ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම


ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමේ දී දැඩි භාවයක් නො පැවතිය යුතු බව ය. ශ්‍රී ලංකාව අත්දුටු වර්ගයේ ගැටුමක් අවසන් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ‛විශ්වාසනීය ලෙස ඉදිරිපත් වන’ දේශපාලන විසඳුමක් යැයි ද මෙයින් තොර වුව හොත් අනාගතය පෙනී සිටිනු ඇත්තේ බෙහෙවින්ම කැලඹිලි සහගතව යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේ ය. වඩා ස්වභාෂීය වචනවලින් වුව ද බ්ලොග් රචක සර්නෝ ප්‍රතිරාවය කළේ ද මෙම හැඟීම ම ය: “ශ්‍රී ලංකාව: දුෂ්කර කොටස ඇරඹෙන්නේ දැන් ය.” මෙය ඇත්ත වන්නට යන බව දැන් අපි සියලු දෙනාම දනිමු.

කිසිදු විවේචනාත්මක තර්කන ක්‍රියාවලියක කිසිදු මං පෙතකට ශ්‍රී ලංකාව තුළ ශාරීරික සතුරුකම් අවසන් වීම ජනවාර්ගික ගැටුම අවසන් වීම අදහස් කරන්නේ ය යන නිගමනයට එළඹිය නොහැකි ය. ඉදිරි මාවත වෙහෙසකර ද වේදනාකාරී ද ගමන් කිරීමට දුෂ්කර ද වනු ඇත. එහෙත් ඒ පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් නොවී එම ගමන ආරම්භ කළ නොහැකි ය. අපට වුවමනා කරන්නේ සැබෑ සමගි සන්ධානයක් සහ නිදහස, සාධාරණත්වය සහ සමානතාව පදනම් කරගෙන ගොඩනැගෙන සමාජයක් නම් ඉතිහාසය තුළ දී සෑම ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමක දී ම මුහුණ පා ඇති සියලු ගැටලුවලට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අප සමාජය උදෙසා පවතින, අපගේ ආදරණීය දේශපාලනඥයන්ගේ නොගැඹුරු වාගලංකාර හැඩ ගස්වන, සිවිල් සමාජයේ බොහෝ සාමාජිකයන්ගේ – නොහොත් මගේ මිතුරෙකු වරක් නම් කළ පරිදි ‛සාම’ ව්‍යාපාරයේ – සටන ආවේශ ගන්වන පරමාදර්ශ ඒවා ය. මෙම පරමාදර්ශවල කිසි වරදක් නැත – ඒවා තහවුරු කරනු ලබන්නේ සමාජ සාධාරණත්වය සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මිස අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන ව්‍යාපෘතියක් තුළ ය. මෙයින් කියැවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනවාදී ව්‍යාපෘති ප්‍රමිතියක් වශයෙන් යහපත් යැයි අප පිළිගන්නා බව ය යන්න අමුතුවෙන් කිව යුතු නැත.

අඩු ගණනේ ශාස්ත්‍රාලීය ලෝකය තුළවත් බොහෝ දුරට ප්‍රධාන ප්‍රවාහය බවට පත් වෙමින් පවතින ඒ සුලභ පැරණි සමාජවාදී මාක්ස්වාදී වල්පල් වැදගත් කොට සැලකීම ගැන මෙලහකටත් ඔබ මට සමච්චල් කරනු ඇත. මුළු මහත් ජවයෙන් යුතුව නව ලිබරල්වාදයට, ධනවාදයට සහ නූතනත්වයට පහර දීම පහසු කටයුත්තකි. එය අලුත් පන්නයට ද අයත් ය. මෙම පද්ධති ගොඩ නගනු ලැබුණේ යහපත්, බලගතු සදාචාරාත්මක, ක්‍රිස්තියානි පදනම් මත වුවත් ඒවා ඉතා පහසුවෙන් විනාශ වී නටබුන් වන බව කිව යුතු නැත. මා කතා කරන්නේ තුන් වන ලෝකයේ ව්‍යසනයන් ගැන පමණක් නො වේ. නිසැකව ම ගෝලීය ව්‍යසනයන් ද ගැන ය.

