‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.

යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය.

චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා විජේවර්ධන, ටී ශානතානන්, මුහාන්ඩ් කාදර්, ජී.ආර්. කොන්ස්ටන්ටයින්, කමලා වාසුකී, අනෝමා රාජකරුණා, සුජිත් රත්නායක, ටී.පී.ජී අමරජීව, ප්‍රසන්න රණබාහු, චාමික ජයවර්ධන, කුසල් ගුණසේකර, අනුර ක්‍රිෂාන්ත, බන්දු මනම්පේරි, වයිදේහි රාජසිංහම්, ඉනෝකා ද සිල්වා, සනත් කලුබද්දන, සජීවනී හේවාවිතාරණ, නිලූකා වීරසිංහ හා කිකෝ යන චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර රාශියක් මෙම ප්‍රදර්ශණයට ඇතුලත් වෙ.

වසර හතලියක් තිස්සේ ඉදිවෙන පාරක්

හල්දුම්මුල්ල හම්බෙගමුව මාර්ගය දැනට වසර හතලියකට පෙර ඇරඹුවද තවමත් එය ඉදිකර තිබෙන්නේ වෑඑළිය තෙක් පමණක් බව ගම්වාසීහු ප්‍රකාශ කරති. වෑඑළිය තෙක් දීර්ඝ කරන ලද්දේද ඉතා මෑතකදී බව පවසන වෑඑළිය ගම්වාසින් රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමේ වෑඑළියේ සිට පතහ හරහා වේලීඔය අමුණතෙක් කපා ඇති මාර්ගයටවත් මාර්ගය යාකර දෙන ලෙසයි. වෑඑළියේ සිට වේලීඔය දක්වා ඇත්තේ කිලෝමිටර් 6 පමණක් බවත් එම ප්‍රමාණය ඉදිකර දෙන්නේ නම් එයින් ප්‍රදේශයේ ගොවීන්ට විශාල සෙතක් සැලසෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි මහතෙකු වූ වී.මූ. පුංචිබණ්ඩා මහතා ප්‍රකාශ කලේ ‛‛ මෙම මාර්ගය වෑඑළියේ සිට වේලිඔය දක්වා දික් කිරිමට තව කැපීමට ඇත්තේ කි.මී. 6 ක් පමණයි. එය ඉක්මනින් කලොත් මේ ප්‍රදේශයේ ගොවින්ට විශාල සෙතක් සැලසෙනව. තමන්ගේ වගාවන් වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වලට පහසුවෙන් ගෙන ගොස් අලෙවිකර ගැනිමට ඔවුන්ට පුලුවන් වෙනව. ඒ වගේම ඉතා දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය මාර්ගය හේතුවෙන් දියුණුවට පත්වෙනව. ඒ පිළිබඳව කල්පනා කර බලා හෝ මේ පිළිබඳව ඉක්මන් අවධානය යොමුකර දෙන මෙන් ඉල්ලා සිටිනවා.’’කියාය.
සෑමදාම ඡන්ද කාලයට පාර මෙන්ම විදුලිය වැනි බෙහෝ කාරණ පිළිබඳව දේශපාලකයන් පොරොන්දු දුන්නද ඒවා කිසිදාක ඉටුනොවන පොරොන්දු බව හල්දුම්මුල්ල ප්‍රදේශවාසින් හොදින් දනිති. ඒ බව දැකබලා ගන්න කැමති ඕනෑම කෙනෙකුට හල්දුම්මුල්ල නගරයට ගිය විට එය දැකබලා ගත හැකිවේ. එම නගරය අදටත් එදාමෙන්ම කිසිදු වෙනසක් නැතිව පවතී

නීතිවිරෝධී ලෙස මෙරටින් පැනයාමට තැත්කල තරුණයන් තිදෙනෙකුට වෙඩි: දෙදෙනෙක් මරුට..

මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි.

මඩකලපුව, කිරාන් හී ‛ඊස්ටන් බ්‍රිජ් වීව්’ පොල්වත්තට දෙසැම්බර් 4වන දින රාත්‍රී 8.30ට පමණ විදුලි පහන් නිවා ට්‍රුක්ටරයක මෙම තරුණයන් තිදෙනා පැමිණ ඇති අතර එම වත්තේ මුරකරුට පවසා ඇත්තේ තමන් සරසවි සිසුන් බවත්, රාත්‍රී ආහාර ගැනීමට පැමිණි බවත්ය. ඊට මද වේලාවකින් වේඩ් ශබ්දයක් තමන්ට ඇසුනු බව එම වත්තේ මුරකරු වැඩිදුරටත් පවසයි.

නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත එම අවස්ථාවේදී වත්තට හමුදාව පැමිණ ඇති අතර හමුදාව දුටු තරුණයන් පැන යන්නට උත්සහ කිරීමේදී හමුදාව විසින් එම තරුණයින් තිදෙනාට වෙඩි තබා ඇත. මෙම වෙඩි තැබීමෙන් එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් කලපුවට වැටුනු අනෙක් තරුණයා කිඹුලන්ට ගොදුරු වී ඇත. ඔහුගේ දෑත් නැති මළ සිරුර කලපුවේ තිබී සොයාගත් බව එම ආරංචි මාර්ග පවසයි.

දැනට පොළිසිය බාරයේ ඇති එම තරුණයන් ගමන් කල ට්‍රුක්ටරයේ මාසයකට පමණ සෑහෙන ඇදුම් සහ ආහාර තිබු බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මීට පෙර ද මෙසේ නීති විරෝධි ලෙස මෙරටින් පැනයාමට තැත් කල අවස්ථා ගණනාවක්ම මාධ්‍ය වාර්තා කලේය.

පසුගියදා දා 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් දින 4ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ අතරමංව සිටියදී කතරගම අසල මුහුදේදී අත් අඩංගුවට පත්විය. මොවුන් අත්අඩංගුවට පත්වන විට නාවික සැතපුම් 750ක ආසන්න ප්‍රමාණයක් ගමන් කර ඇත. එහි ගමන කල අයෙක පැවසූයේ තමන් මේ ගමන සදහා රුපියල් ලක්ෂ 4ක මුදලක් ගෙව් බවයි.

විශේෂයෙන් මේවනවිට කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් 32 දෙනෙක් පමණ නිතිවිරෝධි සංක්‍රමණ චෝදනා යටතේ බන්ධනාගාර ගතකර ඇති බවත් විශේෂයෙන් නැගෙනහිර දමිළ තරුණයන් විශාල ප්‍රමාණයක් මෙම අවධානම් තත්වයද නොසලකා මුහුදු මාර්ගයෙන් මෙරටින් පැනයාමට දරණ උත්සහයන් වර්ධනය වී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි.

දරු සෙනෙහසක ගැඹුර….

YouTube Preview Image

උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ සොරණාතොට ගමිමානයේ පාරම්පරික හුණු කර්මාන්තය විනාශවීමේ අවදානමක්

සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන යාම සඳහා ජලය අවශ්‍ය වන අතර දිය උල්පත් සිඳීයාමෙන් කර්මාන්තයට ජලය සපයා ගත නොහැකිවිම මේ තත්ත්වයට හේතුව බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

සොරණාතොට ගම්මානය හුනු කර්මාන්තය අතින් ප්‍රසිද්ධියක් උසුලයි. දැනට ප්‍රදේශයේ හුනු පෝරනු 25 ක පමන සංඛ්‍යාවක් පවතින අතර පවුල් 100ක් පමන කර්මාන්තයේ නියැලී සිටියි. සෙරණාතොට ගම්මානයේ හා අවට දුන්හිද, රිදීපන ආදී ගම්මානවල 500 ක තරම් පිරිසකට මෙම නිසා සෘඡු හා වක්‍ර රැකියා අවස්ථා උදාවී ඇත

වර්ථමානයේ මෙම කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ජල ප්‍රශ්නය නිසා ප්‍රදේශයේ හුනු පෝරනු 15 ක් පමන මෙම වන විට වසා දමා ඇතැයි ද මෙම හේතුවෙන් පෝරනුකරුවන් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි ද පෝරනු හිමියන් පවසති.
මෙම ප්‍රශ්නය සම්බන්ධව සාරණාතොට පා්‍රදේශීය සභාවට කිහිප වරක් දන්වා සිටියත් ප්‍රාදේශීය සභාවෙන් අද වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇතැයි ද කර්මාන්තකරුවන් කියා සිටිති

ප්‍රාදේශීය සභාව වාර්ෂිකව පරිසර බද්ධක් වශයෙන් රුපියල් 3000 ක මුදලක් අය කර ගනු ලබනා බවත් තම දරු පවුල් ගැන සලකා බලා සහන දායි මිලට සතියකට අවශ්‍ය වතුර ප්‍රමානය බවුසර් මගින් හෝ තමන් වෙත ලබා දෙන ලෙෂත් ප්‍රදේශයේ පෝරනුකරුවන් ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිති.

