හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.
April 19, 2010 by Vikalpa_R
Filed under Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha, සිංහල
විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක්
“මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න නැතිව සති ගණන් හිටපු නිසා මගේ ගලනාලය තුවාලවෙලා ලේ වමනය කළා. මම ඒ ගෙදරින් දෙවතාවක්ම පැනල ආවත් එහෙ ඒජන්සියෙ නෝනා මාව නැවත අල්ලලා ගෙනිහින් ඒ ගෙදරටම බාර දුන්නා. දවසක් එකදිගට පහරදීලා සිහිනැතිවුනාම මාව ඉස්පිරිතාලෙකට ගෙනිහින් දැම්මා. එහෙදි ගලනාලයේ ශල්‍ය කර්ම දෙකක් කළා, මගේ අමාශයත් දැන් ඉවත් කරලා. මම සවුදි ගියේ හුඟාක් බලාපොරොත්තු තියාගෙන. මගේ තාත්තා අසනීපෙන් නිසා පවුල ගොඩගන්න හිතාගෙනයි මම රට රස්සාවට ගියේ. නමුත් මමත් රෝගියෙක් වෙලයි ලංකාවට ආවේ. දැන් මමත් පවුලට බරක් වෙලා. ජීවිතයත් එපා වෙලයි තියෙන්නේ.”
- රසාංජලී, වයස 28යි, කුරුණෑගල
මේ විදේශ ගතව ලංකාවට පැමිණි කාන්තාවකගේ කතාවක් පමණී. මේ වගේම අනන්ත දුක් විඳින කතා තව බොහෝමයකි. ගෘහ සේවය සඳහා මැදපෙර දිග යන අපේ බහුතරයක් කාන්තාවන්ට මේ ඉරණම අත්වන්නේ ඇයි? ඒ ගැන කතා කළහොත් පැති කිහිපයක් ගැනම අපි කතා කළ යුතු වෙනවා. ඔවුන් නිරපරාදේ වධහිංසනයට ලක්වෙනවා නම්, කුසගින්නේ සිටිනවානම්. රැවටීමකට ලක්වෙනවා නම් ආබාධිත තත්වයෙන් වගේම පණසුන් මළ සිරුරු ලෙස මෙරටට පැමිණෙනවා නම් එතැන යම් ගැටළුවක් තිබෙන බව නම් පැහැදිලියි.
කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටත්වීම පිළිබඳව විවිධ අදහස් සමාජය විසින් දරයි ලබනවා. ඇතැමුන් කාන්තාවන් රට යාම නුසුදුසු බව ද පවසයි. නමුත් මේ විදේශ ගත වන කාන්තාවන්ගේ සැබෑ අවශ්‍යතාවය කුමක් ද, ඔවුන් විදේශ ගත වන්නේ ඇයි යන්න ඔවුන්ගෙන් විමසන්නේ නැත. එසේ නොවන තැන ඒකපාර්ශිකව මත ඉදිරිපත් කිරීම, සමාජය තුළ කොන්කිරීමකට හෝ වෙනස්කමකට ලක්කිරීම මෙම කාන්තාවන්ට කරන අසාධාරණයකි. මේ නිසාම අපි සංක්‍රමණික සේවයේ යෙදුණු කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කර ඔවුන්ගේ අත්දැකීම් ද මේ ලිපියට එකතු කරගනිමු.
කාන්තාවන් විදේශ රැකියා සඳහා පෙළඹෙන්නේ ඇයි?
විදේශ රැකියා සඳහා පුරුෂයින්ට වඩා වැඩි ප්‍රමාණයක් සංක්‍රමණය වන්නේ කාන්තාවන්ය. අපේ රටේ වාර්ෂිකව විදේශ ගත වන ස්ත්‍රීන්ගේ ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවයි. රටේ පවතින ආර්ථික, සමාජයීය හා සංස්කෘතික මෙන්ම දේශපාලන හේතූන් මත විවිධ ආකාරයෙන් පිරිස් රටින් පිටව ගියද, මැද පෙර දිග ගෘහ සේවය සඳහා ස්ත්‍රීන් පිටව යාමට ප්‍රධානතම හේතූන් වනුයේ ආර්ථික අපහසුතා, මෙරට රැකියා අවස්ථා ප්‍රමාණවත් නොවීම, පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම සහ ගේදොර සාදාගැනීම වැනි කාරණාය.
මෑත දශක කිහිපය ගත් කළ යුදමය වාතාවරණය/ස්වභාවික ව්‍යසනය අවස්ථාවලදී තම දේපල හානිවීම සහ ඒවා යළි ගොඩනගා ගැනීමේ අධිෂ්ඨානය, තවද සැමියාගෙන් සිදුවන වධ හිංසා, පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් අයුරින් මුදල් නොලැබීම, සැමියාගේ බීමත්කම හා දුම්පානයට ඇබ්බැහිවීම තුළින් පැන නගින ආර්ථික හා ප්‍රචණ්ඩකාරී ගැටළු ද දැක්විය හැක. රට තුළ කර්මාන්ත ශාලා බොහෝමයක් වැසීයාම තුළින් විරැකියාව බහුල වීම, ප්‍රමාණවත් වැටුපක් හිමි නොවීම, ආදායම මඳකම විදේශ රැකියා සඳහා පිටත් වීමට කාන්තාවන් පොළඹවයි. කෙතරම් පීඩා හා පෞද්ගලික ප්‍රශ්න ඇති වුවද සංක්‍රමණයේ අවදානම පසෙකලා අරමුණු ඉෂ්ට කරගැනීම පිණිස තම ජීවිතය පරදුවට තබා ගෘහ සේවය සඳහා ද පිටත් වෙති.
විදේශ සේවයේ දී ස්ත්‍රීන් සේවය කරන ස්ථානයේ නිසි ආරක්‍ෂාව නොලැබීම, හාම්පුතුන් විසින් බලයෙන් හා වැඩියෙන් වැඩ ගැනීම, තමන්ට හිමි වැටුප හිමිනොවීම, ආහාර පාන ලබානොදීම ප්‍රශ්න රාශියකට මුහුණ දෙති. බහුතරයක් කාන්තාවන්ගෙන් ලැබෙන පැමිණිලි වන්නේ ලිංගික අතවරයන් සම්බන්‍ධයෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2008 වසරේ දී නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් පරිදි වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ ද සවුදි අරාබියෙනි.