දේශගුණික විපර්යාසය පිළිබඳ විවාදය තුළ ක්‍රියාකාරීව සිටින විද්වත්තු දේශපාලනඥයන් අතින් මෙහෙයවෙන ආණ්ඩු වෙනුවට දැනුම් විශේෂඥයන් අතින් මෙහෙයවෙන ආයතනික අධිකාරවාදයක් උදෙසා තර්ක කරමින් සිටිති. මක් නිසා ද? ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍ය වර්ගයා අසාර්ථක කර ඇති බැවිනි; එම නූතන අත්හදා බැලීම ජීවමාන කරන ආයතන, නීති, වෙළඳ පොළවල් සහ සමායතන (සංගත) සිය පණ නළ රැක ගෙන සිටින්නේ ව්‍යාකුලභාවයෙහි ගිලී අසංවිධානාත්මකව සිටින මානව සංහතියක් පිළිබඳ ප්‍රතිරූපයක් මත බැවිනි. එහි මූලධර්මවලින් අපගේ සාරධර්ම සහ දැනුම් පද්ධති සියල්ල විකෘත වේ. අප බෙදා වෙන් කිරීමට සහ එදිරිවාදීන් බවට පත්කිරීමට මග පෑදෙන්නේ විජිතවාදී දායාදවලින් ම පමණක් නො වේ; පුද්ගලවාදය කෙරෙහි යොමු වන, පුද්ගලයාගේ කේන්ද්‍රීය භාවය පිළිබඳ සහ සාමූහික සාරධර්මවලට එරෙහිව පෞද්ගලික සාරධර්ම පිළිබඳ උනන්දුව ආධිපත්‍යය දරන නූතනත්වයේ මූලධර්ම ඊට වැඩියෙන් අප බෙදා වෙන් කරයි. අප එදිරිවාදීන් බවට පත් කරයි. සමානතාව සහ නිදහස පිළිබඳව අපට කතා කරමින් බෙහෙවින්ම සැඟවුණු ආකාරයකින් අප මුහුණ දී සිටින සාමාජීය අනාරක්ෂිතතාවන් සහ භීතීන් ගසා කමින් සමාජය ඉහළින් ම කැබලි වී යමින් පවතී. මම මෙහි දී අලුත් හෝ හිතුවක්කාර තර්කයක් ඉදිරිපත් නොකරමි. ශ්‍රී ලංකාව තුළ දී ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීම අසාර්ථක වනු ඇත. මෙම යුද්ධය ‛විශ්වසනීය ලෙස ඉදිරිපත් වුණු’ අපක්ෂපාතී දේශපාලන විසඳුමකින් අවසන් වී තිබුණ ද මෙම තත්ත්වය ඇති විය හැකි ය.

