ශබ්ද කිරීම තහනම් – මිනිස්සු නිදි

“නින්ද” මිනිසුන්ගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයකි. විවිධ පුද්ගලයන්ගේ දින චර්යාවේ කාර්ය බහුලත්වය මත නිදාගන්නා පැය ගණන තීරණය වේ. වෛද්‍යවරන්ගේ මතය වන්නේ සාමන්‍ය මිනිසෙකු දිනකට පැය හයක් නිදියෑම හොඳටම ප්‍රමාණවත් බවයි.

නමුත් නිතරම නින්ද යෑම රෝග තත්ත්වයකි. එය බොහෝ රෝගවල මූලික රෝග ලක්‍ෂණයක් වේ. මිනිසුන් නිදාගන්නා ආකාරය පිළිබද සමාජ ව්‍යවාහරයේ දී වර්ග කීපයකට වෙන්කර දක්වයි. හොරට නිදියෑම, බාගෙට නිදියෑම, මැරණාවගේ නිදියෑම ආදී වශයෙන් ව්‍යවහාරයේදී බෙදා වෙන්කරයි. එය කිසිදු විද්‍යාත්මක හෝ අන්කිසි කාරණාවක සිට බෙදනු ලැබූ ඒවා නොව යම් යම් ව්‍යංගාර්ථ ඒ ඒ නින්ද සමඟ යෙදේ. සමහරු නින්ද නොයෑම නිසා නිදිපෙති ගෙන නිදති. සමහරුන්නම් අවදියෙන් සිටියත් නිදිවගේය. අවට සිදුවන දෑ සම්බන්ධව කිසිඳු තැකීමක් නැත. නින්ද ගියපසු මිනිසුන් විවිධ අය විවිධ දෑ කරති. සමහරෙක් නින්දෙන් ඇවිදිති. තවත් සමහරු කියවති. තවත් අය හඬති. සමහරෙක් දර පලනවා මෙන් ගොරවමින් නිදියති. ඔය අතරින් සමහරෙක් කිසිදු ශබ්දයක් නැතිව සැපට නිදියති. සැපට නින්ද යන්නත් පින් කරන්න ඔනේ බව ගමේ ගොඩේ අය කියති.

ඔය අතර නිදා සිටිනා නින්දෙන් අවදි කළ විට දක්වන ප්‍රතිචාර විවිධාකරය, විශ්මය දනවන සුඑය. අයෙක්ට නින්දෙන් අවදි කළ විට උරු ජුවල් යති. සමහරු ආයේ නිදති. තවත් අය ඇහැරී ඔහේ බලා හිදිති. කලාතුරකින් අයෙක් පමණක් “ඇයි” කියා අවදි කිරීමට හේතුව විමසති. එවැනි විටෙක නිදි සිටිනා, අය කෑගහන්නේ නැතිව ඉන්න කියා ඇහැරුණු අයට බනිති.

මේ ආකරයට නින්දේ බොහෝ ක්‍රමවේද සහ උපසංස්කෘතීන් ඇත. මිනිසුන් දවස පුරාම නිදාගන්නවාට ආසා කරන පිරිස්ද අප අතරම සිටිති. ඒ සොර සතුරන් වැනි අයවේ. මිනිසුන් හැකිතරම් නිදා ගන්නනේනම් ඔවුන් කැමතිය. එසේ නිදා ගත්තොත් ඇහැරෙන විට ඇඳ සිටි ඇඳුමත් නැති වනු ඇති බවටනම් කිසිම සැකයක් නැත.
“නින්ද” දේශපාලනික කාරණාවක් වනුයේ රටක ජනතාව නිද්‍රාශීලීව සිටිනවාට බොහෝවිට පාලකයන් කැමතිය. ඒ ඔවුන්ට රිසි සේ පාලනය ගෙනයාමට හැකි බැවිනි. අද වන විට මෙම නිද්‍රාශීලී බව ශ්‍රී ලංකේය සමාජය අරක්ගෙන ඇත. එම නිසාම නිදා සිටින ජාතියකට ජ්‍රජාත්‍රන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, තමන්ගේ මතයක් දැරීමේ නිදහස ආදිය අවශ්‍ය නැතැයි පාලක පන්තිය සිතනවා වෙන්නට බැරි නැත. ඒ නිසා ඔවුන් තමන්ට රිසි පාලන ක්‍රමයක්, ඔවුන්ගේ මාධ්‍ය සංස්කෘතියක්, ආදිය පවත්වාගෙන යන්නේ ඒ නිසා වන්නට පුළුවන.

සමාජයේ සියලු ස්ථර නිද්‍රාශීලී තත්ත්වයකට වැටුණුකළ ඇහැරී සිටන අයට සහ නින්ද නොයන අයට දෙයියන්ගේම පිහිටය. මේ මොහොතේ අවදියෙන් සිටිය හැක්කේ රාජපක්‍ෂ රෙජීමයේ අනුදැනුම මත, කැමැත්ත පරිදි තම නිදාගැනීම තීරණය කළ අයට පමණි.

මෙහි බරපතල කාරණාව වනුයේ සියලු සමාජ ස්ථර නිද්‍රාශීලී වීම හරහා සිවිල් යාන්ත්‍රණ බිඳවැටීමයි. මාධ්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන, සිවිල් ක්‍රියාකරී සංවිධාන, මෙම පොදු ජන නින්ද හරහා පසුබැසීමට සිදුවී ඇති අතර එයට හේතුව එවන් සංවිධාන සහ එවායේ ක්‍රියාකාරීන්ගේ බලය රඳා පවතන්නේ පොදු ජනතාව මත බැවින්, පොදු ජනයා නින්දට වැටීම හරහා ඔවුන්ගේ ඒ සිවිල් බලය අහෝසි වී ඔවුන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව වේ. පොදු ජනී ජනයා නොදන්නා කාරණාව, එම සිවිල් බලවේග අනාරක්‍ෂිත වීම හරහා එහි සෘජු බලපෑම තමන් වෙතට එල්ල වන බවය.

