පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – ඡන්දයට පෙර ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය

රාජ්‍ය මාධ්‍ය යනු බලයට පත් වන දේශපාලන පක්ෂයට අයත් වන දේපලක් නොවේ. ස්වාධීන සංස්කරණ පිළිවෙතක් ඇතිව පවත්වාගෙන යා යුතු මහජන සේවා ජනමාධ්‍ය ආයතනයන් ය. ඒබව පිළි නොගත් දේශපාලන පක්ෂක් නැති තරම් ය. විශේෂයෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ස්වාධීන අපක්ෂපාති වාර්තාකරණයක යෙදිය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ද යළි යළි තහවුරු කරන ලද කාරණයකි.

පසුගිය නැගෙනහිර පලාත්පාලන මැතිවරණ සමයේ රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය හැසිරීම මෙසේ විය:

දිනමිණ
පොදුජන එක්සත් පෙරමුණට වාසිදායක වාර්තාකරණය 100% වන අතර අවාසිදායක වාර්තාකරණය ප්‍රතිශතය 5% කි.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වාර්තාකරණක් නොමැති අතර එම පක්‍ෂයට අවාසිසහගත වාර්තාකරණය ප්‍රතිශතය 95%කි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්‍ෂ සහ කණ්ඩායම් සඳහා වාසිදායක හෝ අවාසිදායක නොවන වාර්තාකරණ නොමැත.

ඩේලිනිව්ස්
පොදුජන එක්සත් පෙරමුණට වාසිසහගත පුවත් ප්‍රතිශතය 100%කි. අවාසිදායක වාර්තාකරණ කිසිවක් වාර්තාකර නොමැත.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පුවත් කිසිවක් නොමැති අතර අවාසිදායක වාර්තාකරණය 100%කි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්‍ෂ සඳහා වාසිසහගත හෝ නොවන වාර්තාකරණ නොමැත.

තිනකරන්
පොදුජන එක්සත් පෙරමුණට වාසිසහගත පුවත් ප්‍රතිශතය 100%ක් වන අතර අවාසිදායක වාර්තාකරණ නොමැත.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පුවත් කිසිවක් නොමැති අතර අවාසි සහගත වාර්තාකරණ ප්‍රතිශතය 100%කි.
ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් පක්‍ෂ සඳහා වාසිදායක හෝ අවාසිදායක පුවත් කිසිවක් නොමැත.

රජයේ විද්‍යුත් නාලිකාවන්හි එනම් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වාර්තාකරණය ද ඒ හා සමාන විය.

මෙම වාර්තාකරණය දෙස හරයාත්මක ලෙස බැලූ විට පෙනෙන්නේ සනාථ කළ නොහැකි අවලාද සහ බොරු ප්‍රචාර ඒ තුළ පිරී ඇති බව යි. මෙම අත්‍යන්තයෙන්ම පක්ෂපාති වාර්තාකරණය තුළ කිසිදු ජනමාධ්‍ය ආචාර ධර්මයක් තිබුනේ නැත.

මෙම තත්ත්වය අපට පෙන්වන්නේ මෙරට නීතියේ පාලනය කොතරම් බිඳවැටී ඇත්ද යන්න ය. මෙලෙස රාජ්‍ය දේපල මැතිවරණ ක්‍රියාදාමය සඳහා අනිසි ලෙස යොදා ගැනීම සිදු වූයේ ඉන්දියාවේ දි නම් මෙම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සිර ගෙට යැවීමට තරම් ඉදන්දීය මැතිවරණ කොමිසම කටයුතු කරන්නට ඉඩ තිබුණි. අපේ මැතිවරණ කොමසාරිස්වරයාට එක්කෝ නීතියේ දත් නැත. නැත්නම් තිබෙන බලතල පාවිච්චි කල හැකි දේශපාලන පරිසරයක් නැත.

එලඹෙන පළාත්පාලන මැතිවරණ දෙක සම්බන්ධයෙන් ද රාජ්‍ය පාලිත ජනමාධ්‍ය කරනු ඇත්තේ බලයේ සිටින ආණ්ඩුව යළි බලයට පත් කිරිම පිණිස අගතිගාමී සහ ව්‍යාජ කරුනු මත ප්‍රචාරයක් ගෙනයෑම ය. එම තත්ත්වය වෙනස් කිරිමට අවශ්‍ය දේශපාලන හෝ සමාජ බලවේගයක් සිටී ද? අඩුම වශයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනිමට වත්?

අපේ මහින්ද

ප්‍රජාතන්ත්‍රවාදි සහ මානව හිමිකම් සහිත ශ්‍රී ලාංකික සමාජයක් සඳහා බලවේගයන්හි මිතුරකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වැදගත් කියමනක් පසුගිය සති ඉරුදින පුවත්පතෙහි ලියා තිබුනි. නොදුටු අයගේ දැන ගැනිම පිණිස ඒ කොටස යළි ලියා තබමි.

“එදා අපට චෝදනා කළා කොටින්ට උදව් දෙනවාය කියා…අපි මානව හිමිකම් කොමිටියට ගොස් කිව්වේ රටේ මානව අයිතතීන් සුරකින්න ය කියායි. අපි ආධාර දෙන රටවලින් ඇහුවා – ඇයි බැරි ආධාර දෙන ගමන් බොලාට මේ රටේ මානව අයිතිය පිලිබඳ කොන්දේසියක් පනවන්න- අන්න ඒ ඉල්ලිමයි අපි කලේ . අද ඒ ඉල්ලිම ඉටු කර තිබෙනවා. මම කියනවා මේ ආන්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජීනිවා වලට නොවෙයි ලෝකයේ ඕනෑම තැනකට එහෙම නැත්නම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන බව. ඒ අයිතින් ලබා ගැනීම සඳහා කියන්න තිබෙන ඕනැම තැනකට යන්න තිබෙන අයිතිය උදුරා ගන්න දෙන්නේ නැහැ.”

මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල ….

සුනන්ද දේශප්‍රිය

1. අම්පාර දිසාවේ මුස්ලිම් ජාතිකයින් සඳහා ඉදි කැරෙන සුනාමි නිවාස නතර කරන සේ ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. පොදු පෙරමුනේ බුලත් කොළය යටතේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ හෙළ උරුමය නැගෙනහිර ජන්දය සඳහා තරඟ වැදුණේ එකට ය. මැතිවරණය අවසන්ව ගත වූයේ දෙදිනකි. හෙළ උරුමය තමන් සමඟ එකට තරඟ වැදුණු මුස්ලිම් පක්ෂයන්හි ව්‍යාපෘතියකට එරෙහිව උසාවි ගොස් තිබේ.

2. හෙළ උරුමය ඡන්දය සඳහා ටීඑම්වීපි ය සමඟ ද සංධාන ගතව සිටියේය. මැතිවරණයෙන් දෙදිනකට පසු හෙළ උරුමයේ ප්‍රධානී ඇමැති චම්පික රණවක පුවත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ නැගෙනහිර පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල දීමට තමන් විරුද්ධ බව යි. ටීඑම්වීපි ය ඡන්දයේ දි කියා සිටියේ තමන් සම්පූර්ණ බලතල සහිත පළාත් සභාවක් පිහිටුවන බව යි.

මැතිවරණ සමයේ හෙළ උරුමය මෙම පිළිවෙත එහි ඡන්ද වේදිකාවේ දී ප්‍රකාශයට පත් කළේ නම් කොපමණ හොද ද? මේ පිළිවෙත ගැන මුස්ලිම් පක්ෂ සහ ටීඑම්වීපීය කුමක් කියනු ඇත් ද?

නැගෙනහිර ඡන්දයේ හෘද සාක්ෂිය

වැදගත් වන්නේ ඡන්ද දූෂණ නොවෙයි දිනන්නේ කව්ද කියන එකයි කියා කියා තිබුනේ වෙනින් කව්රුවත් නොව එස්. බී. දිසානායක මහතා ය. ඔහු පමණක් නොව බොහෝ දේශපාලනඥයින් කල්පනා කරන්නේ එලෙස ය. මන්ද යත් දිනුවාට පසු ලැබෙන රාජ්‍ය බලය විසින් සියළු දූෂණ වංචා සාධාරණ කැරෙන්නේ යැයි සිතන නිසා ය. ඒ දේශපාලනඥයින්ගේ පැත්තෙන් සිතන හැටි ය. මැතිවරණ දූෂන දැන් තනි දේශපාලන පක්ෂයක බූදලයක් නොවේ. මහත්මා ගුණයෙන් පිරි දේශපාලඥයින් අතලොස්සක් හරුණු විට අන් සියළු දේශපාලනඥයින්ගේ එකම අරමුණ කෙසේ හෝ බලයට පත් වීම පමණි.

නැගෙනහිර මැතිවරණයේ දී බිය ජනක ලෙස දක්නට ලැබුණේ මෙම දැක්ම මෙරට දේශපාලනය තුළ කොතරම් දුරට මුල් බැසගෙන ඇත් ද යන්න ය. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය කෙරෙහි අබමල් රේනුවක තැකීමක් නැති දේශපාලනඥයින් එදා එහි වීදි බැස සිටියහ.

මෙම පාඩමෙහි අත්පොත් තැබීම සිදුවූයේ විසි පස් වසරකට පෙර 1982 ජනමත විචාරණයේ දි ජේ ආර් ජයවර්ධන නායකත්වයෙන් බව සටහන් නොකළොත් එය අඩුවකි. සාපේක්ෂ වශයෙන් සාධාරණ සහ නිදහස් ජනාධිපතිවරණයකින් ජය ලද වන්දිකා කුමාරතුංග 1998 වයඹ මැතිවරණයේ සිට ජේ. ආර් ගේ පා සළකුනු ඔස්සේ ගමන කිරිම ඇරඹුවා ය. එයද සදහන් නොකලොත් අඩුවකි.

තීරණාත්මක මැදිහත්වීමක් කළ නොහැකි නම් යළි මැතිවරණ නිරීක්ෂණයන්හි නොයෙදෙමි යැයි මම ඕට්ටමාවඩි පාලම ලඟ විදුහල ඉදිරියෙහි සිට මැයි 10 දා ශපථ කර ගතිමි. එහි හොර ඡන්ද දැමීමට පැමිණියේ හොදින් ඇද පැලඳ ගත් කාන්තාවන් පිරිසකි. අප එහි සිටි බැවින් ඔවුනට එම ජරා කාරියේ යෙදීමට බැරි විය. ඒ වෙනුවට ඔව්හු අපට ද දෙස් දෙවාල් තබමින් පොලීසියටද මැතිවරණ නිලධාරීන්ට ද කෑ ගසමින් උඩ පනිමින් පසුබැස ගියේ අප ගිය පසු ආපසු ඒමට ය.

අප ඇස් ඉදිරියෙහි ම පෙරහැර යන්නා සේ යමින් හොර ඡන්ද දැමීමේ යෙදුනු පිරිමින්, ගැහැනුන් සහ ළමයින් එය සැළකූයේ උත්සවයක් ලෙස ය. සතුටින් ඉපිල යමින් හැදුනුම් පත් හුවමාරු කර ගත්හ. අසැබි වචනයෙන් විපාක්ෂික නායකයින්ට බැණ වදිමින් සතුටු වූහ. මුද්දර තරමේ ජායාරූප තොග ගනනින් ගෙනැවිත් එවෙලේම හැදුනුම්පත් ලබා දෙන ජංගම හැදුනුම්පත් කාර්යාල දුසිම් ගනනින් තිබුනි. දරුවෝ ද සිය ජායාරූප ගෙනැවිත් එක් සැනින් ජන්ද දායකයෝ වූහ.