මෙම රචනයෙහි අඩංගු වන අදහස් වරද්දා නොගන්න. රාජපක්ෂ පාලන තන්ත්‍රයේ නීච මැරවරකම්වලට හෝ ඔවුන් ගැටුම හෝ රට හසුරුවන ආකාරයට මගේ කිසිදු අනුග්‍රහයක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවට කරමින් සිටින හානිය චන්ද්‍රිකා කුමාරතුංග සහ රණසිංහ ප්‍රේමදාස ගැන පවා ඇල්මෙන් සිතන්නට මගේ බොහෝ මිතුරන් පොලඹවා ඇත. ක්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයෙහි නියැළී සිටින බෞද්ධ පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් ගැන සිතා බැලීම සදාචාරාත්මක පිළිකුලක් දනවයි. ක්‍රිස්තියානි නායකත්වයේ දුබලතාව ගැන සඳහන් කිරීමට සිදු වීම යම් තරමක ලජ්ජාවට කරුණකි. ශාස්ත්‍රාලීය ලෝකයට හෝ ස්වාධීන චින්තනයට සහ කථනයට කිසි ඉඩක් නැත. මාධ්‍යයේ සහ සිවිල් සමාජයේ වඩා නිර්භීත සාමාජිකයන්ට මරණය හෝ බෙහෙවින් බරපතළ වධහිංසාවක් විනා සත්තකින් ම අන් කිසිවක් නොලැබේ. විපක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහට අදහස් ප්‍රකාශ කළ නොහැකි ය. එබැවින් ඔහු අදහස් ප්‍රකාශ නොකරනු ඇත. සැබවින් ම සිවිල් සමාජය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ද ආර්ථික සමෘද්ධිය ද යනාදිය උදෙසා ‛යහපත්’ සටනක යෙදී සිටියි. ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමීන් ලෙස සලකා, ආණ්ඩුවේ වාගලංකාර නොතකා, මම ඔවුන් වෙත යොමු වෙමි. මෙම ‛සාම ව්‍යාපාරය’ පිළිබඳව මට පවතින තැවුල නම් බටහිර කෙරෙහි ද අප සියලු දෙනා අපගේ රටවල් තුළ ක්‍රියාත්මක කළ යුතු බවට විදේශීය සුපිරි බලවතුන් නියම කර ඇති පිළිවෙත් කෙරෙහි ද ඔවුන් තබා තිබෙන විශ්වාසය යි. ඔවුන් මත කුරිරු සංස්කෘතික යුද්ධයක් කර ගෙන යාම සඳහාත් සිංහල ජාතිකවාදයේ වඩා දුෂ්ට පැති ඇවිස්සීම සඳහාත් රාජපක්ෂ පාලන තන්ත්‍රයට සහ බෞද්ධ පූජ්‍ය පක්ෂයට එය බොහෝ පහසුවක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී, නූතන පද්ධති අසාර්ථක වීම ද ආර්ථික සහ පෞද්ගලික උනන්දුකම් ආධිපත්‍යය දැරීම ද පිළිබඳව මා ඉහත ඉදිරිපත් කළ තර්කය නිසා ඔබ මෙන්ම මම ද වෙහෙසට පත්ව සිටිමි. මා කලින් ද කී පරිදි, විකල්පයක් ඉදිරිපත් නොකර පද්ධති සහ පිළිවෙත් විවේචනය කිරීම අතිශය පහසු ය. මෙම අවධානය යොමු කිරීමෙන් සිදු වන්නේ අපගේ චින්තනය සහ ලෝකය සංවිධානය කිරීම කෙරෙහි මෙම පද්ධති කේන්ද්‍රීය වන බව දැඩි ලෙස තහවුරු වීම පමණකි. මෙය වූ කලි නූතන ශාස්ත්‍රාලීය ලෝකය සහ ප්‍රතිපත්ති සම්පාදනය නොදන්නා පැතිකඩකි; එනම්, පද්ධති සහ ආයතන පිළිබඳව විවේචනාත්මක වීමට කැමති වන නමුත් ඒවායින් ඔබ්බට ගොස් විකල්පයක් පවතී ද යන්න විමසා බැලීමටත් නූතන දේශපාලනය පදනම් වන මූලික මූලධර්ම වන ‛වර්ධනය’ සහ ‛ප්‍රගතිය’ යන ආකෘතිවලින් ඈත් වුණු රැඩිකල් ප්‍රතිසංස්කරණ දෙසට නැඹුරු වීමටත් අප අකමැති ය. විකල්පයක් පිළිසිඳ ගැනීමට – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම්, මෙම මූලධර්ම මත පදනම් නොවන ස්වදේශීයව වැඩුණු විසඳුමක් පිළිසිඳ ගැනීමට – ඉඩක් තිබෙන්නේ ය යන්න පවා අපට සිතා ගත නොහැකි ය. මෙම විකල්පය කුමක් දැයි මේ දැන් මම නොදනිමි, ඒ නිසා එම විකල්පය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන ආකෘතිය ඔබට සපයන්නට මට නොහැකි ය. ඒ කෙසේ වෙතත්, මෙය ඇසීමට මට ඉඩ දෙන්න. කවර හෝ න්‍යායික අවකාශයකට කදිමට පෑහෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින දේවලින් ස්වල්පයක් ය යන අදහස වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ දී මට හමු වුණු ශාස්ත්‍රඥයෙක් පළ කළේ ය. මෙය මෙසේ නම්, එම ප්‍රජාතන්ත්‍රවාදී, ධනවාදී අවකාශයටම ශ්‍රී ලංකාව පාහන්නට පරිශ්‍රම දරන්නේ ඇයි? සදාචාරාත්මක සහ තිරසර විකල්පයක් සොයමින් සිටින ලෝකයට ආදර්ශයක් වන ශ්‍රී ලංකාවක් දෙසට අප කරන සාකච්ඡාව, විවාදය සහ වැඩ කටයුතු යොමු නොවන්නේ ඇයි? සමහර විට අපගේ පා සලකුණු දිගේ ආපසු යාමට අපට සිදු විය හැකි ය, නූතන යුගයට පෙර සමය කරා යන සංවර්ධනාත්මක ආපසු ගමනකට භය නොවන්න. ලෝකය නමැති නගරයෙන් ඉවත් වී සිත නමැති ගම්මානය කරා අභීතව නව ගමනක් අරඹන්න. තව මත් හිරු බබළමින් පවතිද්දී සහ මධු විත නිදහසේ සහ අව්‍යාජව ගලා යද්දී මෙය කිරීම හොඳම දෙය යැයි මම සිතමි.

