ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.
August 20, 2010 by Karapoththa
Filed under Democracy, Economic issues, Life quips, Matale, Transport, සිංහල
ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත.
මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව දායකත්වය සපයන මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදය හා එක්ව, විවිධ සංවිධාන සහ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලබා ගනිමින් මෙම ආචාර ධර්ම පද්ධතිය කෙටුම්පත් කර ඇති අතර, එය රටේ විවිධ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා නායකයන් වෙත පිළිගන්වමින් පෞද්ගලිකව අදහස් ලබා ගැනීමට නියමිතය. එසේම මෙම ආචාරධර්ම පද්ධතිය අගෝස්තු මස අවසානයේ දි දඹුල්ලේ දී එළිදැක්විමට ද සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.
ලංකාවේ දැනට ත්‍රීවිල් රථ 450000 කට අධික සංඛ්‍යාවක් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන අතර, එම ත්‍රිරෝද රථ භාවිතය හා රියදුරන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජයෙන් බොහෝ විට නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ. ඊට විසඳුමක් වශයෙන් එම වෘත්තියේ නියැලි සිටින අයගේම මූලිකත්වය හා එකඟත්වය මත මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් සකස්කර ගැනීම මගින් ආදර්ශමත් ත්‍රිරෝද රථ සංස්කෘතියක් මේ රටේ ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමයත්, මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයත් ප්‍රකාශ කරයි.
එහි ආරම්භක පියවර වශයෙන් පන්නමිපිටිය ත්‍රීරෝද රථ සංගමයට මුල්වරට මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කිරීමෙන් පසු ඉදිරියේදී මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංස්කෘතියේ විශාල ප්‍රවර්ධනයක් සිදු සිදුකිරීමට හැකිවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.
එසේම ත්‍රීරෝද රථ සේවය සඳහා මෙවැනි විධිමත් ආචාර ධර්ම පද්ධතියක් සැකසෙන්නේ ලොව ප්‍රථමවරට බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ෙකටුම්පත් කරන ලද එම අාචාරධර්ම පද්ධතිෙය් ෙතාරත=රැ සදහා – http://lanka3wheel.wordpress.com/2010/08/20/cord-of-ethics/
පහත දැක්ෙවන්ෙන් දඹුල්ෙල් දී පැවති අාචාරධර්ම සකසා ගැනීම පිළිබද වැඩමුලුෙව් ඡායාරෑප කිහිපයකි.

Pic by – YRDGLanka – Matale
යුද අනාථයන් තවමත් අනාථව සිටියදී, ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් 202217480000 යි.
June 9, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Economic issues, Governance, IDPs and refugees, Peace and reconciliation, සිංහල
2010 වසරේ අයවැය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. එය රුපියල් 202217480000 කි.එනම් රැපියල් විසිදහස් ෙදසිය විසි එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූ දහසකි. යුද්ධය පැවති 2009 වසරේ වෙන් කෙරුනේ රුපියල් කෝටි 17700කි. 2009 වසරට වඩා මෙම වසරේ ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් කෝටි 2400ක මුදලක් වැඩිපුර වෙන් කර ඇත. කෙසේ වෙතත් යුද්ධය අවසාන වී තිබියදීත් මේසේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරිම දේශපාලන ක්ෂේත්‍රයේ ඉමත් කතා බහට ලක්වෙමින් ඇත.
යුද්ධයෙන් අනාථ වුනු දහස් ගණනක් මිනිසුන් තවමත් හිසට වහලක්වත් නැතිව ගස් යට දිවිගෙවන විට ආරක්ෂාව සඳහා මෙවැනි විශාල මුදලක් වෙන් කොට තිබේ. ආරක්ෂාව සඳහා මෙවැනි විශාල මුදලක් වෙන්කරද්දී පුනරුත්ථාපන අමාතයංශයට වෙන්කොට ඇත්තේ රුපියල් කෝටි 2000කි. මෙයින් පෙනී යන්නේ රාජපක්ෂ ආණ්ඩුව තවමත් යුද උන්මාදයෙන් පෙළෙන බවද..?
