මාතලේ ඩ්පෝවේ බස් රථ ජන්ද ප්රචාරක කටයුතු වල
February 11, 2009 by Karapoththa
Filed under Matale, Wayamba and Central Province Elections, සිංහල
මාතලේ ඩිපෝවේ ඇතැම් බස් රථ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක පුවරු බවට පත්ව ඇති බවට ‛‛විකල්ප’’ වෙබ් අඩවියට වාර්තාවේ. මේසේ පෝස්ටර් අලවා ඇත්තේ නාගරික සංවර්ධන නි්ෙයාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙකු වන පරාක්රම දිසානායක මහතාගේ ඡායාරූප සහිත පොස්ටර් ය. පරාක්රම දිසානායක මහතා මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයෙදී මාතලේ දිස්ත්රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද අපේකෂකයින්ගෙන් කෙනෙකි. මේ සම්බන්ධයෙන් ඇතැම් මගී ජනතාව පවසන්නේ මෙය රාජ්ය බලය අයුතු ලෙස මැතිවරණයට යොදා ගැනීමක් බවය. මෙම පෝස්ටර් අලවා තිබූ බවට ‛‛විකල්ප’’ වෙඩ් අඩවියට වාර්තා වූයේ පසුගිය 09 වෙනි දා ය. මේ පිළිබද අප මාතලේ ලංගම ඩිපෝවේ නිළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවද එය ව්යාර්ත විය.
ඡායාරූපය අන්තර්ජාලයෙනි


