‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්
September 8, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Media, සිංහල
‛‛පිස්සු රජා අපිට එපා
මහින්දයෝ මේ අහපන්
සංශෝධනේ නවත්තපන්
නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛18වන සංශෝධනයට එරෙහි ව්‍යාපාරය’ විසිනි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල නියෝජිතයින් මෙයට එක්ව සිටියේය. ‛‛මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අපි අද ප්‍රකාශයට පත් කරලා, අද කනත්තට ඇවිල්ලා ඒ මළගම ලෝකයට අපි ප්‍රකාශ කරනවා.’’ මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටියේ ය.
වෝඩ් පෙදෙසින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය බොරුල්ල මංසන්ධිය වෙතට පැමිණෙන විට පොළීසිය එයට බාධා කරමින් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරූ විරෝධතාකරුවන් නාරාහෙන්පිට දෙසට හරවා යැවීය. ඉන්පසු ඔවුන් සේනානායක හංදිය අසලට පැමිණ නැවතත් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරීමේදී පොළීසිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ අවස්ථාවේදී රාජගිරිය දෙසට යන මාර්ගය පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබිණී. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් එම මන්සංදියේ වාඩිලාගෙන තම විරෝධය ප්‍රකාශ කල අතර පසුව බොරැල්ල කනත්ත අසලට පැමිණ රැස්වීමක් පැවත්වීය.
මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජොසප් ස්ටාලින් ‛‛මෙතනට අද විවිධ බලවේග ඇවිල්ලා ඉන්නවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පොදු මහජනතාව මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනිවාර්‍යයෙන්ම මේ 18වන සංශෝධනය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් වීදියේදී අපි එය පරාජය කරනවා.’’
‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, සිංහල
‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම යෝජිත 18වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙම ස්ථානයට පැමිණි කොඳුනාරටිය තියෙන ප්‍රගිතිශීලි නිතිඥ වරුන්ට ස්තුතියි.’’ මෙසේ පවසා සිටියේ ජාතික නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතායි. ඒ අද කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට යෝජිත 18වන සංශෝධනයට එරෙහිව පැවති උද්ඝෝෂණයකදීය. ඔහු වැඩිදුරටත් මෙසේ පවැසී ය.
‛‛8වනදා පාර්ලිමේන්තුවේ මෙම පනතට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනාට ඉතිහාසයේ අපරාධ කරුවන් වෙනවා.මේ සොහොන්ගත කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියයි. ඒ නිසා සියලු දෙනාට වගීමක් තියනවා එයට එරෙහි වෙන්න.’’
‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Media
විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ
2005 දී වාමාංශික පක්ෂ එකතුව
http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php
වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති ජනතා පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ජනාධිපති අපේක්ෂකල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනයල වමේ පක්ෂවලට පූර්ණ වශයෙන් එකඟවිය නොහැකි යම් යම් කාරණා තිබුණා වුවත් මූලික වශයෙන් ජනතා හිතවාදි ප්‍රතිපත්ති මාලාවක් ලෙස සලකන බව ඊයේ නිකුත්කළ පුවත් පත් නිවේදකයකින් කියා සිටියේය. එම නිවේදනයේ මෙසේ සඳහන් විය. ‛ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ ඇතුළත් වන පොරොන්දු වාමාංශික පක්ෂ අගය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත් ඒ පොරොන්දු අතර ප්‍රධාන වෙනවා’’.
2010 මැයි මාසයේදී වාසුදේව නානායක්කාර
http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/11251-vasu-wants-executive-presidency-abolished.html
බලයේ සිටින ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වඩා එම ධුරය සඳහා තරඟ කළ නොහැකි වන ලෙස ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට වමේ පක්ෂ විරුද්ධයි. ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂවලින් සමන්විත වන වමේ පොදු පෙරමුණ මැයි 31 වන දා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කිරීමට වමේ පොදු පෙරමුණ සිය විරෝධය පළ කරන බවයි.