දරුවන් රටක අනාගතය යැයි කියනු ලැබේ. එවැනි දරුවන් හොර ජන්ද දැමීමෙහි පුහුණු කරවන දේශපාලනඥයින්ගෙන් අප කුමණ අනාගතයක් බලා පොරොත්තු වන්නද?

ඇත්ත නැත්ත සොයා නොබැලිය හැකි ග්‍රාම සේවක අත්සන සහ ප්‍රාදේශිය ලේකම් අත්සන යැයි කියන ඕනෑම අත්සනක් පිළිගන්නා මෙවැනි තුට්ටු දෙකේ හැදුනුම්පතක් පිළිගැනිමට අදහස සහ අවසරය දුන්නේ මැතිවරණ කොමිසමෙනි.

පසුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී ද මෙම පළාත්පාලන මැතිවරණයේ දී ද වැඩිම ඡන්ද දූෂන සිදු වූයේ මෙම දෙකේ කොලයේ හැදුනුම් පත නිසා ය. මා නිරීක්ෂනය කළ ඡන්ද මධ්‍යස්ථානයන්හි සවස දෙකෙන් පසු සියයට 90ක් ම ඡන්දය ප්‍රකාශ කලේ කිරිකිරියට අලුත් එකී තාවකාලික හැදුනුම්පත මගිනි. එතරමටම මෙ ප්‍රදේශයේ ජනයාට ජාතික හැදුනුම් පත් නැත් ද?

මැතිවරණ සදහා ජාතික හැදුනුම්පත අනිවාර්ය කරන සේ ඉල්ලා දස ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් අත්සන් කිරීමට කලකට පෙර දේශපාලන පක්ෂ කටයුතු කලේ ය. එම දේශපාලකයින් අද ආණ්ඩුවේ ඇමැතිවරුය. ඒ පෙත්සමට වූ දෙයක් නැත් ද?

සාධාරණ සහ නිදහස් මැතිවරණය වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය යැයි කියනු ලැබේ. ඊට හරියටම විරුද්ධව ඉදහිට හැර 1982 සිටම මෙරට මැතිවරණ පැවත ඇත්තේ මංකොල්ල ලෙස ය. මහෝත්සවය මංකොල්ලයක් බවට පත්වන රටක නිදහසේ අවමංගල්‍යක් මිස මංගල්‍යක් පවතිනු ඇත් ද?

ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියා දාමයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ ප්‍රතිඵලය පමණක් නොව ක්‍රියා දාමය ද ඒ තරමට ම වැදගත් ය යන පිළිගැනීම යි. අරමුණ නැත්නම් ඉලක්කය සුජාත කැරෙන්නේ ඒ කරා යන ගමන් මාර්ගය විසිනි. සුජාත නොවූ මුදුන් පමුනුවා ගැනීමකින් පොදු මහා ජනයාට වැඩක් වන්නේ නැත. මන්ද යත් මහා ජනයා ප්‍රධානය යන සංකල්පය වෙනුවට එහි ඇත්තේ බලය ප්‍රධානය යන සංකල්පය නිසා ය.

කෙසේ හෝ බලයට පැමිණීම සාධාරණ යැයි කල්පනා කරන අපේ දේශපාලඥයින්ගේ හෘද සාක්ෂිය කුමක් වනු ඇත්දැයි ඔබට සිතා ගත හැකිද?

දෙමළ ජීවිතය

අපේ දෙමළ සගයින් දෙදෙනෙකුගේ ඥාතීන් පසුගිය සතියේ පොලිස් පරීක්ෂනයට භාජනය විය. කොළඹ දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය තේරුම් ගැනීමට මෙම සිදුවීම් දෙකම අපට ඉවහල් වෙයි.

ඉන් එක් අයකු රහස් පොලීසියට කැදවා තිබුනේ ඇය සමඟ යාපනයේ දී හයවැනි පංතියේ ඉගෙන ගත් වෙනත් දෙමළ තරුණියක අත් අඩංගුවට ගෙන තිබූ නිසා ය. රහස් පොලීසියට කැදවනු ලැබූ විට පවුලේ සියළුම දෙනා බියට පත් විය. කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය නිදහස් කෙරුණි.

අනෙක් සිදුවීම පිලයන්දල බෝම්බයට සම්බන්ධ ය. මෙම බෝම්බය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයකු තමා නැවැතී සිටි බවට ගල්කිස්ස ප්‍රදේශයේ ලිපිනයක් දී තිබුණි. පොලීසි නිලධාරීහු මේ ලිපිනය සොයා පැමිණියහ. නමුත් ලිපිනයේ යම් අඩුවක් නිසා එවැනි ස්ථානයක් සොයා ගැනීමට බැරි විය.

