සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

මර්වින් නිදහස්


මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මාධ්‍යවල පළවුයේ තමන් විසින් පවසන ලද දේවල් නොවන බවත් තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් මර්වින් සිල්වා මෙහිදී මධ්‍යම කාරක සභාවට ලිඛිතව දන්වා තිබේ.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් කතා කරමින් පත්තරවල පලවන සියලු දේ සත්‍ය ලෙස ගත නොහැකි බවත් පුවත් පත් වාර්තා අනුව කෙනෙකුට දඬුවම් කිරීම සුදුසු නොවන බවත් පෙන්වා දී තිබේ.

මාධ්‍යවේදීන්ගේ කකුල් කඩන බවට මර්වින් සිල්වා කර ඇති ප්‍රකාශයක් ගැන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටෝන් පවා ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල් පීරිස්ගෙන් විමසා ඇතැයි ද ඒ අවස්ථාවේ විදේශ ඇමතිවරයා දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද මෙහෙදී පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඒ නිසා මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස එහි සිටි මර්වින් සිල්වා ඇමතිවරයාට දන්වා තිබේ.

ඊට පිළිතුරු වශයෙන් මර්වින් සිල්වා ඇමතිවරයා පවසා ඇත්තේ තමාට ලැබී ඇත්තේ කිසිම වැඩකට නැති ඇමති ධූරයක් නොවන බවත් එවැනි චෝදනා කරන අය නොදන්නා බවය.

මේ අනුව මර්වින් සිල්වා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිදහසට කාරනා දැක්වීමේ ලිපිය පිළිගැනීමටත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා නොකිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

පහත පලවන්නේ විනය පරීක්ෂණයෙන් නිදහස් වූ මර්වින්ගේ චන්ඩිපාට් කිහිපයක්
Minister: I chased Poddala, will break limbs of journos in public. Pillay warns Sri Lanka
[youtube]http://www.youtube.com/watch?v=eMzX6Td5zwA&feature=related[/youtube]

Mervyn’s Story [Editor Note – මෙ වීඩියෝව සකස්කරන ලද්දේ 2010 අගෝස්තු 12 බව සැලකිය යුතුය]
[youtube]http://www.youtube.com/watch?v=YYXmdGAwt74[/youtube]