Protest against 18th Amendment – Massive crowd in Colombo
September 8, 2010 by Karapoththa
Filed under Colombo, Featured Video, Video
‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්
September 8, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Media, සිංහල
‛‛පිස්සු රජා අපිට එපා
මහින්දයෝ මේ අහපන්
සංශෝධනේ නවත්තපන්
නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛18වන සංශෝධනයට එරෙහි ව්‍යාපාරය’ විසිනි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල නියෝජිතයින් මෙයට එක්ව සිටියේය. ‛‛මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අපි අද ප්‍රකාශයට පත් කරලා, අද කනත්තට ඇවිල්ලා ඒ මළගම ලෝකයට අපි ප්‍රකාශ කරනවා.’’ මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටියේ ය.
වෝඩ් පෙදෙසින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය බොරුල්ල මංසන්ධිය වෙතට පැමිණෙන විට පොළීසිය එයට බාධා කරමින් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරූ විරෝධතාකරුවන් නාරාහෙන්පිට දෙසට හරවා යැවීය. ඉන්පසු ඔවුන් සේනානායක හංදිය අසලට පැමිණ නැවතත් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරීමේදී පොළීසිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ අවස්ථාවේදී රාජගිරිය දෙසට යන මාර්ගය පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබිණී. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් එම මන්සංදියේ වාඩිලාගෙන තම විරෝධය ප්‍රකාශ කල අතර පසුව බොරැල්ල කනත්ත අසලට පැමිණ රැස්වීමක් පැවත්වීය.
මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජොසප් ස්ටාලින් ‛‛මෙතනට අද විවිධ බලවේග ඇවිල්ලා ඉන්නවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පොදු මහජනතාව මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනිවාර්‍යයෙන්ම මේ 18වන සංශෝධනය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් වීදියේදී අපි එය පරාජය කරනවා.’’
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අදයි..!
September 8, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, සිංහල
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු වන ගේට්ටුව අසලටම ගමන් ගත්තේය.
මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.
මේ එහි සේයාරූයි.
‛‛18වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනා ඉතිහාසයේ අපරාධකරුවන් වෙනවා.’’ නීතිඥවරුන්ගේ විරෝධය – එහි සේයාරූ
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, සිංහල
‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්‍රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම යෝජිත 18වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙම ස්ථානයට පැමිණි කොඳුනාරටිය තියෙන ප්‍රගිතිශීලි නිතිඥ වරුන්ට ස්තුතියි.’’ මෙසේ පවසා සිටියේ ජාතික නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතායි. ඒ අද කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට යෝජිත 18වන සංශෝධනයට එරෙහිව පැවති උද්ඝෝෂණයකදීය. ඔහු වැඩිදුරටත් මෙසේ පවැසී ය.
‛‛8වනදා පාර්ලිමේන්තුවේ මෙම පනතට පක්ෂව ඡන්දය දෙන සියලු දෙනාට ඉතිහාසයේ අපරාධ කරුවන් වෙනවා.මේ සොහොන්ගත කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියයි. ඒ නිසා සියලු දෙනාට වගීමක් තියනවා එයට එරෙහි වෙන්න.’’
ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා කරන්නෙ නැතිව ඕනෑ තරම් තරඟ කරන්න ඉඩ දෙන එක. තිබුණු ව්‍යවස්ථාධායක සභාව සම්පූර්ණයෙන්ම නැතිකරල ඒ වෙනුවට වෙනත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කරනවා. ඒකට කිසිම බලයක් නැහැ ඒක නිකම් ඉංග්‍රීසියෙන් කියනවනම් ජනාධිපතිට Observation දෙන්න පුළුවන් එකක්. අපි මොකද්ද දැක්ක කියල කියන්න පුළුවන්. ඒ වගේ කිසි වැඩක් නැති දෙයක්. 3 වැනි දෙය තමයි මැතිවරණ කොමසාරිස් ඒ දෙපාර්තමේන්තුවේ දැනට යම් දුරටවත් මැතිවරණය වැරදි දේවල් පාලනය කරන්න තියෙන ඒ බලය, ඒකත් අයින් කරල. මැතිවරණ කොමසාරිස් කොළ අච්චු ගහල, කොලේ බෙදල, ගණන් කරන කොමිටි එකකට අඩුකරලයි තියෙන්නෙ. මැතිවරණ කොමසාරිස් දැන් නිකන් කූලී කාරයෙක්.