‛ගෘහ සේවය’ වහල් සේවයක ස්වරූපයක් ගන්නා අතර කිසිදු නෛතික ආරක්‍ෂාවක් නොමැති ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ අයිතිවාසිකම් කියාපෑමට, නීතිය ඉදිරියට ගොස් සහනයක් ලැබීමට ඇති ඉඩ කඩ නොමැති වීම, පැමිණිලි යොමුකිරීමට රජයේ මධ්‍යස්ථානයක් නොතිබීම විශාල අඩුවක් බව අප සමඟ කතා බහ කළ රාගම පදිංචි කාන්ති පැවසුවාය. නිවෙස්වලින් පැනයන ලෙස එරට ඒජන්සිකරුවන්ගෙන් ලැබෙන උපදෙස් මත පැනගියද නැවත අත්අඩංගුවට ගෙන ‛සේෆ් හවුස්’ :ී්ැෙ ්‍යදමිැ* නැමැති රැඳවුම් ස්ථානයක තබන බවත් එම ස්ථාන ද නිසි ප්‍රමිතියකින් සහ ආරක්‍ෂාවකින් තොර බව කාන්ති තවදුරටත් කියා සිටියාය.
“මම හිටපු ගෙදර මට පඩි දුන්නෙ නැහැ. මම ණය වෙලා ආපු නිසා මගෙ පඩිය දෙන්න කියලා මම දිගටම කිවුවා. එතකොට ගෙදර ගැහැනු කෙනා මාව බිමට තල්ලු කරලා පයින් ගැහුවා. එකදිගටම මගේ බඩට ගැහුවා. ඉවසන්න බැරිම තැන මමත් එයාට පහරක් ගැහුවා. පස්සෙ එයා මට වෙඩි තියන්න තුවක්කුව අරගෙන එන්න ගියා. ඒ අතරෙ මම දොරවහලා දාලා දිවුවා. දෙවැනි තට්ටුවෙන් පැනල යන්න මගේ අතට අහුවුනේ බෙඩ්ෂීට් එකක් විතරයි. මම ඒක ජනේලෙ ගැටගහල බිමට බැස්සා. කෙලින්ම දිවුවේ එම්බසියට. මගේ බඩට පයින් ගහපු නිසා මුත්‍රාශය හිරවෙලා මූත්‍රා යන්නෙ නැතුව දවස් ගානක් හිටියා. ඊට පස්සෙ මට ප්‍රතිකාර කරලා සේෆ් හවුස් එකට දැම්මා. එහෙදිත් මම විඳින්න පුළුවන් හැම දුකක්ම වින්ඳා. දැන් මතක් වෙන කොටත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. ගෑනු අපි රට යන්නේ ආසාවට නෙමෙයි. අපිට ඉගෙනුමක් නැතිවුණත් ගෙදරක වැඩ ටික අපි හරියට කරනවා. ඇයි අපිට පොරොන්දු වෙච්ච පඩිය ඉල්ලුවාම නොදෙන්නේ, ගහන්නේ. අපි ගැන හොයන්න බලන්න කෙනෙක් එහෙ නැති නිසානේ අපට මේ තරම් කරදර විඳින්න සිද්ධ වෙන්නේ. මේවා දැන්වත් වෙනස් වෙන්න ඕන. නැත්නම් කොහෙන්ද අපට අදායම් මාර්ගයක් ලැබෙන්නෙ. මගේ මහත්තයා බීමට ඇබ්බැහිවෙලා අසනීප වෙලා. රස්සාවකුත් නැතිව ගෙදර ඉන්නේ.“
කාන්ති, වයස අවු:42යි, රාගම
සංක්‍රමණික කාන්තාවන් සිය දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා පදනම් කරගත් සමීක්‍ෂණයක් හියුමන් රයිට්ස් වොච් නැමැති ආයතනය විසින් 2006 වසරේ දී සිදුකර ඇත. මෙම වාර්තාවේ ලෙබනන්, කුවේට්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හි සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ තොරතුරු සහ නිර්දේශ හෙළිදරව් කොට තිබුණි. නමුත් එම වාර්තාව ශ්‍රී ලංකා රජය සහ සවුදි රජය විසින් පිළිනොගන්නා බවට 2007/11/26 දිනැති ඩේලිනිවුස් පුවත්පතට ප්‍රකාශයක් කොට තිබුණි.
සංක්‍රමණික කාන්තාවන් සම්බන්‍ධයෙන් රජය දැනට ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් 2008 වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. සංක්‍රමණික සේවයේ දී මුහුණදෙන ගැටළු අවම කිරීමේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ යහපත උදෙසා සකස් කළ මෙම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ වගවීම ද මනාව පෙන්වා දෙයි. මෙම ප්‍රතිපත්තිය මූලිකවම සංක්‍රමණික ක්‍රියාවලියේ යහපාලනය, සංක්‍රමණික සේවයකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල ආරක්‍ෂාව බලසතු කිරීම සහ සංක්‍රමණය හා සංවර්ධන ක්‍රියාවලියට සම්බන්‍ධ වීම යන කොටස් තුනකින් සමන්විතය.
ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් රක්‍ෂණ යෝජනා, සුභසාධන නිලධාරීන්, ණය යෝජනා ක්‍රම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම වැනි සුභසාධන පියවරයන් රාශියක් ඉටුකිරීමේ හැකිකම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත බාරදී තිබෙන බව තදුරටත් 2008 ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙහි සඳහන් වේ. සංක්‍රමණික සේවකයින් ලෙස තමන්ට හිමි අයිතිවාසිකම් ලඟා කරගැනීමට ඇති හැකියාවන් මොනවාදැයි දැනුවත් වීම හා ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක වේදැයි යන්න පිළිබඳව මහජනයා අවදියෙන් සිටිය යුතුවේ.