අනුපමා රණවන
[www.groundviews.org වෙබ් අඩවියේ මැයි 23 දා පලවු Re-imagining Sri Lanka post-war ලිපියේ සිංහල පරිවර්තනයයි]

විමල්ගේ උපවාසය බෝවෙයි. මූන්ට එරෙහිව තරුණයෙක් උපවාසයේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි.

මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර ශාඛා කාර්යාලයේ උප ලේකම් මිහින්තලේ, මිස්සක මාවතේ පදිංචි ලසන්ත නිර්මල මාරඹගේ නැමති තරුණයෙක් මෙසේ උපවාසයේ නිරත විය. මිහින්තලේ නගර මධ්‍යයේ වටරවුම අසල කොහොඹ ගසක් යට මෙම තරුණයා උපවාසයේ යෙදිනි.

සිරස අනුරාධපුර මාධ්‍යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි

අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඊයේ රාත්‍රියේ එප්පාවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලත් පිරිසක් අනුරාධපුර රෝහලට ගෙන එන ලැබීමේ සිද්ධිය වාර්ථා කිරීමට එහි ගිය අවස්ථාවේදී මහරූෆ් මහතා පහරදීමට ලක්වුවා. ‛‛ඔහු එහි ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් තෝ සිරසේ නේද කියා තමාට පහරදී තම කැමරාව හා දුරකථනය කුඩු කළ බව මහරූෆ් මහතා අප සමඟ පැවසූවා.
අප මේ පිළිබඳව අනුරාධපුර රෝහලේ 11 වෙනි වාට්ටුවෙන් විමසූ අවස්ථාවේ වාට්ටුව භාර හෙද නිළධාරී මහතා පැවසුවේ පහරදීමකට ලක්වූ රිස්වි මහරූෆ් මහතා මේ වන විට එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්ය.
විකල්ප මේ සම්බන්ධව අනුරාධපුර ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසූ විට ඔහු ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් පවසන ලෙස දන්වා සිටියා. අප ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් විමසූ විට ඔවුන් ඒ පිළිබඳව රෝහල් පොලිසියෙන් විමසන ලෙස දැනුම් දෙනු ලැබුවා. පසුව රෝහල් පොලිසියෙන් ඒ පිළිබඳව විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවත් ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් විමසන ලෙසත්ය.

