ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.
August 20, 2010 by Karapoththa
Filed under Democracy, Economic issues, Life quips, Matale, Transport, සිංහල
ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත.
මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව දායකත්වය සපයන මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදය හා එක්ව, විවිධ සංවිධාන සහ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලබා ගනිමින් මෙම ආචාර ධර්ම පද්ධතිය කෙටුම්පත් කර ඇති අතර, එය රටේ විවිධ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා නායකයන් වෙත පිළිගන්වමින් පෞද්ගලිකව අදහස් ලබා ගැනීමට නියමිතය. එසේම මෙම ආචාරධර්ම පද්ධතිය අගෝස්තු මස අවසානයේ දි දඹුල්ලේ දී එළිදැක්විමට ද සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.
ලංකාවේ දැනට ත්‍රීවිල් රථ 450000 කට අධික සංඛ්‍යාවක් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන අතර, එම ත්‍රිරෝද රථ භාවිතය හා රියදුරන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජයෙන් බොහෝ විට නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ. ඊට විසඳුමක් වශයෙන් එම වෘත්තියේ නියැලි සිටින අයගේම මූලිකත්වය හා එකඟත්වය මත මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් සකස්කර ගැනීම මගින් ආදර්ශමත් ත්‍රිරෝද රථ සංස්කෘතියක් මේ රටේ ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමයත්, මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයත් ප්‍රකාශ කරයි.
එහි ආරම්භක පියවර වශයෙන් පන්නමිපිටිය ත්‍රීරෝද රථ සංගමයට මුල්වරට මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කිරීමෙන් පසු ඉදිරියේදී මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංස්කෘතියේ විශාල ප්‍රවර්ධනයක් සිදු සිදුකිරීමට හැකිවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.
එසේම ත්‍රීරෝද රථ සේවය සඳහා මෙවැනි විධිමත් ආචාර ධර්ම පද්ධතියක් සැකසෙන්නේ ලොව ප්‍රථමවරට බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ෙකටුම්පත් කරන ලද එම අාචාරධර්ම පද්ධතිෙය් ෙතාරත=රැ සදහා – http://lanka3wheel.wordpress.com/2010/08/20/cord-of-ethics/
පහත දැක්ෙවන්ෙන් දඹුල්ෙල් දී පැවති අාචාරධර්ම සකසා ගැනීම පිළිබද වැඩමුලුෙව් ඡායාරෑප කිහිපයකි.

Pic by – YRDGLanka – Matale
අද(17) උදෑසන ”ආසියාවේ ආශ්චර්ය” ජලයෙන් යටවූ හැටි…
May 17, 2010 by Karapoththa
Filed under Colombo, Life quips, Transport, සිංහල
අද උදෑසන කොළඹට ඇදහැලුනු වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබු හැටි ‛විකල්ප’ කැමරාවේ මෙසේ සටහන් විය…
මඟීන් සූරාකන නගරාන්තර බස්
July 6, 2009 by Vikalpa_R
Filed under Colombo, Corruption, Transport, සිංහල
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජීවත් වන මාගේ මිතුරෙකුගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් මම වැල්ලවත්තෙන් පානදුර – කොළඹ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට ගෙඩවුනෙමි.(එහි අංකය 63-2737) කොළඹ සිට පානදුර දක්වා සුඛෝපභෝගී බස්රථයක ගමන් ගාස්තුව රුපියල් 40 කි. වැල්ලවත්තෙන් බසයට ගොඩ වූ මා කෙසෙල්වත්තට ප්‍රවේශපත්‍රයක් ඉල්ලා සිටියෙමි. ප්‍රවේශපත්‍රය මාවෙත ලබාදුන් එහි කොන්දොස්තර මහතා ඒ සඳහා රුපියල් 40 ක ගාස්තුවක් අයකරන ලදි. එහිදී මා සිතුවේ මා කොළඹට අයත් ප්‍රදේශයකින් බසයට ගොඩවූ නිසා සම්පුර්ණ මුදලම අයකරන්නට ඇති කියාය. එහෙත් මට පසුව ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශවලින් බසයට ගොඩවූ අයගෙන් ද එම ගස්තුවම අයකරනු මම බලා සිටියෙමි. මේ අතර මොරටුව ප්‍රදේශයෙන් බසයට ගොඩ වූ මැදිවියේ කාන්තාවක් මා අසලින් ඉඳගත් අතර ඇය ‛‛ පානදුරට කීයද කියා විමසමින් ’’ රුපියල් පනහේ නෝට්ටුවක් කොන්දොස්තරවරයාට ලබාදෙන ලදි. එවිට කොන්දොස්තරවරයා ඇය වෙත රුපියල් 10 නෝට්ටුවක් ඉතිරි මුදල ලෙෂ ලබාදෙනු ලැබුවාය. ඇය විමතියෙන් යුතුව කොන්දොස්තරවරයා දෙස මෙන්ම මා දෙසද බැලුවද කිසිවක් නොකිවාය. ඊට පසුද තවත් බොහෝ අය බසයට ගොඩවූ අතර ඔවුන්ගෙන්ද විවිධ ගණන් අය කරනු මා බලා සිටියෙමි.