දැන් මේ තුනම එකතුවක් විදියට ගත්තොත්, සමස්ථයක් හැටියට අපි දකින්නේ විධායක ජනාධිපතිගේ බලයේ විශාල වශයෙන් වැඩි කරල. 2005 චින්තනේ නම් කිව්වේ විධායක ක්‍රමය නැති කරනව, මේවා අඩු කරනව, කියල තමයි ආවේ. හැබැයි කළේ ඒකෙ බලතල විශාල වශයෙන් වැඩි කිරීම ඒක එකක්. දෙවනුව දේශපාලන වශයෙන් හුගක් වැදගත් දෙයක් තමයි, ඇත්තට ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් තියෙනව ලංකාවෙ, මොකක් හරි කරන්න ඕන කියල කථාව ඔක්කොම ගියේ, මේ ඔක්කොම මේ ඔක්කොම කථා වුණේ ජාතික ප්‍රශ්ණයත් එක්ක. මේ දෙමළ ප්‍රශ්ණෙ විසදන්න ඕනේ, යුද්ධයෙන් පස්සේ මොකක් හරි කරන්න ඕනේ, ජාතික ප්‍රශ්ණෙට මොකක් හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියල. 13 ප්ලස් 13 මයිනස් 13, 14 ඕන මඟුලක් , මොකක් හරි කරන්න ඕනෙ කියල. ඒ කතාවෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියන එක ආවේ. කෝ දැන් ජාතික ප්‍රශ්ණය ගැන එක වචනයක් තියනවද මේ අලුත් සංශෝධනයේ. ලංකාවේ දෙමලු ඉන්නවයි කයලවත් මේ ව්‍යවස්ථාවේ මතක් කරලා තියනවද. නැහැ. ඒ ප්‍රොඩාවෙන් පටන් අරගෙන ව්‍යස්ථාමය වෙනසක් ගේනවැයි කියලා මේ ජාතික ප්‍රශ්නය විසදන්න ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා සම්පූර්ණයෙන්ම වෙනත් දෙයක් ගෙනල්ලා තියෙන්නේ.
ව්‍යවස්ථා වෙනස් කරන්නේ ව්‍යවස්තා හදන්නේ ජනතාවගේ දියුණුවට. මම නම් දකින එකම උදාහරණයයි ව්‍යවස්ත්ථා සම්පූර්ණයෙන්ම හදන්නේ එක මනුස්සයෙක්ගේ හරි එක පුවලකගේ උවමනාවට මේ ලංකාවේ.
අපි අද ඉන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දීමේදී ටිකක් අමාරු තැනක. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ මොකද්ද වෙන්නේ 160ක්ද , 150ක්ද අනිද්දා උන් අමුඩේ ගලවන්න යනවා. එච්චරයි කරන්නේ. හෙලුවැල්ලෙන් නටනවා කිසිම ලැජ්ජාවක් නැතුව.
කොහොමද අපි මෙවැනි තැනකට වැටුනේ. එක හේතුවක් මර්ධනය. දෙවන හේතුව ජාතිවාදී යුද්ධයෙන් ලොකු ජයග්‍රහණයක් ගත්තොත් ඒ යුද්ධයෙන් ජයග්‍රහණය ගත්ත පැත්ත යම් කාලයකට ඒ ජාතීන් අතර විශාල යෝධයෙක්, රජ්ජුරුවො කෙනෙක් විදිහට පෙනී සිටිනවා. ඒක හරියට හිට්ලර් යුදෙවුවො මරලා ජර්මනියේ සයිකොලොජි එක වෙනස් කරා වගේ. අපේ රටෙත් එවැනි දෙයක් තිබෙනවා. නමුත් මර්ධනයට විරුද්ධව මිනිස්සු ටික ටික පෙළබෙන්න පටන් ගන්නවා. මාකොෂ්ට හැමදාම එතන ඉන්න හම්බ උනේ නෑ. රුමේනියාවෙත් එහෙමයි. ඔය වගේ හැම තැනම සිදු උනා. ජනතාවගේ මැතිවරණය බලය නැතිකරාට හැමදාම එහෙම බෑ. හිට්ලර්ට උනා වගේ. දෙමලු නැති කරා කියලා සිංහල මිනිස්සු මුලා කරන්න බැ හැමදාම. ඒ සෙල්ලම හරියන්නේ නැ. ටික කාලයක් පුලුවන් නටන්න. ඊට පස්සේ බැහැ. ඔය දෙකම නැතිවෙන දේවල්. එකක් තමයි විධායක බලය ඉතාම ශක්තිමත් කරන එක. අනෙක රටතුළ මර්ධනය වැඩි වැඩියෙන් ඇති කරන එක. ඔය දෙකම සම්බන්ධ වේන්නේ මෙහෙමයි. මේක ඇත්තටම ජනාධිපතිට තුන්වන සැරේ ඡන්දය ඉල්ලන්න ඉඩ දීම පමණක් ප්‍රශ්නයක් නම් සමාජයට කියන්න පුලවන් ප්‍රශ්ණයක් නැහැ නේද කියලා. ජනප්‍රිය නම් මිනිහා දිනයි. කැමති නැතිනම් මිනිහා පරදියි. ඔය වගේ දේවල් කියන්න පුලවන්.
