‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’ යැයි පවසමින්, ආචාර්ය මර්වින්ට එරෙහිව උහණ දී තවත් උද්ඝෝෂණයක්.

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’, ‛‛ගොන් මර්වින් හමුවේ ඇමති බැසිල් නිහඬ ඇයි.?’’ යනුවෙන් විරෝධතා පුවරු රැගෙන අම්පාර, උහණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නි. ඇමති මර්වින් සිල්වාට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුනු අතර 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වී සිටිය අතර එහිදී උද්ඝෝෂණ කරුවන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පඹයෙක් පිළිස්සූ බවත් වාර්තා විය.

ලැජ්ජා නැති පාලනේ
භැරිකම දැන් පෙන්නනවා
ගස් බඳින්න යළි ආවොත්
ආණ්ඩුවත් පනන්නවා…
යනුවෙන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය සිදුකල අතර මෙය සංවිධානය කර තිබුණේ සමෘද්ධි සංවර්ධන නිළධාරින්ගේ සංගමයයි.

ඡායාරූප – තුෂාර පියල් – අම්පාර

” This war was Started, against the assault the monk”

August 3, 2010 by Karapoththa  
Filed under Ampara, Featured Video, Video

YouTube Preview Image

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ’’ පංසල ඩෝසර් කිරීමට විරුද්ධව ආරුගම්බේ විරෝධතාවක්.

ඉකුත් 23 වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ(02) ආරුගම්බේ පාලම අසළ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. මෙහිදී මහා සංඝරත්නය සහ ජනතාව පොතුවිල් – ආරුගම්බේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දැක්වීය. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැය 2 ක කාලයක් අඩාල වූ බව ද වාර්ථාවේ.

මෙහිදී ඔවුන් විරාධය දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් දෙන තුරු ඔවුන් මාර්ගයෙන් ඉවත් නොවන බවයි.
එහිදී අදහස් දැක්වූ මහා සංඝරත්නය,

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ, ඒක අමතක කරන්න එපා කවුරුවත්. අපි මේ වේදනාවට කෑහන්නේ, මේක ඩෝසර් කරනකන් නීතිය රැක්කනම් මේ බුදු හාමුදුරුවො මෙතන ඉන්න එපැයි. ඒක නිසා මම කියන්නේ ඔබ තුමාගේ වචනයෙන් ඒ දිසාපති හාමුදුරුවන්ට එන්න කියන්න.’’

එවිට පොලීසියේ උසස් නිළධාරියා කියා සිටියේ
‛‛ එයා ඉන්දියාවේ ගිහින් ’’

අවසානයේ සිවුරු මුල්ලේ ධම්ම හිමියන් විසින් කියා සිටියේ
‛‛ලංකාව පුරාම එක්කාසු වෙච්ච මේ බෞද්ධ බලවේග වල විජයග්‍රහණයක් මේ දක්වා අපි ලබාගන්නට යෙදුනා. ඒ නිසා මේ විජයග්‍රහණය නිකන් කට වචනයෙන් නෙමෙයි ලිඛිතව නියෝජ්‍ය පොලිස්පති තුමා අත්සන් කරල දීපු ලේඛනයක් හැටියටයි.’’ යනුවෙනි.

මෙහිදී පොලිසීයේ උසස් නිලධාරීන් සහ විරෝධතා කරුවන් අතර උණුසුම් අදහස් හුවමාරු කිරීමක් සිදුවිය.
ඉදිරි දින කිහිපයේදී ඩෝසර් කරන ලද පංසල නැවත සකස් කර දෙන බවට නියෝජ්‍ය පොලිස්පති ලිඛිතව පොරොන්දුවක් දුන් පසු උද්ඝෝෂණ කරුවන් තම උද්ඝෝෂණය නවතා දැමීය.

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට ගම තුලට කිසිවෙකුටත් පැමිණීම වලක්වා ඇති බවට වාර්තා වේ. එසේම මේ අවස්ථාවේදී එම සිද්ධිය ආවර්ණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පවා ගම්මානය තුලට ඇතුල් වීම වැළැක්වීමට ආරක්‍ෂක අංශ විසින් ක්‍රියා කර ඇත.

වැඩි දුරටත් වාර්තා වන්නේ එම පදිංචි කරුවන් අතර තාවකාලික බලපත්‍ර සහිත පදිංචිකරුවන් මෙන්ම අනවසර පදිංචිකරුවන් ද පදිංචිව සිටින බවත් ය.
මෙයට විරෝධය දක්වා 27 වන දින ගම්වැසියන් විසින් පොතුවිල් සිට පානම හරහා ඔකඳ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ වසර ගනණාවක් ගොවි ජනතාව භුක්ති විඳි නිවාස, ඉඩම් හා හේන් වල අයිතිය ඔවුන්ට නැවත ලබා දෙන ලෙසයි.
පසුව ඉකුත් 27 වන දින එහි විහාරස්ථානයේ හිමිනම වූ වෙල්ලස්ස නැගෙනහිර ප්‍රධාන සංඝනායක පානම චන්දරතන හිමියන් ප්‍රමුක පිරිස විසින් තම අයතිවාසිකම් ඉල්ලා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉඳිරිපත් කර ඇත.