අද වන විට මේ පොදුජන නිද්‍රාශීලීත්වය කෙතරම්දයත් ඛේදනීය තත්ත්වයක් කියතෙත්, සිදුවන මානව විරෝධී කටයුතු, ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී කටයුතු හමුවේ කිසිඳු මහජන මැදිහත් වීමක් නොමැති වීමයි. තමන් මානවයන් නොවේ යන හැඟීමෙන් මෙන් මිනිසුන් ඉවත බලා සිටිති. එය තමන්ගේ අතින්ම විලංගුලා යතුර අනුන්ට බාරදීමක් වැනිය.

ඔවුහු 2/3 ඉල්ලූහ. ජනතාව නිදිමතේම ගොස් 2/3 දුන්හ. පසුවිපරම්, පෙර සසදා බැලීම් කිසිත් නැත. ඔවුහු උතුරේ ප්‍රශ්ණය විසඳූ ඔවුන් බව කීහ. ජනතාව නිදිමර ගාතේ ගොස් රතිඤ්දා පත්තුකර කිරීබත් කෑහ. ඉන්පසු අනෙක් පැත්ත හැරී යළිත් නිදන්නට වූහ. පාලකයේ තමන් මේ නීතිය අලුතෙන් ගෙනාවායැයි කියති. ජනතාව තවත් ගුළිවෙවී නිදාගනී. පාලකයෝ නිදි අයටත් විලංගු දමනා නීති ගෙන එති. ජනතාව විලංගු දැමීමට පහසු වෙන්න නින්දෙන්ම අත් පය උස්සා දෙති. කාලයක් තිස්සේ ලාංකිකයා පෙළෙන මේ රෝග තත්ත්වය දැන් උග්‍ර අතට හැරී ඇත. ඒ නිසා සියල්ල හමුවේ නිහඬව උදාසීනව, නිදිබරව සිටිති. එහි උපරිම වාසිය තමන් වෙත නතු කරගනිමින් රාජපක්‍ෂ රෙජීමය දිනේන් දින බලවත් වෙති. ඔවුන්ගේ මේ බලවත් වීමට ප්‍රධානම හේතුව ජනතාවගේ නිදිබර උදාසීනත්වයයි.

දකුණේ ජනයාගේ නින්ද (නිදි ආතල්) කැඩීමට යාම හිරේ විලංගුවේ වැටී පමණක් නොව ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන කරණා වේ. මෑත සමාජයේම උදාහරණ ඕනෑ තරම් ඇත. ලසන්ත තීරය පිටුපස සිදුවන අකටයුතුකම් සමාජය ඉදිරියගෙන මිනිසුන්ගේ නින්ද කඩමින් මිනිසුන් සබුද්ධික තත්ත්වයට ගෙන ඒමට උත්සහ දැරීය. ජනතාව අවදිවුවහොත් තමන්ට සිදුවන දේ ගැන දන්නා ඇත්තෝ සඳහටම ලසන්ත නිහඬ කෙරූහ. ඉන්පසු ප්‍රගීත් එක්නැළිගොඩ මේ මිනිසුන්ගේ මර නින්ද කැඩීමට උත්සහ දැරීය. ඔහුගේ හඬට මිනිසුන් අවදි වියහැකි යැයි සිතු ඔවුහු ඔහුවද අතුරුදහන් කරනු ලැබීය. එසේ කිරීමෙන් පාලකයෝ ජනතාව මර නින්දේ දකින සුභ අනාගත සිහිනය සුරකීය. ජනයා මේ කිසිවක් නොදන්නාක් මෙන් තවත් නිදති. රාජපක්‍ෂ රෙජීමයද ජනතාවට අවදි වීමට ඉඩක් තබන්නේම නැත. එසේ අවදිවන එවුන් එක්කේ දේශදෝහීන් ලෙස නම් කරති. අවදි කිරීමට දරන උත්සාහයන් විදෙස් කුමන්ත්‍රණ ලෙස දකිති. ලෝකය එක් යායක් වී ගමනක් යද්දී සිංහබාහු හැරි ගල්දොර නැවත වසාගනිමින් හුදකලාව නිදති.

තවත් වරකදී සරත් ෆොන්සේකා මෙරට ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව මේ මරනින්දට වතුර ගැසූහ. නිදා සිටින ජනතාවට වතුර ගැසීමේ වරදට සරත් ෆොන්සේකාට සිදුවූයේ සිරගත වීමටය. අද ක්‍රියාත්මක වන්නේ නඩුත් හාමුදුරවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ නම් වූ කැකිල්ලේ නීති පොතය.

රාජපක්‍ෂවරු දැන් රට කරවනු ලියවිල්ල තමන්ගේ නමින් ලියාගැනීමට ලහිලහියේ සූදානම් වෙති. රට කරවන්නේ කවුරුන්ද වෙනුවෙන් යන වගක් ඔවුන්ට මතක නැත. ඒ ඈයෝ නෑයෝ එකතු වී ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වෙති. ඒ ලොව වැඩිම කළක් රටක් පාලනය කළ පවුල බවට පත් වීමයි. ජනතාවට මේවා වැඩක් නැත. ඔවුහු තවමත් ගල්තාර පොළව මත දාඩිය වඟුරවමින් සිහින දකිමින් නිදති. විටෙක උතුරු වසන්ත සිහිනය දකිති. තවත් වරෙක නැගෙනහිර නවෝදය සිහිනය දකිති. දැන් අලුත්ම හීනය ජල පිරවීමේ සිහිනයයි. සිහිනයෙන් සිහිනය මාරූ වී නිදති.

මෙවන් රටක් යන්නේ කෙතනකටද කියා සිතාගැනීමට අපහසුය. මෙම නින්දෙන් අවදි නොවන තාක් සැවොම ඔහේ හිදිනු ඇත. පාලකයෝ යහමින සිටිනු ඇත. ආයේ මැතිවරණයක් ආ පසු නිදිමරගාතේම ගොස් කතිරය ගසනු ඇත. මෙසේ නිදා ඉන්නාතුරම නිදහසනම් සිහිනයක්ම පමණකම වනු ඇත. තවදුරටත් නිදාගත හොත් මේ අඳුරු සෙවණැළිවලින් ගැලවීම ශ්‍රී ලංකේය සමාජයට පහසු නොවනු ඇත.

ක්‍රිශාන් රාජපක්‍ෂ

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන් කවරේ ද?

