ෂෙල් වලින් ෙබ්ෙරන්න, “අපි හිටිෙය් බංකර අතුලේ”
July 5, 2010 by Karapoththa
Filed under Audio, Featured Audio, Kilinochchi
IDPs Voice in Vikalpa Radio
clik here
පසුගිය වසෙර් යුද්ධයට මැදි වූ කාන්තාවකගේ ෙව්දනාත්මක අත්දැකීම් (ෙදමළ බසින්)
(ෙමහි සිංහල පරිවර්තනය ඩිකල්ප ෙර්ඩිෙයා් තුලින් ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්තු වන්න.
සිරකරුවන්ගේ තීන්දුව
June 14, 2010 by Karapoththa
Filed under Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kandy, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems, සිංහල
විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය.
සිරකරුවන්ගේ තීන්දුව
වැරදි නොකල සිරකරුවන්
මේ අපිමයි.
යුක්ති යුත්ත මේ අපහට නම්
උරුම නොවෙයි.
මේ දිවියම
බිත්ති හතර අතර මැදයි.
අප ඉපදුණු ඒ මොහොතම
අපේ අම්මා අඬන්නීය
අපේ දිවිය ඒ තරමට පවුකාරය
මේ දැන් වු
වන සභාවේ
සියුම් කුසුම්වලට පවා අණලන්නේ
පතොක් ගස්ය
අපේ සුසුමේ
ක්ෂය වන්නේ ඔක්සිජන්ය
ඣ2 වැඩෙන්නේය
භාග විටෙක මතු දිනයක
අප හදවත් අක්‍රිය වෙයි
අපි කිසි දින නොකළා වූ වැරදි වලට
වන්දි ගෙවමු
වග විභාග නඩු හබ ගැන
විශ්වාසය කළඳක් නැත.
යල් පැන ගිය නඩු තීන්දු.
සංශෝධනය කරමුව අපි
පෙත්සම් වුව ලියා එවා
බොහෝ කල්ය
ඒ ලියූ දේ දවාලුවද
අප විසින්ම
නීති කෙටුම් සැකසෙනු ඇත.
අපේ හඬ කිසිවෙකු හට
මින් මත්තට
නතර කරන්නට නොහැකිය.
ලියා ඒව්වේ.මින්සර
උපුටා ගැනීම – ‛සහෝදර පියාපත්’ නම් පොතෙන්
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු….
June 4, 2010 by Karapoththa
Filed under Featured Articles, Features, Jaffna, Kilinochchi, Puravasi Katha, end of the War
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු ද වත්මනෙහි ඒ දෙවදනට ද අභියෝග කරති.- අපට වෙනුවෙන් කැපකර ඇති සහ අප ප්‍රතික්ෂේප කර දමනු ලැබ ඇති, අපට අවශ්‍ය කරන සහ අපට අවශ්‍ය නොකරන, කවර හේතුවක් නිසා හෝ අපට පිළිගත නොහැකි ඒ දෙවදනට ප්‍රතිරෝධය පායි. මක් නිසා ද, ඒවා (ඔබගේ ශෝක පණිවුඩ) සිදු වී ඇති දෙයෙහි සිට සිදුවන්නට යන දෙය කරා වන මඟ තරණය නොකරන බැවිනි.
ශෝක පණිවුඩ යන දෙවදන සිත ආකුල කරන සෙයක් අපට දැනේ. අතීතය සහ අනාගතය නියෝජනය කරන්නට ඒවා නො සෑහෙයි.
දිවා කල අපි අපගේ නිවෙස් අතහැර පලා ගියෙමු; රෑ කල අපි අපගේ නිවෙස්වලින් අතුරුදන් වුණෙමු; අපි අපගේ පවුල්වලින් දුරස්ව යුද අවි කරා ගමන් කළෙමු, ඒ ගොසින් ආපසු ආ හැකි යැයි බලාපොරොත්තු වූයෙමු. අද දින හඳුනා ගතනොහැකි තැන්වල අප සිරුරු මිහිඳන් විය, එබැවින් ධූලි බවට පත්ව අපි දැන් සෑම තැන ම සිටින්නෙමු. මෙතැන මිය ගිය සහ නොනැසී ජීවත් වන අපි ඔබ එවූ ශෝක පණිවුඩ ඔබ ස්වාසනාළය තුළ අවතාරයක් බවට පත්ව බොහෝ කල්ගෙවී ගිය පසුත් අපි මෙහි ජීවත් වන්නෙමු.
කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපි වෙනත් අයගේ යුද්ධවලට සම්බන්ධ වුණෙමු; අප ම තෝරා ගත් අපගේ ම මාවත්වල නොව – එසේ වී නම් ඒවා අපට සමීප විය හැකිව තිබිණ – අනුන්ගේ මාවත්වල ඉදිරියට ඇදුණෙමු. අපි නොවැදගත් වීමු; අපි අත්‍යවශ්‍ය වීමු; අපි සතුරෝ වීමු; අපි මිතුරෝ වීමු; අපි වාද විවාද කළෙමු; අපි නොසලකා හැරීමට ලක් වුණෙමු. කුඩා රටක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. කුඩා ලෝකයක් තුළ ජීවත් වුව ද අපට හැඟුණේ අප ඔබගෙන් බොහෝ දුරස්ව සිටින බවකි. අපි ඔබගේ රටේ ජනයා වීමු, ජනයා නොවීමු.
ඔබ අප සිහිපත් කරනුතුරු පොරොත්තු වන්නට අපට නුපුළුවන් විය.
අපි ඒ වෙනුවෙන් මිය ගියෙමු, නොනැසී ජීවත් වූයෙමු, වඩා අඩුවෙන් ද වඩා වැඩියෙන් පවා ද කැප වුණෙමු. අප අතර සිටි සමහරුන් සන්තකව තිබුණේ සොච්චම් මුදලකි, සොච්චම් ආහාර ප්‍රමාණයකි; එහෙත් අපට දරුවෝ ද සිටියහ. සිය කැමැත්තෙන් ද අකැමැත්තෙන් ද අපට අපගේ දරුවෝ අහිමි වූහ. ඔවුහු අපගේ දෑත්වලින් උදුරා ගනු ලැබුණාහ; ඔවුන් අප ළඟ තබා ගැනීමට අපි සටන් වැදුණෙමු; ඔවුන් ආරක්ෂා කිරීමට අපි ඔවුන් අපගෙන් ඈත් කළෙමු; ඔවුන්ගේ වෙඩි පහරට ඉලක්ක වී ඔවුන්ට පෙර මියැදෙනු ඇතැයි සිතා අප ඔවුන් තුරුළුකර ගත්තෙමු.
අප අතර සිටි සමහරු මියැදුණහ, එහෙත් සමහරු දිවි රැක ගත්හ, එනිසා අප සටන් වැදී ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ දරුවන්ගේ සිත්වලින් පවා මේ පිළිබඳ මතකය ගිළිහී නොයනු ඇත.
ඊට ම ආවේණික ආකාරයකට සිදු වෙමින් තිබුණු යුද්ධයක් වූ මෙම ලේ උරා බීමෙන් මිදී ගැනීමට වේගයෙන් පලායද්දී අප සවන් පත් සිඳී පොළොවෙහි වැටිණ, එනිසා දැන් අපට ඔබගේ ශෝක පණිවුඩවලට සවන් දෙන්නට හැටියක් නැත. පණනළ රැක ගැනීමට, ඔබ දෑස් තුළ ලියැවී තිබුණු දෙය නොදකින්නට අප දෑස් වසා ගන්නට අපට සිදු විය. සාගින්නත් කෝපයත් හමුවේ අපි අපගේ මුව වසා ගත්තෙමු; අපි අප ලුහුබැඳ ආ, අප සමඟ එකට පලා ගිය, අප සමඟ මියැදුණු අපගේ පවුල්, මිතුරන්, සගයන් සහ නායකයන් දැන සිටියෙමු, දැන නොසිටියෙමු.
අපි සකලවිධ පාර්ශ්වවලින් ආ අපට ම මුහුණ දුන්නෙමු. අප අතර සිටි සමහරු දිවි රැක ගත්හ. අප තවමත් මෙහි ය. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු.
රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ – ‛‛අපිව දැක්කහම දුව අඩනවා. එයා ඉන්නේ බයෙන්’’ – ඇයගේ මව.