එසේත් නැතිනම් යුද්ධයෙන් අනාථ වුනු දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත වඩා යහපත් කිරීම වෙනුවට ගොඩ ගසා ගත් ආරක්ෂක හමුදාවන් නඩත්තු කරමින් උතුරේ සහ නැගෙනහිර සථිර හමුදා ජනපද ඇතිකරමින් ඔවුන් නඩත්තු කිරිමටද…? එසේත් නැතිනම් ලංකාවේ ආරක්ෂාව, ආසියාවේ ආශ්චර්යක් බව පෙන්වීමටද?..
තපූ
මහලේකම් කාර්යාලය දුම්රියපළ විකසිත වූවාය……. අපේ පැත්තේ ඒවා තාම චාටර්ය – එළ ‛අයිෆා’
June 3, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Economic issues, Governance, Life quips, සිංහල
මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දීප්තිමත් වී විකසිත වූවාය. ඒ ‛‛අයිෆා’’ උත්සවයට පින්සිදු වන්නට ය. ඉතාමත් කෙටි කලකින් හා වැඩි උද්යෝගයකින් මේ කර්තව්‍ය සිදු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබිණි. එහි හාත්පස සුන්දරත්වයෙන් පිරිලා ය. දෙපැත්තේ බැමි ලා නිල්, මැද නිල් හා තද නිල් පාටින් වර්ණ ගල්වාලා ය. කොන්ක්‍රීට් දැමු බිම හැඩ ගැන් වී ඇත. දුම්රිය ස්ථානය ආරම්බයේ සිට අවසානය දක්වා දෙපස බිත්තීන්ට යාබදව සිත් මන බඳනා විදුලි ලාම්පු ය. දැන් දැන් මේ දුම්රිය ස්ථානයට අඩිය තැබීමටත් ලෝබය. ඒ තරම් සුන්දරය. පිරිසිදුය. ආසාවේ බැරිය. මේ ඉස්ටේසමේ එක් බැම්මක් දෙකට පලා එහා පැත්තේ ලොකු හෝටලේට යන්න ඇහැකි දොරටුවක් සකසා ඇත. එය දිලිසෙන බට දාලා වීදුරු දාලා නියම වහලයකුත් දාලා මරු නිමාවකට ඉතා ඉක්මනින් සකස් කරන ලද්දකි. දේශපාලකයෝ හා නිලධාරීන් අපේ රටේ වැඩ කොරති. ඒක මේකෙන් ඔප්පු වේ. කොටුවයි මහලේකම් එකයි අතර කොළ පාට වතුර තිබූ ගඳ ගහන ඇලටත් මොකක්දෝ කරලාය. දැන් වතුර කොළපාට නොවේ. වෙන මොකක්ද පාටක් ය. වතුරත් එතරම් ගඳ නැත. දැක්කාම පනින්නට සිත් දෙයි.
අනේ අපේ පැත්තේ ඒවා…….
බොන්නට වතුර ටිකක් නැත. කැලෑවෙන් වටකර වනාන්තර සිරි ගනී. බියකරුය. පාන්දර කෝච්චියට පැමිණෙන්නේ හිතේ චකිතයකින්ය. රෑට කෝච්චියෙන් ආවාමත් ඒ බයම ය. නයි පොළොංගු ගහයි කියා බයේ බැරිය. ඉලුක් මාන පිරිලාය. හාත්පස පරිසරය හරක් පට්ටියකට මරුය. සමහර හරක් අයිති කාරයින් එතනින් ලවල්ල කපාගෙන ලෑන් මාස්ටරයකින් අරන් යනවා මා දැක ඇත. ඒ තරමටම හරක් කෑම මේසෙට ය. ඉඳ ගන්නට ඇත්තේ අඩු බංකු සංඛ්‍යාවකි. ඒවායින් වැඩි කොටසක් කැඩිලාය. මෙහි ලස්සනක් නම් කොහෙත්ම නැත. පරණ දැන්වීම් පුවරු කැතේ බැරිය. වැසිකිලි කැසිකිලි පහසුකම් ඇති මුත් ඒවාට යමට බැරිය. ඒ නිසා සෑම දා උදේට මූත්‍රා කිරීමට පිරිමි මගීන් අපේ ඉස්ටේසම එහා පැත්තේ ඇති කැලෑ පෙදෙසට යනවා මා නිතරම දැක ඇත. මාත් දවසක් දෙකක් එහි ගොස් චූ දමා ඇත. එතනත් ගඳේ බැරිය. මල් පෝච්චි ඇතැත් මල් ගස් එහි නැත. නෑ නෑ එකක් දෙකක් තිබුනා මතකය. බල්ලෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් අපේ ඉස්ටේසමේ පදිංචි වී ඇත. ඔවුන්ගෙන් එකෙක් එක දවසක් මට ගෙරෙව්වේ ය. රූට උන් පුටු වල නිදා ගනී. උදේට මයිල් හා බලු මැක්කන්ගෙන් ඉස්ටේසම පිරිලාය. එන සුවඳ ජාඩි සුවඳට සමානය. පේ ඉස්ටේසම අතුගානනවා මම දැක නැ. හැබැයි ඩස්පින් එකක් එහි ඇත. සුද්දාගේ කාලේ ඉඳලාම මේවා නවීකරණය වූයේ නැති බව කෝච්චියේ යන මාමා කෙනෙක් කිව්වා දැං මට මතකය.