එවිට ඒ අසළ සිටි අයකු අන්න අවහල් ගෙදර නම් දෙමළ කට්ටියක් ඉන්නවා යැයි පොලීසියට කී බව කියනු ලැබේ. අනතුරුව එහි පැමිණි පොලීසිය නිවසේ සිටි පිරිමින් දෙදෙනා අත් අඩංගුවට ගත්තේ ය. ඔවුන් දෙදෙනා නිදහස් කෙරුණේ ඥාතීන් මැදිහත් වූ නිසා පැය 18ක් පමණ ගතවූ පසුව ය. මේ සිදුවීම ද පවුලේ උදවිය මහත් කළබලයට පත් කලේ ය. ඥාතීන් කොළඹ නොසිටියේ නම් දෙමළ ජාතිකයින් දෙදෙනා මාස ගණනාවක් හෝ සැක පිට සිර අඩස්සියේ තැබෙන්නට ඉඩ තිබුණි. පිළියන්දල බෝම්බයට සැක පිට දෙමළ ජාතිකයින් දෙදෙනෙකු ගල්කිස්සෙන් අල්ලයි කියා සිංහල පුවත්පත්හි ශිර්ෂ පාඨ පළවන්නටද තිබුණි.


එලෙස ශීර්ෂ පාඨ පුවතක් බවට පත් වූ පුවතක් නම් බුත්තල බස් බෝම්බයට සම්බන්ධ වතුකර දෙමළ ජාතිකයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීම ය. මෙම දෙමළ ජාතිකයින් පස් දෙනාම පසුව නිදහස් කෙරුණි. නමුත් කිසිදු පුවත්පතක් ඒ බව වාර්තා කලේ නැත. දෙමළ ජනයාට ත්‍රස්තවාදට සම්බන්ධ යැයි රිසි සේ චෝදනා කිරීමටත් ඉන් පසු ඒ ජනයාට සිදු වන්නේ කුමක්දැයි නොසලකා හැරීමත් මෙරට සිංහල ජනමාධ්‍යයේ පුරුද්ද බවට පත්ව තිබේ.

ගෝඨාභය කතා
මට බලය ඇතොත් එකඟ නොවන ( ඔහුගේ වචනයෙන් දේශද්‍රෝහී) පත්තර වසා දමමි යැයි කියන්නේ ආරක්ෂ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ය.

විවේචනාත්මන ජනමාධ්‍ය ( ඔහුගේ් වචනයෙන් මඩ ගසන) පාලනයට 2002 දී අහෝසි කරන ලද සාපරාධි අපහාස නීතිය ගෙන ආ යුතු යැයි යෝජනා කලේ ද ඒ මහතා ය.

හදිසි නීතිය යටතේ ජනමාධ්‍ය පාලනය කිරිම පිණිස වාරණ නියෝග පැනවීම පිණිස ගැසට් පත්‍රයක් සකස් කර ඉදිරිපත් කැරුනේ ද ඒ මහතා යටතේ ය.

ආරක්ෂ ලේකම් ධුරය ජනාධිපතිවරයාගේ ඥාතියකුට දිය යුතු බව ව්‍යවස්ථාවන් සහතික කළ යුතු යැයි කීවේ ද ඒ මහතා ය.

ඒ මහතා ජනාධිපති සහොදරයා වුවද දැන් දරන්නේ ආණ්ඩුවේ නිලයකි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයය. ඒ මිස දේශපාලන කතා පවත්වන අයෙකුගේ ධුරයක් නොවේ. නමුත් ඒ මහතා රූපවාහිනී නාලිකාවන්හි පෙනී සිටිමින් පවත්වන තරමක් පවත්වන්නේ දේශපාලන කතා ය. මැතිවරණ ප්‍රචාරයේ ද යෙදෙයි.

ආණ්ඩු පාලනය යටතේ පවත්නා පුවත්පත් තමන්ට සහාය නොදෙන බැවින් තමා ආරක්ෂ අමාත්‍යාංශයට වෙබ් අඩවියක් නිර්මාණය කළ බවත් එය තමාගේ වෙබ් අඩවිය බවත් ඔහු කිය යි. ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දන පිළිවෙත සහ බොරු ප්‍රචාර ලොවට පෙන්වන හොදම නිදර්ශනය බවට අද පත්ව ඇත්තේ මෙම වෙබ් අඩවි ය යි.

ඔහුගේ වෙබ් අඩවිය මුහමාලේ සටන( 23.04.08) ගැන මැයි 03 දින කියා සිටියේ අවසාන සංඛාලේඛන අනුව මිය ගිය සොල්දාදුවන් ගණන 91ක් බව යි. එදිනම ආණ්ඩු පාලනයේ පවතින රූපවාහිනී ඔස්සේ කතා කරමින් ඔහු කීයේ සියයකට වඩා සොල්දාදුවන් මිය ගිය බව යි.

එය කතුවරුන් බල්ලන්ට සමාන කරයි. ජනමාධ්‍යවේදින්ට ලේබල් අලවමින් දේශදෝහීන් ලෙස නම් කරයි. එකඟ නොවන පුවත්පත් එල්ටීටීඊ සහායකයින් ලෙස ප්‍රහාරයට ලක්කරයි. මෙවැනි මිතුරන් සිටින ආණ්ඩුවකට සතුරන් අවශ්‍ය නැත.

නැගෙනහිර අභියෝගය
පොදු ජන එක්සත් පෙරමුණ ජයගත හොත් එහි නායත්වය හිමිවන්නේ හිස්බුල්ලාට නොව පිල්ලෙයාන්ට ය. මන්ද යත් පාදු ජන එක්සත් පෙරමුණේ ජය තීරණය වනු ඇත්තේ මඩකලපු දිසාව පිල්ලෙයාන් සහ ටීවීඑම්පී ජය ගත හොත් පමණක් නිසා ය. ඔහු එහි ආසන හත අටක් දිනා ගත යුතු ය. පොදු පෙරමුණේ සිංහල හෝ මුස්ලිම් අපේක්ෂකයින්ට එතරම් ආසන ගණනක් දිනා ගත නොහැක.