June 2, 2010 by Karapoththa
Filed under Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation, සිංහල
‛‛දෙමළ ජනතාවගේ පැත්තෙන් බලන විට අතුරුදහන් වීම්, අත්අඩංගුවට ගැනීම් වැනි දේවල් සාමාන්‍ය දෙයක් විදිහට තමයි දැන් පත්වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි විරෝධතා ගොඩක් පවත්වලා තියනවා. ඒ නිසාම අහිමිකර ගැනීම් රාශියකට අපිට මුහුණ දෙන්න සිදුවුනා. එයින් එක් අයෙක් තමා ද්වාරකා සහෝදරිය. පසු දින පැවැත්විමට තිබූ අන්තර් විශ්ව විද්‍යාල්‍යිය ක්‍රිඩා තරඟයක පුහුණු වීම් වල නිරතව සිටියදි තමයි ඇයව අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගැනීමට පෙර එහි පරිපාලනයටවත් දැනුම් දී තිබිලා නෑ. ඊට පස්සේ ඇයව සොයා අපි බූස්ස කඳවුරට ගියා. ඒ රුදවුම් කඳවුරේ සිටි ද්වාරකා ගැන අපි ඔවුන්ගේ පවුලේ අයට ඇයව බැලීමට අවශ්‍ය පියවර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ක එකතුවී ලබා ගත්තා. අපේ ශිෂයින් කිහිප දෙනෙක්ම බුස්ස රුඳවුම් කඳවුරේ ඉන්නවා.’’ මේ ඒ පිලිබඳව ‛විකල්ප’ සමඟ අදහස් දැක්වූ යාපනය විශ්වා විද්‍යාලයේ, ශිෂ්‍ය සංගමයේ සභාපති සුබ්‍රමනියාලා් අරිහරන්.
2009 නොවැම්බර් මස අත්අඩංගුවට පත් රාසයියා ද්වාරකා ශිෂ්‍යාව මේවන විටත් නිදහස් කර නැත. ඇය අත්අඩංගුවට පත් වී මේවන විට මාස 6ක් ගත වෙමින් ඇති අතර මේ වනවිට යුද්ධය අවසන් වී වසරක් ගතවෙමින් ද පවතී. කෙසේ වෙතත් ජනතාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුධ කාලයේදී සිදු වූ තත්වයන් පිලිබදව සොයා බැලීම සඳහා කොමිසමක්ද පත් කරමින් සිටී.
එසේ වන විටත් මාස 6ක් තිස්සේ මෙම ශිෂ්‍යාවගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය කරමින් සිටින බව අන්තර් විශ්ව විදයාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු බීබීසී සන්දේශයට ඊයේ පැවසීය.
‛‛මීට පෙර ඇයට පොත් පත් ලබා දීලා ඇය පේරාදෙණිය පොළිසියේ සිට ගිහිල්ලා ලියපු විභාග වලින් ඇය ඉහළින් සමත්වෙලා තියනවා. ඒ නිසා ඇය දක්ෂ ශිෂ්‍යාවක්. ඇය දක්ෂ ක්‍රිඩිකාවක්. ඇයගේ සියලු අධ්‍යන කටයුතු සහ ඇයගේ ක්‍රිඩා සහ ඇයගේ සාමාන්‍ය ජීවිතය ඉතා බරපතල ලෙස දැන් බිඳ වැටිලා තියනවා. ඒ වගේම ඇයගේ මිතුරියන්ට ඉඩ ලැබුනා ඇයට අවශ්‍ය සටහන් ගිහිල්ලා ඇයට ලබා දෙන්න. නමුත් මේ වෙනකොට එම සටහන් ලබා දීම පවා අත්හිටුවලා තිබෙනවා. ඇයට විශේෂයෙන්ම අපි ඊළග විභාගය සඳහා අවශ්‍ය පොත්පත් අරගෙන ගියාට පස්සේ එම පොත්පත් ලබා දීම ප්‍රතික්ෂේප කරා. ඒ විතරක් නෙමේ ඇයව හමුවීමට තිබෙන අවස්ථා ගණනත් සීමා කරලා තියනවා.’’
තම දියණිය බෙරා ගැනීම සඳහා නොගත් උතස්හයක් නැතැයි රාසයියා ද්වාරකාගේ මව වන රාසයියා පරමේස්වරී බීබීසී ය සමග කියා සිටියා.