කටුනායක ඉදන් මහලේකම් දක්වා දුම්රිය සේවකයෝ ඕසෙට වැඩ ය. නමුත් කුණු පිරිලාය. තැන් තැන්වල හොඳය. හොඳ තැන්වලට වඩා කැත තැන් වැඩිය. එය මට අද උදේ කෝච්චියෙන් එන විට තේරුණේ ය. සුද්ද පවිත්‍ර කිරීමේ උද්යෝගය හා පිරිස වැඩි වූවාට සෙතක් සිදු වී නැත්දෝයි මට සිතිනි. විසිල් විතරයි බල්ටි නැතුවාක් මෙනි. ගරු ගාම්බීර ලෙස ඉන්දියානුවන්ව රැවටීමට ගත් උත්සාහය වතුරට කැපූ ඉනි සේ වූවාද? යන්න සැක සහිතය.
කෙසේ හෝ ‛‛අයිෆා’’ සඳහා කොළඹ නගර අලංකරණය සඳහා රුපියල් මිලියන 25ක් විය පැහැදම් කර අවසන්ය. ඒ කොළඹ නගර සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරි ඕමාර් කාමිල් මහතාගේ තේජසය (ලක්බිම, පි. 7, 2010 ජුනි 3). නමුත් අද උදේත් මහලේකම් හා කොටුව දුම්රිය පොළවල් දෙක අතර ඇති ලොකු බෝක්කුවට මෙහා පැත්තේත් ලොකු කුණු ගොඩක් ඇති බව කෝච්චියෙන් ආපු මට දැක ගත හැකි විය.
අනේ දෙවියනේ……
අපේ පැත්තේ ඉස්ටේසනුත් මහලේකම් වගේ හදා දෙන්න වගකිව යුත්තන්ගේ ඔලු වලට මොනවා හරි කර දෙත්වා… පිං අයිතිවෙයි.
ලබන අවුරුද්දේ අයිෆා එහේ තියමුද…නැතිනම් හැමදාම, හැමතැනම අයිෆා තියමුද….අයිෆා….
හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්
May 5, 2010 by Karapoththa
Filed under Economic issues, Human Security, Life quips, Puttalam, සිංහල
‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද දිනපතා ගමන් කරණ මගීන්ගෙන් මෙම දුම්රිය සෑම උදෑසනකම පිරී ඉතිරී යයි.
මෙම දුම්රිය පෙ. ව. 8. 18 ට කොළඹ කොටුවට ලඟා විය යුතු අතර කොල්ලුපිටියට 8. 28ට ගඟා විය යුතුය. මීට මාස දෙක තුනකට පෙර මෙම කාල වේලාවන්ට හෝ ඊට ආසන්න වේලාවන්ට දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය රියැදුරන් කටයුතු කරණු ලැබුහ. නමුත්, අප දන්නා පරිදි මීට පෙර සිටි රියැදුරන් වෙනත් මාර්ග වෙත මාරුවීම් ලබා ඇත (එම රියැදුරන්ගේ නම් පවා අප දන්නා මුත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එම නම් සඳහන් නොකරමි). මෙම රියැදුරන් දුම්රිය ධාවනය කරණ විට ‛‛බංගේ’’ මගීන් වේලාවටම නැතැත් බැනුම් නොඅසා කාර්යාලය වෙත පැමිණියහ. සිසු සිසුවියන් වේලාවටම හෝ තම තමන්ගේ අධ්‍යාපනික ආයතන වෙත ලඟා වූහ. නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව ගොස්ය. ඒ වත්මන් රියැදුරු මහතුන්ගේ ආනුබාවයෙනි.