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

IDPs

සුදු පරෙවියාගේ ආගමනය
අපේක්ෂාවෙන් සිටි විටෙක
මගේ මිදුලෙහි….

පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි
මගේ කුකුඑ පැටවුන්
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්

අනතුරුව
රාජාලියෙක් ඇවිත් ලැග්ගේය
මගේ මිදුලෙහි පොල් ගසක් මත.

මළ පහ කළේ ඌ ෂෙල් වෙඩිය
මගේ ගේ දොර
බිඳී විසිරී විනාශ විය
ජීවිතය පවා මට අහිමි විය
සරණාගතයෙක් වීමි
යළිදු මම.

මහාචාර්ය එම්. ඒ. නුහ්මාන්,
නිලාර් එන් කාසීම්ගේ සහෝදර පියාපත් කවි පොතෙන් උපුටා ගන්නා ලදි.

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

Image001

Image010

Image023

Image075

Image056

Image0771

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ මෙසේ පළ කරමු.
(මෙම තොරතුරුGroundviews ,වෙබ් අඩවිය ලබා ගෙන ඇත්තේ ‛විදුර’ නම් Tweeter බවත්, සත්‍ය ද නැති ද බව තක්සේරු කළ නොහැකි වුවත් පහත දැක්වෙන කරුණු සිදුවෙමින් පවතින බව වාර්තා විය.)

සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වයන් නිසා මැනික්ෆාම් කඳවුර ඉතාමත් අවධානම් තත්වයකට පත් වී ඇති බවත් ගංවතුරෙන් හානි වූ මැනික්ෆාම් කඳවුර සහ එහි ජන ජීවිතය පිළිබද වාර්තා කිරිමට කිසිදු මාධ්‍යකට අවසර ලබා නොතිබූ බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

විශේෂයෙන් 4 සහ 5 කලාප දරුණු දුෂ්කරතායන්ට පත්වෙමින් ඇත. සමහර වාර්තාවලට අනුව එහි ජනයා පාසල්, රෝහල් වෙත් යවමින් තිබෙන බවත් මෙම යවන පිරිස ප්‍රමාණයෙන් ඉතාමත් අධික නිසා දුෂ්කරතා රැසකට එම ජනයාට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.
අධික සුළං තත්වය නිසා කූඩාරම්වල වහවල් ගැලවී ගොස් ඇත. එසේම මාර්ග බොහොමයක් ජලයෙන් යටවීම නිසා අධාර කණ්ඩායම්වල වාහනවලට එම ස්ථානවලට ළගාවීමට අපහසු තත්වයක් උදා වී ඇත.

වැසිකිලි වලවල් වලට ජලය කාන්දූ වීම නිසා ඒවා උතුරාගොස් ප්‍රදේශයම දුර්ගන්ධයෙන් පිරි ඇති බව වාර්තා විය. දින දෙකකට වැඩි කාලයක් 4 සහ 5 කලාපවල සරණාගත ජනයා සඳහා අහාර සහ වතුර කිසිවක් ලැබී නොමැති බවත්, එම කලාපවල කූඩාරම්වල සිමෙන්ති පොළවල් නොමැති නිසා ඔවුන්ට මේ වන විට නිදා ගැනීමට ද නොහැකි තත්වයක් උදා වී ඇතැයි වාර්තාවේ.

එසේම එම ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීම බාරව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට බවත්, ඔවුන් මාස ගණනකින් එම නඩත්තු කටයුතු සිදුකර නොමැති බවත් වාර්තාවන අතර සෑම වර්ථාවකින්ම පෙන්නුම් කරන්නේ මැනික්ෆාම් කඳවුර සහ එහි පරිසරය දිනෙන් දින නරක අතට හැරෙන බවයි.