බදුල්‍ල – ‍නෙත්

මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල

අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත් කර ඇති අතර එයින් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව අප බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ ‛‛අද උදෑසන 8.30 – 9 ත් අතර කාලයේ බන්ධනාගාර නියාමකවරුන් සිය රාජකාරී මාරුවන අවස්ථාවේ දෙමළ රැදවියන්ගේ අංශය දෙසින් නියාමකවරයෙකුගේ ඔලුවට එල්ල වූ ප්‍රහාරයක් නිසා කළබල කාරී තත්ත්වයක් උදාවූ බවයි. එම සිද්ධිය සැලවූ සිංහල සිරකරුවන් දෙමළ රැඳවියන් සිටි අංශය වෙත පැමිණිම නිසා කලහකාරී තත්ත්වයක් ඇතිවූ බවයි. එයින් සිරකරුවන් කිහිප දෛනෙකුට සුළු තුවාල සිදු වූ බවත් නියාමකවරුන් මැදිහත් වී සිද්ධිය සමතයකට පතකළ බවත් ඔහු පැවසීය.

„හතා“

ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ
පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ
ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ
හතා නොමැති වීදිය කුමට සකියනේ

කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු
පැත්ත ගියත් ඇත්තම කී රජ කෙනකු
යුද්ධ මැදත් උස් හඬ දුන් සෙනෙවියකු
ඇද්ද මෙවන් පාරට බට පියතුමකු

දෑස් පැළැන්ඳු යන එන මගියන්ට
කාත් කව්රුවත් නැති පීඩිතයන්ට
ඈත් කර දැමූ මහ මග දුගියන්ට
දෑත් විදාහළ අප වැනි කවියන්ට

වීදි කොණේ පිරිවර කැටුව හිනැහුණේ
පෑදි දියකි යට ගිලි නෙතු තුළ තිබුණේ
නාද නැගුණු අත් පොළසන් නො වියැකුණේ
සාදු !! දිසා පාමොක් වීදි ඇදුරණේ

මංජුල වෙඩිවර්ධන
07.11.2009

ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරියා තිරුක්කෝවිල් හී භීෂණය පතුරුවයි

2-suresh kumar edited
පහර කෑමට ලක් වූ සුරෙස් කුමාර්

1-driver (2)
පහර කෑමට ලක්වු රියදුරා

member of vavnathiv pradesia saba1 (2)
පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා

අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිටින ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිවරයෙකුගේ අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව වෙසෙන ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ පුද්ගලික ලේකම් වී සත්‍යසීලන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඉකුත්දා (14දා) අක්කරෛයිපත්තුව නැගෙනහිර පලාත් මහඇමති සම්බන්ධීකරණ කාර්යාලයේදි පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්‍යසීලන් මහතා මෙසේද ප්‍රකාශ කලේය.‛‛අම්පාර ජනතාවට යම් ප්‍රශ්නයක් විසඳා ගැනිමට මහ ඇමතිවරයා හමුවිම සඳහා ත්‍රිකුණාමලයට යෑමට සිදුවෙනවා. එය හරිම දුෂ්කරයි. ඒ නිසා මහඇමති සම්බන්ධීකරන කාර්යාලයක් අක්කරපත්තුවේ ආරම්භ කලා. නමුත් අපේම පක්ෂයේ ඉඳල ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරි තනතුර ගත්තු ‛‛ඉනය භාරතී’’ සහ ඔහුගේ ගෝලයෝ කණ්ඩායම මේ කාර්යාලය දානවට විරුද්ධ වුනා. බලහත්කාරයෙන් තර්ජනය කරල මිනිස්සු ගෙනල්ල උද්ඝෝෂන කලා. මේ කාර්යාලයේ කෙටසකට ගිනි තිව්ව.ගල්ගහල වීදුරු කැඩුවා. නැගෙනහිර පලාතේ වසර ගණනක් තිබුනු යුද්ධය නිසා සංවර්ධනය අඩාල වෙලා. මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න උග්‍රවෙලා.රැකියා හිඟය උග්‍රවෙලා. මහින්ද චින්තනය තුළින් නැගෙනහිර නවෝදය හරහා සංවර්ධනයට විශාල ලෙස මුදල් වෙන්කරල තියෙනවා. එයින් මුදල් ලබාගෙන මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සැලසුම්කරල මුදල් වෙන්කරාම මේ පුද්ගලයා ඒවා කරන්න එපා කියල ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනව. අපි ජලසම්පාදන ඇමතිවරයා හමුවෙලා සාකච්ඡා කරල කම්කරු රැකියා දොලහක් ලබාගෙන මේ ප්‍රදේශයේ දුප්පත් දෙමළ ලමයින්ට දුන්නා. මොහු ඒ රැකියා ගත්ත අයගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කරල රැකියාවලට යන්න එපා කියනව. ඒ රැකියා ගන්න මූලික වෙලා කටයුතු කරපු සුරේෂ කුමාර් නැමැති අයගේ ගෙදරට ගිහිල්ල ඔහුට පහරදීල වෙඩි තියල අතක් හා කකුලක් කඩල තියෙනව. අපට හිතාගන්න බැහැ මොහු මේවා කරන්නේ ඇයි කියල. අපි සටන් කරල ආයුධ බාරදිල දේශපාලනයට ආවේ මහජනතාවට, අපේ ප්‍රදේශවලට සේවය කරන්නයි. නමුත් මේ පුද්ගලයා එදා වගේම අදත් ආයුධ තියාගෙන කරන්නේ නායකයා වෙලා ත්‍රස්තවාදි ක්‍රියායි. මේ ගැන පොලිසියට පැම්ණිළි කලා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීතුමා පොරොන්දු වුනා මේ තත්ත්වය වෙනස් කරනවා කියල. ඒ විශ්වාසය විතරයි අපට තියෙන්නේ.’’
මේ පිලිබඳව අදහස් දැක්වූ කන්දසාමි නේසනාදන් මහතා පැවසූවේ ‛‛ මම තිරුක්කෝවිල් වල සමෘද්ධි සංවර්ධන සහකාර, ගමේ ග්‍රමා සංවර්ධන සමිතියේ ලේකම් තිරුක්කෝවිලේ භාරකාර මණ්ඩලයේ ලේකම්.අපි තමයි ගම්වල පොදු වැඩ කරන මිනිස්සු. මේ ඉනය භාරතී කියන පුද්ගලයා හිතන්නේ ඉස්සර වගේම දැනුත් ඔහුගෙන් තොරව කිසි කෙනෙකුට කිසි දෙයකට ඉඩ නොදෙන්නයි. අපි බලන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව එකම දේශයක් එකම ජාතියක් විදිහට සාමයෙන් සමගියෙන් කටයුතු කරන්න. නමුත් මොහු තාමත් එදා හිටපු ඒකාධිපති මානසිකත්වයෙන් තමයි ඉන්නේ. මගේ බිරිඳට දුරකථනයෙන් කතා කරල තව දවස් හතකින් මාව මරනවා කියල තර්ජනය කරළ තියෙනව. මෙවැනි පුද්ගලයෙක් අතිගරු ජනාධිපතිතුමා තියාගෙන ඉන්නේ ඇයි. මේක අපිට ප්‍රශ්නයක්. අපි ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයා මේ තනතුරෙන් ඉවත් කරල මේ ප්‍රදේශයේ නිදහසේ ජීවත්වෙන්න මිනිස්සුන්ට අවස්ථාව සලසා දෙන්න කියලයි. මේ පුද්ගලයා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ප්‍රදේශවල තියෙන ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් ලබාගෙන ඔහුගේ පුද්ගලික වැඩ කරනවා. රැස්විම් පවත්වනවා. ඔවුන් භයට කියන්නේ නැහැ. ඊයේ රාත්‍රියේ අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කරන වවුනතිව් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී මෙහේට ආවා අපේ කෝවිලට රුපියල් ලක්ෂ පහක මුදල් අධාරයක් කරන්න. ඔහු කේවිල ලඟට එනවත් සමග මොවුන් වහනයට ගහල කුඩු කරල, මන්ත්‍රීවරයාට වෙඩි තියල ඔහු ලග තිබුනු රුපියල් ලක්ෂ පහත් ඔහුගේ ජංගම දුරකථන සියල්ලත් පැහැර ගත්ත. ඔහුගේ මුස්ලිම් ජාතික රියදුරාටත් පහරදීල තුවාල කලා. ඔවුන් දැන් රෝහලේ.