පිල්ලෙයාන් ජය ගතහොත් ආණ්ඩුව 13 වන සංශෝධනයේ සමස්ත බලය ඔහුට පැවරිය යුතු ය. නැගෙනහිර පළාත් සභාව අන් පළාත් සභා මෙන් නොව 13 වන ව්‍යවස්ථාව සහමුලින්ම යොදා ගැනීමට උත්සාහ කරනු නොඅනුමාන ය.

එජාප – මුස්ලිම් කොන්ග්‍රස් සභාගය ජය ගත්හොත් ඒ මුස්ලිම් ක්‍රොන්ග්‍රසය සහ රවුෆ් හකීම් නිසා ය. එහි නායකත්වය හිමි වනු ඇත්තේ රවුප් හකීම්ට ය. දැන් දෙමළ ජාතික සංධානය ද ආණ්ඩුව පරාජය කරන ලෙස ප්‍රසිද්ධ ඉල්ලීමක් කර ඇති නිසා පෙනෙන විදියට වැඩි බරක් අත්තේ එජාප – කොන්ග්‍රස් සංධානයට ය.

එජාප – කොන්ග්‍රස් සංධානය ජය ගතහොත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැලි වනු ඇත. එසේ වුවහොත් බලය බෙදීමට ඇති සිංහල බහුතර ආණ්ඩුවේ සුදානම යළි ප්‍රශ්න කිරිමට ලක් වෙයි.

පිල්ලෙයාන් සහ ටීවීඑම්පී ජය ගත හොත් එය මුස්ලිම් කොනග්‍රසයේ පරාජයක් බවට පත්වනු ඇත. එජාප – කොන්ග්‍රස් සංධානය ජයගත හොත් එය පිල්ලෙයාන් පිලේ මහත් පරාජයකි.

කවර පාර්ශවයක් ජය ගත්තද එය එක්කෝ දෙමළ හෝ නැත්නම් මුස්ලිම් දේශපාලනයේ ජයග්‍රහණයක් බවට පත් වීම වැළැක්වීම අද ඇති ප්‍රධානතම අභියෝගය යි. එම අභියෝගය අප හැම සතු ය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සතු ය. ටීයීඑම්පී සහ කොන්ග්‍රසය සතු ය.

එමෙන්ම කවර පාර්ශවයක් ජය ගත්තද 13වන සංසෝධනයේ සම්පූර්ණ බලතල පවරා දී බලය භුක්ති විදීමට නැගෙනහිර ජනයාට අවස්ථාව සළසා දීම ද අප හැම සතු අභියෝගය යි. ඒ සඳහා සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමත් පළාත් සභා බලතල පාර්ලිමේන්තුවේ සරළ බහුතර ජන්දයකින් යළි පවරා ගැනීමේ නීතිය ක්‍රියාත්මක නොකර සිටින බවට දෙන ස්ථිර පොරොන්දුවක් අත්‍යාවශය ය.

එවැනි දේශපාලන සංස්කෘතියක් පිහිටුවීමට බැරි වුව හොත් නැගෙනහිර ඡන්දයෙන් අත්වනු ඇත්තේ ජයග්‍රහණයක් නොව දේශපාලන මෙන්ම අවසානයේ දී යුදමය ද පරාජයකි.

සුනන්ද දේශප්‍රිය

නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය

නැගෙනහිර පළාත් සභා ඡන්දයට අදාළව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳව නැගෙනහිර පළාතේ සිටින විකල්ප පුරවැසි මාධ්‍ය ජාලයේ සාමාජිකයින් විසින් එවන කෙටි ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා කුඩා වෙබ් අඩවියක් Twitter නැමැති චැනලයේ දැන් විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා Eastern Election 2008 වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සියලු ප්‍රවෘත්ති සහ වාර්තාවන් විකල්ප වෙබ් අඩවියේත් පළ වෙනවා ඇත. (කරුණාකර මැද ඇති තීරුව බලන්න)

බිම් මට්ටමේ පුරවැසියන් විසින් එවන කෙටි පණිවිඩ (SMS) මැතිවරණ වාර්තාකරණයක් සඳහා ශ්‍රී ලංකවේ යොදා ගනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි. මැතිවරණයට ආසන්න දින කීපය තුළ සහ මැතිවරණ දිනයේ ( 2008 මැයි 10) සිදුවෙන සිදුවීම් එම ප්‍රදේශයේ ජීවත් වන පුරවැසියන් විසින් කෙටි පණිවිඩ මාර්ගයෙන් විකල්ප විශේෂ මැතිවරණ වාර්තාකරණ අඩවියට එවනු ඇත.

ලැබෙන සෑම කෙටි පණිවිඩයකම අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය බව පරීක්ෂා කිරීම අපට කළ නොහැක්කක් බැවින් අපගේ කුඩා වෙබ් අඩවියේ පළ වෙන වාර්තා සම්බන්ධයෙන් පුරවැසියන්ම මැදිහත් වී තමන්ගේ පැහැදිලිකිරීම්, නවතම තත්ත්වයන්, සහ වෙනස් අදහස් සහ අර්ථකතනයන් නොපමාව අප වෙත එවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අපගේ වාර්තා පිළිබඳ ඔබට RSS Alert එකක් ලබා ගත හැකි අතර Twitter හි නොමිලයේ ලියාපදිංචිවීමෙන් ලොව කොතනක සිටියත් මැතිවරණය පිළිබඳ අලුත්ම ප්‍රවෘත්ති ඔබගේ ජංගම දුරකතනයට ලබාගැනීමටත් පිළිවන්.

ඔබගේ මැතිවරණයට අදාළ වාර්තා සහ ප්‍රවෘත්ති කෙටි පණිවිඩ මගින් 0777312079 දුරකතන අංකය ඔස්සේ විකල්ප වෙත එවන්න.