ඩීසල් කියකින් හෝ වැඩිකළ විට බස්ගාස්තු වැඩිකළ යුතුයැයි කෑ මොර දෙන බස්හිමියන්ගේ සංගමය හෝ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ ප්‍රවාහන අමාත්‍යාංශය යන කිසිවෙකුත් මේ පිළිබඳව පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැත. මෙවැනි සිද්ධි පිළිබඳව තවත් බොහෝ දෙනෙකු මා සමගද පවසා ඇත. මෙරට පෞද්ගලික බස් සේවය කිසිදා පිළිවෙලක් කරනු ඇතිද කියා බලා සිටිනවා හැරෙන්නට අපට කළහැකි කිසිවක් නොමැත. එහෙත් බලා සිටියද නොහැක ඒ නිසාවෙන් මා මේ පිළිබඳව ගමනා ගමන පැමිනිලි කොමිසමට පැමිණිළි කලෙමි. එහෙත් එයට කුමක්වේද කියා මා නොදනිමි.
විනොත්
කොළඹට කිරි, ලඟට කැකිරි…
June 24, 2009 by Karapoththa
Filed under Badulla, Democracy, Life quips, Transport, සිංහල
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය.
“කොළඹ යන අය ඉඳ ගත්තාට පසුව අනිත් අය ඉඳ ගන්න. ලඟට යන අය අතර මඟදී නගින කොළඹ යන අයට ඉඩ දෙන්න.”
බස් රථය ගමන් කරන්නට විය. දියතලාව, හපුතලේ බලංගොඩ දක්වා යන බස් මගීන් තම ආසන මතින් නැගිට්ටුවා අතර මඟදී බස් රථයට ගොඩ වූ මගීන්ට එම ආසන දෙන ලදි.
බදුල්ල මහ රෝහලේ සැත්කම් කර නිවෙස්වලට යන රෝගීන් මෙන්ම ශාරිරික ආබාධිත අයද තම ආසන දුන්නේ කොන්දොස්තරගේ පරුෂ වචන ඉවසාගත නොහැකිවය. ලංගම බස් ඇතැම් පෞද්ගලික බස් තත්වයට මේ කොන්දොස්තර ගෙන ඒම ගැන ඒම මගී ජනතාව දැඩි අප්‍රසාදයකින් කථා කලේය.
මුදලක් ගෙවා ටිකට් පතක් ගෙන බස් රථයේ යන මගීන්ට ආසනයක ඉඳගෙන යාමට ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත.
නමුත් මේ කොන්දොස්තර එම අයිතිය බලෙන් උදුරාගෙන ඇත. එසේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙසේ උදුරාගැනීමට මොනයම් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික නිළධාරියෙකුට ඇති අයිතිය කුමක්ද..
සී. එස්. රත්න
The Post man of very remote area in Matale district speaks with vikalpa his expirieance
June 5, 2009 by Karapoththa
Filed under Featured Video, Matale, Transport, Video

The Post man of very remote area in Matale district speaks with vikalpa his expirieance
මාර්ගය පිළිසකර කරන්නැයි මඟීන්ගෙන් ඉල්ලීමක්
මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය සිට දඹවෙල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවට විකල්ප වෙත වාර්ථාවේ. මේ වන විට මාර්ගයේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර මගීන් පවසන්නේ පා ගමනින් උව ගමන් කිරීම අපහසු බවයි. විශේෂයෙන් වැසි දිනවල දී එම තත්ත්වය වඩාත් නරක අතට හැරෙන බව ඔවුන් පවසා සිටී.
මාර්ගය පිළිසකර කරන ලෙසට පලාත් සභාවෙන් මෙන්ම ප්‍රාදේශීය සභාවෙන්ද කොතෙක් ඉල්ලීම් කළද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම නිසා මේ සම්බන්ධව අභිනවයෙන් පත්වූ මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමුකරන මෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටී.