‛විකල්ප’ ඒ පිළිබඳව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආර්ථික අධ්‍යානාංශයේ ජේෙ‍යෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ මහතාගෙන් අදහස් වීමසූවෙමු. මේ ඒ පිළිබදව ඔහු ‛විකල්ප’ සමඟ දැක්වූ අදහස්.


‛‛මේ ආණ්ඩුව ඉදිරියේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් දෙකක් අපට හඳුනා ගන්න පුලවන්. එක් අභියෝගයක් නම් මේ රටේ ජාතික ප්‍රශ්ණය යි. දෙවනි අභියෝගය ආර්ථිකය යි.’’

මේ ආණ්ඩුව යුද්ධය ජයග්‍රහනය කළා. නමුත් ඒ ගැටුමට බලපාපු සාධක එළෙසම පවතිනවා. ගැටුම් නිරාකරනය කියන විෂය තුළ සාකච්ඡා කරනවා, ගැටුමක් නිරාකරණය වූවායින් පසුව ඒ ගැටුම විපරිවර්තනය විය යුතුයි කියලා. ගැටුමට තුඩු දුන් සාධක අහෝසි විය යුතුය කියලා. නමුත් යුද්ධය තුලින් ගැටුම විසඳුවා. නමුත් යුද්ධයට පලපාන ලද කිසිදු සාධකයක් ඉවත් කිරීමට, විපරිවර්තනය කිරිමට මේ ආණ්ඩුව පියවර ගත්තේ නැ. මේ ආණ්ඩුවේ එක මතයක් තියනවා. ඒ මතය තමයි, මේක හුදු ත්‍රස්ථවාදයක් කියන එක. ත්‍රස්ථවාදය ඇතිවෙන්නේ ඇයි කියන කාරණයට මේ ආණ්ඩුවට කිසිම මතයක් නෑ. ආණ්ඩුව හිතන්නේ මේ යුද්ධය ඇති වුනේ ආර්ථික ප්‍රශ්ණ නිසා කියලා. පාරවල්, රුකියා, කෘෂිකාර්මික, කර්මාන්ත වැනි දේ උතුරු නැගෙනහිර මිනිසුන්ට නොලැබීම නිසා කියලා එක් මතයක් තිබෙනවා. ඒ මතය සම්පූර්ණ වැරදියි. මේ යුද්ධය ඇති උනේ සමාජ, ආර්ථික හේතුවලට වඩා දේශපාලන බලය කියන හේතුව මූලික උන නිසා. මෙය සරලව කියනවා නම් දෙමළ ජනතාවට දේශපාලන බලය නොතිබීමේ ගැටලුව නිස යි මෙය ඇති උනේ.

ඒ මූලික ගැටලුව විසඳන්නේ නැතුව මේ ආණ්ඩුව උතුරු වසන්තයයි, නැගෙණහිර වසන්තයයි කෙරුවට ජනතාවගේ ප්‍රශ්ණය ඒක නෙවෙයි. දෙමළ ජනතාව කිසිදු දවසක ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න කියලා ඉල්ලුවෙ නෑ, දෙමළ ජනතාව ඉල්ලුවේ එක දෙයයි, ඔවුන්ට දේශපාලන බලය දෙන්න කියන එක.

යුද්ධයෙන් පසුව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඊනියා ඒකිය රාජ්‍ය තහවරු කරලා, මේ වෙනකොට සිංහළ බෞද්ධ රාජ්‍යයත් තහවරු කරලා ඉවරයි.
ඒ විතරක් නෙමෙයි උතුරු නැගෙණහිර ප්‍රදේශවල දමිළ ජාතිය, ජාතික සුද්දයක් කරන්නයි හදන්නේ මේ ආණ්ඩුව. හමුදා කඳවුරු අයින් නොකර, අධිආරක්ෂක කලාප වෙනස් නොකර, ඒ ජනතාව මහමඟට ඇදලා දමමින් ඉන්නේ. මේ තත්වය තුළ දෙමළ ජනතාව අන්ත අසරණ, පීඩිත තත්වකට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය. මක් නිසාද ඔවුන්ගේ ප්‍රශ්ණය තාමත් විසදිලා නැති නිසා. ඔවුන් කබලෙන් ලිපට වැටිලා ඉන්නෙ. අද හමුදා පාලනය යටතේ ‛අන්තපරිපීඩන’ තත්වයක දෙමළ ජනතාව පසුවෙන්නේ. ඔවුන්ගේ උපන් භූමිය තුළවත් ඔවුන්ට පිලිසරණක් නැතිවෙලා තියනවා. ඔවුන්ට නිදහස අහිමිවෙලා තියනවා. ඔවුන්ගේ ගොවිබිම්, දේපල ඔවුන්ට අහිමිවෙලා තියනවා. සරණාගතයන් බවට පත්වෙලා තියනවා මේරටේ දෙමළ ජාතිය. මේ නිසා වැඩිකල් යන්නට පෙර මේ අභයෝගයට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවෙනවා.

එමනිසා දෙමළ ජනතාවගේ පෙළ ගැසීම ආයුධ සන්නද්ධ පෙළ ගැසීමක් කියලා මම හිතන්නේ නෑ. ඒය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලයක් ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය නැවත ඉස්මතුවෙයි කියන කාරණාව දේශපාලනමය ලෙස සාකඡ්චා කිරීමේ දී අපට පෙනෙනවා. මේ ප්‍රශ්ණයට යුද්ධයෙන් ඇත්ත විසදුම් ලැබුනේ නෑ. යුද්ධය විසඳුම කියලා තමයි මේ ආණ්ඩුව කල්පනා කරන්නේ. ජාතික ප්‍රශ්ණයකට යුද්ධය විසඳුමක් වෙන්නේ නෑ. එක යම් කිසි කාලපරිච්ඡේදයකට යටපත් කිරීමක්. උදාහරණයක් විදිහට 71 කැරුල්ල මර්ධනය කර තරුණයෝ 14000ක් විතර මරලා දැමුවායින් පස්සේත් ප්‍රශ්ණය විසඳුනේ නෑ. නැවත 88, 89 කැරුල්ල ආවා. නැවත තරුණයෝ නැගී හිටියා. ඒ වෙලාවෙත් 60000ක් මැරුවා.