2010 ජූනි වාසුදේව නානායක්කාර
http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100610_unpcon.shtml
විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට තමන් විරුද්ධ වන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. තමන් ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම විධායක ජනාධිපතිධුරයට විරුද්ධව පෙනී සිටි බව ඔහු කියා සිටියේය. ආණ්ඩුවත් සමග සිටිමින්ම ජනාධිපතිට තවත් ධුර කාලයක් බලයේ සිටීම සඳහා ඉඩ ලබා දෙන ක්‍රියාමාර්ගයකට තමන් විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
දින කීපයකට ඉහතදී වාසුදේව නානායක්කාර මහතා අද දෙරණට කළ ප්‍රකාශයක්
http://www.adaderana.lk/news.php?nid=9651
වමේ පක්ෂ 1978 ව්‍යවස්ථාවට එරෙහි වූණා සේම මේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලටත් එරෙහි වන වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක වාසුදේව නානායක්කාර මහතා මීට ටික මොහොතකට පෙර අද දෙරණට කියා සිටියේය.
වාසුදේව නානායක්කාර අද ලංකාදීප
වමේ පක්ෂ එකතුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවසීය.
18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මාධ්‍ය නිෙව්දනය – වාමාංශික ව්‍යාපාරය
18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සමාජවාදී ජනතා පෙරමුණ ගත් තීන්දුව ලංකා සම සමාජ පක්‍ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුතර තීන්දුව නොවේ.
සමාජවාදී ජනතා පෙරමුණ සමන්විත වන පක්‍ෂ 2ක් වන ලංකා සම සමාජ පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා නොකිරිමට තීරණය කර තිබියදීත් එම තීරණ නොතකා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ලසසප හා ප්‍රවාපෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත් තීන්දුව අප තරයේ ප්‍රතික්‍ෂේප කරමු. සමාජවාදී ජනතා පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධවූවත්, මේ අවස්ථාව සලකා එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවට වාසුදේව නානයක්කාර සහෝදරයා මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදී මෙන්ම එම පක්‍ෂවල බහුතරයේ තීන්දු උල්ලංඝනය කිරිමකි.
සමාජවාදී ජනතා පෙරමුණ මෙම සංශෝධනයට සහය පලකිරිමට ඉදිරිපත්වීම අනාගතයේදී රටතුල අධිකාරිවාදී පාලනතන්ත්‍රයක් ඇතිකිරිමට අනුභලදීමක් ලෙස සැලකිය යුතුවේ. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා වාමාංශික ව්‍යාපාරය ගෙනගිය අරගලය හා වාමාංශික හෘදසාක්‍ෂිය අමු අමුවේ පවා දීමක්ය. මෙම තීරණයත් සමඟ සමාජවාදී ජනතා පෙරමුණේ නායකත්වයේ අවස්ථාවාදී භාවය හා දේශපාලනික බෙලහීනභාවය පෙන්නුම් කරයි. කෙසේවූවත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට හා එමගින් ඇතිවිය හැකි දේශපාලන අධිකාරිවාදය පරාජය කිරිමේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය දිගටම ගෙනයන අතර එම සාමුහික අරගලයට සියළුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරමු.
අත්සන් කලේ
අධිනීතිඥ අශෝක වීරසිංහද සිල්වා (ල.ස.ස.පෙ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභික)
විමල් රුද්‍රිගූ (ල.ස.ස.පෙ නි. ලේකම් හා දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ ලාල් විජේනායක (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ පර්සි වික්‍රමසේකර (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ටී. එම් රෂ්ඩීන් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා සභාපති ලංකා කම්කරු සම්මේලනය)
චමීර පෙරේරා (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා ප්‍රධාන ලේකම් සම සමාජ තරුණ සමිති මහා සංගමය)
හෙළරුවන් සේනාරත්න (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ඒ. ඇස්. ඇම්. ෆාරුක් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ආචාර්‍ය කුමාර් ඩේවිඩ් (ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
ආර්. පී. ලංකාලෝක ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
කුවින්ටස් ලියනගේ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩඩ්ලි කලන්සූරිය ආරච්චි ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩබ්. කේ. විලේගොඩ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩිශාන් ධර්මසේන ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
තිසුන් වනසිංහ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
එච්. ඒ. ඒ. චන්ද්‍රපාල ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
’චින්තනයේ’ යකඩ ඇණ
September 6, 2010 by Karapoththa
Filed under Democracy, Galle, Governance, Human Rights, Human Security, Life quips, Media, සිංහල

පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි.
ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව මෙහෙය වූ මැර හමුදාවන්ගේ පැහැර ගැනීමට ලක්ව කඩා බිඳ දමන ලද මාගේ වම්පාදය බද්ධ කිරීමට කොළඹ මහරෝහලේ වෛද්‍යවරුන් ගසන ලද ඇණ සහ තහඩුයි. හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්ට මෙළෙස ඇණ සහ තහඩු ගසා මාගේ පාදය බද්ධ කිරීමට සිදු වූයේ ’චින්තනයට’ ගැති නොවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමට මූලික පිඔුරු පත් සකසන විට ඊට එරෙහිවීම හේතුවෙනි.
එදා අප කෑමොර දුන්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමේ මිනීපෙට්ටියේ අවසන් ඇණය ගැසීම මේ මස 8 වනදාට සිදුවේ. ඊට අතඔසවන හෝ මොනයම් අයුරකින් රුකුල් දෙන සියලු දෙනා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවූ මිනී පෙට්ටියට ඇණ ගැසීමට හවුල් වුවන් වශයෙන්, සදාතනික ද්‍රොහීන් ලෙස ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වනු ඇත.
ඇසිය යුත්තේ…ද්‍රෝහින් තොප ද? අප ද?
පොද්දල ජයන්ත
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ හිටපු මහලේකම්
ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.
September 2, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, සිංහල
‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර තිබේ.
මෙම සංවාදයේ පුර්ව ප්‍රචාරක පෝස්ටරයක් කොළඹ නගරයේ අද අලවා තිබූ අතර එහි හඳගම මහතාගේ නම පමණක් සඳහන් වී ඇති නිසා පොළිසිය ඔහුගෙන් ප්‍රශ්ණ කළ බව අද[2] ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයෙ පැවති එම සංවාදයේදී අශෝක හඳගම මහතා පවසා සිටියේ ය.
‛මට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ආරාධනාවක් ලැබිලා තියනවා මට කතාවක් කරන්න. ඒක නිසා මම ඒකට යනවා ඔයාලටත් ඕන නම් ඇවිල්ලා අහගෙන ඉන්න’ යනුවෙන් පොළිසියට පැවසූ බව හඳගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කෙසේ වෙතත් පොළිසිය පවසා ඇත්තේ මේ දිනවල පෝස්ටර් ඇලවීම තහනම් නිසා මෙසේ ප්‍රශ්ණ කිරීමට පැමිණි බවත් ය.
කෙසේ වෙතත් මෙවැනි සංවාද, නාට්‍ය, චිත්‍රපට වැනි සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළීසිය තම බලය භාවිතා කරමින් විවිධ ලෙස ඒවා වාරණය කිරීමට පසුගිය කාලයේදී විවිධ උත්සහ ගන්නා ලදි.
එහි ආසන්නම සිද්ධිය වාර්තා වූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‛දෙබිඩ්ඩෝ’ නාට්‍ය වේදිකා ගත වන මොහොතක පොළිසිය පැමිණ ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමත් සහ එහි දුම්පානය කරන ලද ජවනිකාව ඉවත් කිරීමට බල කිරිමත් ය.
සටහන
පෝස්ටර් ඇලවීම නිසා පොලීසිය ප්‍රශ්ණ කරන්නේ නම් දිනකට කොළඹ නගරයේ අලවන ලද පෝස්ටර්වල හිමිකරුවන්ගෙන් පොළිසිය මෙසේ ප්‍රශ්ණ කිරීමකට ලක් කල යුතුය. එැවැනි සිදුවීමක් මෙතෙක් කිසිදු ස්ථානයක වාර්තා වී නැත. එබැවින් මෙය කලා පොලීසියේ තවත් එක් පොළිස් වැඩක්ය. කොළඹ ඇතුලු නගරවල ඇලවූ පොස්ටර් සඳහා මෙම වෙබ් අඩවිය බලන්න www.lankaposter.wordpress.com.
ෙම් එම ෙපා්ස්ටරය යි.
‛‛ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.
September 2, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, සිංහල
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(02) කොටුව දුම්රිය ස්ථානය අසලදී ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වීය.
එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, කේ. ඩී. ලාල් කාන්ත සහ අනුර දිසානායක, විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ‛‛අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවට ගෙනල්ලා 2/3 බලයකින් සම්මත කරගන්න උත්සහ කරමින් ඉන්නවා. මේ ව්‍යවස්ථාව ඒකාධිපති බලය තවත් තහවරු කරගන්න ගේන ව්‍යවස්ථාවක්. කෙසේ වෙතත් මේ ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත්කල යුතුව තියෙනවා. එසේ නැතිනම් අපිට අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒකාධිපති රටක ජීවත් වෙන්න සිද්ධ වෙනවා.’’
