகயீனம் காரணமாக வெளிநாட்டிலிருந்து நாடு திரும்புகிறார். சிறிது நாட்களின் பின்னர் 1-09-2007 அன்று ஆசை நாயகியும் நாடு திரும்புகிறார்.
ஆசை நாயகியின் வரவைத் தொடர்ந்து முதல் மனைவி தனது மகனின் வீட்டுக்குச் சென்று வசிக்கிறார்.
இந்த நிலையில்‚ சந்தேகநபர் 6-09-2007 அன்று ஏற்பட்ட பிரச்சினை காரணமாக ஆசை நாயகியை கத்தியால் வெட்டிக் கொலைசெய்துவிட்டு வீட்டின் பின்னால் பெரிய குழி ஒன்றை தோண்டி புதைத்துவிட்டு‚ அதன் மீது வாழை மரம் ஒன்றையும் நாட்டி வைக்கிறார்.
பின்னர் ஒன்றும் நடக்காததுபோல் இருந்துவிடுகிறார். அந்த பாதகனுக்கு தான் செய்த கொலை பற்றி வெளியில் தெரியவராது என்ற நம்பிக்கை.
நீர்க்கொழும்பு – கொச்சிக்கடை பொலிஸாருக்குக் கிடைத்த இரகசிய தகவல் ஒன்றை அடுத்து சந்தேகநபர் கைதுசெய்யப்பட்டதோடு‚ அடுத்த நாள் (11-09-2007) சடலமும் மீட்கப்படுகிறது.
ஆசை நாயகி வெளிநாட்டில் வைத்து வேறு ஒருவருடன் தொடர்புகொண்டு‚ அவருடன் இலங்கை வந்ததை அறிந்தே தாம் அவரை கொலைசெய்தார் என சந்தேக நபர் பொலிஸாரிடம் தெரிவித்துள்ளார்.
சுந்தேக நபரின் முதல் மனைவிக்கு நான்கு பிள்ளைகளும்‚ ஆசை நாயகிக்கு அவரின் முதல் கணவர் மூலம் மூன்று பிள்ளைகளும் இருப்பது இங்கு குறிப்பிடத்தக்கது.
சுடலம் மீட்கப்பட்டபோது சடலத்தின் முகம் இனங்காண முடியாதவாறு சேதமடைந்து காணப்பட்டது. வெலிஹேன‚ அடிக்கண்டிய பிரதேசம் அன்று முழுவதும் சோகத்தில் ஆழ்ந்திருந்தது.
முனித உயிர் இவ்வளவு மலிவானதா?
இது மரணங்கள் மலிந்த தேசமா?
கலாநெஞ்சன்‚ நீர்க்கொழும்பு
நீர்கொழும்பு கடோல்கல கிராமத்தில் வீடமைப்பு வேலைத்திட்டம் ஆரம்பிக்கப்படுவதற்கு கிராமவாசிகள் எதிர்ப்பு
September 5, 2007 by Vikalpa_N
Filed under Economic issues, Gampaha, தமிழ்
நீர்கொழும்பு‚ தலாதூவ கிராமசேவகர் பிரிவிற்குட்பட்ட கடோல்கல பிரதேசத்தில் களப்புப் பகுதிக்கு அருகில் உள்ள நிலப்பரப்பில் இருக்கும் கடற்தாவரங்களை அழித்து‚ மண் நிரப்பி அப்பகுதியில் வீடமைப்புத்திட்டமொன்றை ஆரம்பித்துள்ளமைக்கு எதிராக கடோல்கல கிராமவாசிகள் எதிர்ப்புத் தெரிவிக்கின்றனர்.
சுனாமி ஏற்பட்டபோது கடல் நீர் கிராமத்திற்குள் புகுந்து நாசம் செய்யாமல் கடோல்கல பிரதேசவாசிகளின் உயிரையும்‚ உடைமைகளையும் காத்த கடற்தாவரங்களை அழித்து வீடமைப்பு வேலைத்திட்டமொன்று ஆரம்பிக்கப்படவுள்ளமைக்கு கிராமவாசிகள் எதிர்ப்புத் தெரிவிக்கின்றனர்.
இப்பிரதேசத்தில் 9 ஏக்கர் நிலப்பிரப்பில் பரந்து விரிந்துள்ள கடற்தாவரங்களை அழித்து அவ்விடத்தில் மண் நிரப்பி சுனாமியால் பாதிக்கப்பட்ட மக்களுக்கு வீடுகளை அமைத்துக் கொடுப்பதற்காக எடுக்கப்பட்டுள்ள வேலைத்திட்டத்திற்கே கிராமவாசிகள் எதிர்ப்புத் தெரிவிக்கின்றனர்.
