මාධ්‍යයට අත නොතබනු – මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය

February 8, 2010 by Vikalpa_R  
Filed under Colombo, Democracy, Features, Media, සිංහල

pi - 1
pic-7
pic-2
pic-3
අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මර්දනයට එරෙහි මාධ්‍යවේදීයෝ සංවිධානයේ මෙහෙයවීමෙන් මාධ්‍ය සංවිධාන සහභාගීත්වයෙන් පවත්වන ලදි.
මෙහිදි අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා ප්‍රකාශකලේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන්වී අදට දින 15ක් ගතවීත් පොලිසියට ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක් හෝ සොයාගෙන නෙමැති බවත් රජයත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය. වසර 35 පමන පසු ප්‍රථම වතාවට මාධ්‍ය ආයතනයක් සිල් තැබුවේ මේ රජය යටතේ බවත් ඊට අමතරව එහි කතෘවරයා දැනට දින 10 තිස්සේ අත්අඩංගුවේ තබාගෙන සිටීමත් මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතල තර්ජනයන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
එක්නැළිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා මේ පිළිබඳව පොලිසියේ හා රජයේ දැන්විය යුතු සියලු දෙනාටම දන්වා ඇතත් තවමත් තම සැමියා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි. තමා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සැමියාව කෙසේ හෝ නැවත ලබාදෙන ලෙස බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.
අත්අඩංගුවේ පසුවන ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගේ බිරිද වන හේමමාලි විජේකෝන් මහත්මිය ප්‍රකාශකලේ අත්අඩංගුවේ පසුවන තම සැමියාව නිදහස් කිරීමට රජයට බලකරන ලෙසයි.
මෙම උද්ඝෝෂණය සඳහා මාධ්‍යවේදින් ,සිවිල් ක්‍රියාකරිකයන් ඇතුලු විශාල පිරිසක් සහබාගී වී සිටියහ.
pic-4
pic-5
pic-6

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!