ඉදිරියේදී ජනතා පෙලගැස්මක් ඇති උනොත් ආණ්ඩුවට තියෙන විකල්පය මොකක් ද?. විශාල හමුදා මර්දනයක් දියත් කරන එක. ඒක නිසා ආණ්ඩුවට මේ රටේ බහුජාතික සමාජයේ ජාතීන් අතර ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදිව විසඳීම සම්බන්ධයෙන් වූ කිසිදු මතයක්, වැඩපිලිවෙලක්, ඉදිරි දැක්මක් නෑ.

යුදමය වශයෙන් ජනතා අරගලයක් මර්ධනය කරලා එය සදාකාලිකව විසඳුනා යැයි කියන මිත්‍යාව තුළ ඉන්නවා නම් ආණ්ඩුව, ඒක තමයි ආණ්ඩුවට වැරදුන තැන. එමනිසා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වන ප්‍රභලම අභියෝගය තමයි උතුරු නැගෙණහිර දෙමළ ජාතිකයන්ගෙන් එල්ල්වන අභියෝගය. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා අරගලයක් ලෙස අනාගතයේදී මතු වෙයි.

ආණ්ඩුවට මුහුණ දෙන්නවන අනෙක් අර්බුදය තමයි ආර්ථික අර්බුදය. දැන් මේ ආණ්ඩුව පෙන්නනවා යටිතල පහසුකම් ඇතිකිරිම පිලිබඳව. පාරවල්, පාලම්, බෝක්කු මේවා හදමින් විශාල භෞතික සංවර්ධනයක් පෙන්නනවා. නමුත් ආර්ථික විද්‍යාත්මකව කල්පනා කළොත් රටක ‛සාර්ව ආර්තිකය’ වර්ධනය වෙන්න නම්, නැතිනම් සාර්ව ආර්ථිකය වර්ධනය වෙන්නේ යටිතල පහසකම්වලන් ම නෙමේ. රටේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල වර්ධනයක් සමඟ, නමුත් මේ රටේ කිසිසේත්ම දකින්නට ලැබෙන්නේ නෑ කාර්මික සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයක්. හැබැයි යටිතල පහදුකම් හදනවා. ඒවාට පිටරටවලින් ආධාරත් ලැබෙනවා.

දැන් වරාය තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතිය. විශේෂයෙන් හම්බන්තොට වරාය. වරාය කියන්නෙ සේවාවක්. එකෙන් සාර්ව ආර්තිකය වර්ධනය වෙයි කියලා අපි කොහොමද තර්ක කරන්නේ. සාර්ව ආර්තිකය වර්ධනය වෙන්නනම් කාර්මික සහ කෂිකාර්මික ක්ෂේත්‍ර ව්‍යුහාත්මකව වෙනස් වෙමින් වර්ධනය වෙන්න ඕන. එක මහා පරිමාණ වෙනස්කමක්. එතකොට මේ ආණ්ඩුවට කුමක් ද ආර්ථිකය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ, වරාය, විදුලිබලාගාර කිහිපයක්, ගල් අඟුරු බළාගාරයක්, ගුවන්තොටුපොළ මෙවැනි හුදු සේවා ආර්ථිකයක් නිර්මාණය කිරීම පිලිබඳව විතරයි මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ.

ඊට වඩා පුඑල් සහ ගැඹුරු ආර්ථික වැඩපිළිවෙලක් ආණ්ඩුව අද වෙනතුරු ඉදිරිපත් කරලත් නෑ. අනාගතය සඳහා එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලත් නෑ. ආණ්ඩුවට තියෙන්නේ ව්‍යාපෘති කිහිපයක් පමණයි. ඒ ව්‍යාපෘතිත් සේවාවන්.

අද වෙනකොට ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබළ මණ්ඩලය, ප්‍රවාහනය වැනි ආයතන මිලියන් ගණනක් පාඩු ලබමින් තිබෙන්නේ. පසුගිය වසරේ අයවැය ලේඛණය ඉදිරිපත් නොකලෙත් ඒ නිසාමයි. එකේ අනිත් කාරණය තමයි මැතිවරණයේදි එල්ලවිය හැකි යැයි අනුමාන කල අභියෝග නිසාත් මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කිරිම ආණ්ඩුව මගහැරියා.

වර්තමානය වෙනකොට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අණකරලා තියනවා ඔවුන්ගේ ණය මුදාහරින්න නම් අයවැය පරතරය 7% දක්වා අඩු කරන්න කියලා. අයවැය පරතරය 7% දක්වා අඩු කිරිමේ දී විශාල වශයෙන් බදුගැනීමට ආණ්ඩුවට සිදුවෙනවා. භාණ්ඩ මත පනවන බදු, වක්‍රබදු අය කරන්න සිදුවෙනවා. විශේෂයෙන් ආනනයන බදු වැඩිකරන්න සිදු වෙනවා. එමනිසා ඉදිරි කාලයේදී මේ රටේ භාණ්ඩ මිල ඉතා වේගයෙන් වැඩි වෙන්වා.

මේකෙන් මිදෙන්න නම් ගෝලිය ධනවාදය විසින් විශාල මුදලක් මුදා හරින්න වෙනවා මේ ආණ්ඩුවට. මෙවැනි දෙයක් වුනොත් හැර ඉදිරි කාලයේදී සාමානය ජනජිවිතය බරපතල ලෙස කඩා වැටෙනවා. එමනිසා ඒ අභියෝගය ජය ගැනීම සදහා මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නෑ.

පසුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය තුනෙන් දෙකේ බලයක් පිළිබදව ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා ජනවරමක් ඉල්ලුවා. මේ තුලින් මේ අභියෝග ජයගන්න වර්තමානයේ ජයග්‍රහණය කර ඇති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වේ ද?

දැන් 2/3 බලය ආණ්ඩුව ඉල්ලුවා. එය ආසන්න වශයෙන් ලැබිලා තයනවා. ආසන 144ක්. තව ආසන 6ක් කොහෙන් හරි බාගන්න පුලුවන් ආණ්ඩුවට.