දැන් ‛‛බංගේ’’ සෑම දිනකම පරක්කුය. මාසයකට දවස් දෙක තුනක් පරක්කුවීමට ඉඩ ඇති බව අප ප්‍රායෝගිකව දන්නා කරුණකි. ඒ ඉඳ හිට හරකුන් හෝ මිනිසුන් කෝච්චියට අඩ තබන නිසාවෙන් හෝ මාර්ග අලුත් වැඩියාවකදී ය. සමහරක් දිනවල දුම්රිය කැඩෙනු ලැබේ. නමුත් සෑම දිනකම මෙම අහඹු සිදුවීම් සිදුවන්නේ නැත. නිශ්චිත වේලාවන් මෙම මාර්ගයේ දුම්රිය ගමන් සඳහා ලබා දී ඇත්තේ එම වේලාවන්ට ගමන් කළ හැකි නිසා බව අප අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. එසේ නොහැකි නම් අදාල වේලාවන් සංශෝධනය කළ යුතු වෙයි. නමුත් එවැන්නක්ද සිදු වී නොමැත. එනම්, අදාල වේලාවන්ට දුම්රිය ධාවනය කිරීමට හැකි විය යුතුය. සමහර රියැදුරන්ට මෙම වේලාවන්ට දුම්රිය ධාවනය කිරීමට හැකි අතර සමහර රියැදුරන්ට එසේ සිදු කිරීමට නොහැකිය. එසේ සිදුවන්නේ කෙසේද? දවසින් දවස දුම්රිය බලවේග කට්ටල වෙනස් කරන්නේ ද? නැතහොත් මාර්ගය දික් වන්නේ ද? බර වැඩි වන්නේ ද? මෙම කිසිවක් සිදු වන්නේ ද නැත. එසේ නම් සෑම දිනකම ‛‛බංගේ’’ පරක්කුවීමේ රහස කුමක්ද? යන්න පිළිබඳව නවක ප්‍රවාහන ඇමතිවයා මෙන්ම දුම්රිය බලධාරීන් විසින් ද සොයා ගත යුතුය.
‛‛බංගෙන්’’ වැඩට එන බොහෝ දෙනෙකුගේ අවුරුද්දටම හිමි කෙටි නිවාඩු සංඛ්‍යව ඉතාමත් කෙටි කාලයකදී අවසන් වන බව මගින් බොහෝ සංඛ්‍යාවක් ප්‍රකාශකර ඇත. පෞද්ගලික ආයතනයන්හී වැඩ කරන බොහෝ දෙනෙකුටම තම රැකියාව අහිමි වීමේ දැඩි අවධානමක් පවතී. අධ්‍යාපනය හදාරන සිසු සිදුවියන්ට කිසි දිනක දවසේ මුල් පාඩම සඳහා සහභාගී වීමට හැකි නොවීම ඔවුන්ගේ වරදක් නිසා සිදු වන්නක් නොවේ. මේ දිනවල නම් මෙම දුම්රිය විනාඩි 30ක් පමණ පරක්කු වී ගානක්වත් නැතිව ඔහේ ගමන් කරයි. මගීන්ද මේ සියල්ල සතුටින් භුක්ති විඳිමින් නිසොල්මන්ව සිටිනු දක්නට ලැබේ. වෙනත් මාර්ගයක (නුවර මාර්ගය වැනි) මෙවැනි අකටයුත්තක් සිදු වූයේ නම්, දුම්රිය මගී නැගිටීමක් නොවරදවාම රටවැසියාට මාධ්‍ය තුළින් දැක ගැනීමේ භාග්‍ය උදා වන්නේ ය. නමුත් පුත්තලම් මාර්ගයේ ගමන් කරන මගීන්ගේ දැඩි උදාසීන හා ඔතෑනි ගතිය නිසා මෙවැනි මගි නැගීටීමක් පෙනෙන තෙක් මානයක හෝ නොමැති බව අකමැත්තෙන් වුව සඳහන් කළ යුතු ය.