Citizen reports of election violence and malpractices in the Eastern Province

Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections 2008 site for the latest updates, that are also featured on Vikalpa (see column in the middle).

This is the first time in Sri Lanka that reports via SMS from citizens at the grassroots are being used to provide perspectives from the Eastern Province in the lead up to and on the day of the elections (10th May 2008).

While we cannot check the veracity of each SMS we receive in a timely manner, we hope and expect that citizens themselves will actively engage with reports posted on our micro-site and alert us with clarifications, updates and alternative perspectives of their own.

You can get RSS alerts of our reports and even sign up wih Twitter for free and get updates on your mobile, wherever you are in the world.

Please send in your election monitoring reports via SMS to Vikalpa at 0777312079.

මරණයේ තුවක්කුව නොදුටු ජීවිතයේ කැමරාව……

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව මේ වන විට අතිශය ප්‍රභල මට්ටමක පවතින බවට රජය නිරන්තරයෙන් පවසන අතර ජාතික ආදායමේ විශාල කොටසක් නිතිපතා ඒ වෙනුවෙන් වෙන් කෙරේ.ඔබ කොළඹ ප්‍රධාන වීදියක ගමන් ගන්නා විට දී, සමහර විට ඔබට මහ පාරෙන් ඉවත ඇති මුල්ලකට ගාල් කෙරේ. එපමණක් නොව ඔබ පාර දෙසට පිටුපා සිටිය යුතු බවටද අණ කෙරෙයි. ඔබ ඒ අතර වාරයේ හොර ඇහින් මහ පාර දෙස බැලුවොත් කළු වීදුරු සහිත වේගයෙන් පියාඹායන රථ හා හමුදා සාමාජිකයන් පුරවාගත් ජීප් රථ දැකිය හැකිය. එම හමුදා සාමාජිකයන්ගේ තුවක්කු බට එල්ල වී ඇත්තේ ඔබ දෙසටයි. ඔබට ඇතිවන නොසන්සුන්තාව නිසා අසල වැටි ඇති කෙසෙල් ලෙල්ලක් වැරදීමකින් හෝ පෑගී ශරීරයේ තුලනය පාලනය කර ගැනීමට නොහැකිව ඔබේ හිස යම් හෙයකින් පාර දෙසට නැමුන හොත් ඊළඟ මොහොතේ ඔබේ ඔලුව කුඩු වී යා හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. තත්ත්වය එසේ තිබියදී ත් තවමත් රාජ්‍ය නායකයන් ඉතා සරළ හා විසුලු ආකාරයෙන් කොළඹ නගරයේ මහ මඟ මිය යයි. එසේ වන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇත්තටම ප්‍රබලද?

අපි පසුගියදා ත්‍රිකුණාමල නිළාවේලි මාර්ගය දිගේ ගමන් කරමින් සිටයෙමු. මෙහි දි කිසිවෙකුට අඩියෙන් අඩිය ඇති හමුදා මුර කපොලු වල පරීක්ෂාවට ලක් නොවී රිංගා යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. මෙය නැවත සිහි ගන්වන්නේ කොළඹ නගරයේ ආරක්ෂක වාතාවරණයයි. මේ පාරේ එක්තරා මුරකපොල්ලක් අසලදී මෝටර් සයිකලයකින් යන මුස්ලිම් යුවලක් හා කුඩා දරුවෙකුගේ දසුනක් කැමරාවට හසු කරගැනීමට මාගේ මිතුරෙකු උත්සාහ ගත්තේය. මේ නොමනා ක්‍රියාව අර මුර කපොල්ලේ හමුදා සෙබලාගේ උදහසට ලක්විය. ඔහු එම ඡායා රූපය වහා මකා දමන ලෙස අණ කලේය. මගේ මිතුරා එය කළේය. ඉන්පසු ඔහුගේ විමසුම් ඇසට ලක් වුනේ මාළඟ තිබු විඩියෝ කැමරාවයි. ‛‛ මේ පැත්ත විඩියෝ කරාද ’’ඔහු ඇසීය මම එසේ නොකල බව කීවෙමි. ඔහු එය බැලීමට ඉල්ලූ අතර කිසි වරදක් මා අත නොමැති නිසා මම නොපැකිලව කැමරාව ඔහුට දුන්නේමි. ටික වේලාවක් කැමරාව දෙස බලා සිටි ඔහු එක් වරම ‛‛ මෙන්න අපේ කෑම්ප් එක විඩියෝ කරලා….’’ යැයි මහ හඬින් කෑ ගසන්නට විය.

එය ඇසුන තවත් උසස් නිළධාරියෙක් එතැනට පැමිණියේය. මා අත තිබූ කැමරාවෙන් මටත් හොරෙන් ඔහුගේ කඳවුර විඩියෝ වුයේ කෙසේදැයි සිතා ගත නොහැකිව මමද ඒ වෙත ගියෙමි. සියල්ල පැහැදිලිය කැමරාවේ කාචයෙන් ඔවුන්ගේ කඳවුර දර්ශණය වීම විඩියෝ කිරීමක් ලෙස හමුදා සෙබලා වැරදියට වටහාගෙන ඇත. අපේ වාසනාවට සිද්ධිය උසස් නිළධාරියා වටහා ගත්තේය. ඔහු නොවන්නට සමහරවිට අපේ කැමරාව කුඩුපට්ටම් වනු ඇත. එවිට රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් අපි එහි පාඩුව දරාගත යුතුවෙමු නැත්නම් ඔහු අපව ඔවුන්ගේ මූලස්ථානයට රැගෙන යනු ඇත. එහිදී මෙන්න අපේ මූලස්ථානයත් වීඩියෝ කරලා යැයි නැවතත් බෙරිහන් දෙනු ඇත. කෙසේ වුවද අපේ සියළු කැමරා අංගෝපාංග ඔවුන්ගේ මුර කපොල්ලට බාර දෙන්නැයි ඔවුන් නියෝග කළේය. නැවතත් එන විට අපට ඒවා නිරුපද්‍රිතව භාර කෙරිණි. මම මේ ලිපිය ලිවීමෙන් ඉහත කී හමුදා සෙබලාට අපහාස කිරීමට අදහස් නොකරමි. යම් තාක්ෂණික මෙවලමක් භාවිතා කොට නැති තැනැත්තෙක් එහි තාක්ෂණය අවබෝධ කර නොගැනීම සිනහවට හෝ පුදුමයට කරුණක් නොවේ. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක්. වරද තිබෙන්නේ එතැන නොවේ එවැනි තැන්වලට එවැන්නන් ස්ථානගත කිරීමේ යාන්ත්‍රනයේයි.