‛‛අපි ගොඩාක් උත්සහ කලා දුව බේරගන්න. දැන් මාස 6ක් ගිහිල්ලත් අපිට කිසිම දෙයක් කරගන්න පුලුවන් වෙලා නැහැ. අපිව දැක්කහම දුව අඬනවා. එයා ඉන්නේ බයෙන්. දුවට ඕන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න.’’
පසුගිය දා ‛විකල්ප’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න මහතා පවසා සිටියේ කිසිදු වග විභාගයක් නැතිව විශාල ප්‍රමාණයක් තරුණ තරුණයින් ප්‍රමානයක් අත්අඩංගුවේ තබා ගෙන සටින බවයි.
‛‛පුනරුත්තාපන කඳවුරු කියලා ජාතියක් උතුරේ විශේෂයෙන්ම වව්නියාවේ තිබෙනවා. එම කඳවුරුලෙස පම්පමඩු, පුඩියතෝට්ටම් වැනි කඳවුරු සහ වව්නියාව මධ්‍ය මහා විද්‍යාලය, ඕමන්තෙ මධ්‍ය මහා විද්‍යාලය වැනි විද්‍යාල පාවිච්චිකරලා රුදවුම් කඳවුරු පවත්වාගෙන යනවා. එම රුදවුම් කඳවුරුවල තියාගෙන ඉන්නේ එල්ටීටීඊ සංවිධානයට එක දවසක් හරි සම්බන්ධවෙලා හිටියැයි කියන තරුණ තරුණියන්. දැන් අපි අහන්නේ අවුරුදු 20ක 25ක තරුණයො ඉන්නවානම් ඔවුන්ගේ මුලු ජීවිතකාලයම ඔවුන් ඉඳලා තියෙන්නේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයක් තුල. එල්ටීටීඊ පාලන වයුහයක් තුළ සියලුම පරිපාලන ව්‍යුහයන්, සියලුම පොළිසි, උසාවි ඒ ඔක්කොම එල්ටීටීඊ සංවිධානය තමයි පවත්වාගෙන යන්නේ. එතකොට එල්ටීටීඊ සංවිදානය සමඟ එක දවසක් හෝ සබඳතා පැවැත්වුවේ නැති කෙනෙක් හොයාගත්තොත් තමයි ඒක පුදුමයක් වෙන්නේ. ඒ නිසා හැමෝටම එහෙම සබදතාවයක් තිබුණා. ඒ තිබුණු දේශපාලන යථාර්ථය යටතේ. එක දවසක් හෝ එල්ටීටීඊ සංවිධානය සමග සබදතා පැවැත්වුවා කියලා චෝදනා කරලා දහස් ගනන් තරුණ තරුනියන් අද වෙනකොට තවමත් සිර කරගෙන ඉන්නවා. පම්පමඩු කඳවුරේ විතරක් යාපනයේ විශ්ව විදයාලයේ ශිෂයො 150කට වැඩි ප්‍රමාණයක් හිරකරගෙන ඉන්නවා.
පසුගිය ජනාධිපතිවරණයෙදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරා 1500 ශිෂ්‍යයෝ නිදහස් කරා කියලා. හැබැයි 500කටත් අඩු ප්‍රමානයක් නිදහස් කරේ. එතිනිනුත් යාපනයේ විශ්ව විදයාලයේ නිදහස් කරේ ශිෂ්‍යාවන් 43 දෙනෙක් විතරයි. එම ශිෂ්‍යාවන් 43 දෙනා තාමත් ඉන්නේ නිවාස අඩස්සියේ. ඔවුන්ට යාපනයේ විශ්ව විද්‍යාල භූමියෙන් එළියට යන්න ඉඩ දෙන්නේ නැහැ. අඩුම තරමේ අවුරුද්ද දවසේ ඇඳුමක් වත් ගන්න එලියට යන්න දුන්නේ නෑ. ඒ 43 දෙනා අතර ඉන්නවා තුවාල ලබපු ශිෂ්‍යාවන් 12 දෙනෙක්. සමහර අයගේ අත සම්පූර්ණයෙන් නෑ. සමහර අයගේ කකුළ නෑ. ඔවුනට අඩුම තරමේ කිහිළි කරුවක් වත් දුන්නේ විශ්ව විද්‍යාල සිසුන් ලෙස අපි ගිහිල්ලා තමයි දුන්නේ. වෛද්‍ය පීඪ ශීෂ්‍යයෙක් ඉන්නවා කකුල් දෙකම නෑ. ඔවුන්ට වැටිලා ඉන්න බිල්ඩින් එකක් විතරයි තියෙන්නේ.’’