නමුත්, මෙම සියල්ල ඔහේ සිදුවෙච්චාවේ යනුවෙන් බලා සිට අත පිහදා ගැනීම අපට තවදුරටත් සිදුකළ හැකි නොවේ. මේ සඳහා වගකිව යුතු දේශපාලන බලවේග වහා ක්‍රියාත්මක වී ඉස්තිරසාර විසඳුම් යෙදිය යුතුය. ඒ සඳහා අප බලපෑම් සිදු කළ යුතුය. මගීන් වන අප සංවිධානය වී ශක්තිමත් මගී එකමුතුවක් නිර්මාණය කල යුත ය. මෙම ගැටළුවට ඉක්මන් විසඳාුමක් ලබා නොදුන හොත් දැඩි ක්‍රියාමාර්ගයකට
අවතීර්න වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව පෙන්නුම් කරනු ලැබේ. මේ සඳහා එකතුවන මෙන් මගීන්ගෙන්ද ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි.
මේ සම්බන්ධයෙන් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ජී.ආර්.පී. චන්ද්‍රතිලක මහතාගෙන් ‛‛විකල්ප’’ සිදු කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ ‛‛මෙවැනි ප්‍රශ්නයක් ඇති මුත් ඒ සඳහා බලපා ඇත්තේ දුම්රිය තාක්ක්‍ෂනික ශිල්පීන්ගේ අකුරට වැඩ කිරීමේ සිදුවීම හා පුත්තලමේ සිට හලාවත දක්වා දුම්රිය මාර්ගයේ පවතින දැඩි අබලන් තත්වය බවයි. මෙම දුම්රිය පමනක් නොව අනෙකුත් දුම්රියන්ද පසුගිය දිනවල පරක්කු වී ධාවනය වූ බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.’’ නමුත් වැඩිදුර විස්තර දුම්රිය ගමනාගමන අධිකාරී නාලක බණ්ඩාර මහතාගෙන් විමසන ලෙෂ ඔහු ප්‍රකාශ කලේය. ‛‛විකල්ප’’ මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කරන ලදී.
‛‛අප්‍රේ්ල් මුල සිට අවසානය දක්වා දුම්රිය තාක්ක්‍ෂණික ශිල්පීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන ගියා. මේ නිසා සෑම දුම්රියක්ම පාහේ පරක්කු වී ධාවනය කෙරුනා. අපිට හැකි සෑම පියවරක්ම ගෙන දුම්රිය වේලාවට ධාවනය කිරීමට කටයුතු කරනවා. අදත් (මැයි 5) හුණුපිටිය හරියෙදී මහළු පුද්ගලයෙක් මේ ට්‍රේන් එකට හැප්පුනා. අවට හිටපු අය මේ පුද්ගලයාව බාර ගත් නිසා විනාඩි කිහිපයකින් දුම්රිය ධාවනය කිරිමට හැකි වුණා. නමුත්, දුම්රියේ අවසාන පෙට්ටිවල සිටින මගීන් මේ ගැන දන්නේ නෑ. දුම්රිය පරක්කුවෙනවා කියල විතරක් ඒ අය කියනවා ඒක හරි අසාධාරණයි. මාස ගනනක් තිස්සේ නම් කොහෙත්ම මේ දුම්රිය පරක්කු වෙන්නේ නැහැ’’
අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’
May 1, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips, සිංහල
‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’
අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ ජනයාගෙන් බොහෝ පිරිසක් එසේම සිටිය දී සමරණ කම්කරු දිනය යි. යුද්ධයක් බදු වූ මැතිවරණ දෙකකින් පසුව අලුත් යැයි කියන ආණ්ඩුවක් ද පත්ව ඇති මොහොතක කම්කරුවන් (කම්කරුවන් කීවාට වර්තමාන මැයි පෙළපාලිවල බොහොමයක් කෑ ගසමින් ඉදිරියෙන්ම යන්නේ මුදලාලිලා ය. පීඩකයන් ය.) තමන්ගේ අයිතීන් උදෙසා පෙළ ගැසෙන සංඛේතාත්මක දිනය යි.
මේ දිනයේදී කම්කරුවන් සහ 2010 මැයි දිනය පිළිබඳව ‛විකල්ප’ සමඟ අදහස් දැක්වූ රාජ්‍යසේවා එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ, ලේකම්, පී. ඩී. සරණපාල මහතා,
‛‛මේක අලුත් ආණ්ඩු සංකල්පයක් නෙමේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමත් එක්ක ප්‍රකාශයට පත්කළ දෙමළ ජනතා විරෝධී මතවාදයේ පෙරට ඒමක් හැටියට තමා අපි මේක දකින්නේ. ඒක අලුත් මතයක් නෙමේ, මේ රටේ පසුගිය කාලය පුරාම පාලක පංතිය ජනතාව තුළ වපුරපු සහ ප්‍රචළිත කරපු දෙමල ජනයා සමඟ තිබෙන වෛරී ප්‍රකාශනයේ ඉහළම තැනට ආපු අවස්ථාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයේ මතවාදය පෙරට ඒමක්. ඒ මතවාදය ජය අරගෙන තිබෙනවා.’’