ගෘහ සේවිකාවන් සම්බන්‍ධයෙන් සැලකිය යුතු වෙනස්කම් රාශියකට වහාම පියවර ගත යුතුව ඇත. මන්ද 2007 වසරේ දී සමස්ත සංක්‍රමණික සේවකයින්ගේ මළ සිරුරු 283 ක් ද, 2009 වසරේ දී 330 ක්ද මෙරටට ගෙන ඒම අතිශය ඛේදනීය තත්ත්වයක් වන බැවිනි. මෙයිනුත් 2009 වසරේදී ගෙන එන ලද මළ සිරුරුවලින් බහුතරයක්ම ගෘහ සේවිකාවන් බවත් මිය යාමට හේතු තවමත් සොයාගෙන නැති බවත් ්ර්ඉස්බ ඉමිසබැිගජදප නම් වූ වෙබ් අඩවියේ සඳහන් වේ.
1996 සංක්‍රමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තැබීමෙන්, සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ තත්ත්වය යහපත් කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට බැඳී සිටී. ලංකාවේ පවතින නීතීන් මගින් සංක්‍රමණික සේවකයින් සඳහා යුක්තිය ඉටුකර ගැනීමට නම් නීති සංශෝධන වීමක් ද ප්‍රමාණවත් අයුරින් සිදු කළ යුතුව ඇත.
දකුණු අප්‍රිකාව පිලිපීනය වැනි රටවල්වලින් තම සංක්‍රමණික සේවකයින් උදෙසා නිසි යාන්ත්‍රණ සකස් කිරීම හේතුවෙන් විශේ්ෂයෙන්ම ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් සංක්‍රමණිකයින් හා ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇත. ඒවා සංක්‍රමණික සේවකයින් හට සිදුවන ගැටළු අවම ලෙස වාර්තා වන රටවල්ය. තම පුරවැසියන් සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර කේවල් කිරීමෙන් ඒ රාජ්‍යයන් විසින් ලබා දෙන ආරක්‍ෂාවේ සහතිකය අද ඔවුන් සතුව ඇත. ව්‍යාජ ඒජන්සි සහ උප නියෝජිතයින් මාර්ගයෙන් රට රැකියාවට යන, පුහුණුව හෝ රක්‍ෂණාවරණය ලබානොගෙන යන අයට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. නමුත් අප සමඟ කතා කළ සමහර කාන්තාවන් පැවසුවේ රක්‍ෂණාවරණය ලබාගෙන ගිය ද තමන්ට ඇතැම් අවස්ථාවලදී වන්දියක් පවා නොලැබුණු බවයි. එපමණක් නොව ව්‍යාජ ඒජන්සිකරුවන් ග්‍රහණයට හසු කරගැනීම, ශ්‍රමිකයින් භාරගන්නා රටවලදී ශ්‍රමිකයින් මානව හා ශ්‍රමික හිමිකම් උල්ලංඝණය වීම සම්බන්‍ධ සෑම මට්ටමකම පැමිණිලි ලබාගැනීම. විමර්ශනය කිරීම හා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීම සඳහා බලතල සහිත යාන්ත්‍රණයක අවශ්‍යතාවය දැඩිව පවතී. 2005 දී සවුදි අරාබියෙහි ගෘහ සේවයට ගිය රිසානා නෆීක් දැරියට දරුවකු මරා දැමූ බවට චෝදනා ලැබීමට සිදුවූයේ ද ව්‍යාජ ඒජන්සිකරුවන් විසින් ඇගේ වයස අවුරුදු 15, 17ක් ලෙස වැඩි කොට ලියකිලවිලි සකස් කිරීම හේතුවෙනි. මරණ දඬුවම ඇයට හිමි වුවද දේශීය මෙන්ම විදේශීය සංවිධාන රැසකගේ බලපෑමෙන් ඇය සිරගතව තව දුරටත් ජීවත් වන්නට වරම් ලැබුවාය.
2008 වසරේදී මැද පෙරදිග ගෘහ සේවය සඳහා පිටත් වූ ස්ත්‍රීන්ගේ ප්‍රමාණය 108,709 කි. ශ්‍රමිකයින් සම්බන්‍ධයෙන් උනන්දුවක් දක්වන රටවල්වල ඉල්ලුමට අනුව ශ්‍රී ලංකාවේ රජය ස්ත්‍රීන් තෝරාගැනීම, පුහුණු කිරීම, සූදානම් කිරීම රක්‍ෂණාවරණය ලබාදී විදේශ ගත කරවීම පිළිබඳ ක්‍රියාවලිය සිදුකරයි. එලෙසම ලැබෙන පැමිණිලිවලට අනුව එරටදී තමන්ට සිදුවන වධ හිංසා අයිතිවාසිකම් උල්ලංඝණය වීම සම්බන්‍ධයෙන් පැමිණිලි කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති කම, තානාපති කාර්යාලය හෝ කොන්සල්වරයා යටතේ සොයා බැලීමක් අවශ්‍ය බව බොහෝ කාන්තාවන් අප සමඟ පැවසූහ. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වන්නේ සවුදි හි සේවය කළ කාන්තාවන්ගෙනි.
2005 සිට 2008 දක්වා ලිංග වෙනස මත ලැබුණු පැමිණිලි
2008 වසර දී කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටත් කිරීම නතර කළ යුතු බවට විවිධ ප්‍රතිපත්තීන් ගෙන ඒමට උත්සාහ කළ වසරකි. අවුරුදු 5ට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීම වැළැක්වීම සඳහා ගත් උත්සාහය ඊට එක් උදාහරණයකි. තවද, ගෘහ සේවය කාන්තාවන්ට නුසුදුසු බවත් එය අවිධිමත් ක්‍ෂේත්‍රයක් ලෙස සලකන බැවින් නව ඇබෑර්තු සඳහා වැඩියෙන් පිරිමින් දිරිමත් කිරීමක් පසුගිය දිනවල දක්නට ලැබුණි. විශේෂයෙන්ම පුවත්පත් දැන්වීම්වල පවා පිරිමි පක්‍ෂය ඉලක්ක කරගත් කෝකිවරු, රෝහල් සහායක, සාප්පු-බැංකු පිරිසිදුකරන්නන් වැනි තනතුරු රාශියකට ඇබෑර්තු දක්නට ලැබුණි.