இதுபற்றி கடோல்கல கிராமத்தைச் சேர்ந்த இளைஞர் ஒருவர் தெரிவிக்கையில்‚
“சுனாமியின்போது கடோல்கல கிராம மக்களின் உயிர்களையும்‚ உடைமைகளையும் காத்தது இக்கடற்தாவரங்களேயாகும். இப்போது சுனாமியால் பாதிக்கப்பட்ட மக்களுக்கு வீடுகள் அமைத்துக் கொடுப்பதற்காக என்ற பெயரில் இங்குள்ள கடற்தாவரங்களை அழிக்கும் வேலைகள் ஆரம்பிக்கப்பட்டு ஒரு வாரகாலமாகிறது.
இந்த வேலைத்திட்டத்திற்கு எதிர்ப்புத் தெரிவித்தும்‚ அதற்கான காரணங்களை விளக்கியும் கடந்த வருடம் நவம்பர் மாதம் நாங்கள் ஜனாதிபதிக்கும்‚ கடற்றொழில் நீரியல் வளங்கள் அமைச்சருக்கும்‚ இயற்கை வளங்கள்‚ சுற்றாடல் அமைச்சருக்கும் (பாட்லி சம்பிக ரணவக்க) கடிதம் அனுப்பியிருந்தோம். ஆயினும்‚ வேலைத்திட்டத்தை முன்னெடுத்துச் செல்வதற்காக கடற்தாவரங்களை “பெக்கோ” இயந்திரங்கள் மூலம் அழிக்கும் வேலைகள் தற்போது ஆரம்பமாகியுள்ளன.
“இலங்கையில் உள்ள இருபத்திரண்டு (22) வகையான கடற்தாரங்களில் இருபது (20) வகையான கடற்தாவர வகைகள் இங்குள்ளன.
“கடற்தாவரங்கள் அழிக்கப்பட்டு வீடுகள் கட்டுவதற்கு முயற்சிகள் நடப்பதால்‚ மீண்டும் ஒரு முறை சுனாமி வந்தால் இக்கிராமத்தவர்களை யாரும் காப்பாற்ற முடியாது. சுனாமியால் பாதிக்கப்பட்ட மக்களுக்கு வீடுகள் கட்டிக் கொடுப்பதில் எமக்கு எந்தவித ஆட்சேபனையும் கிடையாது. ஆனால்‚ அதற்காக இன்னொரு அழிவுக்கு இடம்கொடுக்க முடியாது.” என்றார்.
பிரதேசத்தில் வசிக்கும் மீனவர் ஒருவர் இதுபற்றி தெரிவிக்கையில்‚
“1977ஆம் ஆண்டு ஐக்கிய தேசியக் கட்சியின் ஆட்சிக்காலத்தில் நீர்கொழும்பு தேர்தல் தொகுதியை பிரதிநிதித்துவப்படுத்திய டென்ஸில் பெர்னாந்து அவர்களின் முயற்சியினால் அப்போது ஆயிரம் ஏக்கர் பரப்பளவுள்ளதாக இருந்த இப்பிரதேசத்தில 400 ஏக்கர் நிலம் சுத்தம் செய்யப்பட்டு மண் நிரப்பப்பட்டு குறைந்த வருமானமுடைய மக்களுக்கு காணிகள் பிரித்துக் கொடுக்கப்பட்டன.
ஆயினும்‚ அப்போது வகுத்த திட்டத்தின்படி அல்லாமல் தற்போது 800 ஏக்கர் வரையான பரப்பளவு காணி சுத்தம் செய்யப்பட்டு (கடற்தாவரங்கள் அழிக்கப்பட்டு) மண் நிரப்பப்பட்டு வருமாணம் குறைந்த 1100 குடும்பங்களுக்கு வழங்கப்பட்டுள்ளன.
பரம்பரையாக களப்பினில் மீன்பிடித்தொழிலில் ஈடுபட்டு வந்த மீனவர்களுக்கு கடற்தாவரங்கள் கொண்ட சிறிய ஒரு பிரதேசமே தற்போது எஞ்சியுள்ளது.
கடற்தாவரங்கள் அழிக்கப்படுவதன் காரணமாக மீன்கள்‚ இறால்கள்‚ நண்டுகளின் உற்பத்தி மிகவும் குறைந்து போயுள்ளது. அவைகளின் இனப்பெருக்கத்திற்கு கடற்தாவரங்கள் மிக அவசியமானதாகும். அதனால்‚ களப்பினில் மீன்பிடித்தொழிலில் ஈடுபட்டுள்ளவர்கள் பாதிக்கப்பட்டுள்ளார்கள்.
“சுனாமியின்போது கிராம மக்களின் உயிரையும் சொத்துக்களையும் காத்தது இக்கடற்தாவரங்களாகும். இதுபற்றி வெளியில் உள்ள பலருக்கும் தெரியாது.” என்றார்.
இப்பிரச்சினைக்கு தீர்வுகாண சம்பந்தப்பட்ட சகல தரப்பினரும் உடனடியாக நடவடிக்கை எடுக்கவேண்டும் என்பதே இக்கிராமவாசிகளின் வேண்டுகோளாகும்.
கலாநெஞ்சன் நீர்கொழும்பு