‛‛අනිත් පැත්තෙන් ගත්තාම මැයි දිනය ලොකයේ කම්කරුවන්ගේ දිනය. අද අපට පේන විදිහට මැයි පෙළපාලි බොහොම අඩුයි. මැයි පෙළපාලි බොහොම අඩුයි කියන එකේ අර්ථය තමයි, කම්කරු පංතියට තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න, කලගුණ සලකන්නට තිබෙන දවසේ මේක ඒ ප්‍රමාණයට ඉදිරියට ගන්නට මේ පාලක පංතිය ලෑස්ති නෑ කියන එක. ඒ නිසා අපි කල්පනා කරන්නේ මැයි දිනය කුඩා ද, ලොකු ද, පෙළපාලි යනවා ද, නැද් ද, කියන කාරණාවට වඩා ඒ ඓෙතිහාසික දිනය සිහිපත් කරමින් අපි ලෝකයේ කම්කරුවන්ට ආයාචනා කරන්නට ඕන, අපිට අරගලයකින් තොරව අපගේ අයිතිවාසිකම් දිනාගැනීමේ මාර්ගයක් නැති බව.’’
‛‛මේ තත්වය යටතේ අභියෝග දෙකක් තියනවා, මේ රටේ ජනතාවට මුහුණ දෙන්නට. එකක් දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටින ලද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් අඩු ආදායම්ලාභී ජනතාවට, වැඩකරන ජනතාවට ජීවනබර දරාගන්නට බැරි තත්වය. අපි විශ්වාස කරන්නේ නෑ, මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා කියලා විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට මුහුණ දෙන්නටත්, අනිත් පැත්තෙන් වැඩිවන බඩුමිළ හමුවේ ජනතාවට සහනයක් දෙන බවටත්. දැන් අපිට දැනගන්නට තිබෙන තොරතුරු අනුව මේ අවුරුද්දේ අයවැයක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒකාබද්ධ අරමුදලින් වියදම් කරන්න තමයි ආණ්ඩුව මේවනකොට සැරසෙන්නේ. මේක ලංකවේ බරපතල අර්බුදයක ප්‍රකාශනයක්. ඉතිහාසයේ කවරදාකවත් අයවැය කියන එක මඟ හැරලා යන්න පුලුවන් තත්වයක් තිබුණේ නෑ. මේ තත්වය ඉදිරියේදී බරපතල ආර්ථික ව්‍යසනයක ලක්ෂණ අපිට පෙන්නුම් කරනවා.
දැන් මේ මොනවා තිබුනත් ජනතාවගේ පැත්තෙන් කම්කරු පංතිය ඉස්සරහට ඇවිල්ලා මේ ජනයාගේ අයිතිවාසිකම් ඒකාබද්ධ කරගෙන පංති ව්‍යාපාරය ශක්තිමත්කරලා ඉදිරියට ගන්නේ නැතිනම් මේක තවත් වතාවක් යටපත් වෙන්නට පුලුවන්. නමුත් මේ විදහට දිගින් දිගටම යුද කීර්තිය සහ යුද ජයග්‍රහණය මත මේ පරිපාලනය ගෙනියන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.’’
මැයි දිනයේ දී ඇයි ඔබ ප්‍රමුඛතාවයක් ලෙස ඉදිරිපත් කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය..?
‛‛ලංකාවේ පරිපාලනයේ අර්බුදය සංකේන්ද්‍රණය වෙලා තිබෙන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සමඟ, ලංකවේ දකුණේ පාලකයෝ එක්දහස් නවසිය පනස් ගනන්වල ඉඳලා මේ ප්‍රශ්ණය ‛විකෘතියක්’ හැටියට සැලකුවේ. අද ඒක බරපතල ලෙස ඇවිල්ලා තියනවා.’’
‛මේ රටේ ජාතීන් දෙකයි ඉන්නේ, එක ජාතියක් රටට ආදරේ ජාතිය, අනෙක් ජාතිය රටට ද්‍රෝහී ජාතිය’ කියලා කියනවා.
