ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අදයි..!
September 8, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features, සිංහල
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු වන ගේට්ටුව අසලටම ගමන් ගත්තේය.
මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.
මේ එහි සේයාරූයි.
ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා කරන්නෙ නැතිව ඕනෑ තරම් තරඟ කරන්න ඉඩ දෙන එක. තිබුණු ව්‍යවස්ථාධායක සභාව සම්පූර්ණයෙන්ම නැතිකරල ඒ වෙනුවට වෙනත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කරනවා. ඒකට කිසිම බලයක් නැහැ ඒක නිකම් ඉංග්‍රීසියෙන් කියනවනම් ජනාධිපතිට Observation දෙන්න පුළුවන් එකක්. අපි මොකද්ද දැක්ක කියල කියන්න පුළුවන්. ඒ වගේ කිසි වැඩක් නැති දෙයක්. 3 වැනි දෙය තමයි මැතිවරණ කොමසාරිස් ඒ දෙපාර්තමේන්තුවේ දැනට යම් දුරටවත් මැතිවරණය වැරදි දේවල් පාලනය කරන්න තියෙන ඒ බලය, ඒකත් අයින් කරල. මැතිවරණ කොමසාරිස් කොළ අච්චු ගහල, කොලේ බෙදල, ගණන් කරන කොමිටි එකකට අඩුකරලයි තියෙන්නෙ. මැතිවරණ කොමසාරිස් දැන් නිකන් කූලී කාරයෙක්.
දැන් මේ තුනම එකතුවක් විදියට ගත්තොත්, සමස්ථයක් හැටියට අපි දකින්නේ විධායක ජනාධිපතිගේ බලයේ විශාල වශයෙන් වැඩි කරල. 2005 චින්තනේ නම් කිව්වේ විධායක ක්‍රමය නැති කරනව, මේවා අඩු කරනව, කියල තමයි ආවේ. හැබැයි කළේ ඒකෙ බලතල විශාල වශයෙන් වැඩි කිරීම ඒක එකක්. දෙවනුව දේශපාලන වශයෙන් හුගක් වැදගත් දෙයක් තමයි, ඇත්තට ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් තියෙනව ලංකාවෙ, මොකක් හරි කරන්න ඕන කියල කථාව ඔක්කොම ගියේ, මේ ඔක්කොම මේ ඔක්කොම කථා වුණේ ජාතික ප්‍රශ්ණයත් එක්ක. මේ දෙමළ ප්‍රශ්ණෙ විසදන්න ඕනේ, යුද්ධයෙන් පස්සේ මොකක් හරි කරන්න ඕනේ, ජාතික ප්‍රශ්ණෙට මොකක් හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියල. 13 ප්ලස් 13 මයිනස් 13, 14 ඕන මඟුලක් , මොකක් හරි කරන්න ඕනෙ කියල. ඒ කතාවෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියන එක ආවේ. කෝ දැන් ජාතික ප්‍රශ්ණය ගැන එක වචනයක් තියනවද මේ අලුත් සංශෝධනයේ. ලංකාවේ දෙමලු ඉන්නවයි කයලවත් මේ ව්‍යවස්ථාවේ මතක් කරලා තියනවද. නැහැ. ඒ ප්‍රොඩාවෙන් පටන් අරගෙන ව්‍යස්ථාමය වෙනසක් ගේනවැයි කියලා මේ ජාතික ප්‍රශ්නය විසදන්න ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා සම්පූර්ණයෙන්ම වෙනත් දෙයක් ගෙනල්ලා තියෙන්නේ.
ව්‍යවස්ථා වෙනස් කරන්නේ ව්‍යවස්තා හදන්නේ ජනතාවගේ දියුණුවට. මම නම් දකින එකම උදාහරණයයි ව්‍යවස්ත්ථා සම්පූර්ණයෙන්ම හදන්නේ එක මනුස්සයෙක්ගේ හරි එක පුවලකගේ උවමනාවට මේ ලංකාවේ.
අපි අද ඉන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දීමේදී ටිකක් අමාරු තැනක. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ මොකද්ද වෙන්නේ 160ක්ද , 150ක්ද අනිද්දා උන් අමුඩේ ගලවන්න යනවා. එච්චරයි කරන්නේ. හෙලුවැල්ලෙන් නටනවා කිසිම ලැජ්ජාවක් නැතුව.
කොහොමද අපි මෙවැනි තැනකට වැටුනේ. එක හේතුවක් මර්ධනය. දෙවන හේතුව ජාතිවාදී යුද්ධයෙන් ලොකු ජයග්‍රහණයක් ගත්තොත් ඒ යුද්ධයෙන් ජයග්‍රහණය ගත්ත පැත්ත යම් කාලයකට ඒ ජාතීන් අතර විශාල යෝධයෙක්, රජ්ජුරුවො කෙනෙක් විදිහට පෙනී සිටිනවා. ඒක හරියට හිට්ලර් යුදෙවුවො මරලා ජර්මනියේ සයිකොලොජි එක වෙනස් කරා වගේ. අපේ රටෙත් එවැනි දෙයක් තිබෙනවා. නමුත් මර්ධනයට විරුද්ධව මිනිස්සු ටික ටික පෙළබෙන්න පටන් ගන්නවා. මාකොෂ්ට හැමදාම එතන ඉන්න හම්බ උනේ නෑ. රුමේනියාවෙත් එහෙමයි. ඔය වගේ හැම තැනම සිදු උනා. ජනතාවගේ මැතිවරණය බලය නැතිකරාට හැමදාම එහෙම බෑ. හිට්ලර්ට උනා වගේ. දෙමලු නැති කරා කියලා සිංහල මිනිස්සු මුලා කරන්න බැ හැමදාම. ඒ සෙල්ලම හරියන්නේ නැ. ටික කාලයක් පුලුවන් නටන්න. ඊට පස්සේ බැහැ. ඔය දෙකම නැතිවෙන දේවල්. එකක් තමයි විධායක බලය ඉතාම ශක්තිමත් කරන එක. අනෙක රටතුළ මර්ධනය වැඩි වැඩියෙන් ඇති කරන එක. ඔය දෙකම සම්බන්ධ වේන්නේ මෙහෙමයි. මේක ඇත්තටම ජනාධිපතිට තුන්වන සැරේ ඡන්දය ඉල්ලන්න ඉඩ දීම පමණක් ප්‍රශ්නයක් නම් සමාජයට කියන්න පුලවන් ප්‍රශ්ණයක් නැහැ නේද කියලා. ජනප්‍රිය නම් මිනිහා දිනයි. කැමති නැතිනම් මිනිහා පරදියි. ඔය වගේ දේවල් කියන්න පුලවන්.