‛‛අපටත් ගෘහසේවය නැතිව, පිරිසිදු කරන වැඩ, කෝකිවැඩ දෙනවා නම් අපිත් කරනවා. අපට කියන්නේ ගෘහසේවය තමයි තියෙන්නේ කියලා. නමුත් එහෙට ගියාම තමයි දන්නෙ අපට කරන්න පුළුවන් විදිහේ තව කොච්චර නම් රස්සාවල් තියෙනවද කියලා.”
- නයෝමි වයස 34යි, පුත්තලම
කාන්තාවන්ටත් ගෘහ සේවයට අමතරව වෙනත් රැකියා සඳහා අවස්ථා සලසා දෙන්නේ නම් ඔවුන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වනු නොඅනුමානයි. අනෙක් අතට ගෘහසේවය යනු ස්ත්‍රීන්ට නුසුදුසු බව මෙයින් අදහස් නොකරන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් හරිහැටි ආරක්‍ෂාවන විධිමත් යාන්ත්‍රණයක් සැකසෙන්නේ නම් එයට ද අපේ කාන්තාවන්ට ඉතා හොඳ රැකියාවකි.
විදේශ ගතව මෙරට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කිරීමේදී ඔවුන් පැවසුවේ බොහෝ දුරට තම පරමාර්ථ සාර්ථක කරගැනීමට නොහැකි වූ බවයි. හාම් පුතුන්ගෙන් වධ බන්ධනයට ලක්වීම, වැටුප් නොලැබීම සහ නිසි ආරක්‍ෂාව නොමැති වීමෙන් ගිවිසුම් කාලය සම්පූර්ණ වීමට පෙර මෙරටට පෙරළා පැමිණීමට සිදුවූ බවයි. මෙයිනුත් ඇතැමුන් රෝගීන් හෝ අබාධිතයින් හැටියත් සමහර කාන්තාවන් වධ බනධනයට ලක්වීමේ කම්පනය හේතුවෙන් මානසික රෝගීන් ලෙස ද පෙළේ.
මෙම ස්ත්‍රීන්ට එතෙරදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්නවලට අමතරව මෙරටට පැමිණීමේ දී ඔවුන් තව තවත් පීඩාවට පත්වේ. සියලු දේ අත හැර දමා සිය රටට බලාපොරොත්තු සුන්වූවන් ලෙස හිස් අතින් පෙරළා පැමිණීමට සිදුවීම, මෙරටට පැමිණෙන විට තම පවුලේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වී තිබීම හා සදාකාලික ණයගැතියන් වීම, ඔවුන්ට යළි සමාජගත වීමට ඇති ආර්ථික, සමාජීය හා සංස්කෘතික බාධාවන් සහ පවුල් ප්‍රශ්න වැඩිවී තිබීම වැනි නොයෙකුත් කාරණා දැක්විය හැක.
මෙයින් කාන්තාවකට සංක්‍රමණ සේවය අයහපත් හෝ අසාර්ථක බව අදහස් නොකෙරේ. සාර්ථක අවස්ථාවන් ද බොහෝමයක් ඇත. රඹුක්කන පදිංචි ශීලා අප සමඟ පැවසුවේ ඇය කුවේට් හිදී සේවය කළ නිවසේ අය ඇයට ඉතා හොඳින් සැලකූ බවයි. ඇයට වැටුප් නිසි පරිදි ලැබී ඇත. තුන්වතාවක් විදේශගත වී තම පුතුන් දෙදෙනාට ද විදේශ රැකියා අවස්ථා හිමි කරගනිමින්, ඉඩමක් මිලදී ගෙන නිවසක් ද තනා ඇගේ පරමාර්ථ ඉටුකරගෙන ඇත.
විදේශ රැකියා සඳහා පිටත්වීම 1986 -2008
බොහෝ ලාංකිකයින්ගේ මතයක් වන්නේ කාන්තාවන් විදේශ රැකියාවට ගිය විට පවුල අසාර්ථක වේ, සැමියාට දරුවන් බලාගත නොහැක, දරුවන්ට මව අත්‍යවශ්‍යය වැනි ආකල්පයි. සැබැවින්ම මෙය අප සමාජය තුළ මුල්බැසගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ආකල්පයකි. දරුවන්ගේ වගකීම මවට පමණක් නොව පියාට ද ඒ හා සමානව තිබෙන බව අප සමාජය පිළි නොගන්නා නිසාම පවුලේ වැඩි වගකීම කාන්තාව මත පැටවීමට පුරුදුව සිටී. උදාහරණ ලෙස සුනාමි ඛේදවාචකයෙන් පසුව බොහෝ කාන්තාවන් මිය ගිය විට දරුවන් සමඟ පියවරුන් තනිවිය. මෙහිදී දරුවන්ගේ වගකීම දැරීමට සිදුවන්නේ පියවරුන්ට නොවේද?. එසේම මව මිය ගිය විට දරුවන්ගේ සහ ගේදොර ඕනෑඑපාකම් සොයාබැලීමට මව හා සමානව පුරුෂයින් පුරුදු වීම හා පියාගේ වගකීම් කොටස ඉෂ්ට කිරීම පැහැර හැරිය නොහැක. බොහෝ කාන්තාවන් විදේශයන්හි සේවය කරමින් එවන මිල මුදල් නිසි කළමනාකරණය නොකර මත්පැනට හා දුම්වැටියට නාස්ති කරනේනේද බොහෝවිට පිරිමින් බව අප පිළිගත යුතුය. කාන්තාවන්ට ද සමානයින් ලෙස රැකියාවක් කිරීමේ අයිතිය ඇති බව බොහෝවිට අමතක කරති. සමහර විට ඇය පවුල නඩත්තු කරන දරුවන්ගේ මතු දියුණුව ගැන වගකීමෙන් වැඩ කරන ගෙදර එකම ‛ගෘහමූලිකයා’ ද විය හැක. ඒ නිසාම පවුල ගොඩගැනීමේ අවශ්‍යතාවය ස්ත්‍රීන්ට දැඩිව දැනේ.