දැන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක දෙවරකට වඩා අවස්ථාවක් දෙන්නේ නෑ. හේතුව බලයේ ඉන්න මිනිහට වාසියක් තියනවා. මේකේ ලොකුම වරද ආපහු ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙන එක නෙමෙයි. ඒකේ වරද මින් පස්සේ මර්ධනය නිසාත් සහ අනෙක් ප්‍රශ්ණ නිසාත් මේ රටේ අයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලැබෙන්නේ නෑ. අපි දැක්කා වයඹ මැතිවරණය, අපි දැක්කා 2010 ජනවාරි මාසේ කොච්චර දුරට ආණ්ඩුවේ යාන්ත්‍රණය වැරදි විදිහට ප්‍රයෝජනයට ගත්තා ද කියලා. ඒ නිසා ජනාධිපතිවරණ මැතිවරණ ඉවරයි. මෙකෙන් බලය තියනවනේ ඕනම දෙයක් කරන්න. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. ඉදිරයේදී හැම මැතිවරණයකටම වෙන්නේ මොකද කියලා මට දැන් කියන්න පුලුවන්. මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. අන්න ඒකයි වෙන්න යන්නේ අපි ඔක්කොටම මේක බලපානවා. අනෙක මාධ්‍ය නිදහස අපිට ලියන්න, කියන්න තියන නිදහස ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න තියන අයිතිය. හැම දේම මේ ප්‍රශ්ණය නිසා තර්ජනයකටයි, අනතුරකටයි පත් වෙනවා.
කුමා ඩේවිඩ්
(2010 සැප්තැබ්මර් කොළඹ පුස්තකාලයේදී පැවති සම්මන්ත්‍රණයකදී දැක් වූ අදහස්)
‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Media
විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ
2005 දී වාමාංශික පක්ෂ එකතුව
http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php
වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති ජනතා පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ජනාධිපති අපේක්ෂකල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනයල වමේ පක්ෂවලට පූර්ණ වශයෙන් එකඟවිය නොහැකි යම් යම් කාරණා තිබුණා වුවත් මූලික වශයෙන් ජනතා හිතවාදි ප්‍රතිපත්ති මාලාවක් ලෙස සලකන බව ඊයේ නිකුත්කළ පුවත් පත් නිවේදකයකින් කියා සිටියේය. එම නිවේදනයේ මෙසේ සඳහන් විය. ‛ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ ඇතුළත් වන පොරොන්දු වාමාංශික පක්ෂ අගය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත් ඒ පොරොන්දු අතර ප්‍රධාන වෙනවා’’.
2010 මැයි මාසයේදී වාසුදේව නානායක්කාර
http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/11251-vasu-wants-executive-presidency-abolished.html
බලයේ සිටින ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වඩා එම ධුරය සඳහා තරඟ කළ නොහැකි වන ලෙස ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට වමේ පක්ෂ විරුද්ධයි. ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂවලින් සමන්විත වන වමේ පොදු පෙරමුණ මැයි 31 වන දා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කිරීමට වමේ පොදු පෙරමුණ සිය විරෝධය පළ කරන බවයි.