දැන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක දෙවරකට වඩා අවස්ථාවක් දෙන්නේ නෑ. හේතුව බලයේ ඉන්න මිනිහට වාසියක් තියනවා. මේකේ ලොකුම වරද ආපහු ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙන එක නෙමෙයි. ඒකේ වරද මින් පස්සේ මර්ධනය නිසාත් සහ අනෙක් ප්‍රශ්ණ නිසාත් මේ රටේ අයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලැබෙන්නේ නෑ. අපි දැක්කා වයඹ මැතිවරණය, අපි දැක්කා 2010 ජනවාරි මාසේ කොච්චර දුරට ආණ්ඩුවේ යාන්ත්‍රණය වැරදි විදිහට ප්‍රයෝජනයට ගත්තා ද කියලා. ඒ නිසා ජනාධිපතිවරණ මැතිවරණ ඉවරයි. මෙකෙන් බලය තියනවනේ ඕනම දෙයක් කරන්න. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. ඉදිරයේදී හැම මැතිවරණයකටම වෙන්නේ මොකද කියලා මට දැන් කියන්න පුලුවන්. මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. අන්න ඒකයි වෙන්න යන්නේ අපි ඔක්කොටම මේක බලපානවා. අනෙක මාධ්‍ය නිදහස අපිට ලියන්න, කියන්න තියන නිදහස ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න තියන අයිතිය. හැම දේම මේ ප්‍රශ්ණය නිසා තර්ජනයකටයි, අනතුරකටයි පත් වෙනවා.
කුමා ඩේවිඩ්
(2010 සැප්තැබ්මර් කොළඹ පුස්තකාලයේදී පැවති සම්මන්ත්‍රණයකදී දැක් වූ අදහස්)
“පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා”
September 7, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල සිඳීමට සූදානම්වන මොහොතක, ජනතාවගේ හෘද සාක්‍ෂියේ නිහඬබව විකල්ප කලා මාධ්‍යක් ඔස්සේ ප්‍රශ්ණ කරයි…
රාජපක්‍ෂ ආණ්ඩුව විසින් 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සියල්ල සූදානම්ය. එමඟින් විධායකයේ අසීමාන්තික බලය තවත් වැඩිකිරීමට ඔවුන්ගේ අරමුණ. එක් පුද්ගලයෙකු වටා අසීමිත ලෙස බලය ගොනුවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. නමුත් එවැනි වටපිටාවක් තුළද ජනතාව නිහඬය. ඔවුන්ගේ හෘද සාක්‍ෂිවලට ඔවුන් විසින්ම ඇදිරි නීතිය දමාගෙන ඇති හැඩක් එම නිහඬ බව ඔස්සේ පෙන්නුම් කරයි. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද, මේ අහිමිව යන්නේ අප සැමගේ අයිතීන් වන බැවිනි.
පසුගිය ඉරිදා දින කොටුව දුම්රිය ස්ථානය අවට දී ප්‍රජාතන්ත්‍රවාදය අගයන තරුණ කණ්ඩායමක් විසින් විකල්ප කලා මාධ්‍ය භාවිතය ඔස්සේ, මෙම හෘද සාක්‍ෂියේ නිද්‍රාශීලීභාවය ප්‍රශ්ණ කළහ. “පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා” යන මාතෘකාව ඔස්සේ මහජනතාව දැනුවත් කිරීම සඳහා හදවතක අනුරුවක් පිඟානක් මත තබාගෙන මිනිසුන්ගේ නැතිවී ගිය හදවත, හෘද සාක්‍ෂිය නැවත මතක් කර දුන් අතර අත්පත්‍රිකාවක්ද බෙදාහැරිණි.
ෙම් එහි ෙබදා හැරි අත් පත්‍රිකාවයි

පරාජිත ආවේශයේ කූඨ ප්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංශෝධනය
September 4, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
අවසානය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත් වීම සඳහා අවශ්‍ය කැරෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉක්නින්ම ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වනු ඇත.
අරුමය නම් මෙම ව්‍යවස්ථා වෙනස සඳහා අවශ්‍ය දේශපාලන බලවේග සහ තර්ක ඔහු ලබා ගන්නේ කිසිදු ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලනයකට ඉඩක් නොතබා ඒක පාක්ෂිකවූත් ඒකාධිපතිවූත් රාජ්‍යක් පිහිටුවීම පිණිස සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පරදවා ලද ජයග්‍රහණය මතින් වීම යි. දැන් ජයග්‍රාහකයා පරාජිතයාගේ දේශපාලන වේශයට ආරූඩ වෙමින් තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය මෙම පරාජිත අවේශයේ කූට ප්‍රාප්තිය යි. මෙතැනින් එහාට යාමට අවශ්‍ය නැත. ආවේශය සම්පූර්ණ ය.
එල්ටීටීඊ ය සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර පැවැති දීර්ඝ කාලීන යුද දේශපාලන ගැටුම විසින් විවිධාකාර තලයන් හි දී දෙපාර්ශවය අනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත් විය. එය යුද්ධයක අනීවාර්ය නොවන නමුත් විපාකයකි. පශ්චාත් යුද්ධ සමාජ එක්කෝ ගැඹුරු ප්‍රතිසංස්කරණ හරහා ප්‍රජාතන්ත්‍රවාදී සහ මානවවාදී බවට පත් වෙති. නැතහොත් යුද්ධයේ බොහෝ විසකුරු ලක්ෂණ එලෙසම තබා ගනිමින් විවිධ මට්ටමින් අත්තනෝමතික සහ මානව විරෝධි සමාජ බවට පත්වෙති. පශ්චාත් යුද්ධ අත්දැකීම මේ තාක් දුරට පෙන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දෙවන තෝරා ගැනීම කරා ගමන් කරන බව යි.
එල්ටීටීය, දෙමළ සමාජයෙ හි සිය ආධිපත්‍ය තහවුරු කර ගත්තේ දෙමළ දේශපාලනය තුළ පැවැති සියළු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අකාමකා දමමිනි. ඒ කරා දෙමළ දේශපාලනය තල්ලු වී යෑමට තර්ක සහ පදනම සපයන ලද්දේ ප්‍රශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයා ගොදුරු වූ විෂම සැළකීමත් ඔවුන්ගේ ප්‍රජාත්නත්‍රවාදී ක්‍රියාමාර්ග ප්‍රචණ්ඩත්වයෙන් මැඩලීමත් නිසා බව වෙනම කරුණකි. එම ඉතිහාසය විසින් සන්නද්ධ විරුද්ධකම් පෑම සාධාරණ කළ හැකි නමුත් එල්ටීටීඊ යේ මානව සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය සාධාරණ කළ නොහැකි ය. එමෙන්ම එල්ටීටීඊ යේ මානව විරෝධී දේශපාලනය පෙන්වා පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව අත්තනෝමතිකත්වයට ගෙන යාම ද සාධාරණ කළ නොහැකි ය.
එල්ටීටීඊ ය දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ සිය මූලිකත්වය තහවුරු කර ගත්තේ අනෙක් සියළු දෙමළ සටන්කාමී සංවිධාන විනාශ කර දැමීම සහ උරා ගැනීම මගිනි. අද දකුණේ දේශපාලනය තුල විපාක්ෂික දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන මුහුණ දී සිටින තත්ත්වය එයම නොවේ ද? එල්ටීටීයේ තුවක්කුව වෙනුවට අද පාවිච්චචි වන්නේ වරදාන සහ බියගැන්වීම් ය. එමගින් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ දෙකඩ තෙකඩ කරනු ලැබ ඇත. නැතහොත් උරා ගනු ලැබ ඇත. අද ආණ්ඩුවේ දරුණූ ප්‍රහාරයට ලක්වන දේශපාලනඥයින් හෙට ආණ්ඩුවේම සුරතලුන් බවට පත්වෙති. දුෂ්ඨයා එක් සැණින් සුරතලා බවට පත් කැරෙන මන්ත්‍රය අන් කිසිවක් නොව වරදාන හෝ බිය ගැන්වීම හමූවේ පෙන්වන නිරපේක්ෂ යටහත් පහත් බාවය යි. එල්ටීටීඊය යටතේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ දෙමළ සන්ධානය එදා මුහුණ දී තිබූ තත්ත්වයත් එයම ය.