සියලුම පුරවැසියන් උදෙසා යහපත් ලෙස සේවයේ යෙදීමේ අවස්ථා නිර්මාණය කිරීමේත්, සේවයෙන් යෙදෙන කල්හි මූලික මානව අයිතිවාසිකම් ඉහළම ප්‍රමිතීන්ගෙන් ආරක්‍ෂා වන පරිසරයන්හි සේවා නියුක්තිය සඳහා සරිලන පූර්ණ ස්ත්‍රීන්, පුරුෂයින් සංක්‍රමණය වීම ශ්‍රී ලංකා ජාතික ශ්‍රමික සංක්‍රමණ ප්‍රතිපත්තිය විසින් ආරක්‍ෂා කිරීම හා අභිවර්ධනය කිරීම අරමුණු කොට ඇත. මෙය 2009 අප්‍රේල් මස කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ද ලබාදී ඇත.
ලංකාවේ පළමු තැනට විදේශ විනිමය හිමිකර දෙන සංක්‍රමණික සේවකයින් අප ආරක්‍ෂා කර ගත යුත්තේ ඔවුන් අප රටේ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් (2009 වසරේ දී මිලියන 316,118ක්) සොයා දීම නිසා පමණක්ම නොව. මොවුන් අප රටේ පුරවැසියන් වන අතර ඔවුන් අනාරක්‍ෂිතව දිනෙන් දින කරදරයට හා විපතට පත් වන නිසායි. ‛මානව ආරක්‍ෂාව’ යනු සංවර්ධනයේ ප්‍රධාන අංගයකි. මානව සංවර්ධනය නොමැති තැන රටේ සංවර්ධනය සම්පූර්ණ නොවේ. සංක්‍රමණික සේවයෙන් පසු මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක් යැපීමේ මානසිකත්වයෙන් තොරව සාර්ථකත්වය අත් කරගත් අයෙකු ලෙස පැමිණෙනවා දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනයයි. එසේනම් වර්තමානයේ ඉහළ යමින් තිබෙන සංක්‍රමණික කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නවලට නැවතීමේ තිත සැබැවින්ම තැබීමට කැපවන්නේ කවදාද?
වේලායුදන් ජයචිත්‍රා
1985 ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ශ්‍රමික සංක්‍රමණයට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලැබුණු මුල්ම අවස්ථාවයි. විදේශයෙහි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ව පාලනය වන හෝ ආරක්‍ෂා වන ජාතික කම්කරු නීතිවල ආවරණය නොලැබේ. සුභ සාධනය ගත් විට සංක්‍රමණිකයින් විදේශ සේවා නියුක්තිය සඳහා සූදානම් කිරීමත් සංක්‍රමණික සේවකයින්ට රැකවරණය දීම හා ආධාර කිරීමටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නීතියෙන් අවස්ථාව සපයා ඇත.
- ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, 2009
1986-87 දක්වා වූ කාලය තුළ විදේශ ගත වූ කාන්තාවන්ගේ ප්‍රතිශතය 24% ක් වුවද 1988 වන විට 55%ක් සහ 1997 වන විට එය 75% ක් දක්වා වැඩි විය. නමුත් 2008 වසර වන විට එය ස්ත්‍රී සංක්‍රමණයේ පහත වැටීමක් දක්නට ලැබේ.
“නිදහස, සම සාධාරණත්වය, ආරක්‍ෂාව හා මානව අභිමානය යන තත්ත්වයන් යටතේ ස්ත්‍රී පුරුෂයින් සඳහා ඵලදායී සේවා අවස්ථා අභිවර්ධනය කිරීම තුළින් දිළිඳුන් හා අගහිඟවලින් තොර වඩා හොඳ ජීවන තත්ත්වයක් සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් භුක්ති විඳින සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතු අනාගතයක්” යන්න ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්ම වේ.
අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..
March 8, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Featured Video, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media, Video

‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….
2009 විශ්ව මානව හිමිකම් දිනය නිමිත්තෙනි
December 14, 2009 by Karapoththa
Filed under Democracy, Featured Video, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation
කාන්තාවනි., කාලය පැමිණ ඇත.
March 12, 2009 by Karapoththa
Filed under Gender, Human Rights, Life quips, Matale, සිංහල

මේනකා ප්‍රියදර්ශණි
කාලය පැමිණ ඇත. ඒ මනුෂ්‍යත්වයෙන් එකිනෙකා කෙරේ දයාවේ දෑත දිගුකලයුතු කාලයයි. සැබෑ මානව හිතවාදීන් අවදිවිය යුතු කාලයයි. දස දහස් ගණනින් තරුණ ජීවිත මිහිමඩල යට අකාලයේ සැඟව යන කාලයයි. ඒ පිළිබඳව විවෘත මනසින් දැකිය යුතු කාලයයි. එලෙසින්ම මරබියෙන් සිය ඇදිවත පමණක් හිමිව දරුමල්ලන් තුරුලු කර ගනිමින් සරණාගත කඳවුරුවල කඳුලින් සුසුමින් ජීවත්වන මිනිසුන් ගැහැණුන් හා දරුවන් වෙත සහෝදරත්වයේ පණිවිඩය ගෙන යායුතු කාලයයි.
එවන් මොහොතක වසරකට වරක් යෙදෙන සුවිශේෂි දිනයක් ලෙස මාර්තු 08ට යෙදෙන ජාත්‍යනතර කාන්තා දිනය මේ වසරේත් රාජ්‍ය හා රාජ්‍යනොවන මට්ටමින් සැමරූ හ.
