ප්‍රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.

February 5, 2010 by Karapoththa  
Filed under Colombo, Life quips, Media, සිංහල

v1

ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය.
ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම නිරිඇල්ල මහතා සමග සෙක්කුව නාට්‍ය නිර්මාණයට ද දායක විය.

එසේම නාට්‍යකරණය සහ රංගනය පිළිබඳ වැඩමුලු පවත්වමින් රටවටා ගියේ ය. පරාක්‍රම නිරි ඇල්ල සහ තවත් කලා කරුවන් සමගින් ඒච්.ඒ ජංගම නාට්‍ය කලාව ලංකාවට හදුන්වාදීමට පුරෝගාමී වෙමින්, වැඩමුලු පවත්වමින් රටපුරා සැරි සැරුවේ ය. රූපවාහිණිය තුළින් ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ඩයස් මහත්තයාගේ චරිතය තුලින්ය.

එච්. ඒ. පෙරේරා මහතා කලක් රෝගීව සිටි අතර මිය යනවිට 59 වන වියෙහි පසු විය.

කෙසේ වෙතත් කලාව නමින් බොහෝ කලා කරුවන් කලාව (අ)දේශපාලනය වෙනුවෙන් පාවා දෙන විට එච්. ඒ. ජනයා වෙනුවෙන් සිය භාවිතාව නොබියව ඉදිරිපත් කළ අදීන කලා කරුවෙකි. නිර්මාණකරුවෙකි. ඔහුගේ සමුගැන්ම කලාවට මෙන්ම වඩා යහපත් ලංකාවක් වෙනුවෙන් වැඩකරන පුරවැසියන්ටත් ඉමහත් පාඩුවකි. වේදනාවකි.

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!