එල්ටීටීඊ ය සිය අණසක පැවැති වන්නියේ ජනයාට එම ප්‍රදේශයෙන් පිටවීම තහනම් කර තිබුණි. තාවකාලිකව හෝ වන්නි ප්‍රදේශයෙන් පිටවීම පිණිස විශාල මුදලක් හෝ පවුලේ අයකු ඇපයට තැබිය යුතු විය. අද ශ්‍රී ලංකා රාජ්‍යය යටතේ ද වන්නියේ එම ජනයා මුහුණ දෙන්නේ එම තත්ත්වයට ම යි. ඔව්න්ට රාජ්‍ය බලධාරීන්ගේ අවසර නැතිව පදිංචි ස්ථාන පවා වෙනස් කිරීම තහනම් ය. එපමණක් නොව කොළඹ ජීවත්වන දෙමළ ජනයා පවා ලැයිස්තු ගත කරන්නට දැන් පටන් ගෙන තිබේ.
එල්ටීටීඊ ය සිංහල මුස්ලිම් ජනයා සිය පාලන ප්‍රදේශයන්ගෙන් පලවා හැරියේ ය. අපේක්ෂිත වූ ඊළාම් රාජ්‍ය ය ප්‍රායෝගික වශයෙන් තනි දෙමළ රාජ්‍යක් බව පෙනෙන්නට තිබුණි. දැන් ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනාවාස ප්‍රදේශයන් සිංහලකරණයෙහි නිරත වෙයි. ඊට හොදම උදාහරණයක් නම් දෙමළ ජනයාගේ සංස්කෘතික දායාදයක් වූ යාපනයේ බුදු දහමේ නෂ්ඨාවශේෂ සිංහල කැරෙමින් ඇති සැටිය. යාපනයේ බෞද්ධ නෂ්ඨාවශේෂ සහිත කන්තරෝදෙයි දැන් කදුරුගොඩ පුරාණ විහාරය ලෙස නම් කරනු ලැබ තිබේ. මෙම නෂ්ඨාවශේෂ දෙමළ බුදුදහමට අයත් ඒවා මිස සිංහල බුදු දහමට අයත් ඒවා නොවේ. මෙවැනි නිදසුන් බොහෝ ය. එකදු සිංහලයකු හෝ වාසය නොකරන දෙමළ ප්‍රදේශයන්හි පාරවල් සඳහා සිංහල නම් තබා තිබේ.
එල්ටීටීඊය යටතේ කිසිදා ජනමාධ්‍ය නිදහසක් නොතිබුණි. එහි තර්කය වූයේ ජාතික විමුක්ති අරගලයක් කරගෙන යන බැවින් ඊට බාධා කැරෙන ජනමාධ්‍ය පැවැතීම හානිදායක බව යි. එම තර්කයම ණයට ගත් ශ්‍රී ලංකා රාජ්‍යය ජාතිය බේරා ගැනීමේ යුද්ධයක් පවතින බැවින් ඊට බාධා කැරෙන්නේ යැයි සැළකූ ජනමාධ්‍ය පැවැතීමට ඉඩ දුන්නේ නැත. යුද්ධාවසානයෙන් මාස 16කට පසු අද පවා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට කළකට පෙර එය භුක්තිවිදි නිදහස නැති බව අලුතෙන් කීමට අවශ්‍ය නැත. එය ලැබෙන පාටක් ද නැත.
එල්ටීටීඊ ප්‍රදේශයන්හි පොලීසිය ද එල්ටීටීඊය ම විය. එයට නාමික නිදහසක් තිබුණි. අද පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ පොලීසිය අයත් වන්නේ පාලක පක්ෂයේ දේශපාලකයින්ට ය. නව ව්‍යවස්ථා සංශෝධනය විසින් පැවැති පොලිස් කොමිසම ඉවත් කරනු ලැබ සියළු බලතල පොලිස්පති වෙත පැවරෙයි. පසුගිය කාලය පුරාම සිටි පොලිස්පතිවරුන් දේශපාලන අතවැසින් ලෙස සේවය කළ බවට කොපමණ චෝදනා එල්ල වී ඇත් ද? එල්ටීටීඊ පාලන ප්‍රදේශයන්හි අධිකරණය එල්ටීටීඊ යම වූ පරිදි පශ්චාත් ශ්‍රී ලංකා අධිකරණය ආණ්ඩුවේම එකක් වනවාට අප කැමැති ද?
එල්ටීටීඊයට එල්ල වූ එක් ප්‍රබල විවේචනයක් වූයේ එය ජය ලබා වෙනම රාජ්‍යයක් පිහිටුවනු ලැබුයේ නම් එය තනි පක්ෂයක් රාජ්‍යක් වනු ඇති බවත් ප්‍රභාකරන් එහි එකම නායකයා වනු ඇති බවත් ය. අද පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ කැරෙන්නට නියමිත ව්‍යවස්ථා වෙනසෙහි යටි අරුත ද එයම නොවේ ද?
ජනාධිපති රාජපක්ෂ සිය ජනවරම ලබා ගත්තේ සිය පළමු ධුර කාලයෙන් පසු විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට පොරෙන්දු වෙමිනි. දැන් ඒ වෙනුවට ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ලෙස සිය ජීවිත කාලය පුරාම වුව විධායක ජනාධිපති ලෙස තේරී පත්විය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නවා ඇත. ශ්‍රී ලංකාවෙහි 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිධුරය උපරිම කාල සීමා දෙකකට සීමා කරනු ලැබ ඇත්තේ එම ධුරය සතු අතිමහත් බලතල සළකාගෙන ය.
දැන් මෙම සංශෝධනය මඟින් ඇති තරම් කාලයකට ජනාධිපති ධුරයේ රුදී සිටීමට මහින්ද රාජපක්ෂ නීතිමය ආවරණයක් ලබා ගන්නේ මේ තාක් තිබූ බලතලවලට අමතරව මැතිවරණ, මානව හිමිකම්, අල්ලස් දූෂණ, අධිකරණ සහ රාජ්‍ය සේවා යනාදී කොමිෂන් සභා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයාටම ලබා ගෙන ය. මෙම කොමිෂන් සභා පිළිබඳ උපදෙස් දීමට විපක්ෂ නායකයාට හැකි නමුත් ජනාධිපතිවරයා ඊට සවන් දිය යුතු නැත. මේ වනාහී ඕනෑම ඒකාධිපතියකු ඊර්ෂාවට ලක් කරන තරමේ බලතල ගොන්නකි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය අප තේරුම් ගත යුත්තේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන සංයුතිය ද පසුබිමේ ඇතිවය. එනම් ආණ්ඩුව තුළ රාජපක්ෂවරුන් සතු අතිමහත් සහ තීරණාත්මක බලය යි. නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගනු ලබන්නේ ඊළඟ නායකයා කරනු පිණිස බව නොදන්නා අයකු අද ශ්‍රී ලංකාවේ සිටිය නොහැක. මෙම පසුබිම තුළ මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් අදහස් කැරනෙ අරමුණ තේරුම් ගැනීම දුෂ්කර නැත.