සංචාරක වටිනාකමක් සහිත අක්කර 100ක පමණ වපසරියකින් යුත් මෙම භූමි භාගයට රටේ ඉහළම තැන බැල්ම වැටීම, දුප්පත් ජනතාවගේ කරුමයට හේතුවක් බව ගම් වැසියන් පවසයි.

කණගාටුවට කරුණ නම් මෙම ගැටලුව විසඳීම සඳහා මෙතෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු ඉදිරිපත් නොවීමයි. නිරායුධ ගම්වැසියන්ට මහ රෑ පහරදුන් සන්නද්ධ කල්ලිය සෙවීම වෙනුවට ආරක්‍ෂක අංශ ගම්වැසියන් ගමෙන් පිටමංකොට නැවත ගමට ඇතුළුවීම වළක්වා මුරකාවල් දැමීම නිසා මේ වනවිට ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී ඇත.

සටහන – අම්පාර පුරවැසි මාධ්‍යවේදියෙක්

මානව හිමිකම් සඳහා අමාත්‍යංශයක් නැතිකම, ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී ගැටලුවක්.

මානව හිමිකම් පිළිබද විෂය බද්ධ අමාත්‍යංශයක් නොමැතිකම නිසා ඒ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමුහික මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා සම්බන්ධීකාරක කාර්යාලය පවසන බව අද බීබීසී වෙබ් අඩවිය වාර්තා කළේය.

එහි නිලධාරිණියක මේ බව අමිපාරේ දී ප්‍රකාශ කරන ලද බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙහි දී එම වෙබ් අඩවිය සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතඥ තනූජා නවරත්න ‛‛මේ තත්වය යටතේ මානව හිමිකම් කියන කොටස කුමන අමාත්‍යංශයක් යටතට වැටෙනවා ද කියන එකත් අද වෙනකොට පැහැදිලි නැහැ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට සහ අධීක්ෂණය කිරිමට, ශක්තිමත් කිරීමට ඒ හදපු ක්‍රියාකාරී සැළැස්ම විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට නම් ඒකට නීතිමය බලයක් ලැබෙන්න ඕන. ඉතින් ඒ වගේ දේකට අද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා. මොකද අමාත්‍යංශයක් නොමැතිකම නිසා.’’
‛‛ඕනම රටක මානව හිමිකම් සුරක්ෂිත කිරීමට තියෙන යාන්ත්‍රණ ශක්තිමත් වන තරමට ඒ රට සංවර්ධනය කරා යන්න අනික රටවල්වලින් ලැබෙන සහයෝගය සහ ජාතයන්තරව ලැබෙන ප්‍රතිචාරය වැඩිවෙනවා.’’
(මෙහි සම්පූර්ණ ප්‍රවෘත්තිය අද(17) බීබිසි සන්දේශයෙන්)

ළමුන් නොකී කතාව….

මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ වේදනාකාරී ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතියි. එහෙත් ඇතැමෙක් ඒ එසේ යැයි නො දකිති, ඇතැමෙක් එය දකින්නට ජීවතුන් අතරත් නැත.

මෙවන් තතු තුළ සිය ගණන් දරුවෝ උපත ලබමින් සිටිති. ගැටුමේ මුල් කොටස තුළ දී අවතැන් වූ මුස්ලිම් අභ්‍යන්තර අවතැන් වූවන් තව මත් පුත්තලමෙහි ඔහේ කල් ගෙවමින් සිටින්නේ ය යන කරුණ සැලකිල්ලට ගත් විට, උපන් මෙම ළමුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තමන් උපන් තත්ත්වයන්ට සමාන තත්ත්වයන් තුළ ම (සමහර විට වැඩිහිටියන් ලෙස) මිය ගිය හොත් මම ඉන් පුදුමයට පත් නොවන්නෙමි.