මොකට ද මේ 2/3 බහුතරය.

ආණ්ඩුව හිතන්නේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය මනාප ක්‍රමය කියලා. මේ රටේ ලොකුම ප්‍රශ්නය මනාප ක්‍රමය නෙමේ. ජාතික ප්‍රශ්ණය, ආර්ථිකය පිලිබඳව ඇති ප්‍රශ්නය. මේවානේ ප්‍රශ්න. එතකොට ආණ්ඩුව මේ 2/3 අරගෙන කරන්න යන්නේ මොකක්ද. මේ මනාප ක්‍රමය වෙනස් කර ඡන්ද කොට්ඨාශ ක්‍රමයට එන එක.

නැවත ඡන්ද කොට්ටාශ ක්‍රමය ඇති උනොත් 1977, 56 ඡන්දය වගේ විපක්ෂයේ ආසන මට්ටම ඉතාමත් පහළ යනවා. විපක්ෂය ඉතාම අන්ත පරාජයකට පත්වෙනවා. විධායකයක් තියෙන රටක, ඒකාධිපතිවාදයකට ආසන්නම ත්ත්වයකදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනාධිපතිගේ බලය වඩාත් සංකේන්ද්‍රනය කරපු තත්වයක් තුළ පාර්ලිමේන්තු බලයත් ජනාධිපිතිවරයෙකුට තිබුනොත්, ව්‍යවස්ථාවෙන් තිබෙන සීමාවන් පවා ඉක්මවා යෑමේ හැකියාව ජනාධිපතිවරයාට සතුවෙනවා. එවිට තමන් වෙත අධිකාරී බලය වඩ වඩාත් සංකේන්ද්‍රනය කර ගැනිමට මේ 2/3 බහුතරය පාවිච්චි කරන්න පුඑවන්.

උදා. විදිහට ජනාධිපතිවරයෙකුට දෙවාරයයි පත්වෙන්න පුඑවන්. නමුත් දැන් සමහර ඇමතිවරුම කියනවා තව වරක් අපි මහින්දව ජනාදිපති කරමු. ඒක නිසා තුන්වෙනි පාරත් අපි දෙමු ජනාධිපතිකම මහින්දට කියලා. මෙන්න මේ නිසා අපිට දැන් පැහැදිලියි 2/3 බලය පාවිච්චිකරන්න හදන්නේ මොකටද කියලා. ඒ කියන්නේ මහන්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ බලය සහ බලදේශපාලන වුවමනාවන් තහවරු කරගැනීම සඳහා තමයි මේ 2/3 බහුතරය පාවිච්චි කරන්න හදන්නේ.

මේ රටේ ජනතාව දේශපාලනිකව කිසිදු අවබොධයක් නැති, මතුපිට සාධක නැතිනම් අනුභූතිකව ප්‍රතික්‍රියා කරන ඉතාම බොළඳ ඡන්ද දයෙකයෝ පිරිසක් තමයි මේ රටේ ඉන්නේ. නැතිනම් විධායක ජනාදිපති ක්‍රමයක් තියෙන රටක පාර්ලිමේන්තු බහුතරය ජනාදිපතිවරයාට පක්ෂව දෙනවා කියන්නේ එකේන්ම මේ රටේ ජනතාවගේ දැනුම මැන ගන්න පුඑවන්. ඒකාධිපතිවාදයට කවුද මේ ඉඩ දී ලා තියෙන්නේ. මේ රටේ ඡන්දදායකයො. ඒ නිසා ආණ්ඩුවේ ඉදිරි අධිකාරිවාදී වැඩපිළිවෙලට වගකිවයුතු පිරිසක් තමයි මේ රටේ ඡන්ද දායකයෝ. නමුත් ඒ ඡන්ද දායකයන්ට ඔවුන්ම පත් කරපු ආණ්ඩුවෙන් බැටකන්න සිද්ධ වුනු දවසට තේරෙයි ඔවුන් කරපු පහුගිය මෝඩකම්වල රඟේ.

මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය


‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’

2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ සිදු වූ ඡන්ද මංකොල්ලයත් සමඟ ය. එම ඡන්ද මංකොල්ලයෙන් සිදුවූයේ අවසන එහි ප්‍රතිඵල ශුන්‍ය කිරීමටයි. එසේ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට කොන්දක් ද තිබුනේය.

කෙසේ නමුත් මේ වන විට එම ශුන්‍ය කළ කොට්ඨාශ දෙකෙහිම ඡන්දය දැන් පැවැත්වෙයි. නමුත් අද(20) දිනය අවසාන වන තෙක් විශේෂයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පවත්වන ඡන්දය නිදහස් හා සාධාරණ දැයි කිව නොහැක. මක්නිසාද යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ නිසා ය. ‛නාවලපිටිය සිද්ධිය මානසික රෝගියෙකුගේ විකෘති ක්‍රියාමාර්ගයක්’ යැයි එජනිස ප්‍රභලයෙක් සේම මහනුවර දිස්ත්‍රික් අපේකෂකයෙකු වන එස්. බී. දිසානායක මහතා විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබීමයි. එබැවින් එම මානසික රෝගියා මේවන විට ප්‍රතිකාර ගැනීමට යොමුව තිබීම පිළිබඳ කිසිදු සටහනක් මේ වන විට නැත. එයින් හැඟවෙන්නේ අද ද එම මානසික රෝගියා නාවලපිටියේ ක්‍රියාකරන බවය.

නමුත් නාවලපිටියේ සිදුවූයේ කුමක්ද යන්න මේ වන විට ආණ්ඩුවද, පොලිස්පතිවරයාද හොදින් දැන සිටිය යුතුය. එහෙත් එකම පක්ෂයේ අපේක්ෂකයන් මෙසේ අං ඇද ගන්නා විට ජනතාවට කුමක් කළ හැකිද? එසේම නාවලපිටියේ මෙන්ම මාතලේ ත්‍රිකුණාමලයේ ඇතුලු බොහෝ තැන්වල මෙම එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනිල්ලට මනාපය හේතු වි ඇති බව බොහෝ තැන්වලින් පැහැදිලි වේ. නාවලපිටියේ ඇතිවු මංකොල්ලයට ද ‛මනාපය’ හේතු වු බව රහසක් නොවේ.. මෙම සියලු සිද්ධින්ට ප්‍රධානම හේතුව වී ඇත්තේ මනාප පොරයයි. එයිනුත් එකම පක්ෂයේ අපේක්ෂකයන්ගේ මරා ගැනීම අනෙකයි. එයිනුත් එජනිස එයට වැඩි දායකත්වයක් සපයා තිබීම අනෙක් විශේෂ කරුණයි.
මහමැතිවරණයේදී මෙම මනාප පොරය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවන් ද නිර්මානය කළේය. මැතිවරණයෙන් පසු ද මාතලේ වැනි ප්‍රදේශවල ඉතා ප්‍රභල අන්දමින් සිදු විය.