මෙම ව්‍යවස්ථා සංශෝධන විසින් ශ්‍රී ලංකාව කෙටියෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් බවට පත් වෙයි. එය හැදින්වීමට වෙනත් වචනයක් නැත. එහි ප්‍රයෝගික දේශපාලන අරුත වන්නේ රාජපක්ෂ පාලනය එම ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයේ රූපකාය බවට බොහෝ කාලයක් සඳහා පත්වීම යි. කලකට ගොඩ ආ නොහැකි පසුබෑමකට ලක්ව සිටින දේශපාලන විපක්ෂය ද මෙම පසුබිමට එක් කල විට අපට ලැබෙන්නේ ඉතාම ඉතාම අදුරු චිත්‍රයකි.
මරන්න, අනින්න එන පිහියට හිනාවෙවී පපුව අල්ලන ශ්‍රී ලාංකික ජනතාව
September 3, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features
අපේ රටේ බොහෝ තීරණාත්මක දේ සිදුවන්නේ හොරෙන් හොරෙන්ය. හොරෙන් පන්නා ගත යුතු නිසාම හරිම වේගයෙන්ය. දැන් මේ ව්‍යවස්ථාවට කරන්නට යන වෙනස්කම් ගැන කවුරුත් දන්නේ නැත. දැනගන්නට හෝ අනිත් අයට දන්වන්නට ඕනෑකමක්ද පෙනෙන්නට නැත.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් යනු රටකට අතිශය තීරණාත්මක දෙයකි. ඒ වනාහි සම්මත කරගත් පසු යළි ලේසියෙන් වෙනස් කළ නොහැකි ලියවිල්ලකි. අප සමාජයක් ලෙස දශක ගණනාවක් තිස්සේ අත්විඳින දුක් වේදනා වල ඇරඹුම විසකුරු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ බව තවමත් ජනතාවට අවබෝධ වී නැත. ‛‛ජනතා පරමාධිපත්‍ය තව දුරටත් ඔසොවා තැබීම’’, ජනතාවගේ තෝරා ගැනීමේ අයිතිය තහවුරු කිරීම, තිරසාර සංවර්ධනයට අවශ්‍ය නායකත්වය ශක්තිමත් කිරීම, සංවර්ධනයට ඇති බාධාවන් ඉවත් කිරිම,………….ආදී නොයෙක් රෝස පුයර තවරා ජනතාව වෙත මේ උරුක් කර ඇත්තේ හලාහල විෂ පෙඟවූ කිණිස්සකි. පුදුමය නම්, අපේ සමාජය මෙලෝ නිනව්වක් නැතුව එයට ඇනෙන්නට පපුව දික්කරගෙන සිටීමය.
කොහොමහරි යුද්ධය ඉවර කරානේ කියමින් මහින්ද රාජපක්ෂ කළ මොන මොන ප්‍රජාතන්ත්‍ර විරෝධී අකටයුතුකම් ඉවසා ගෙන සිටියද, ප්‍රජාතන්ත්‍රවායේ අන්තිම හුස්ම බිංදුවද හිරකර, තමන්ගේත්, තම පරපුරේත් නොහිම් බල ආශාව සන්තර්පණය කරගැනීමේ අරමුණින් ඔහු රටට කරන්නට යන මේ පාපතර ව්‍යසනය සාධාරණීකරණය කරන්නට නම් සිවිල් ජන සමාජයත්, ජනමාධ්‍යයත්, විරුද්ධ දේශපාලන පක්ෂත් කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොවෙනු ඇතැයි මම විශ්වාස කළෙමි. ඔවුන් එක්ව මේ විනාශකාරී වියරුව පරාජය කරන්නට මහා උද්ඝෝෂණයක් කරනු ඇතැයි මම බලා පොරොත්තු වූයෙමි. එවැනි උද්ඝෝෂණයකට එකතු වෙන්නට බලා සිටියෙමි.
නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මා වනාහි ශ්‍රී ලාංකික සමාජය නැමැති මළ මිනියට කොයි මොහොතක හෝ පණ එනු ඇතැයි හීන දකින අහිංසක මෝඩ පුරවැසියෙක් පමණක් බව නැවත වතාවක් ඔප්පු වීමය.
විරුද්ධ පක්ෂ
ව්‍යාවස්ථා ප්‍රතිංස්කරණ ගැන ජනතාව දැනුවත් කර උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට තරම් කාලයක් ඊට විරුද්ධ වන පාර්ශවයන්ට ලැබෙන්නේ නැති වෙන විදියට සියල්ලම පෙර සැලසුම් කර, වැඩි හා හූවක් නැතිව මේ සංශෝධන සම්මත කරගන්නට ආණ්ඩුව කටයුතු කරන බව ඇත්තය. නමුත් තිබෙන දින දෙක තුනේවත් විරුද්ධ පාර්ශවයන් කළ හැකිව තිබූ අවම දෙයක්වත් කළාද? පත්‍රිකා බෙදීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයත්වත් දියත් කළේ ජවිපෙ පමණ ය. මේ තීරණාත්මක මොහොතේදී එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම මට නම් උභතෝකෝටිකයකි. සංශෝධනවලට විරුද්ධත්වය පළ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ශවයන් පහක් පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර ජ වි පෙ සහ ප්‍ර වාදී ජාතික පෙරමුණ ඒ අතර විය. පෙත්සමක් ඉදිරිපත් කරනවා තබා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම් විභාග කරන අවස්ථාවට සහභාගි වීමට තරම්වත් එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් තිබුණේ නැත. අද පත්තර වල කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ හදිසියේම ඉන්දියාවට පියාසර කළ බවයි. මේ සා බරපතල අවස්ථාවකදී රටේ ප්‍රධාන විපක්ෂය ක්‍රියා කළ හැටි ඉතිහාසයේ ලියැවී තිබුණොත්, ඔවුන්ට අනාගත පරපුරෙන් උරුම වන්නේ සදාකාලික සාප කිරීමක් පමණි. දේශපාලකයන්ගේ පාවා දීම් හමුවේ මහින්ද රාජපක්ෂ මේ ප්‍රතිසංස්කරණ තව දින කීපයකින් පාර්ලිමේන්තුවේ 2/ 3 ඡන්දයෙන් සම්මත කරගන්නවා ඇත. එය නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයට හෝ අනෙක් කිසිවෙකුටවත් නොහැකි බව ඇත්තකි. නමුත් මේ ඓතිහාසික අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල හිර කර මරා දමන්නට හදන මිනීමරුවන්ට එරෙහිව පොර බදන්නටවත්, ඊට එරෙහිව කෑ ගසන්නටවත් අප ඉදිරිපත් විය යුතු නොවේද?.
