Colombo, Featured Articles, Features

‘‘මේ ආණ්ඩුව ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ගැන කිසිවක් කරන්නේ නෑ‘‘ – ආචාර්ය සරවනමුත්තු


මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු ලැබුවේ ලංකාවට සිදු වූ අනිසි බලපෑමක් ලෙසයි.

විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ, ජනමාධ්‍ය හැසිරීම විසින් මෙම තත්ත්වය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් ලෙසට පටු කිරීම ස්වදේශිකයන්ගේ මේ මනෝභාවයට හේතු විය. බහුතරයක් දෙනා එසේ පසුවෙද්දී අතිශය සුළුතරයක් ජිනීවා යෝජනාව සුබවාදී පෙරනිමිත්තක් ලෙස හැඳින්වීය. ඒ අය අතර මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තතුට විශේෂ තැනක් හිමිවෙනු ලැබේ. ලංකාවේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි උත්සාහයක නිරත වන සරවනමුත්තු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයායි. නමුත් ජීනිවා යෝජනාව සමග පසුගිය දිනවල ලංකාව පුරා හමා ගිය දේශප්‍රේමි රැල්ල විසින් සරවනමුත්තු සහ තවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්ගේ දේශද්‍රෝහීන් ලෙස ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය විසින් වෛරී සහගත ප්‍රචාරයක් ගෙන යන ලදි.

මෙවන් තත්ත්වයක් තුළ ජීනිවාහිදි සම්මත වූ මානව හිමිකම් යෝජනාවත්, ඒ සම්බන්ධයෙන් පක්ෂපාතී වූයේ ඇයි යන්නත්, දේශද්‍රෝහී නාමකරණයන්ගේ සත්‍යතාවයත් පිළිබඳව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගෙන් විමසා සිටින සාකච්ඡාවක් පසුගිය දිනක යං ඒෂියා රූපවාහිනී ආයතනය විසින් ප්‍රචාරය කළේය.

මෙම සාකච්ඡාවේදී ආචාර්ය සරවනමුත්තු පවතින ආණ්ඩුවේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ අකාර්යක්ෂමතාවය ප්‍රශ්න කර සිටි අතර පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි

[vimeo]http://vimeo.com/39388036[/vimeo]