‛දැනට 30ක් විතර ඉන්නවා. ඡන්දෙන් පස්සේ එකම පක්ෂයේ අය ගහගෙන. එකම පක්ෂෙනේ ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා’ මාතලේ බන්ධනාගාර නිළධාරියෙක් අප සමග පැවසීය. ‛දැන් මන්ත්‍රිවරුවත්, ඇමතිවරුවත් කවුරුක් එන්නේ නෑ, ඒ අයව බලන්න. අම්මලා තාත්තලා විතරයි එන්නේ. ඇවිල්ලා කන්න මොනවා හරි දීලා අඬ අඬ ඉදලා යනවා’ එම නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි දේශපාලන ජඩක්‍රියාවන් කොපමණ සිදු වුවත් මෙහි වැරදි කරුවන්ට දඩුවම් දීමක් පෙනේනට නැත. මෙම වැරදි දේශපාලන ක්‍රියාවන් නතර කර ගැනීමට නීතිය හෝ නිීතිය රකින අයවත්, නීති හදන්නවුන්වත් වෙහෙසීමක් දක්නට නැත. අවසානයේ හිරබත් කන්නට සිදුවන්නේ තමන්ට රස්සාවක් ඉල්ලා ගන්නට, පාප්ප බාල්දි උස්සන් පෝස්ටර් අලවපු, අරූට ගහපියවු කියනකොට ගහපු, අදේශපාලනික අපේක්ෂකයන් පසේ ගියපු, එකම ගමේ එකම පවුල්වල මිනිසුන්ටය.

මෙසේ වූ විට ප්‍රජාතන්ත්‍රවාදයවත්, යහපාලනයවත් පිළිබද රාජ්‍යකට කතා කළ හැකිද? මෙසේ යහපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන ඒමට නම් මෙම ඡන්ද මංකොල්ලයන් පතුරුවන, දේශපාලන මැරයන්ට දඩුවම් දිය තුලින් ය.

නමුත් තත්වය මෙසේ තිබිය දී නාවලපිටිය වැනි ප්‍රදේශවල සිදුවූ බරපතල සිදු විම්වලදි ලංකාවේ පොලිස්පතිවරයා ඡන්ද විමසීම අවසානයේ දී කීවේ කුමක්ද? ‛එහෙම සිද්ධින් අපට වාර්තාවෙලා නෑ’ කියා ය. නමුත් මේ වනවිට මහා පොලිස් බලඇණිත්, විශේෂ කාර්‍යබලකායත්, යුධහමුදාවත් එහි යවා ඡන්දය පවත්වමින් තිබේ. එහි ඡන්ද දායකයන්ට වඩා ආරක්ෂක හමුදාවන් ඇති බව වාර්තාවේ.

අනෙක් විශේෂ දෙය නම් දැනට මහනුවර දිස්ත්‍රික්කයේ සෑම අපේකෂකයෙක්ම තමන්ගේ මනාප ප්‍රතිඵල නොදන්නවා නොවේ. එමනිසා ‛පාර්ලිමේන්තුගත’ වීමට ටිකක් හෝ මනාප ගණන අඩු සියලු දෙනා තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට ඕනෑම දෙයක් අද දවස තුළ නාවලපිටියේත්, කඹුරුපිඩ්ඩිවලත් සිදු කරයි. එය ප්‍රසිද්ධියේ හෝ හොරෙන් සිදු කිරීමට ලංකාවේ මහජන නියෝජිතයෝ යැයි කයනු ලබන අයට බොහෝ හැකියාව ඇත. මනාපය වැඩිකර ගැනීමට එකම පක්ෂයේ, එකම පවුලේ හො වෙනයම් ඕනෑම සම්බන්ධයක් අදාල නොවේ. ඕනෑම ජඩ ක්‍රියාවක් ඔවුන් සිදුකරයි. එය පිළිබදව ලංකාවේ සෑම මැතිවරණයක්ම ඕනෑවටත් වඩා සාක්ෂි සපයයි.

ඊයේ(19) ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ‛නාවලපිටිය ආසනයේ සිදුවූයේ කුමක්දැයි ජනපති මැදුරේ කුස්සියේ වඩ කරන අයත් දන්නවා, ඡන්ද පොළවල් 34 ඡන්දයත් සියයට සීයයක් සාධාරනව පවත්වාවිදැයි සිතන්න අමාරුයි.’ යැයි කියා සිටියේ ය. නමුත් කුස්සියේ අය දන්නා දේ ඉස්තොප්පුවේ ඉන්නා අය නොදන්නවා වන්නට බැරි බව ජනතාව විසින් කෙදිනක හෝ කියා දෙනු ඇත. එය එසේ වන්නේ අද දවසේ නාවලපිටියේත්, ත්‍රිකුණාමළයේ, කඹුරුපිඩ්ඩි ප්‍රදේශයෙත් ඡන්ද මංකොල්ලයේ යෙදුනු අපේක්ෂකයින්ට ජනතාව තමන්ගේ කතිරයෙන් දඩුවම් දීම තුළින් ය?