‛‛මේ අර්ථකතනයම ඉතා බරපතලයි. අනතුරු ඇඟවීමක් කරනවා දෙමළ ජනතාවට. දෙමළ ජනතාව ලක්ෂ ගනණක් ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා. මේකෙ ක්‍රමවේදය හරි ද, වැරදි ද නෙමේ, නමුත් පරිත්‍යාගයේ අර්ථය දෙමළ ජනතාවගේ ස්වාධීනත්වය සහ නිදහසයි. මෙය විසදන්නේ නැතුව රටක ආර්ථික සංවර්ධනය, සභ්‍යත්වය, සංස්කෘතියේ සංවර්ධනය කරන්න බැහැ. අපට තව කෙනෙකුගේ ස්වාධීන්තවය, සංවර්ධනය ගැන හිතන්න පුලුවන් වන්නේ අනෙකාගේ අයිතිවාසිකම්වලට ගරු කරනවානම් විතරයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය මැයි දිනයේ විතරක් නෙමේ කුමන හෝ සිදුවීම් තුළ ඉදිරියට ගත යුතුයි.
පවතින ආණ්ඩුව කම්කරු අයිතිවාසිකම් හෝ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව යම් ශක්‍යතාවයකින් ඉදරියේදී ක්‍රියාකරයි කියලා ඔබට විශ්වාසයක් හෝ අවිශ්වාසයක් තියනවා ද?
‛‛පැහැදිලි අවිශ්වාසයක් තියනවා. හේතුව තමයි, සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් බලයට පත් උනාම කියන්නේ වසරක්, දෙකක් ඉවසන්න කියලා. දැන් ඒ විදිහට මේ ජයග්‍රහණය තුළත් වසරක් දෙකක් ඉවසන්න කියලා කියන්න පුලුවන්. නමුත් පැහැදිලි පොරොන්දුවක් දීලා තියනවා මහින්ද රාජපක්ෂ මේ රටේ වැඩකරන ජනතාවට රුපියල් 2500.00කින් වැටුප් වැඩි කරනවා කියලා. එතකොට දැන් ඒ පිළිබඳව කතාබහක් නෑ. අයවැය කල්යනවා යැයි කියන එකේ අර්ථය තමයි 2500 ගැන කතාව මඟහරිනවා කියන එක. එතකොට ඒ මඟහැරීමට එරෙහිව මේ රටේ වැඩකරන ජනතාව පෙළගැස්වීම අපගේ ප්‍රධාන වගකීමක්.’’
වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරෙක හිටපු කම්කරු අමාත්‍යවරයා..?
‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ නමුත් අපිට අද වෙනකොට පේනවා ඔහු ප්‍රාග්ධන හිමි පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින, ඒ වගේම ප්‍රාග්ධන හිමි පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ලෝකයට පෙන්වීම උදෙසා පෙනී සිටින කෙනෙක් බව. අද කතාබහක් තියනවා රටේ පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙවුවා කියලා. නමුත් අපි කල්පනා කරනාව පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙවුවාට වඩා එයා පුද්ගලික පළිගැනීමක් සහ වෛරකාර ආකල්පයකින් එවැනි තීරණයක් ගත්තා කියලා, දේශපාලන වාසි උදෙසා. ඒක එයාගේ ප්‍රතිපත්තිය නෙමේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමේ. ප්‍රතිපත්තිය කතා කරන හැම වෙලාවේම ආණ්ඩුව කිව්වේ අපි මිශ්‍ර ආර්ථිකය මත පදනම් වූ සංවර්ධන ක්‍රිවලියක් තමයි ඉදිරිපත් කරන්නේ කියලා.’’
‛‛නමුත් අපි දන්නවා ලෝකයේ මිශ්‍ර ආර්ථික කියලා දෙයක් නෑ. මිශ්‍ර ආර්ථිකය කියන්නේම වංචාව, ජනතාව රැවටීම. ඒ නිසා පුද්ගලීකරණය ඉදිරිකාලයේ දී අපේක්ෂිතයි. දැන් මේ වෙනකොට කම්කරු පංතිය දුර්මුඛ තත්වයට පත්වෙලා තිබෙනවා, මේ මැතිවරණ ජයග්‍රහණය දෙස බලලා. අපි කම්කරුවන්ට ආයාචනය කරනවා මැතිවරණ ක්‍රමය තුළ අපි දුර්මුඛ වීම අවශ්‍ය නෑ. කෝටියක් විතර ඉන්නවා වැඩකරන ජනතාව. ඔවුන් ශ්‍රමය විකුණලා ජීවත් වෙන ජනතාව. අපි කියනවා අපි තමයි මේ රටේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ ප්‍රමුඛයෝ, අපිට තමයි මේ රටේ සංවර්ධනයේ මූලික වගකීම තිබෙන්නේ, අපි පෙරට එමු, සංවිධානය වෙමු, අයෝමය බලයක් ගොඩනගමු.’’