කොළඹ නායකයන් ඝාතනය වන්නේද මේ හිඩැස තුළයි. සෑම හමුදා සාමාජිකයකුටම නූතන තාක්ෂණය හා මනෝවිද්‍යාව පිළිබඳවද දියුණු දැනුමක් ලබාදීම රාජ්‍ය ආරක්ෂාවේ වැදගත් කොටසකි. උකුසු ඇස් මෙන්ම අහිංසක ගේ කුරුළු ඇස් ද අපි යුධ හමුදා නිල අඳුම් අතරින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. තමන් ඉදිරියේ ඇති මරණයේ දුක්බර මාවතේ ඇවිද යන ඔවුනට ‛‛ හදවතින් අපි යුධබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ ’’ වැනි ලණු දෙනවාට වඩා රජයක් කළ යුතු දේ බොහෝය.

නැගෙනහිර ඡන්දය – එක එක අයට එක එක විදිහට සලකයි


නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසය හා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් කොටස් අතර ගැටුම් වාර්ථාවන අතර විවිධ මැතිවරණ අසාධාරණයන් පිළිබඳව ද පැමිණිළි ලැබී ඇති බව කියවේ. ඉහත දැක්වෙනුයේ කල්මුණේ ප්‍රදේශයේ වැසියෙක් ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයකි.

யுத்தத்தின் பிடியில் இருந்து நம் எதிர்கால சந்ததியாவது மீட்கப்படுமா?