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්
September 2, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, සිංහල
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම සඳහා ගෙනෙන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය විකෘති කිරීම කිරීම හෝ බල රහිත කිරීම එහි දෙවන අදියර බවත් පවසා ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගොඩ නැගෙන ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වය පරාජය කරමු
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන්නට යන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට මුහුණදීමට තිබූ සීමා මායිම් අහෝසි කරමින් සිටී. එසේම රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම සඳහා ගෙනෙන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය විකෘති කිරීම කිරීම හෝ බල රහිත කිරීම එහි දෙවන අදියර වේ. මෙකී 18 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ බලතුලනය යටතේ 2/3ක බහුතරයකින් සම්මත වුවද එකී ක්‍රියාවලිය තුළ මෙරට ජන සමාජයේ මහජන කැමැත්ත මහජන හෘද සාක්‍ෂිය එලෙසම නිරූපණය වන්නේ නැත. තවද අප රටේ දේශපාලකයන්ගේ අවංකභාවය මෙන්ම ප්‍රතිපත්ති ගරුකභාවයද දැඩි ලෙස ප්‍රශ්ණ කරනු ලබයි.
70 දශකයේ අග භාගයේදී හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව එය හඳුන්වාදුන් අවධියේ සිටම විරෝධයන් එල්ල විය. ඒ සඳහා මූලික වූයේ සාම්ප්‍රදායික වාමාංශික පක්‍ෂ හා ශ්‍රීලනිපයයි. ඉන් අනතුරුව 90 දශකයේදී එකී විරෝධතාවය ජවිපෙ විසින් ඉදිරියට ගනු ලැබූ අතර ඒ සමඟ එකතුවූ බලව්ගය වූයේද ශ්‍රීලනිපයයි. 2010 දී මෙකී විරෝධයට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එජාපයද එක්ව සිටී. මේ නයින් ගත්කළ හුදු මහත් ශ්‍රී ලාංකික දේශපාලනික සමාජයම, මෙකි විධායක ජනාධිපති ක්‍රමයට හරයාත්මකව විරෝධතාවය දක්වා ඇති අතර, එය පරාජය කිරීමට කටයුතු කෙරී තිබේ.
නමුත් අද එකී විරෝධතා ව්‍යාපාරයේ නියමුවන් වූ ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට් මණ්ඩලය හා එකී නායකත්වය දරණ ජනාධිපතිවරයා විසින් තමන්ගේ අතීත ස්ථාවරත්වයට පරස්පර වෙමින් මේ වන විට විධායක ජනාධිපතිධූරය තවදුරටත් ශක්තිමත් කොට පවත්වා ගෙන යාමට අදාළ සංශෝධන මගින් කටයුතු කරමින් සිටී. මෙකී තත්ත්වය දේශපාලනිකව ගත් කල විගඩමක් වන්නා සේම සමාජයීව ගත් කල සමාජ හෘද සාක්‍ෂියේ ඛේදවාචකයක් වේ.
රාජ්‍ය සේවය දේශපාලනීකරණය ඇරඹුයේ 1972 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නිලධාරීන් පත් කිරිම කැබිනට් මන්ඩලය යටතට ගැනීම තුලිනි. එතැන් සිට පොදු මහජනතාවට මහජන සේවා සපයන ලද්දේ දේශපාලනික පදනමකිනි. දේශපාලනිකව විරුද්ධ මතයක් දැරූවන්ට රාජ්‍ය සේවය හෝ පොලීසියෙන් සේවා නොසැපයුනු අතර සියලු සේවා ආණ්ඩු පක්‍ෂ විසින් ජනතාවට දේශපාලනික අධිකාරියේ අභිමතය මත සැපයෙන්නක් විය. මෙකී තත්ත්වය තුළ 17 වන සංශෝධනය ඉදිරිපත් වන්නේ මෙකී සමාජයික හා දේශපාලනික පරස්පරය නැති කිරීමට ය. නමුත් අද නැවතත් එකී පූර්ණ බලතල 18 වන සංශෝධනය හරහා කැබිනට් මණ්ඩලයට ලබාදී තිබේ.