මාතලේ ‛බත්’ කිරිබත් වෙයි…
December 31, 2009 by Karapoththa
Filed under Economic issues, Health, Life quips, Matale, සිංහල
මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි.
බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල් අලෙවි කර තිබීම නිසා බොහෝ පාරිභෝගිකයින් හාල් කිලෝගණනින් ගෙන ගොස් තිබේ.
මෙම හාල් වර්ගය බාස්මතී සහල්වල හැඩයට බොහෝ සමානය. එහෙත් පිසීමේ දී කිසිදු සුවඳක් හෝ රසයක් නොමැති අතර කෙසේ පිසින ලද වුවත් බත් බෙරි වී යන බව එම සහල් රැගෙන ගිය බොහෝ පාරිභෝගිකයින් පවසයි. එසේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ‛කොහෙන් හරි කුණු හාල් ගෙනල්ලා ඡන්දෙ කාලෙට අඩු මුදලට දෙනවා’ යනුවෙනි.
මේ පිළිබඳ අප මාතලේ සතොස ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සහල් බාස්මතී නමින් පිටරටකින් ආනනයනය කළ බවත්, එයට වඩා වැඩි විස්තර පැවසීමට නොහැකි බවත්ය. නමුත් මාතලේ නාඩු සහල් කිෙලා්වක් අලෙවි වන්ෙන් රැපියල් 70ක මිලකටය.
කෙසේ වෙතත් සහල් හිගයක් පවතින බවත් එයින් පාරිභෝගිකයින් අපහසුවට පත්වෙනු ඇතැයි පසුගිය දා අප වාර්ථා කලේය.
වෙළදපලේ හාල් හිඟයක් ඇතිවන ලකුණු
December 9, 2009 by Karapoththa
Filed under Corruption, Economic issues, Life quips, Pollonnaruwa, සිංහල
මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ වන විට මෝල්හිමියන් විසින් වෙළද සැල්හිමියන් වෙත සහල් නිකුත් කරන්නේ රුපියල් 61 ක මිළකටය. එසේ වූ විට සහල් මිටියක් රුපියල් 3050 ක් වන අතර රුපියල් 60 ගණනේ කිලෝ එකක් අලෙවිකළ විට ලැබෙනුයේ රුපියල් 3000 මුදලකි. එම නිසා අතින් පාඩුවට තමන්ට සහල් විකිනිමට නොහැකි බව පෙන්වාදෙන වෙළඳ සැල් හිමියන් කියා සිටින්නේ සම්බා සහල් වල තත්ත්වයද මෙයම බවයි.
දැනට තමන් ලඟ ඇති සම්බා සහල් රුපියල් 69 ගානේ මිලදී ගත් ඒවා බවත් රුපියලක් තබාගෙන රුපියල් 70 ට සහල් කිලෝවක් විකිනීමට රජය තමන්ට පවසා ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.
සතියකට සැරයක් මිල පාලන ඒකකය මඟින් අවුත් තමන්ව නිතියේ වරදකරුවන් බවට පත්කිරීමට උත්සාහකරමින් සිටින හේතුවෙන් තමන් සහල් විකිණීම නතර කරන තත්ත්වයකට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
ජී.එස්.පී ප්ලස් ගැන කථා කල නිසා අමාත්‍යංශ ලේකම් දොට්ට දැමීමේ සූදානමක්….
September 30, 2009 by Karapoththa
Filed under Colombo, Democracy, Economic issues, Governance, සිංහල
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතු වී ඇතැයි වාර්තාවේ. මේ පිළිබද වීමසීමට ලේකම්වරයා සම්බන්ධකර ගැනීමට කිහිප විටක්ම උත්සහ ගත්ත ද එය ව්‍යර්ත විය.