Pic By Lankaenews

ගුවන්විදුලි,ලේකහවුස් හා රූපවාහිනි සේවකයන් අනුර යාපාගේ ඡන්ද වැඩට

ජනමාධ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුරුණෑගල නුවර පාරේ ඇත්කඳ රජමහ විහාරය අසල පිහිටි මැතිවරණ කාර්යාලයේ ගුවන් විදුලි, ලේක්හවුස් හා රූපවාහිනි සේවකයන් 15 දෙනෙකු පමණ ඇමතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යොදවා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ.
ටෙලිකොම් ආයතනයට අයත් ( එම දුරකතන කිහිපයක අංක මෙසේයි – 011-3701024 – 26 ) සී.ඩී.එම්.ඒ දුරකථන දහයක් පමණ මෙම ප්‍රචාරක ව්‍යාපාරයට යොදවාගෙන ඇති අතර අදාල සේවකයන්ට පැවරී ඇත්තේ එම දුරකතන මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දුරකථන වලට කතාකොට ඇමතිවරයාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම බව වාර්තාවේ. ටෙලිකොම් ආයතනයට අයත් එම දුරකථන කොළඹ ප්‍රාදේශිය අංක යටතේ ලියාපදිංචි කර ඇත.
මෙම කාර්යාලයේ පරිපාලන කටයුතු මෙහෙය වන්නේ රසාංග ශරිස්චන්ද්‍ර නම් ලේකහවුස් ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන අතර ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැළිවේරිය මහතාද එහි පාලනයට සමබන්ධ වී සිටිති. මෙම මෙහෙයුම සඳහා වැඩි වශයෙන් සහභාගී වී සිටින්නේ ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන්ය.

කුරුණෑගල එකම අංකය යෙදු වාහන මැතිවරණ වැඩට


ගැරේජ් අංකය යෙදු අපේක්ෂක වාහනයක්

ස්ට්කර් අලවන ලද රෝසා බස් රථයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වෑදී සිටින අපේක්ෂකයන්ගෙන් බහුතරයක් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන වාහන වල අංක තහඩු ගලවා භඋඡ -1999/2000 දරණ ගැරේජ් අංකය යොදා පරිහරණය කරන බව විකල්ප වෙත වාර්ථාවේ. මෙම වාහන වලින් සමහරක් ඒවා රජයට අයත් වන අතර අදාල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමතිවරුන් රජයේ වාහන බහුලව පාවිච්චි කරන බවද වාර්ථාවේ.
මෙයට අමතව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා රෝසා වර්ගයේ බස්රථ 10ක සිය ප්‍රචාරක දැන්වීම් සහිත ස්ට්කර් අලවා දිස්ත්‍රික්කය පුරා ප්‍රවාහණය කරමින් සිය ඡන්ද ව්‍යපාරය පවත්වාගෙන යන බව ද වාර්ථාවේ.
කුරුණෑගල නගරය මධ්‍යයේ ඇති මැතිවරණ සැරසිලිද මේ දක්වා ඉවත් කර නොමැත. බොහෝ ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන්ගේ විශාල ප්‍රමාණයේ මැතවරණ පුවරු (බිල් බෝඩ්) නගරයේ ඔරලෝසු කණුව අසල හා වටරවුම් වල දැක ගත හැකිය. පොලිසිය මෙම සැරසිලි හා ප්‍රචාරක පුවරු ගැලවීමට උත්සහ කරන බවක්ද පෙනෙන්ට නැතිබව ප්‍රදේශවාසීන් පවසයි.
අප මේ පිළිබඳව කුරුණෑගල තේරීම් භාර නිළධාරීනී කුසුම් හෙටිටිගේ මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ තමන් පොලිසියෙන් සැරසිලි ගලවන ලෙස ඉල්ලා සිටි බවත් අද උදෑසන පොලිසිය විසින් සැලකිය යුතු ප්‍රමාණයක් ගලවා ඇති බවත්ය. එහෙත් සමහර ඒවා ඉතිරිව තියෙන්නේ නම් එය පොලිසියේ අභ්‍යන්තරයේ තීන්දුවක් විය හැකි බවත්ය. එකම අංකයේ වාහන පිළිබඳව අප කළ විමසීමේදී ඇය පැවසුවේ තමාට ඒ පිළිබඳව කිසිවක් කළ නොහැකි බවයි.
අප මේ පිළිබඳව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ මේ වන විට සියලු මැතිවරණ සැරසිලි, පොස්ටර් හා කටවුට් ගැලවීමට කටයුතු කර ඇතිබවත් මෙට උදෑසන වන විට සියල්ල ගලවා ඉවත් කරන බවත්ය. අංක තහඩු පිළිබඳව විමසූ වට ඔහු පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ වාහන විකුනන ස්ථාන බොහෝමයක් ඇති නිසා ඒවායේ වාහන වල ගරාජ් අංක භාවිතා කරන වාහන ඇති නිසා සමහර විට මේ එම වාහන විය හැකි බවයි.

වසර හතලියක් තිස්සේ ඉදිවෙන පාරක්

හල්දුම්මුල්ල හම්බෙගමුව මාර්ගය දැනට වසර හතලියකට පෙර ඇරඹුවද තවමත් එය ඉදිකර තිබෙන්නේ වෑඑළිය තෙක් පමණක් බව ගම්වාසීහු ප්‍රකාශ කරති. වෑඑළිය තෙක් දීර්ඝ කරන ලද්දේද ඉතා මෑතකදී බව පවසන වෑඑළිය ගම්වාසින් රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමේ වෑඑළියේ සිට පතහ හරහා වේලීඔය අමුණතෙක් කපා ඇති මාර්ගයටවත් මාර්ගය යාකර දෙන ලෙසයි. වෑඑළියේ සිට වේලීඔය දක්වා ඇත්තේ කිලෝමිටර් 6 පමණක් බවත් එම ප්‍රමාණය ඉදිකර දෙන්නේ නම් එයින් ප්‍රදේශයේ ගොවීන්ට විශාල සෙතක් සැලසෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි මහතෙකු වූ වී.මූ. පුංචිබණ්ඩා මහතා ප්‍රකාශ කලේ ‛‛ මෙම මාර්ගය වෑඑළියේ සිට වේලිඔය දක්වා දික් කිරිමට තව කැපීමට ඇත්තේ කි.මී. 6 ක් පමණයි. එය ඉක්මනින් කලොත් මේ ප්‍රදේශයේ ගොවින්ට විශාල සෙතක් සැලසෙනව. තමන්ගේ වගාවන් වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වලට පහසුවෙන් ගෙන ගොස් අලෙවිකර ගැනිමට ඔවුන්ට පුලුවන් වෙනව. ඒ වගේම ඉතා දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය මාර්ගය හේතුවෙන් දියුණුවට පත්වෙනව. ඒ පිළිබඳව කල්පනා කර බලා හෝ මේ පිළිබඳව ඉක්මන් අවධානය යොමුකර දෙන මෙන් ඉල්ලා සිටිනවා.’’කියාය.
සෑමදාම ඡන්ද කාලයට පාර මෙන්ම විදුලිය වැනි බෙහෝ කාරණ පිළිබඳව දේශපාලකයන් පොරොන්දු දුන්නද ඒවා කිසිදාක ඉටුනොවන පොරොන්දු බව හල්දුම්මුල්ල ප්‍රදේශවාසින් හොදින් දනිති. ඒ බව දැකබලා ගන්න කැමති ඕනෑම කෙනෙකුට හල්දුම්මුල්ල නගරයට ගිය විට එය දැකබලා ගත හැකිවේ. එම නගරය අදටත් එදාමෙන්ම කිසිදු වෙනසක් නැතිව පවතී