වාසු
මා සිතා සිටියේ මේ අවස්ථාවේ නම් අපේ වාසු සහෝදරයා මහින්දට පයින් ගසා දමා එළියට බැස මේ ව්‍යවස්ථා ප්‍රතිස්ංස්කරණ වල අනාගත භයංකාරත්වය ගැන ජනතාවට කෑ ගසා කියනු ඇති බවය. වාසුදේව වැනි පුද්ගලයෙකුට මේ තරම් දුරට තම අතීිත දේශපාලන ප්‍රතිපත්තීන් පාවා දෙමින්, තවදුරටත් සියල්ල ඉවසා සිටිය හැකි වීම මට දරා ගත නොහැක්කකි. ඒ සහෝදරයා පසුගිය දිනවල පුවත්පත්වලට කියා තිබුණේ, ‛‛ප්‍රතිසංස්කරණ සම්මත කරන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්නවද, විරුද්ධව ඡන්දය දෙනවද කියන එක වමේ පක්ෂ තාමත් තීරණය කර නැති බවය.’’ ඒ තීරණය ගන්නට ඔවුන්ට ඒ තරටමට අමාරුය.
අතීතයේදී පෙන්නුම් කළ සටන්කාමීත්වයත්, ප්‍රතිපත්තිගරුකබවත් අනුව වර්තමානයේ ඉතුරු වී සිටින මිනිස් ශරීරය වෙතින් කිසිවක් අපේක්ෂා කළ නොහැකි බව මම වාසු සහෝදරයාගෙන් නැවත වරක් ඉගෙනගත්තෙමි.
ජනමාධ්‍ය
මේ සතිය ඇරඹුණේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගාලගෝට්ටියත් සමගය. නමුත් අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට මෙය ඒ සා වැදගත් කාරණයක් වී ඇති බවක් නොපෙනේ. ඊයේත් අදත්, සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල පළ වන ලිපි සහ කතුවැකි දෙස බලන විට, මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිටි මිල වැඩි වීම වැනි සිද්ධියකට එහා වැදගත් කමක් ඇති එකක් ලෙස මාධ්‍ය සලකා නැති බව පෙනේ. අදත් ඊයේත් ප්‍රධාන සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල කතුවැකි බැලුවහොත්, පුවත්පත් කතුවරුන් මේ ප්‍රතිසංස්කරණ වල අනාගත අනතුර ගැන කිසිලෙසකින්වත් සංවේදී වී ඇති බවක් නොපෙනේ. අද වන විටත් කිසිදු පුවත්පතක් මේ ප්‍රතිසංස්කරණ වල පිටපතක් පළ කළේ නැත. ඒ පිටපත සොයාගැනීම දුෂ්කර වෙන්නට ඇත. නමුත් මේ අවස්ථාවේ හැකි පමණින් මේ ගැන ජනතාවට කරුණු පහදා දෙමින් ජනතාව දැනුවත් කිරීම ජනමාධ්‍යයේ පරම වගකීම නොවන්නේද? ආණ්ඩුවට හොර රහසේම මේ පනත සම්මත කරගැනීමට අවශ්‍ය වී ඇති බැවින් ජනමාධ්‍යයද ආණ්ඩුවට එය පාඩුවේ කරගන්නට ඉඩ අරින්නට තීරණය කර ඇති සේය.
හතරවෙනි ආණ්ඩුව වැනි ගෞරවනීය විරුධාවලීන් අපේ රටේ ජනමාධ්‍යවලට ගැළපෙන්නේ නැති බව මම දනිමි. නමුත් මේ සා බරපතල අවස්ථාවකදීවත් ජනතාවට සැබෑ තොරතුරු හෙළිදරවු කිරීමට වෙහෙසෙමින් තම මූලික වගකීම යම් තරමකට හෝ ඉටු කිරීමට අපේ මාධ්‍ය උත්සහ දරනු ඇතැයි මම විශ්වාස කළෙමි. ප්‍රතිසංස්කරණවලට විරුද්ධව හෝ පක්ෂව මතයක් ගැනීම නොව, ප්‍රතිසංස්කරණවල සැබෑ අරුත කුමක්දැයි හෙළිකරමින්, ඒ ගැන ජනතාව අතර සංවාදයක් ඇති කිරීමට වගකීිමක් ජනමාධ්‍ය වෙත ඇත. නමුත් අපි ඉන්නේ සිහිනවලය. යථාර්ථය අපිට දැනෙන තිත්තටත් වඩා කිහිපගුණයකින් තිත්තය.
උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ආචාර්යවරු
අපට අතීතයේදී, විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ, අප කියවූ පොත්පත්වල කර්තෘවරුන් වූ, අප ඇහුම්කන් දුන් හරබර දේශනවල කතිකයන් වූ, ආචාර්යවරුන්, විද්වතුන්, අඩුම ගණනේ මේ විසකුරු ව්‍යවස්ථා ප්‍රතිංස්කරණවලට එරෙහිව ප්‍රබල ප්‍රකාශයක් හෝ කරනු ඇතැයි මම සිතුවෙමි. නමුත් අද වන විටත් කිසිවෙක් කිසිවක් කියා නැත.
මේවා කෙටුම්පත් කළේත්, ඒවා ජනතාව උදෙසාමයැයි කියමින් අද තප්පුලන්නේත්, එදා අපි බුහුමන් කළ ජී එල් පීරිස් සර් නේදැයි සිතා මම මගේ ඒ දුබල බලාපොරොත්තුවත් දවා අළු කරමි.
සංවේදි කලාකරුවන් රොත්ත ගැනවත්, ශ්‍රී ලාංකික සංඝ සමාජය ගැනවත් මට අපේක්ෂාවක් නැත.
ඉන්පසු ඉතිරි වන්නේ හුදී ජනතාවය. ජනතාව මේ කිසිවක් ගැන දන්නේ නැත.
මේ මොහොතේ උසුලන කාලකණ්ණි නිහඬතාවයත්, කරබාගැනීමත්, අනුමැතිය පළකිරීමත් වෙනුවෙන් අනාගත පරපුර අපට කිසිදා සමාව නොදෙනු ඇත…
‛‛ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන අනතුර අද මේ රටේ ජනතාවට පේන්නෙ නැහැ’’ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ
September 3, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features

1978 ව්‍යවස්ථාව ආරම්භයේ ඉදලම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඩපු ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවෙ, මෙය අන්ත ප්‍රතිගාමී ව්‍යවස්ථාවක්. මේ 78 ව්‍යවස්ථාව එහි තිබිච්ච මූලික ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය වෙන ප්‍රධානම කාරනා 2ක් මට පෙන්වා දෙන්න පුළුවන්. ඒකක් තමයි ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලන හේතු මත ජනාධිපති ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට නැහැ. දෙවනි කරුණ තමයි ජනාධිපතිට එරෙහිව නඩු පවරන්න බැහැ. අපරාධ නඩු සහ සිවිල් නඩු. එතකොට එක පැත්තකින් ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාධායකයට, විධායකය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. අනෙක් පැත්තෙන් අධිකරණයට විධායකය පාලනය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ විදිහට ජනාධිපති ධූරය මත බලතල සංකීර්ණ වෙනවා 78 ව්‍යවස්ථාවෙ. එතනදී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් තිබිච්චි එකම ඉඩකඩ තමයි ජනාධිපති ධූරය වාර 2කට සීමා කිර තිබීම. මේ ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තිබිච්ච එකම ඉඩකඩ තමයි වාර 2කට සීමා කිරීම.