උපුටා ගැනීම.http://www.groundviews.org/2009/08/16/update-on-menik-camp-flooding-more-images-and-reports-from-the-ground/

කැකිරාවේ මුත්‍රා කිරීමට රුපියල් දහයයි.

වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව

ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය විසදෙයි.
කරුණාබන්ඩාර මහතා, ප්‍රධාන කළමනාකාර, උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය

කැකිරාව ප්‍රධාන බස් නැවතුම් පොළෙහි ඉදිකර ඇති ප්‍රසිද්ධ වැසිකිළියේ මුත්‍රා කිරීම සඳහා රුපියල් දහයක මුදලක් අය කරනු ලබයි.

මෙම වැසිකිළිය වාර්ෂික රුපියල් තුන් ලක්‍ෂ පනස් දහක (රු 350000.00) මුදලකට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබා දී ඇති බවත් වැසිකිලිය භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් වැඩි මුදලක් අය කරන බවත් නම සඳහන් නොකරන ලද බස් රථ වෙළෙන්දෙක් ප්‍රකාශ කරන ලදි.

දුර ගමන් සේවා සඳහා විශේෂයෙන් මෙම බස් නැවතුම් පොළ භාවිතා කරනු ලබයි. එම බස් රථවල මඟීන් මෙම වැසිකිලිය භාවිතා කරනු ලබන අතර එසේ වැඩි මුදලක් අය කිරීම නිසා මඟීන් මහත් අපහසුතාවයකට පත් වේ.

මේ පිළිබද අප කැකිරාව ප්‍රාදේශිය සභාවෙන් විමසු විට එහි ලේකම් ජී. එච්. ආරියපාල මහතා මෙසේ ප්‍රකාශ කලේය
අපිටත් එවැනි ආරංචියක් ලැබී තිබෙනවා. ඒ නිසා පසුගිය දිනෙක සභාපතිතුමා එහි ගොස් දොස් කිව්වා.

විකල්ප – නමුත් ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ ප්‍රාදේශිය සභාවට නොවේද?

ලේකම් – ඇත්තටම අපිට තමයි. නමුත් මෙම වැසිකිලිය ඉදිකර ඇත්තේ ප්‍රවාහන අධිකාරිය නිසා ඔවුන් තමා මෙයට වගකියන්න ඕන.

විකල්ප – මෙය වෙනස් කරන්න ප්‍රාදේශීය සභාව විදිහට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැද්ද?

ලේකම් – ඔව්. මෙක ගැන අපි කොමිටියේදීත් කතා කලා. මේකේ ආදායම එන්නත් ඕන සභාවට. ඒත් ප්‍රවාහන අධිකාරිය මේක ලක්ෂ 350000කට ටෙන්ඩර් කරලා තමා දීලා තියෙන්නේ.

විකල්ප – රුපියල් 10.00ක් අයකිරීම ගැන මොකද්ද ගන්න තීන්දුව?

ලේකම් – අපි ප්‍රවාහන අධිකාරියත්, අපේ කොමිටියත් මේ ගැන කතා කරගෙන යනවා.

මේ පිළිබද විකල්ප උතුරු මැද ප්‍රවාහන අධිකාරියේ කළමනාකාර කරුණාබණ්ඩාර මහතාගෙන් විමසීය. ඔහු පැවසූයේ අපි කැකිරාව බස්නැවතුම්පොළේ පාවිච්චි කරන්න බැරිව තිබූ වැසිකිලිය අපි අපේ මුදල්වලින් අලුත්වැඩියා කරා. අපිට ඒකට සෑහෙන මුදලක් ගියා. ඒක කලේ මහජනයා ගැන හිතලා.

විකල්ප – එම වැසිකිලිය භාවිතාකරන්න රුපියල් 10ක මුදලක් ගන්නා බව ඇත්තක් ද?