2010 ජූනි වාසුදේව නානායක්කාර
http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100610_unpcon.shtml
විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට තමන් විරුද්ධ වන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. තමන් ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම විධායක ජනාධිපතිධුරයට විරුද්ධව පෙනී සිටි බව ඔහු කියා සිටියේය. ආණ්ඩුවත් සමග සිටිමින්ම ජනාධිපතිට තවත් ධුර කාලයක් බලයේ සිටීම සඳහා ඉඩ ලබා දෙන ක්‍රියාමාර්ගයකට තමන් විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
දින කීපයකට ඉහතදී වාසුදේව නානායක්කාර මහතා අද දෙරණට කළ ප්‍රකාශයක්
http://www.adaderana.lk/news.php?nid=9651
වමේ පක්ෂ 1978 ව්‍යවස්ථාවට එරෙහි වූණා සේම මේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලටත් එරෙහි වන වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක වාසුදේව නානායක්කාර මහතා මීට ටික මොහොතකට පෙර අද දෙරණට කියා සිටියේය.
වාසුදේව නානායක්කාර අද ලංකාදීප
වමේ පක්ෂ එකතුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවසීය.
18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මාධ්‍ය නිෙව්දනය – වාමාංශික ව්‍යාපාරය
18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සමාජවාදී ජනතා පෙරමුණ ගත් තීන්දුව ලංකා සම සමාජ පක්‍ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුතර තීන්දුව නොවේ.
සමාජවාදී ජනතා පෙරමුණ සමන්විත වන පක්‍ෂ 2ක් වන ලංකා සම සමාජ පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා නොකිරිමට තීරණය කර තිබියදීත් එම තීරණ නොතකා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ලසසප හා ප්‍රවාපෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත් තීන්දුව අප තරයේ ප්‍රතික්‍ෂේප කරමු. සමාජවාදී ජනතා පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධවූවත්, මේ අවස්ථාව සලකා එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවට වාසුදේව නානයක්කාර සහෝදරයා මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදී මෙන්ම එම පක්‍ෂවල බහුතරයේ තීන්දු උල්ලංඝනය කිරිමකි.
සමාජවාදී ජනතා පෙරමුණ මෙම සංශෝධනයට සහය පලකිරිමට ඉදිරිපත්වීම අනාගතයේදී රටතුල අධිකාරිවාදී පාලනතන්ත්‍රයක් ඇතිකිරිමට අනුභලදීමක් ලෙස සැලකිය යුතුවේ. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා වාමාංශික ව්‍යාපාරය ගෙනගිය අරගලය හා වාමාංශික හෘදසාක්‍ෂිය අමු අමුවේ පවා දීමක්ය. මෙම තීරණයත් සමඟ සමාජවාදී ජනතා පෙරමුණේ නායකත්වයේ අවස්ථාවාදී භාවය හා දේශපාලනික බෙලහීනභාවය පෙන්නුම් කරයි. කෙසේවූවත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට හා එමගින් ඇතිවිය හැකි දේශපාලන අධිකාරිවාදය පරාජය කිරිමේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය දිගටම ගෙනයන අතර එම සාමුහික අරගලයට සියළුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරමු.
අත්සන් කලේ
අධිනීතිඥ අශෝක වීරසිංහද සිල්වා (ල.ස.ස.පෙ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභික)
විමල් රුද්‍රිගූ (ල.ස.ස.පෙ නි. ලේකම් හා දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ ලාල් විජේනායක (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ පර්සි වික්‍රමසේකර (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ටී. එම් රෂ්ඩීන් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා සභාපති ලංකා කම්කරු සම්මේලනය)
චමීර පෙරේරා (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා ප්‍රධාන ලේකම් සම සමාජ තරුණ සමිති මහා සංගමය)
හෙළරුවන් සේනාරත්න (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ඒ. ඇස්. ඇම්. ෆාරුක් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ආචාර්‍ය කුමාර් ඩේවිඩ් (ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
ආර්. පී. ලංකාලෝක ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
කුවින්ටස් ලියනගේ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩඩ්ලි කලන්සූරිය ආරච්චි ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩබ්. කේ. විලේගොඩ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩිශාන් ධර්මසේන ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
තිසුන් වනසිංහ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
එච්. ඒ. ඒ. චන්ද්‍රපාල ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
හදිසි ව්‍යවස්ථා සංශෝධනය සහ ලංකාවේ දේශපාලන අනාගතය..
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Video, Video