දැන් පළවෙනි වතාවේ ජනාධිපති ධූරය දරණ කෙනෙක් යටතේම තමයි ඊලඟ ජනාධිපතිවරණයක් තියන්නෙත් පාර්ලිමේන්තු මැතිවර්ණය තියන්නෙත්. ජනාධිපති යටතේ පොලීසිය තියෙනව. හමුදාව තියෙනව. රාජ්‍ය සේවය තියෙනව. එවගේම මැතිවරණ නිලධාරීන් ඉන්නෙත් ජනාධිපති යටතේ. එතකොට බලයේ ඉන්න ජනාධිපතිවරයා යටතේ පවත්වන මැතිවරණයක් ස්වාධීන වෙන්නෙ කොහොමද. තනිකරම මේක දේශපාලන ව්‍යාපෘතියක් වෙනවා. එතකොට අනිවාරයෙන්ම ඒ බලයේ ඉන්න ජනාධිපතිවරයා දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරනවා. ඒ නිසා ජේ. ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව හැදුවේ ඉන්න ජනාධිපති වරයෙකුට දෙවතාවක් දිනන්න පුළුවන් වෙන විදියට. ඒ කියන්නේ ජනාධිපතිගේ නිළ කාලය ව්‍යවස්ථාවේ හැටියට අවුරුදු 6 වුණාට, ප්‍රායෝගික වශයෙන් අවුරුදු 12 යි. හැබැයි ජනාධිපතිවරයාගේ දෙවැනි නිළ කාලය අවසන් වුනයින් පස්සේ පොඩි ඉඩකඩක් එනව ප්‍රජාතන්ත්‍රවදයට. ඒ වෙනකොට අර රාජ්‍ය යාන්ත්‍රණය යම් ආකාරයකට ජනාධිපතිගේ බලපෑමෙන් ගිලිහෙනවා. ජනාධිපතිවරයාගේ නිළ කාලය අවසන් වෙනවා. එතකොට ඊලඟ මැතිවරණයේදි විපක්‍ෂයට අවස්ථාවක් ලැබෙනව ඔවුන්ගේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා. එම නිසා විධායක ක්‍රමය සහිත මෙම ආණ්ඩු ක්‍රමය යටතේ තිබිච්ච එකම ඉඩකඩ තමයි, ප්‍රජාතන්ත්‍රවාදයට තිබිච්ච ඉඩකඩ තමයි ජනාධිපතිවරයෙකුගේ වාර ගණන 2කට සීමා කිරීම.
නමුත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද, ඒ වාර ගණන ඉවත් කරන්න. ඒ කියන්නෙ ජනාධිපතිවරයෙකුට ඕනතරම් වාර ගණනක් මේ ධූරයට පත්වෙන්න පුළුවන්. දැන් මතුවෙන ප්‍රශ්ණෙ තමයි, වර්ථමාන ජනාධිපතිවරයට ඊලග ජනාධිපතිවරණයෙදීත් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ඔහු යටතේ තමයි ජනාධිපතිවරණය තියන්නේ. ඔහු යටතේ තමයි හමුදාව තියෙන්නෙ, පොලීසිය තියෙන්නෙ, රාජ්‍ය සේවය තියෙන්නෙ, මැතිවරණ නිළධාරීන් ඉන්නෙ. එහෙමනං ඒ පවත්වන ජනාධිපතිවරණය පිරිසිදු, සාධාරණ මැතිවරණයක් වෙයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන් ද, කිසිසේත්ම බැහැ. එතකොට මේ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද, වර්ථමාන ජනාධිපතිවරයා වයෝවෘධ වෙනකම්ම මේ ධූරයේ රැදීසිටීමට අවස්ථාවක් ලබාදීමට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයෙ අරමුණ. වෙන කිසිම අරමුණක් නෑ.
දැන් කවුද ඉල්ලුවේ ජනාධිපතිවරයාගේ ධූරකාලය දීර්ඝ කරන්න කියලා, කවුරුත්ම ඉල්ලුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විශේෂයෙන්ම රාජපක්‍ෂ පවුලේ උවමනාවට. එතකොට මේ වර්ථමාන ජනාධිපතිවරයා උත්සාහ කරනව තමන්ගේ පුතාව මේ තනතුරට පත්කර ගැනීම සඳහා කල් ගන්න. ඒ කල් ගැනීමේ දී ඔහුගේ නායකත්වය අද මේ වන විට ජනප්‍රිය නිසා ඔහු උත්සාහ කරනව ඊලඟ ඡන්දෙනුත් දිනල, ඔහු වයෝවෘධ වෙනකම්ම මේ ධූරයේ සිටිමින් ඔහුගේ පුතාට මඟ පාදන්න. ඒ නිසා මේකෙ තියෙන්නෙ මේ රාජපක්‍ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘතිය තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයෙ අරමුණ. ඒ හැර වෙන අරමුණක් නැහැ.
එතකොට මේකෙන් ඇතිවන භයානක ප්‍රතිඵලය මොකක්ද, මේ වර්තමාන ජනාධිපතිවරයට නොකඩවා බලයේ රැදී සිටීමට අවස්ථාවක් ලැබෙනව. මොකද මේ වෙනකොට ආණඩුව යුධමය ජයග්‍රහණත් එක්ක ලබපු ජනප්‍රියත්වය තුළ සහ ඊලඟට ඉදිරි මැතිවරණ වලදී ඔය කියන රාජ්‍ය යාන්ත්‍රණය යොදාගෙන ජනාධිපති වරයාට පුළුවන් දූෂිත මැතිවරණ පවත්වන්න. හරියට අර ඉන්දුනීසියාවේ මාර්කෝස්ගේ පාලනය වගේ, ඉරානේ ෂා රජුරුවන්ගේ පාලනය වගේ, චිලී රටේ පිනෝශියර්ගෙ පාලනය වගේ අඛන්ඩව බලයේ රැදී සිටීමට ඔහුට හැකියාව ලැබෙනව. එම නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන අනතුර අද මේ රටේ ජනතාවට පේන්නෙ නැහැ. මොකද, මේ රටේ ජනතාව ඉන්නෙ පොඩි මෝඩ චූන් එකක. ඒ මෝඩ චූන් එක වැඩිකල් තියෙන්නේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ, ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැමේ අත්දැකීමට මේ රටේ ජනතාවට ඉදිරි කාලෙදි මුහුණ දෙන්න සිද්ධවෙයි. ඒ නිසා මේ ඇති වන තත්ත්වය තුල මේ රෙජීම් එක ඉස්සරහට යනව, මේ රෙජීම් එක අවසන් කරන්න වෙන්නේ විශාල ජනතා නැඟිටීමකින් පමණයි. ඒ නිසා නැවත ආයුධ සන්නද්ධ දේශපාලනයක් මේ රටේ නිර්මාණය වීමේ අනතුර මේ ව්‍යවස්ථා සංශෝධනය පසුපස තියෙනව.
දැන් මේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද? රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ රටේ පාලකයින්ගේ බලය සීමා කරන්න. ඒකට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය කියන්නේ. පාලකයින්ගේ බලය නැත්තම්, ජනතා නියෝජිතයින්ගේ බලය සීමා කරන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නෙ. නමුත් දැන් මේ රටේ තියෙන විහිළුව තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ පාලකයින්ගේ බලය වැඩි කරන්න. දැන් ලෝකේ වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කරන්නේ පාලකයින්ගේ බලය අඩු කරන එක. මේ රටේ කරන්නෙ පාලකයින්ගේ බලය වැඩිකරන්නයි මේ ව්‍යවස්ථා හදන්නේ.