කලමණාකාර – ඕක මෙහෙමයි. තාම ඕක ටෙන්ඩර් කරලා නෑ. අලුත්වැඩියා කරපු කෙනාම තමයි ඒ වැසිකිලිය පාලනය කරන්නේ. නමුත් අපි ලබන සතියේ නැවත ටෙන්ඩර් කැඳවනවා. එතකොට අපි කියලා තියනවා ටෙන්ඩර් පත්‍රිකාවේ මිනිසුන්ගෙන් අයකරගන්නා මුදල සටහන් කරන්න කියලා. නමුත් පොඩි ප්‍රශ්ණ ටිකකුත් තියනවා අපි ‛ගලි’ ගෙන්න ඕන දඹුල්ලට ගිහිල්ලා. ඒකට ලොකු වියදමක් යනවා. ඒක නිසා අද ඔකේ යම් මදලක් වැඩිවෙලා ඇති. නමුත් අපි අලුතින් ටෙන්ඩර් කැඳවපුවහාම ඒ ප්‍රශ්නෙත් ඉවරවෙයි.

විකල්ප – ප්‍රාදේශිය සභාව කියනවා වැසිකිලිය අයත්වෙන්නේ ප්‍රවාහන අධිකාරියට නිසා ඔවුන් මේකට වගකියන්න ඕන කියලා

කළමනාකාර – මේකයි කිසිම කෙනෙක් ඔය වැසිකිලිය හැදුවේ නෑ. අපි තමයි ඕක හැදුවේ. දෙසැම්බර් මාසේ අපි ඕක ටෙන්ඩර් කරන්න හැදුවා. ටෙන්ඩර් කරන්න තරම් වැසිකිලිය සුදුසු තත්වයක නෑ කියලා ප්‍රාදේශිය සභාව ඒක වැළැක්වුවා. ඇත්තටම ඔතන තියෙන්නේ ටෙන්ඩර් පිළිබඳ ප්‍රශ්නයක්.

විකල්ප – ටෙන්ඩර් කිරීම ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?

කළමනාකාර – නෑ ප්‍රාදේශිය සභාවට ඕන ආදායම විතරයි. නමුත් සියලු ආයතන එකතුවෙලා මේ කටයුතු කරානම් මෙහෙම වෙන්නේ නෑ. සමහරු කරන්න බැරි මුදලට පවා ටෙන්ඩර් දානවා. ඒක නිසා මේක පැටළිලි සහගතයි.

විකල්ප – දැන් පාලනය වෙන්නේ ටෙන්ඩර් එකකින් නෙමේ ද?

කළමනාකාර – නෑ දැන් කරන්නනේ වැසිකිලිය අලුත්වැඩියා කල කෙනාමයි. නමුත් මැයි 01වනදා යින් පස්සේ මේ ප්‍රශ්නය විසදෙයි.

මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට

January 5, 2009 by Vikalpa_R  
Filed under Anuradhapura, Corruption, සිංහල

මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන විරෝධය නිසා එය නතර කර තිබේ. පසුව මහ මාර්ග අමාත්‍යාංශය විසින් ඉඩම රෝහලක් තැනීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදී තිබියදී එය තම ආධාරකරුවෙකුට ලබාදීමට මෙම ඇමතිවරයා කටයුතු කර ඇති බව ප්‍රදේශවාසීහූ පැවසූහ. විකල්ප මේ පිළිබඳව හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වීමසීමක් කරනු ලැබුවා.එහිදී අප සමග අදහස් දැක්වූ එහි සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසූවේ ‛‛අදාල ඉඩම පිළිබදව ගැටළුවක් ඇතත් ප්‍රාදේශීය ලේකම්වරයා අසනීප නිවාඩු ලබා ගෙන ඇති නිසා ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කිරීමට බැරි බවයි.

Next Page »