අප මේ පිළිබඳව මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලයෙන් විමසූවිට එහි විධායක ඉංජිනේරු විජේකෝන් මහතා පැවසූවේ මෙම මාර්ගයේ නඩත්තු කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් එහෙත් මාර්ගයේ මීටර් 150 පමණ කොටසක් ගිලා බැස ඇති නිසා එය ප්‍රතිසංස්කරණය කිරිමට හැකි ඉක්මණින් කටයුතු කරන බවත්ය.
මැණික්හින්න අරත්න මාර්ගය අබලන් – මගී ජනතාව අමාරුවේ
April 30, 2009 by Vikalpa_R
Filed under Governance, Kandy, Transport, සිංහල
මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ මැණික්හින්න කුඹල්ඔය හරහා අරත්න දක්වා දිවෙන ( මාර්ග අංක 620) ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් බස් ගමනා ගමනය නාරම්පනාව තෙක් සීමා කිරීම නිසා කරගස්තැන්න, නාපාන හා අරත්න වැනි ගම්රැසක මඟී ජනතාව දැඩි අපහසුවට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් දිගින් දිගටම වගකිව යුත්තන්ට දැන්වුවද කිසිදු පියවරක් නොගැනිම නිසා මාර්ගයේ තත්වය තව තවත් නරක අතට හැරුනු බව ජනතාවගේ මතයයි.
මේ පිළිබඳව කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාවෙන් විමසූ විට ඔවුන් පැවසූවේ මෙම මාර්ගය පළාත් සභාවට අයත් එකක් බවයි. කෙසේ වෙතත් මාර්ගය අබලන් වීම නිසා බස් ගමනා ගමනය බිඳවැටී ජනයා අපහසුවට පත්වී ඇති බව ප්‍රාදේශීය සභාව ලෙස ඔවුන් ද පිළිගන්නා බවත් මේ පිළිබඳව පළාත් සභාවෙන් විමසන ලෙසත් පැවසූහ.
අප මේ පිළිබඳව මධ්‍යම පළාතේ මහමාර්ග අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ලේකම් කේ.පී.කරුණාදාස මහතා පැවසූවේ ‛‛ මෙම ප්‍රදේශයේ මාර්ග බොහෝමයක් අබලන් වී ඇති බවට පළාත් මාර්ග අධිකාරිය මඟින් හඳුනාගෙන ඇති බවත් මේවසරේ මාර්ග අලුත් වැඩියා වැඩසටහන මඟින් එයින් කිලෝමීටර් 2200 පමණ අලුත්වැඩියා කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැදවා ඇති නිසා මසක් ඇතුලත අලුත්වැඩියා කටයුතු පටන් ගැනිමට බලාපොරොත්තු වන බවයි.’’ එම වැඩසටහනට මෙම මාර්ගය ඇතුලත් දැයි විකල්ප කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ ‛‛ වාමන ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වූ මාර්ග සියල්ල වාහන ගමන් කළ හැකි මට්ටමට අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන ලැබී ඇති නිසා නොබෝ දිනකින් එම අලුත් වැඩියා කටයුතු පටන් ගැනිමට බලාපොරොත්තු වන බවයි.
කොළඹ වැළිමඩ ඒ.සී බස් මඟීන් ව මංකොල්ලා කයි
April 11, 2009 by Vikalpa_R
Filed under Colombo, Corruption, Transport, සිංහල
අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ.
මෙහිදී අදාල බස්රථවල කොන්දොස්තරවරුන් පවසා ඇත්තේ ගම්පොළ,නුවරඑළිය යන කුමන ස්ථාන දක්වා ගමන් කළද වැළිමඩ දක්වා යාමට අයකරන රුපියල් 290 ක මුදලම ගෙවිය යුතුබවයි. මෙම බස්රථයක නුවරඑළියට යාම සඳහා ගාස්තුව රුපියල් 230 කි. අප මේ පිළිබඳව ගමනා ගමන කොමිෂන් සභාවෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව නිසා මේ දිනවල ඇති දැඩි තදබදය පෞද්ගලික බස්රථකරුවන් තම වාසියට හරවාගෙන අයුතු ලෙස ලාභ ලැබිමට උත්සාහ කරන බවයි. තමන්ට මේ පිළිබඳව මඟී ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතිබවත් ඒ පිළිබදව නිසි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අප මේ පිළිබඳව මඟින්ගේ අදහස් විමසූ විට ඔවුන් කියා සිටියේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම්බිම් වල යන ජනතාව වැඩි නිසා පෞද්ගලික බස්රථකරුවන් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සහා කරන බවයි. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතු බව අප සමග අදහස් දැක්වූ බොහෝ මඟීන්ගේ අදහසයි. මේ අතර ඉල්ලීම් කිහිපයක් දිනාගැනිම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් වැඩ වර්ජනයක් දියත් කර ඇත.