දැන් 17 වන සංශෝධනය ගෙනාවේ ජනාධිපතිගේ ඇතැම් බලතල සීමා කරන්න. විශේෂයෙන්ම පත්වීම්, පොලිස්පති පත්කිරීම, නීතිපති පත්කිරීම, මැතිවරණ කොමසාරිස් පත්කිරීම, රාජ්‍ය සේවයේ පත්කිරීම් කිරීම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිට තියෙන බලතල සීමා කරන්න. ඒ යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවකුත් පිහිටුවන්නෙ, ඒ ව්‍යවස්ථා සභාවෙන් කොමිසන්සභාව පිහිටුවන්නේ. ඒ කියන්නේ ජනාධිපතිගේ බලය සීමාකිරීම කිරීමට. දැන් 17 වන සංශෝධනය හකුලා දමන්නට යන්නේ මේ 18 වන සංශෝධනයෙන්. ඒ කියන්නේ මොකක්ද, තනිකරම සියළු පත්වීම් යටතේ පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, අධිකරණය මේ සියළු ක්‍ෂේත්‍රයන් ජනාධිපතිගේ ආධිපත්‍යට නතු කිරීම තමයි මේකෙ අරමුණ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒ ආයතන සියල්ලම දේශපාලනීකරණය කරල කෙලින්ම මේ ආණ්ඩුවේ බළල්අතක් බවට පත්කර ගැනීමේ අරමුණින් තමයි මේ 17 වන සංශෝධනය හකුලවන්නට තීරණය කරල තියෙන්නේ.
ශ්‍රී ලංකාව 66 වැනියා
September 1, 2010 by Karapoththa
Filed under Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද දේශප්‍රිය
අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ වැදගත්කම දෙන්නේ කුමන සාධක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය.
ලෝකයේ වැඩිම උණුසුම වාර්තා වී ඇති රට ලිබියාව ය. ඒ 1922 වසරේ සැප්තැම්බර් 13 දා ය. එදින ලිබියාවේ උණුසුම සෙල්සියස් අංශක 57.7ක් දක්වා ඉහළ ගියේ ය. එළෙස කලින් කලට අධික උෂ්ණත්වයන් වාර්තා වන රටවල් ගණනාවක්ම ඇතත් වර්ෂය පුරාම පවතින උෂ්ණත්වයේ සාමන්‍ය වැඩිම රට ඉතියෝපියාව යි. එහි සාමන්‍ය උෂ්නත්වය සෙල්සියස් 34.4 කි. බොහෝ ජීව විද්‍යාඥයින් කල්පනා කරන්නේ ආදිතම මානවයා බිහි වූ රට ඉතියෝපියාව බව යි.
ලෝකයේ සීතලම රට ඇන්ටාර්ටිකාව ය. එහි සීතල සෙල්සියස් සෘණ 82.9ක් තරම් පහළ යා හැකි ය. එහි නිත්‍ය ජනගහණයක් නැත. එනමුත් කැනඩාව, ආමෙරිකාව සහ රුසියාව යනාදී රටවල් අධික සීතලෙන් ගල් ගැසෙන ජනාවාස වූ පෙදෙස් තිබේ.
ශ්‍රී ලංකාවට 66වන ස්ථානය හිමි වූ ඇමෙරිකාවේ නිවිස් වීක් සඟරාව කළ සමීක්ෂණයට එවැනි කරුනු බලපෑවේ නැත. ඉහත කී කරුණ අපට පෙන්වන්නේ ඕනෑම සමීක්ෂණයක තිබිය හැකි සීමාවන් ය. කොතරම් යහපත් වුවත් අංක එකට පැමිණි පින්ලන්තය ද මාස හතරක් පුරා හිමෙන් වැසී යන අධික සීතල සහිත රටකි. අංක හයට පැමිණි නොර්වේ ද සීතල දේශගුණය උරුම කරගත් රටකි. ශ්‍රී ලංකාව වැනි නිර්වර්ථන කලාපීය වැසියනට එවැනි රටක් ජීවත් වීමට හොඳම රටක් වන්නේ නැත.
නිවස්වීක් සඟරාව සිය සමීක්ෂණය හඳුන්වා දුන්නේ මෙසේ ය: “ඔබ අද උපත ලද හොත් සෞඛ්‍යමත්, සැළකිය යුතු තරම් සෞභ්‍යාගමත් සහ ඉහළට යෑමේ ආර්ථික අවස්ථාවන් වඩා හොඳින්ම ලබා දිය හැකි රට කුමක් ද? මෙම විශේෂ සමීක්ෂණයේ දී අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන තත්ත්වය, ආර්ථික ඉඩ ප්‍රස්ථා සහ දේශපාලන පරිසරය යන කරුණු පහ සළකා බලන ලදී.”
නිව්ස් වීක් සඟරාවට අනුව ජීවත්වීමට හොදම රටවල් 100 ය තෝරා ගන්නා ලද්දේ එම සමීක්ෂනයට අනුව ය. ඒ අතරින් පළමු වැන්නා වූයේ ළකුනු 89.40ක් ලබා ගත් පින්ලන්තය යි. ඒ අතරින් 100 වන ස්ථානය ගත්තේ අප්‍රිකානු රටක් වන බුකිනෝ පූසෝ ය. එයට ළකුනු 33.59ක් ලැබුණු අතර ශ්‍රී ලංකාව 66 වන තැනට පැමිණයේ ළකුණු 58.80ක් ලබා ගනිමිනි.
දකුණු ආසියාවේ රටවල් අතුරින් මාලදිවයින, නේපාලය සහ බූටානය ජීවත්වීමට හොදම රටවල් 100 අතරට පැමිණියේ නැත. ශ්‍රී ලංකාව ලෝකයෙන් ම 66 වන තැනට පත් වෙද්දී ආසියාවෙන් හත් වැන්නා බවට ද දකුණු ආසියාවෙන් පළමුවැන්නා බවට ද පත් විය. ඒ ගැන බොහෝ සාඩම්බර ප්‍රකාශ අසන්නට ලැබුණි.
දකුණු ආසියනු රටවල් ලබා ගත් ස්ථාන සහ ළකුණු
ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉහළට පැමිණියේ විශේෂයෙන්ම අධ්‍යාපනය යටතේ සළකා බලන ලද සාක්ෂරතාවයේ ඉහළ අගය ( 98.8 සහ 61.4), සෞඛ්‍ය යටතේ සළකා බලන ලද පරමායුෂ (63 සහ 56) යන කරුණු දෙක සඳහා ලද වැඩි ලකුණු නිසා ය. ජීවන තත්ත්වය යටතේ ද ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු ලබා ගත්තේ ය.