එහෙත් එකිනෙකා පරදමින් සංවිධානය කරන කාන්තා වැඩසටහන් වලින් සිය ආයතනය සහ අභිමානය, ප්‍රචලිතවීම ගැන පමණක් සිතන මිනිසුන්ගෙන් පිරුනු, විදේශ ආධාර මත සිය යැපීම තීන්දු කරන බොහෝ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය ආයතන ද බලාපොරොත්තුවන ඉලක්කය අපි ප්‍රශ්ණ කල යුතුමය.
කිසිදු සාධනීය අරමුණකින් තොරව අසරණ කාන්තාවන් මහ මග රස්තියාදු කරනු වෙනුවට, දවස පුරා බඩගින්නේ තබා කෙටි කෑමකින් සනසවා, හරසුන් දේශන හා නර්තන පෙන්වා රුපියල් 350ක් අතමිට මොළවා, කාන්තාවන් පිටත් කර හරිනු වෙනුවට, සරණාගත කඳවුරුවල දුක්විදින අසරණ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් යමක් කළ හැකි නම් ලබන වසරේදීවත් සෑබෑ කාන්තා දිනයක් සැමරීමට අපට හැකි වනු ඇත.
සුසුම්වල බර හඳුනන,
කඳුලක උණුසුම දැනෙන,
තනිව නොව එක්ව සිනහවන්නට, දුක්වන්නට හැකි
ගැහැණුන් පිරිමින් එක්ව
අපි සමරමු,
මනුෂ්‍යත්වයේ කාන්තා දිනය
ලබන වසරේ දී වත්…
වැන්දඹු කාන්තාවන්ට ආධාර
October 14, 2008 by Vikalpa_R
Filed under Economic issues, Gender, Hambantota, සිංහල
හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 10% ප්‍රතිශතයකි. මෙම ප්‍රමාණයෙන් 50% වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් වීමද විශේෂ තත්ත්වයකි.
සමාජයෙන් කොන්වී හුදෙකලාව දිවිගෙවන වැන්දඹු කාන්තාවන්ගේ මානසික තෘප්තිය වර්ධනය කර ආර්ථික හා සමාජමය වටිනාකමක් ඔවුන්ට ලබාදීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ බව කාන්තා මහ සංගමයේ විශේෂිත වැඩසටහන් අංශයේ සම්බන්ධිකාරිකා පුෂ්පා රංජනී මහත්මිය විකල්ප සමග පැවසූවා ය.
ඇයට කාගේ පිහිටද ?
October 11, 2008 by Vikalpa_R
Filed under Gender, Kurunegala, Life quips, සිංහල
සුභා කුරුණෑගල නගරයේ පිහිටි කාන්තා සංවිධානයක සේවිකාවක්. පසුගිය සදුදා කාන්තාවන් දෙදෙනකු කාර්යාලයට ආවා ඇයව මුණගැසීමට. ඉන් එක් අයෙක් කලක් කාන්තා සංවිධානය සමග එකට වැඩකල ජයසේකර ඇන්ටි. ජයසේකර ඇන්ටි තමන් එක්ක ආපු අනෙක් කාන්තාව සුභාට පෙන්වල මෙහෙම කිව්ව.
‛‛අනේ දුවේ මේ ළමයට මොනවා හරි සහනයක් අරන් දෙන්න. මෙයා අතයි පයයි ලෙඩකුයි අරන් එළියට බැහැලා තියෙන්නෙ. දැන් යන්න එන්න ඉන්න තැනක් නෑ. ඉන්නේ එක එක තැන්වල’’
ඇය නමින් දමයන්ති. උපන් ගම පොල්පිතිගම. දේශපාලන විද්‍යා උපාධි ගුරුවරියක් විදිහට එම ප්‍රදේශයේම පාසලක සේවය කරනව. අවුරුදු 10ක පමණ ප්‍රේම සම්බන්ධයකින් පසුවයි ඇය විවාහ වුනේ. ඔහු සමූපකාර මැනේජර් කෙනෙක්. ඒ විවාහයට දෙමාපියන් කොහෙත්ම කැමති වුනේ නෑ. විවාහ වී වසර කිහිපයක් ගතවුනත් ඔවුන්ට දරුවන් ලැබුනෙ නෑ.
මේ අතර දමයන්තිගේ තයිරොයිඩ් ග්‍රන්තියේ පිළිකාවක් හැදුනා.අසනීපය නිසා සිතිනුත් ගතිනුත් ඇය දුබල වුනා. මේ අතර ඇගේ පුරුෂයා වෙනත් කාන්තාවක් සමග සම්බන්ධයක් හදාගත්ත. පුරුෂය නිසා ඒ කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියෙ. ඇයව ගෙදරට ගෙන්න ඕන නිසා ඔහු දමයන්තිට ගහලා බැනලා වධහිංසා කරල ඇයව ගෙදරින් එළියට පන්නල අනික් කාන්තාව ඇගේ ගෙදරට එක්ක ආවා.