අධ්‍යයනවලින් හැඟෙන්නේ, පශ්චාත් යුද චෛතසික කම්පනය යුද්ධය අතරතුර දී පෙළුණු මානසික ආතතියට වඩා වේදනාකාරී යැයි සිතිය හැකි බව යි. යුද සමයන් අතරතුර දී සහ ඊට පසුව ඇති වුණු කලහකාරී තත්ත්වයන් තිබිය දී ම, මහජනයා මෙම වේදනාවෙහි ගැළී ජීවත් වීමටත් විස්තර නොකළ හැකි ආතතියටත් ගොදුරු විය. කෙසේ වුව ද, මෙම අසාමාන්‍ය තත්ත්වයන් අඩු වී යනු ඇති බවට ද සාමාන්‍ය තත්ත්වය සෙමෙන් සෙමෙන් යළි ඇරඹෙනු ඇති බවට ද පවතින බලාපොරොත්තුව වූකලි වඩාත් ම දුෂ්කර කාලවල දී සැනසීම සොයමින් සිටින්නන්ට අස්වැසිල්ලට කරුණකි. මිලිටරිමය ගැටුමක් යැයි සිතිය හැකි දෙයක් සිදු නොවන මුත් මහජනයා දිගින් දිගට ම දුෂ්කර තත්ත්වයන්ගෙන් පීඩා විඳින පශ්චාත් යුද තත්ත්වයක දී, පශ්චාත් යුද චෛතසික කම්පනය සිය විසකුරු ග්‍රහණය දැඩි කිරීම නො වැළැක්විය හැකි ය.

එහි රුදුරු භාවය නිසා, එය අවසන් වීමෙන් පසුව දිගු කලක් ගත වන තුරුත් ගොදුරු වූවන්ට මනෝ විද්‍යාත්මක සහ මනෝ චිකිත්සීය උදව් අවශ්‍ය කරන නිසා, මෙය චෛතසික කම්පනාත්මක අත්දැකීම පිළිබඳ සුසමාදර්ශයක් බවට පත්ව ඇත.

මගේ පියා ඉතාලියානු රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක කළ ‛අධ්‍යාපනය සඳහා පෝෂණය’ නමින් හැඳින්වුණු ව්‍යාපෘතියකට සම්බන්ධ අධීක්ෂකයෙක් විය. ඒ නිසා ඔහුට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පිහිටි පාසල් හැත්තෑවකට ක්ෂේත්‍ර චාරිකාවල යෙදෙන්නට සිදු විය. ත්‍රිකුණාමලය, යුද්ධයට අතිරේකව 2004 සුනාමියෙන් ද දැඩි බලපෑමකට ලක් විය.

දරිද්‍රතාව, යටිතල පහසුකම් නැතිකම, පාසල් අධ්‍යාපනය සැලකිය යුතු තරම් දුරකට සම්පූර්ණ කර ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් නැතිකම සහ සුරක්ෂිතතාව පිළිබඳව පවතින බිය නිසා ළමුන් අතර පාසල් යාම ඉතා පහළ මට්ටමක පවතී. මෙම ළමුන් අතර මන්ද පෝෂණය බහුලව පැතිර ගිය බව ද හඳුනා ගෙන තිබිණ. මෙම පාසල් තුළ මුළුතැන්ගේ සහ සනීපාරක්ෂක පහසුකම් ගොඩනැගීමට ඉලක්ක කර ගත් ව්‍යාපෘතිය පාසලට පැමිණි ළමුන්ට නොමිලේ ආහාර බෙදා දුන්නේ ය. එලෙස, මෙම දිරි දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි පාසල් ළමුන්ගේ නොපැමිණීමේ නැඹුරුව සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට උදව් විය.

මගේ පියා සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකා කිහිපයක දී මම ද ඔහු සමග එක් වුණෙමි. 2005-2006 අතරතුර දී මා අඩු ගණනේ දහ වතාවක් වත් ත්‍රිකුණාමලයට ගිය බව මට මතක ය.

හාත්පස පැවති සියලු වේදනාවන් ද දුක්පීඩාවන් ද නොතකා, තමන් සහ තම පවුල් ඉවසා දරා සිටි වේදනාවෙන් කඩිනමින් ගොඩ එමින් සිටි බවක් පිළිබඳ අපූරු හැඟීමක් ළමුන්ගේ මුහුණුවලින් විස්තර විය. අප්‍රමාදී දඟකාර මඳ සිනාවක් මුහුණට ඈඳා ගත් මෙම ළමයි, මා සතු සීමිත දෙමළ භාෂා දැනුම උපයෝගී කරගෙන මා කතා කළ බොහෝ දෙමව්පියන් කී ඉතා වේදනාකාරී කතාව සඟවා ලී ය.

දැන් මිලිටරිමය ගැටුම අවසානයකට ළඟා වී වසරක් ගෙවී ගොස් ඇත. එහෙත්, සිඳී බිඳී ගිය බලාපොරොත්තු ද සිහින ද පොදුවේ සමාජය ම ද යළි ගොඩ නැගීම සඳහා මෙම ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ කරන්නට වැඩ ඇත. මෙම ඡායාරූපවලට කළ හැකි වන්නේ, බොහෝ ළමුන් නොකියූ කතාව පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ඒවාට සාධාරණය ඉටු කිරීම සඳහා උත්සාහ ගැනීමටත් පමණකි.