දේශපාලන පරිසරය යන සාධකය යටතේ සළකා බලන ලද්දේ මැතිවරණයකදී ඡන්දය දෙන ප්‍රතිශතය සහ පවත්නා ආණ්ඩුව කොතරම් ස්ථාවරද යන්න ය. එහිලා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබද දර්ශක සළකා බැලුනේ නැත. ඊට හොදම නිදසුන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නැති සහ දරුණු මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යන සිංගප්පූරුව 20වන ස්ථානය ලබා ගැනීමයි. දේශපාලන ස්ථාවර බව අතින් එය ළකුනු 84.5ක් තරම් ඉහළ අගයක් ලබා ගත්තේ ය. මෑත කාලීන සමාජ සමීක්ෂන පෙන්වා දෙන්නේ සිංගප්පූරුවේ ජනයාගෙන් සියයට 20ක් ම අවස්ථාවක් ලදොත් නිදහස සහිත වෙනත් රටක ජීවත්වීමට අපේක්ෂා කරන බව ය. එවැනිම පොලිස් රාජ්‍යක් පවත්වා ගෙන යන ඊශ්රායලය 22වන ස්ථානය ලබා ගත්තේ ය. දුප්පත්කමින් පිරි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් නැතිව එකම පක්ෂයක් විසින් වසර 60ක් පාලනය කරන කියුබාව 50වන ස්ථානය ලබා ගත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍යට වැඩි ළකුනු ලබා ගනිමිනි. දේශපාලන ස්ථාවර බව අතින් ශ්‍රී ලංකාව ළකුනු 58.5ක් ලබා ගන්නා විට ඒක පාක්ෂික පාලනයක් සහිත කියුබාව ළකුනු 57ක් ලබා ගත්තේ ය. චීනය දේශපාලන වටපිටාව අතින් 99 ස්ථානය ලබා ගත් නමුත් සමස්ත වශයෙන් 59 වැන්නා විය.
අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සාර්ථකව පවත්වා ගෙන යන සියළුම රටවල් පාහේ මෙම දර්ශකයෙහි ඉදිරියේම සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය සහ විවිධාකාර සමාජ සුභසාධන පිළිවෙත් පවත්වාගෙන යන පින්ලන්තය, ස්වීඩනය, නොර්වේ, ඩෙන්මාර්කය. කැනඩාව, ස්විස්ටර්ලන්තය යනාදී රටවල් ලෝකයේ ජීවත්වීමට යෝග්‍ය හොදම රටවල් අතර සිටිති.
රටවල් කිහිපයක් සාධක පහ යටතේ ලබා ගත් ස්ථාන පෙන්නුම් කරන පහත වගුවෙන් කරුණූ ගණනාවක් දැක ගත හැකිය. එනම් යම් යම් සාධක අතින් ඉතා පහළ සිටින රටවල් වෙනත් සාධක මගින් ඉදිරියට පැමිණ ඇති අන්දම යි. චීනය ගන්න. එය දේශපාලන පරිසරය යටතේ ඉන්නේ 93 වන ස්ථානයේ ය. නමුත් ආර්ථික ඉඩ ප්‍රස්ථා යටතේ 13 වන ස්ථානය සහ සොඛ්‍ය යටතේ 42 වන ස්ථානය ලබා ගනිමින් එරට ජීවත්විමට හොඳම 59 වන තැනට පැමිණේ. ඉන්දියාව ගන්න. එරට ආර්ථික ඉඩ ප්‍රස්ථා අතින් 38 සහ දේශපාලන පරිසරය අතින් 48 වන ස්ථානය ලබා ගන්නා නමුත් සමස්ත දර්ශකයේ ලබා ගන්නේ 78 වන තැන ය. ඊට හේතුව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ එහිම විපාකයක් වන පරමායුෂ සම්බන්ධයෙන් ලබා ගන්නා පහළ ස්ථානයන් ය.

කියුබාව දෙස බලන්න. එරට 50 වන තැන ඉන්නේ සමාජවාදී ක්‍රමය විසින් මුල්තැන දෙන ලද අධ්‍යාපනය සහ සෞඛ්‍ය යටතේ ලබා ගත් ප්‍රගතිය නිසා ය. එනමුත් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නොමැති වුව හොත් එම දිනා ගැනීම් දැන් ඇත්තේ අනතුරක ය. මන්ද යත් සමාජවාදී ක්‍රමය අර්බූදයකට හසුව ඇති නිසා ය.
මෙම දර්ශකය සකස් කිරීමේ දී මානව නිදහස සහ ප්‍රජානත්ත්‍රවාදී දේශපාලන වටපිටාව පිළිබඳ සාධකය එක් කරනු ලද්දේ නම් ශ්‍රී ලංකාව සිටිනු ඇත්තේ තව බොහෝ පහළ ය. ඉන්දියාව දක්වන ආර්ථික ප්‍රවේගයට වඩා අප ඉන්නේ බොහෝ පහලිනි. එමෙන්ම දේශපාලන පරිසරය අතින් ද අප බොහෝ පහළ ය. අනාගතය දෙස බලන්නේ නම් වැදගත්ම සාධක දෙක ඒවාය. මන්ද යත් එම සාධක විසින් අනෙක් සාධක වෙනස් කළ හැකි නිසා ය.
ශ්‍රී ලංකාව වැඩිම ළකුණ ලබා ගත් සාධක දෙක එනම් අධ්‍යපනය (66) සහ සොෟඛ්‍ය (61) දිර්ඝ කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වූ සුභ සාධක රාජ්‍ය පිළිවෙත්හි ප්‍රතිපලයන් ය. දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ අඩු ළකුණු මෑත කාලීන දේශපාලන අර්බූදයන් හි විපාක ය. දුගී බාවයෙන් පිරි දකුණු ආසියාවේ පළමුවැන්නා වීම පිළිබඳව පුරාජේරු කියමින් සිටිනවා වෙනුවට අප කල්පනා කළ යුත්තේ ලෝකයෙන් 66 වැනියා දක්වා පහළට වැටීම පිළිබඳව ය. එපමණක් නොව මෙතැනින් තවත් පහළට නොවැටී ඉදිරියට යන්නේ කෙසේ ද පිළිබඳව ය.
ඉන්දියාව ශ්‍රී ලංකාවට පහළින් සිටින මුත් මෙම දර්ශකයේ ම කොටසක් ලෙස ඉදිරිපත් කර ඇති ලෝක නායකයින් අතර ගෞරවයට ලක් වූ ජනනායකයින් දස දෙනා අතර මුලින් ම සදහන් වන්නේ ඉන්දියනු අගමැති මන්මොහන් සිං ය. ඔහු ගැන නිවස්වීක් සඟරාව මෙසේ කිය යි:
“ හිටපු ආර්ථිකඥයකු වන විදග්ධවූත් නවීනවූත් අගමැති මන්මොහන් සිං 21වන සියවසේ නැගී එන බලවතකු බවට ඉන්දියාව පරිවර්ථනය කිරීමේ තීරණාත්මක භූමිකාවක් රඟ පෑවේ ය. එසේ නමුත් ලෝක නායකයින් අතර ගෞරවාදරය සිං දිනා ගෙන ඇත්තේ ඔහුගේ නිහතමානී පුද්ගල ශෛලිය විසිනි. ඔව්හු සිං හඳුන්වන්නේ නිරහංකාර, විනීත, අදූෂිත නායකයකු ලෙස ය. ඔහු දේශපාලන නායකයින්ට ආදර්ශයකි.” ඔහු හැරණු විට දකුණු ආසියාවේ එවැනි එක් නායකයකු සමීක්ෂණය සඳහන් කරයි. ඒ හරිත ගුරු ලෙස හදුන්වා දී ඇති මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් නිශාද් ය. අපේ නායකියින් කිසිවකු එහි නැත.



