ඔයා පොළීසියට ගියා ද? සුභා ඇහුව. ‛‛පොළීසියේ පැමිණිල්ලක් දැම්ම. පොළිසියෙන් පුරුෂය ගෙන්නලා මට ගේ ලියල දෙන්න පොරොන්දු කර ගත්ත. ඒ වුනාට තාම මගේ නමට ගේ ලීවේ නැහැ. ගේ හැදුවේ මම බැංකුවෙන් ණයට සල්ලි අරන්. ඉඩම තියෙන්නේ එයාගෙ නමට.මගෙ පඩියෙන් දැන් ණය කැපෙනව. මම යාළුවෙකුගෙ ගෙදර ඉඳල වැඩට යන්නෙ.මට දවසකට බෙහෙත් පෙති 8ක් ගන්න තියෙනව. මාසෙකට වතාවක් නුවර වෛද්‍ය සායනයට යනව. මාසෙකට බෙහෙත් වලට රු 2000/- ක් වියදම් වෙනව’’
’‛මගෙ මේ කතාව හුඟ දෙනෙකුට කියල තියෙනව.කියලම මට එපා වෙලා.ඒත් තාම වැඩක් වුනේ නෑ.කුරුණෑගල නීති ආධාර කොමිසමටත් ගියා. එහෙ වැඩ කරන තරුණ මිස්ල දෙතුන් දෙනෙක් හිටිය. ඒ ගොල්ලන් කතාව අහගෙන හිටිය. කිසිම පලක් වුනේ නෑ. මම බැඳල තියෙන්නෙ උඩරට කසාදෙ නිසා ප්‍රශ්නයක් තියෙනව කිව්ව.’’ දිගින් දිගටම කතාව අසාගෙන සිටි සුබා මහ රෝහලේ කාන්තා පිහිට වෙත ඇය රැගෙන යාමට තීන්දු කළේ, එයින්වත් සැබෑ පිහිටක් දමයන්තිට ලබා දියහැකි වේයයි සිතූ නිසයි.‛සංහිඳ’නමින් හැඳින්වු මහරෝහලේ කාන්තා පිහිට කාර්යාලය තුළ තරුණ නිලධාරිනියක්, හෙදියක් සහ සාත්තු සේවිකාවක් සේවයේ යෙදුන.කාන්තා පිහිටට දමයන්තිව හඳුන්වා දුන් සුබා එළියෙ නැවතුනා. දමයන්ති ඇගේ කතාව එතනටත් කියන්න ඇති. එහි සිටි සියළු දෙනා අහගෙන ඉන්න ඇති. ටික වෙලාවකින් දමයන්ති එළියට ආව.
’‛ එයාලත් කතාව අහගෙන හිටිය.මට එතනින් පිහිටක් නෑ. මම ලෙඩෙක්. මට වෙහෙසයි.උදේ ඉස්කෝලෙ ගිහින් ආවෙගමට මිනිහ නෑ.ළමයි නෑ, ගෙයක් නෑ. පඩියෙන් ණය කැපෙනව. ගෙදරින් විරුද්ධ වුන කසාදයක් බැන්ඳ නිසා අම්ම තාත්ත ළඟට යන්නත් බෑ. අපි වගෙ ගෑනුන්ට පිහිටක් වෙන්න තැනක් ඇත්තෙම නැද්ද?’’ ඇගේ ඇස්වල කඳුළු මතුවුනා.
මැණික්
කාන්තා සංවර්ධන ආයතනය
අදහස් ප්‍රකාශනය ඇයට (අ)කැපයි…?
September 3, 2008 by Karapoththa
Filed under Gender, Matale, සිංහල
මේනකා ප්‍රියදර්ශණි
ජාත්‍යන්තර කාන්තා දිනය (මාර්තු 08) සමරා දැනට මාස 06 කුත් ගෙවි හමාරය. ලෝක ළමා දිනය, ජාත්‍යන්තර ඒඩ්ස් දිනය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ද ඉදිරි මාස කිහිපය තුල උත්සවාකාරයෙන් විවිධ හැඩතල වැඩසටහන්වලට දෙමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමරන වග ද අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවන් මොහොතක ද්විලිංගික සමාජ සත්ව දෙපාර්ෂවයෙන්ම (ස්ත්‍රී /පුරුෂ) මෙම වැඩසටහන් උදෙසා මහගු දායකත්වයන් ලැබෙනු නොඅනුමානය.
එහෙත්, සර්ව සාධාරණත්වය ගරු කරන හා සමානාත්මතාවය අගය කරන මිනිසුන් වෙ නම්, ඔවුනගේ අවධාණය යොමු කරනු පිණිස මෙන්ම, සිතීමේ නිදහසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කරා යන ගමන් මගට අත්වැලක් වනු පිණිස මේ අදහස සටහන් කරමි
එු් අන් කිසිදු ගැඹුරු කරුණක් නොව මේ සමාජ ක්‍රියාදාමයන් මෙහෙය විම තුල ස්ත්‍රියට මුලිකත්වය දරන්නට පුරුෂ කේන්ද්‍රීය සමාජය ඉඩදුන්නේද? ඉඩ දෙන්නේද යන්න පිළිබඳවූ ගැටලුවයි
සමාජය තුල සම තැන පිළිබඳව මාගේ තර්කය සමතැන ඉල්ලන කාන්තා සංවිධාන සමග විවාදාත්මක වුවද දෑස් ඉදිරිපිටම සනාථවන එක් කරුණක් ඇත. ඒ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වලද ප්‍රධාන භූමිකාව කාන්තාවකට හිමිවීම පුරුෂ සමාජයට දැරිය නොහැකි අවමානයක් හිසරදයක් වග නොඅගවා අගවන බව මෙන්ම, තීන්දු තීරණ ගැනීමේ කටයුත්තේදී ද නිවසේදී මෙන්ම ආයතන තුලදීද බොහෝවිට දක්නට මෙන්ම විදින්නටද ලැබෙනුයේ ගෑනුන්ගේ තීරණ දියාරු තීරණ බැවින් එකගවිමට පුරුෂයන් දක්වන මැලිබවයි. (මෙසේ නොවන තීරණ තීරණ ලෙසම සලකන මහත්වරු අතලොස්සක් මේ සමාජයේ වන බැවින් මේ අදහසේ කස පහර ඔවුනට එල්ල නොවනු ඇත.)
සමස්ථය සැලකූවිට අධ්‍යාපන ක්‍රමය, ජීවත්වන සමාජය, එලඔෙන ගැටලු එක හා සමාන වේ නම් තීන්දු හෝ තීරණ , මිනිසාගෙන් මිනිසාට වෙනස්ව්ම හැර ස්ත්‍රී හෝ පුරුෂ ලිංග භේදය එයට අකුලක්, බාධකයක් නොවනු ඇති වග මාගේ හැගීම හා දැනීමයි. එය එසේ වී නම් වැටත් නියරත් ගොයම් කෑම පිළිබඳව පවසා ඇගබේරා ගැනීමේ න්‍යායෙන් බැහැරව විවෘත මනසකින් පහත කරුණු පිළිබඳව සිතන්නට මනුෂ්‍යත්වයෙන් ආරාධනා කරමි.
තින්දූ තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කොපමණවේද?