ගැටුම් කලාපවල සිටි ළමුන්ගේ සියලු දෙනාගේ ම සිනහව අතු ගා දමන්නට මෙම ගැටුම සමත් වූයේ නැත. ඔවුන් කිසි දා එවන් තත්ත්වයකට පත්නොවන වාතාවරණයක් අප සහතික කළ යුතු ය, අඩු ගණනේ බලපෑමට ලක් වූ පිරිමින්, ගැහැණුන් සහ ළමුන් සියලු දෙනා සඳහා තවමත් ඇති තරම් කඩිනමින් සිදුනොවන යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරන බව, අඩු ගණනේ ඒ සඳහා සැලසුම් සකස් කරන බව අප සහතික කළ යුතු ය.

(http://www.groundviews.org හි පළවූ The untold story of a child ලිපියේ සිංහල පරිවර්තනයයි.)

ෙපාලීසිය විසින් බිලිගත් අම්පාෙර් තරැණයා..

March 26, 2010 by Karapoththa  
Filed under Ampara, Featured Video

YouTube Preview Image

පොලිසිය අම්පාරේ තවත් බිල්ලක් ගනී

පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ් සම්පත් වැලිකළ නැමැත්තා මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ තැනැත්තා මේ වන විට අම්පාර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
වාර්ථාවන අන්දමට සිද්ධිය මෙසේයි, අම්පාර වීරගොඩ ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායමක් විසින් සංවිධානය කරන දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා එම තරුණයින් කණ්ඩායමට අයත් පිරිසක් කල්මුණේ ප්‍රදේශයට ගොස්ඇත. නැවත එන ගමනේදී ඔවුන් වීරගොඩ ප්‍රදේශය ආසන්නයේ හතේකොළනිය නම් ස්ථානයේ කඩයක් අසල ත්‍රිරෝද රථය නවතා ඇත්තේ යමක් මිළදී ගැනිම සඳහායි. එහිදී ත්‍රීරෝද රියේ පැති කණ්නාඩියක් බිඳීම පිළිබඳව එතැන සිටි තවත් පිරිසක් සමග ත්‍රීරෝද රියෙන් පැමිණි පිරිස බහින් බස් වීමක් ඇතිවී තිබේ. පසුව ත්‍රීරෝද රියෙන් පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටවී ඇත. එම අවස්ථාවේ එතැනින් පා මුර සංචාරයේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙක් හා ග්‍රාමාරක්ෂක භටයන් දෙදෙනක් ගමන් කර ඇත. පසුව මෙම පොලිස් නිළධාරිය හා ග්‍රාමාරක්ෂක භටයන් දෙදෙනා ඉවත්ව ගිය ත්‍රීරෝද රථය පසුපස පන්නමින් වෙඩි තබා ඇත. අදාල ත්‍රිරෝද රථය වීරගොඩ පොලිස් මාර්ග බාධකයට සිද්ධිය දැනුම් දීමට නවතා ඇති අවස්ථාවේද දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ලවී ඇත.
මේ පිළිබඳව තොරතුැ ලබාගැනිම සඳහා අප සෙන්ට්‍රල් කෑම්ප් ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකරිවරයාගේ කාර්යාලය ඇමතු අවස්ථාවේ දුරකථනයට පිළිතුරු ලබාදුන් කාන්තා පොලිස් නිළධාරිණිය පවසා සිටියේ ඇයට මේ පළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට අවසර නැතිබවයි. පසුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවත්වීම සඳහා මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.මාර්ක මහතාව පත්කර ඇති බවත් මෙවන විට ඔහු යටතේ කලවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මානවඩු මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණය සිදුකරන බවත්ය.
පසුගිය මාසයේද ඉඟිනියාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මළ සිරුර ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුවූ අතර ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පා ප්‍රබල උද්ඝෝෂණයක් ද සිදුකරන ලදි. දිනෙන් දින ඉහළ යන පොලිස් පොලිසිය විසින් සිදුකරන ඝාතන පිළිබඳව පොලිසියේ ඉහළ නිළධාරීන් මෙන්ම දේශපාලන අධිකාරියද නිහඬව සිටීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ප්‍රදේශවාසින් පවසයි. එසේම ප්‍රදේශවාසීන් පවසන්නේ යුද තත්ත්වය අවසන් නිසා පොලිසිය සතුව ඇති ආයුධ නැවත ලබාගැනීමට මේ හොඳම කාලය බවයි.

Next Page »