කේ.සතිස්සේකරන් මහතා ‛‛ මම ගුරුවරයෙක් ලෙස සේවය කලේ. පසුව මහ ඇමතිතුමාගේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ පිරිපාලන නිලධාරී ලෙස මුදාහැරල සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ත්‍රිකුණාමලයට ගිහින් වැඩක් කරගන්න බැරි නිසයි අක්කරපත්තුව කාර්යාලය ආරම්භ කලේ. ජනාධිපතිතුමා එක දේශයක්, එක ජාතියක් කියනව නමුත් මේ තිරුක්කෝවිල් වල එවන් තත්ත්වයක් නැහැ. මුලින් ඊලාම් සටන පවත්වාගෙන ගිය ආකාරයට තවමත් ඔහු පවත්වාගෙන යන්නේ. ජනතාව තුල සැකයක් මතුවී තිබෙනව ජනාධිපතතුමා මොහුව සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත්කලේ මෙලෙස මැර බලය පතුරුවන්නද? කියල. ඉනය භාරතී තිරුක්කෝවිල් වල පුද්ගලයෙක් නොවේ ඔහු මඩකළපුවේ සිට ආයුධ සන්නද්ධව ඇවිත් මේ ප්‍රදේශයේ නායකයා ලෙස කටයුතු කල අයෙක් අදත් ඔහු ඉන්න හදන්නේ ඒ තත්ත්වයෙන් මයි.
එම්. ජීවාකරන් මහතා – තිරුක්කෝවිල් ත්‍රී විල් රථ සංගමයේ ලේකම්
මම එදිනෙදා රක්ෂාව කරගෙන ඉන්නේ. දවසක් ‛භාරතී’ මට කෝල් එකක් දුන්නා එයාව හමුවන්න එන්න කියල.මම බැහැ කිව්ව එහෙම නම් උඹව මරණවා, ගේ ගිනි තියනවා කිව්වා. ඔහු ප්‍රධාන පාරක් හරස් කරල තමයි කාර්යාලය දාල තියෙන්නේ මේ නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ යන්න එන්න පහසුවක් නැතිව. අපි කාලයක් අවිආයුධ තියාගෙන හිටිය. අපි ආයුධ භාරදීලා ඇවිත් ඉන්නේ අපේ අයට සේවයක් කරන්න මේ ප්‍රදේශයේ දියුණුවට කටයුතු කරන්න ඒ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අනුව. අපි භාරතීට කිසිම වරදක් කරල නැතුවයි ඔහු මේ අපිට වදදෙන්නේ.
ලෝගනාදන් සුරේෂ් කුමාර් (31) මහ ඇමතිතුමාගේ ඉල්ලිමක් අනුව ජලසම්පාදන ඇමතිතුමා විසින් කම්කරු පත්විම් 12 ක් දුන්නා.මම තමයි ඒවා ලබාගන්න මුල්වෙලා කටයුතු කලේ. මටත් රැකියාවක් ලැබුණා. ඔවුන් අපේ ගෙදර ඇවිත් රැකියාවට යන්න එපා කිව්ව. නමුත් මටත් ජීවීතයක් ඕන. මගේ අනාගතය ගොඩ නඟා ගන්න ඕන ඒ නිසා මට රැකියාවට යන්න ඕන කිව්ව. ඊට පස්සේ මට ගහල වෙඩි තියල මරණීය තුවාල සිදුකලා. පොලීසියට පැමිණිලිකලත් වැඩක් වුනේ නැහැ.
මෙම පුවත් පත් සාකච්ඡාව සඳහා මහ ඇමතිවරයාගේ නියෝජිතයින් තවත් තිහිප දෙනෙකුම අදහස් දැක් වූ අතර මේ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් විසි දෙනෙකු පමණ සහභාගීවී සිටියහ.
මේ සියලු දෙනා චෝදනා කලේ ඉනය භාරතී නැමැති ජනාධිපති සම්බන්ධීකරන නිලධාරීවරයා ගැනය. ඒ නිසා අප ඒ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සහ ගතිමු. ඔහු අවස්ථා පහකදී පැයකින් කථාකරන්න, පැය දෙකකදී කථා කරන්න, මම ඔයාට කථාකරන්නම් ආදී වශයෙන් සඳහන් කරමින් මග හැරියේය. පසුව සම්බන්ධකර ගත්තද ඔහුගේ දුරකථනය විසන්දි කෙරිනි. පසුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතාව සම්බන්ධකර ගැනිමට උත්සාහ කළද නෙහැකි විය. අවසානයේ අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ගිනිගේ මහතාට කථා කලෙමු. මේ ඒම හතා දැක්වූ අදහස්ය.
‛‛ඔය කියන කරම් භීෂනයක් මේ ප්‍රදේශයේ නැහැ. මහ ඇමති සම්බන්ධීකරණ කාර්යාලයට පහර දෙන්න ආ වෙලාවේ අපි නීතිය හරියට ක්‍රියාත්මක කරමින් පැමිණි පිරිස විසුරුවා හැරියා. කෝවිල අසල ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. එත් ඒ පිළිබඳව සාක්ෂි නැහැ. සාක්ෂ දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් සමහරු පැමිණිළි කලත් ඒවාට සාක්ෂි දෙන්නේ නැහැ. කෙහොම වුනත් අපි මේ ප්‍රදේශයේ යලි භීෂණයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ.

Next Page »