සිංහල, Colombo, Democracy, Governance

බෑං කී මූන්ට එරෙහිව ”ඇමති විමල්” මාරාන්තික උපවාසය අරඹයි.

අද(8) උදෑසන සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවසායක් ආරම්භ කර තිබේ. පසුගිය 6 වනදා විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ විසින් බෑංකී මූන් ගේ උපදේශක කමිටුව ඉල්ලා අස්කර ගන්නා ලෙස බලකරමින් උද්ඝෝෂනයක් පැවැත් වූ අතර පසුව එම පක්ෂයේ පියසිරි විජේනායක ඇතුලු පිරිසක් උපවාසයක් ආරම්භ කළේ ය.

එම උපවාසයෙන් පසුව ද බෑං කී මූන්ගේ ප්‍රකාශක මාධ්‍යට පවසා තිබුණේ පත් කරන ලද උපදේශක කමිටුව ඉවත් නොකරගන්නා බවයි. මේ හේතුවෙන් අද සිට විමල් වීරවංශ අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර ලෙස උපදේශක කමිටුව ඉවත් කර ගන්නා තෙක් මෙම උපවාසය ආරම්භ කර තිබේ.

ෙමහි වීඩිෙයා් දර්ශණ ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්ත වන්න