mani-batti-pic.jpg

“நாங்கள் யுத்தம் என்ற பெயரில் இதுவரை சொல்லொனர துன்பங்களை அனுபவித்துவிட்டோம். இனிமேலும் இந்தத் துன்பம் எமது பிள்ளைகளுக்கு வரக் கூடாது” இவ்வாறு தெரிவிக்கிறார் மட்டக்களப்பு “கச்சகொடி” கிராமத்தைச் சேர்ந்த திரு.குமாரசிங்கம் (வயது 72) அவர்கள்.
மட்டக்களப்பு நகரிலிருந்து சுமார் 30 கிலோமீற்றர் தொலைவில் மண்முனை தென்மேற்கு பிரதேச சபைத் தேர்தல் பிரிவிற்குற்பட்ட கச்சகொடி கிராமமக்கள் 14 வருடங்களின் பின் இடம்பெற்ற உள்;ராட்சி மன்றத் தேர்தலில் வாக்களிப்பதற்கென தாந்தர மலைக்கு (4 கிலோமீற்றர் தூராம்) வந்திருந்த வேளையில் அவர்களை நாம் சந்தித்தோம். அங்கு தமது அடிமனதில் இருந்த ஆதங்கங்களை இவ்வாறு எம்முடன் தெரிவித்தார்.
திரு.குமாரசிங்கம் : எங்கள் கிராமம் காடுகளை அண்டிய பிரதேசமாகவும் நகரில் இருந்து தொலைவிலும் உள்ளதால் யாரும் எம்மைக் கவனிப்பதில்லை. எனவே தான் 14 வருடங்களுக்குப் பிறகு இடம்பெறும் இந்தத் தேர்தலில் எமது பிரதேசத்தைச் சேர்ந்த ஒருவருக்கு (பெயர் குறிப்பிட மறுத்துவிட்டார்) வாக்களித்து எமது கிராமத்திற்கு தேவையான வசதிகளை ஏற்படுத்தவே வாக்களிக்க வந்தோம்.
நாம் 1960ம் ஆண்டு இங்கு வந்து குடியேறினோம். அன்று தொடக்கம் “கச்சகொடி” என்ற எமது கிராமம் ஆரம்பமானது. அன்று முதல் நாம் எமக்குத் தேவையான அடிப்படை வசதிகளைக் கூட முழுமையாக பெறவில்லை. எமக்கு இங்கு மருந்து எடுப்பதற்கு வைத்தியசாலை வசதிகள் இல்லை. சிறிய மருந்தகங்கள் கூட இல்லை. போக்குவரத்து மிகவும் சீரற்று காணப்படுகின்றது. பாதைகள் பராமரிக்கப்படவில்லை. குடிநீர் பெறுவதற்கான கிணறு வசதிகள் மிகவும் குறைவு. சுகாதார வசதிகளை எமக்கு பெற்றுத்தர யாரும் முன்வரவில்லை. மலசலகூடங்கள் கூட தேவையான அளவில் இல்லை. தொழில் இல்லாமல் நிறையப் பேர் கஷ்டப்படுகின்றனர். விவசாயம் செய்வதென்றாலும் பல பிரச்சினைகள் ஏற்படுகின்றன.
விவசாயத்திற்கு தேவையான விதைகளைப் பெறுவது கடினமாக உள்ளது. இந்த முறை அரசாங்கம் விதை நெல் தந்தது. முதற்கட்டமாக ஒரு பகுதி நெல் வழங்கப்பட்டாலும் முழுமையாக அரசாங்கம் அதை வழங்காததால் நாம் கடன் பெற்றே மிகுதி விதை நெல்லையும்‚ பசளைகளையும் பெற வேண்டியதாயிற்று அந்தக் கடனைக் கூட இன்னும் எம்மால் திருப்பிச் செலுத்த முடியாது உள்ளது. மற்றையது செய்த விவசாயத்தைப் பாதுகாப்பது பாரிய பிரச்சினையாக உள்ளது. கிழமையில் 4 அல்லது 5 நாட்கள் என்றால் பயிர்களை பாதுகாக்க முடியும். ஆனால் வருடத்தில் 365 நாட்களும் எம்மால் அப்படி செய்ய முடியாது என்று கூறிய அவர்‚ பயிர்களுக்கு எவ்வாறான பாதிப்புக்கள் ஏற்படுகின்றன என்பதற்கு காட்டு யானைகள் காரணமாகவே எமது பயிர்கள் அழிக்கப்படுகின்றது. சோளம்‚ நிலக்கடலை மரவள்ளி போன்ற பயிர்கள் செழிப்பாக வளர்ந்தாலும் காட்டு யானைகள் அவற்றை அழித்துவிடுகின்றன. எனவே தான் அதிக்கப்படியானோர் விவசாயம் செய்வதில்லை என்றார்.
கொக்கட்டிச் சோலையில் இருந்து இங்கு வந்து குடியேறி தமது குடும்ப வாழ்க்கையை ஆரம்பித்த எட்டு பிள்ளைகளின் தந்தையான திரு. குமாரசிங்கம் யுத்தச் சுமைகளை இவ்வாற தெரிவிக்கிறார்:
எனது எட்டுப் பிள்ளைகளில் மூவர் இறந்துவிட்டனர். இருவர் தற்கொலை செய்துகொண்டும்‚ ஒருவர் சுகவீனமுற்றும் இறந்தனர். (இறந்தவர்களில் ஒருவர் ஆண் – இருவர் பெண்கள்) ஏனைய பிள்ளைகளில் ஒரு பெண் பிள்ளையும் மூன்று ஆண் பிள்ளைகளும் திருமணம் முடித்துவிட்டனர். ஒரு மகன் மற்றும் என் மனைவியுடன் நான் வாழ்ந்து வருகின்றேன். யுத்தம் இடம்பெற்ற பல தடவைகளில் நாம் எமது ஊரைவிட்டு விட்டு அகதியாய் பல இடங்களில் இடம் பெயர்ந்து வாழ்ந்தோம். பழுகாமம்‚ களுதாவளை‚ சத்துருக்கொண்டான் ஆகிய இடங்களுக்கே இடம் பெயர்ந்தோம். இறுதியாக நடந்த யுத்தத்தின் போது களுதாவளையில் தான் நாம் இடம்பெயர்ந்து இருந்தோம். யுத்தம் முடிந்ததும் மீண்டும் ஆறாம் மாதம் (2007) இங்கு வந்து குடியேறினோம். அரசாங்கப் படைகள் தான் எம்மை பஸ்களில் கொண்டு வந்து விட்டனர்.
அவர்கள் கொண்டுவந்துவிட்டு மட்டுமே சென்றனர். யுத்தத்தினால் எமது வீடுகள் முற்றாக அழிந்துவிட்டன. அவற்றை செய்து தரவும் இல்லை. தற்போது நாம் சிறு கொட்டகைகளில் தான் வசிக்கிறோம். இரவில் காட்டு யானைகளின் பிரச்சினையால் பயமின்றி தூங்கவும் முடியாது உள்ளது. மற்றையது எமக்குத் தேவையான உடுப்புகள்‚ அரிசி‚ மாவு என்பவற்றை நிறுவனங்களே தந்து உதவி செய்தன. அரசாங்கமேர யாருமே எங்களை கவனிக்கவில்லை என்றார்.
தனிநாட்டுக் கேரிக்கைக்காக போராட்டம் நடாத்திய ஒரு குழுவின் கட்டுப்பாட்டில் இரண்டு தசாப்தங்கள் அடங்கியிருந்து தமது வாழ்நாளில் இளைப்பாரும் பருவத்திலாவது தமது அடிப்படை வசதிகளை பெற்றுக்கொள்ள குமாரசிங்கம் அவர்களால் முடியுமா? தமது பிள்ளைகளின் எதிர்காலம் சிறப்பாக இருக்குமா? பேரப் பிள்ளைகள் சுதந்திரக் காற்றை சுவாசிப்பார்களா? தமது கிராம மக்களின் தேவைகள் நிறைவேற்றப்படுமா? உள்;ராட்சி மன்றத் தேர்தலில் வெற்றி பெற்றவர்கள் தமது கடமைகளை சரியாகச் செய்வார்களா? அல்லது அவர்களும் இலங்கையின் அரசியல்வாதிகளைப் போல் நடந்து கொள்வார்களா? எதுவுமே புரிந்துகொள்ள முடியாது. கிழக்கு மாகாண மக்களின் எதிர்காலம்‚ கெளரவம்‚ சுயநிர்ணயம்‚ உரிமைகள் எவ்வாறு பாதுகாக்கப்படப் போகின்றது. இவர்கள் தன் இனத்திற்கு வேலியாக இருப்பார்களா? அல்லது கோடரிக் கம்பாய் மாறுவார்களா? பொறுத்திருந்துதான் பார்க்க வேண்டும்.

சந்திர.மணிமாறன்.

Next Page »