”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..

දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කිරීමට පොළිසිය අවසර දී නොතිබිනි.

මෙම රුස්වීම සඳහා සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂයේ පක්ෂත්, වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂත් පෙළපාලිවලින් හයිඩ්පාක් පිටියට පැමිණියහ.

රුස්වීම ආරම්භවීමට ප්‍රථම පැමිණි ජනතාවට පොලීසිය විසින් අවහිරතා කිරීමට උත්සහ කරනු දක්නට ලැබුණු අතර ඇතැම් මාධ්‍යවේදීන්ටද පොළිසිය බාධා කල බව වාර්තා විය.

කෙසේ වෙතත් සවස 4.00 පමණ වන විට හයිඩ්පාක් පිටියත් අවට මාර්ගත් පැමිණි ජනයාගෙන් පිරී තිබෙනු දක්නට ලැබිණි.
මෙම රුස්වීම සදහා ජෙනරාල් සරත් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, සෝමවංශ අමරසිංහ, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න ඇතුලු පක්ෂ නායකයින් සහභාගී විය.

ෙමහි වීඩිෙයා් දර්ශණ -

v1

v4

v3

v2

ජනාධිපතිවරණයේදී බොහෝ අය නිතියට පිටින් වැඩකළා – මැතිවරණ කොමසාරිස්

February 3, 2010 by Vikalpa_R  
Filed under Colombo, Corruption, Democracy, සිංහල

ජනාධිපතිවරණය සාධාරණව පැවත් වූ බවත් එහෙත් පූර්ව මැතිවරණ අවධියේ සියලු දෙනාම නීති කඩ කළ බවත් තමන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව මීළගට එළෙඹේන මහමැතිවරණයෙන් පසුව සලකා බැලීමට තීරණය කළ බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ප්‍රකාශ කළා. අද දහවල් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
‛‛ යාපනයේ ඡන්දය අඩුවීමට හේතු උනේ එහි ලැයිස්තුවේ සඳහන් ප්‍රමාණයට එහි මිනිසුන් නැතිකමයි. ඒ ප්‍රදේශයේ ජනතාව බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට සංක්‍රමනය වෙලා නැතිනම් යුරෝපයට ගිහින් බොහෝම සුළු පිරිසක් ඉංදියාවට පැන ගිහින් ඉන්නේ. යාපනයේ ඡන්ද ලක්ෂ හතයි විස්සක් තිබුනට එච්චර පිරිසක් එහි පදිංචි වෙලා නැහැ. මේ තත්ත්වය මඟහරින්න වෙන්නෙ සංගණනයකින් පසුවයි. වන්නියේ ජනයාටත් අපි උදේ සිටම බස් සේවාවක් යොදවල තිබුන. නමුත් මට ආරංචි තියෙනව බස් වල පරක්කුවීම් සිදු උන බවට.
රටෙි විවිධ ප්‍රදේශවල නිතියට ඉහළින් බොහො අය කටයුතු සිදුකලා තම තමන්ගේ බලපුලුවන්කාරකම් වලට අනුව. අපි පොලසිය යොදවල පුලුවන් තරම් බැනර්.කටවුට් දජ පතාක වගේම පොස්ටර් ගැලෙව්ව. නමුත් අපිට සියට සියයකින් එය කරන්න අපහසුයි. සමහරු පෙළපාලි ගියා රැළි පැවැත්වුවා අපි මේව දන්නව. ඒකයි මම කිව්වේ බෙහෝ අය නීතියට පිටින් ක්‍රියාකරා කියල.
සමස්තයක් වදිහට ගත්තම මැතිවරණ දිනයේ ඉතා හොඳින් මැතිවරණය පැවැත්වුනා. විනිවිදභාවය රැකීම උදෙසා අපි මෙවර ගණන් කිරීමේ නිළධාරියට කාබන් පිටපත් සහිත පිරවීමේ ප්‍රතිකාවක් සකස් කරල දුන්න. ඉන් එක පිටපතක් ප්‍රථිපල පරිගණක ගතකරන ස්ථානයටත්, තවත් පිටපතක් ප්‍රථම ස්ථානය දිනූ අපේක්ෂකයාටත්, තුන්වන පිටපත දෙවන ස්ථානය ලබාගත් අපේකෂකයාටත්, හතරවන පිටපත තුන්වන ස්ථානය ලබාගත් අපේක්ෂකයාටත්. පස්වන පිටපත ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයටත් තබා හය වන පිටපත ගණන් කරන නිළධාරියාගේ ලිපිගොනුවටත් ඇතුලත් කරා.
ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය මාධ්‍ය භාවිතාව පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා පැවසූවේ තමාට ගතහැකි පියවරයන් ගත් බවත් වැරදි ලෙස මාධය භාවිතය සිදුකිරීම පිළිබඳව තමාට කිසිදු පියවරයක් ගත නොහැකි බවත්, ඒස ඳහා තමාට ව්‍යවස්ථාවෙන් කිසිදු ප්‍රතිපාදනයක් ලබාදී නෙමැති බවත්ය.

Next Page »