See Full Video

කෙසේ වෙතත් ඇය අත්අඩංගුවට පත් වන විට ඇයගේ දෙමාපියන් සිටියේ උතුරේ අවතැන් කඳවුරු වල. දියණිය බෙරාගැනීම තම එකම අරුමුණ බව බීබීසී සමඟ ඒක්වෙමින් ද්වාරකාගේ පියා ඊයේ සඳහන් කළේය. ‛‛මගේ දුව ද්වාරකා නිදහස් කරන්න කියලා මම වගකියවයුතු හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ දුව දක්ෂ දරුවෙක්. එයා මෙහෙම හිරගේක දුක්වඳින්න ඕන කෙනෙක් නෙමේ. එයාව දාලා තියෙන්නේ සෙනඟ පිරුණු කාමරයක. හරියට නිදාගන්නවත් තැනක් එතන නැහැ.’’
යුද්ධය අවසන් – ලංකාවේ අනාගතය.!
May 20, 2010 by Karapoththa
Filed under Democracy, Featured Video, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation, Video, end of the War
One year has passed since the end of the War. We who are in the south, have heard so much about Uthuru Wasanthaya, (Spring to North) Uthuru Mithuru, and many other developmental and resettlement programmes. But, one who travels to the North along the A9 road can see no sign of a Spring. The desperate faces of the people in the North are awaiting for the signs of this promised Spring…..
අවුරුද්දක් ගතවෙලා……
May 18, 2010 by Karapoththa
Filed under Democracy, Education, Governance, Human Rights, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems, end of the War
අවුරුද්දක් ගතවෙලා….
දුක් වෙන්න එපා
ආඩම්බරකාර තාත්තා මාමේ….
මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ
අවුරුද්දකුත් ගිය නිසා
තව බලා ඉන්න බැරි නිසා
පොල් අතු හෙවිල්ලලා
අපේ හැටියට පන්තියක් හදාගත්තා…..
අවතැන් 300 ඡන්දය අහිමිවේ
January 27, 2010 by Vikalpa_R
Filed under Democracy, IDPs and refugees, Kilinochchi, සිංහලකිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් අභ්‍යන්තර අවතැන්වුවන් 300 කට නිසිපරිදි ප්‍රවාහන සේවා ලබානොදීම හේතුවෙන් ඡන්දය දැමීමට නොහැකිවූ බව වාර්ථාවේ. අරුණාචලම් හා රාමනාදන් කඳවුරුවල වෙසෙන ඡන්දය භාවිත කිරීම සඳහා කිළිනොච්චියට යායුතු අයට පාන්දර 3.55 පමණ කඳවුරේ පොදු ඇමතුම් සේවාව හරහා දැනුම්දී ඇත්තේ උදෑසන 6 ට ඔවුන්ව රැගෙනයාමට බස්රථ එන බවයි. එහෙත් ඔවුන්ව රැගෙනයාමට බස්රථ පැමිණ ඇත්තේ දහවල් 1.30 පමණය එම බස් කිළිනොච්චියට ලඟා වී ඇත්තේ සවස 3.55 පමණය. මෙම බස් රථ ඕමන්තෙයිදී දැඩිලෙස පරීක්ෂාවට ලක්වීමත් පරක්කුවට හේතුවක් බව එහි සිටි නිරික්ෂකයන්ගේ අදහසයි.
ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.
January 10, 2010 by Karapoththa
Filed under Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media, සිංහලඅද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අවමගුල් උත්සවයට ලංකාපේලි මහතා සහභාගී වී ඇත්තේ වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ නව වමාංශික පෙරමුණ නියෝජනය කරමින්ය.කටඋත්තරයක් ලබා ගැනීමට යැයි පවසා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් රැගෙන ගොස් ඇති ලංකාපේලි මහතා, මේ වන විටත් පොළිසිය තුළ රඳවාගෙන ඇතැයි වාර්තාවේ.