දේශපාලන පක්ෂතුල කාන්තාවන්ට දේශපාලනයට එක්විමට ඉතිරි කරන, නැතිනම් දෙන අවස්ථා කොතරම් අල්පද
රාජ්‍ය නොවන ආයතනවල මුල් පුටුවල කාන්තාවන් සිටින්නේ සමස්ථය සැලකූ විට අතලොස්සක පමණිී
සංවිධානතුල කාන්තාවන් සිතන පතන ආකාරය ක්‍රියාවට නැංව්මට පෙර සංවාද තර්ක කොතරම් ප්‍රමාණයකට ඇයට පිළිතුරු සපයන්නට වේද?
කාන්තා සංවිධාන වල මුල පුටු හොබවන්නට මහත්වරු කෙතරම් අකමැතිවේද?
සමහර සංවිධාන හා ආයතන තුල කෙතරම් සුදූසුකම් තිබුනද ඉහල පුටුවකට යාමට කින්තාවක් විම නිසාම කාන්තාවන්ට ගැටලුවක් නොවේද?
මවක, බිරිදක, දියණියක මෙන්ම සොයුරියක ලෙස ගැහැණිය සමාජයට පුරුෂයාට වඩා සංවේදී විම සමාජ භූමිකාවට තීරණ ගැනීමේදී කෙතරම් සවියක් සපයයිද ?
අවසන මෙසේ සටහන් කරමි .“ලැබිය යුතු යමක් වේ නම් දිනක යම් සුදුස්සාටම අයිති විය යුතු “ඔබ කීවාට ආදරණීය බ්‍රෙෂ්ටි ඇයට හිමි අහිමිකාරීත්වයමද?
“මීනා” කියෙව්වද?
August 13, 2008 by Vikalpa_R
Filed under Colombo, Gender, Human Rights, සිංහල
“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ
ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා
රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය
පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට
ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක
මීනා පියමනියි, අප අසළින් ’’
2002 පෙබරවාරි 04 වෙනි දින මීනාගේ පහළොස් වැනි ගුණ සමරුව උදෙසා පකිස්ථානයේ පෙෂාවෝර්හි ශාලාවකට රැස් වූ සිය ගණනක් ස්ත්‍රීන් අතරින් ඉන්දියානු – ඇමරිකානු කිවිඳියක වූ නීෂා මර්චන්ද්‍රානි විසින් එම අවස්ථාව සඳහා ලියන ලද කවියක කොටසකි ඒ.
මා පහුගියදා “මීනා” කියවා අවසන් කළේ එක හුස්මටය. එය ඇෆ්ගන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිපිදු වීරවරියකගේ සත්‍ය කතාවයි. මෙලඩි එමඩයිල්ඩ් ඩාවිස් විසින් රචනා කරන ලද එය සිංහලට පරිවර්ථනය කර තිබුණේ ප්‍රභා මනුරත්න විසිනි. එය වයස් භේදයක් නොතකා සෑම ස්ත්‍රියක් විසින්ම කියවිය යුතු පොතකි.
එපමණක්ද නොවේ. ඇය විසින් ගොඩ නඟන ලද “රාවා” (Revolutionary Association of the Women of Afghanistan)වැනි සංවිධාන ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කරන සෑම ගැහැණියකගේම මිනිහෙකුගේම ආලෝකයක් විය යුතුය.
එපමණකුත් නොවේ. හදිසි පණිවිඩයක් ලැබී මීනා තම රියැදුරු සහ ආරක්‍ෂකයෙකු සමඟ කලබලයෙන් ගියේ කිසියම් ස්ත්‍රියක් මුණ ගැසීමටය. එසේ ගිය ඇය යළි ආපසු නොආවාය. මීනා අතුරුදහන් වී හය මසකට පසු පාකිස්ථාන පුවත්පත්වල මීනාගේ ඝාතනය ගැන මෙසේ සඳහන් විය. “ඇෆ්ගනිස්ථානයේ සිට පකිස්ථානය කරා දේශසීමාව හරහා රථයක් පදවාගෙන පැමිණි මිනිසුන් දෙදෙනෙකුව නතර කරන ලදී. ඔවුන්ගේ රථය පරීක්‍ෂා කරනවිට එහි තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනවිට, ඔවුන්ට වධ දෙනවිට, ඔවුන් විසින් පුද්ගලයන් තිදෙනෙකුව ඝාතනය කරන ලද බව පාපොච්චාරණය කරනු ලැබ තිබුණි. ඒ පුද්ගලයන් තිදෙනා නම් රාවා හි අතුරුදහන් වූ පිරිමි ආධාරකරුවන් දෙදෙනා සහ මීනා නමැති තිස් හැවිරිදි කාන්තාවකි.” ඝාතකයින්ගෙන් එක් අයෙකු වූයේ මීනාගේම සංවිධානය වූ “රාවා” හොඳින් හඳුනන එහි සමීපතමයකු වූ අහමඩ් සුල්තාන්ය. දෙවැන්නා, ඔහුගේ ඥාති සොහොයුරෙකි. මෙයින් කියවෙන්නේ මීනාගේ සාහකයින් සිටියේ ඈ සමඟම බවයි. එයද අප මීනාගෙන් උගතයුතු පාඩමකි.
මීනා වරෙක අපේම අත්දැකීම් සිහිපත් කරවයි. අපේ රටේ අසු ගනන් වල ගොවි සංවිධාන ගෙන ගිය විවිධ උද්ඝොෂණ තුළ තරමක් දුරට මීට සමාන අත්දැකීම් වලට අපද මුහුණ දී ඇත. ඒත් වසර 25ක යුද්ධයකට මැදි වී සිටින ශ්‍රී ලංකාවේ සංවිධාන වල අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. මර්ධනය වැඩි වන විට අවදි වීමට වඩා සුපුරුදු නිහඬතාවය ශ්‍රී ලංකාවට ආවේනික වූ දෙයක් දැයි අපට කල්පනා කළ යුතුය. එසේ නැතහොත් එය මර්ධනයේ ජයග්‍රාහී පියවරක්ද?
මැණික්
2008.08.08


