සිරස අනුරාධපුර මාධ්‍යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි

අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඊයේ රාත්‍රියේ එප්පාවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලත් පිරිසක් අනුරාධපුර රෝහලට ගෙන එන ලැබීමේ සිද්ධිය වාර්ථා කිරීමට එහි ගිය අවස්ථාවේදී මහරූෆ් මහතා පහරදීමට ලක්වුවා. ‛‛ඔහු එහි ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් තෝ සිරසේ නේද කියා තමාට පහරදී තම කැමරාව හා දුරකථනය කුඩු කළ බව මහරූෆ් මහතා අප සමඟ පැවසූවා.
අප මේ පිළිබඳව අනුරාධපුර රෝහලේ 11 වෙනි වාට්ටුවෙන් විමසූ අවස්ථාවේ වාට්ටුව භාර හෙද නිළධාරී මහතා පැවසුවේ පහරදීමකට ලක්වූ රිස්වි මහරූෆ් මහතා මේ වන විට එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්ය.
විකල්ප මේ සම්බන්ධව අනුරාධපුර ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසූ විට ඔහු ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් පවසන ලෙස දන්වා සිටියා. අප ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් විමසූ විට ඔවුන් ඒ පිළිබඳව රෝහල් පොලිසියෙන් විමසන ලෙස දැනුම් දෙනු ලැබුවා. පසුව රෝහල් පොලිසියෙන් ඒ පිළිබඳව විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවත් ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියෙන් විමසන ලෙසත්ය.

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!