රාජ්‍ය දේශපාලනීකරණය හේතු කොට ගෙන මහජන ගැහැට 17 වන සංශෝධනයේ උපත විය. එහි සම්භවය හෝ ඒ තුළ තිබූ ක්‍රියාපටිපාටියේ දුර්වලතා 17 වන සංශෝධනයේ මූලික අරමුණ පරාජය කරන්නට සමත්වූයේ නැත. අද පරාජය කරමින් සිටින්නේ එකී පරමාර්ථ වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප, තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, චම්පික රණවක, විමල් වීරවංශ ගෙන් සමන්විත දේශපාලන බලහවුල පෙරමුණ ගෙන සිටී. කොමිසන් සභා පත්කිරීමේ බලය, ව්‍යවස්ථාදායක සභාවෙන් පැහැර ගෙන ජනාධිපතිවරයා වෙත නැවත ලබාදී ඇත. සංශෝධනය යටතේ පත් කොට ඇති පාර්ලිමේන්තු කමිටුව හුදු ආභරණයක් වන අතර එය විමසීම ජනාධිපතිවරයාගේ දැක්ම හා අවධානය මත පමණක් සිදුවනු ඇත. අප දැඩිව විශ්වාස කරන අන්දමට මෙකී පියවර තුළ අන්තර්ගතයෙන් කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී හරයන් නොමැති අතර, ඒ තුලින් ආරම්භ කරමින් සිටින්නේ, ව්‍යවස්ථාපිත ඒකාධිපධිත්වයකි. හිට්ලර් පාර්ලිමේන්තුවට ගිනි තබමින්, පාර්ලිමේන්තුව අකර්මන්‍ය කරමින් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට ගමන් කළේ ය. අවසානයේ ඒ තුලින් ඔහු මුලු මහත් ජර්මනියම විනාශ මුඛයට ඇද හෙලුවේය.
වර්තමානයේදී මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ඉහත කී බල හවුල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය හරහා පාර්ලිමේන්තුව රූකඩයක් කර ගනිමින් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට ප්‍රවිශ්ඨ වෙමින් සිටී. ඒ තුලින් අනාගතයේදී රට තුළ ඇති විය හැකි විනාශය වලකා ගැනීමට මෙකී 18 වන සංශෝධනයට විරෝධය දක්වන ලෙස අප සියලු ප්‍රගතිශිලී ජනතාවගේ ඉල්ලා සිටිමු.
‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු
August 31, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, සිංහල
අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු 18 වැනි සංශෝධනය, ඒකෙ අරමුණ තමයි ජනාධිපතිතුමාගේ බලය තවතවත් තහවරු කරගන්න, ඉංග්‍රීසියෙන් කියනවනම් ක්‍යැජනි ්බා ඊ්ක්බජැි අවශ්‍යයි. අද ලංකාව දිහා බලනකොට මොනවටද ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නෙ. යුද්ධයක් ඉවර කරා, දැන් කරන්න තියෙන දේ අවශ්‍යම දේ තමයි ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දීම. නමුත් ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තමයි බලය තහවුරු කරන්න මේ 18 වන සංශෝධනය පාවිචිකිරීම තුළින්. එහි මොනවත් කියන්නේ නැහැ ජනවාර්ගික ප්‍රශ්ණය ගැන. දෙවනුව 17 වන සංශෝධනය, අපිට තිබිච්ච 17 වන සංශෝධනය, යහපාලනය ගැන තමයි එහි තිබුණේ. ඒක අහෝසි කරල, දැන් උපදේශක කමිටුවක් හැටියට ජනාධිපතිතුමා, කථානායකතුමා, විපක්‍ෂනායකතුමා, අගමැතිතුමා ඇතුලු තවදෙන්නෙක් විපක්‍ෂනායකතුමාගේ නියෝජිතයෙක් සහ අගමැතිතුමාගේ නියෝජිතයෙක් පත් වෙයි. ඒගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිතුමාට. ඒ කියන්නෙ ඒ බලයත් දැන් ජනාධිපතිතුමාට තමයි යෝජනා වෙන්නෙ. මේ නිසා අද ලංකාවේ යහපාලනය දිහා බලනකොට ලොකුම, ලොකු අභියෝගය, ලොකුම බිය තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයිද කියන එක.
(ආචාර්ය පාක්ක්‍්‍යසෝති සරවනමුත්තු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි)






























