Colombo, Featured Articles, Features

’ වීර සහ වංශවත්’ තුම්මුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදය


එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලමින් උද්ගෝෂණ ව්‍යාපාරයක් පසුගිය 6 වනදා පැවැත්වීය. මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය ලබා දෙනුලැබූවේ ශ්‍රී ලංකා රජයේ ඉදිකිරීම් හා ඉංජිනේරුසේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා විසිනි.

මෙම එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අධි ආරක්‍ෂිත කලාපයකය. මෙම උද්ශෝෂණය සඳහා ජනිපෙට සහය දක්වන සැලකිය යුතු පිරිසක් කෑ කෝ ගසමින් සහභාගී වූ අතර මේ වන විට එය මාරාන්තික අඛන්ඩ උපවාසයක් බවට පත් වී ඇත. මෙම උද්ගෝෂණය ආරම්බ කළ ජූලි මස 6 වැනි දින ආරම්භයේදී ම පොලිසිය තරමක විරුද්ධත්වයක් පෙන්නුම් කළ ද දැන් දැන් මෙම උපවාසය නිදහසේ පවත්වාගෙන යනු ලබයි. ඒ විමල් වීරවංශ මහතා කාටදෝ දුරකථනයෙන් කතාකර මෙම ස්ථානයේ සිටි පොලිස් ලොක්කාට බැන්නවීමෙන් අනතුරුවය. වීමල් වීරවශගේ මෙම දුරකතන ඇමතුමෙන් අනතුරුව හය හත්සීයක් පමණ වූ පොලිස් කණ්ඩායම ද විසිර යනු දක්නට ලැබිණි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව රජයේ ඉස්ථාවරය ජූලි 8 වැනි දින පුවත්පත්වල පළ කර තිබුණි. මෙම නිවේදනය මගින් පෙන්නුම් කරණු ලබන ශ්‍රී ලංකකාවේ රජය පිළිගත් නව ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ රාශියකි. ඒවා නම්,

මෙම උද්ඝෝෂණය පවතිද්දි දේශීය හා ජාත්‍යන්තර වගකීම් රජය නිවැරදිව ඉටු කළ බව ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය සමාජයක් වන බැවින් ඊට අනුගත වන පරිදි වාචික මතයන්ට හා සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය පිළිගන්නා බව ප්‍රකාශ කිරීම
පොලිස් අවසරය මත මෙම කාර්යාල සංකීර්ණය ඉදිරිපිට සාමකාමීව රැස්වීමට රජය ඉඩ ලබා දුන් බව ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා උපදේශක මණ්ඩලය සම්බන්ධයෙන් තම විරෝධය පෑමට ඇති කැමැත්ත උද්ඝෝෂකයින් විසින් විසින් ප්‍රකාශ කර ඇති බව ප්‍රකාශ කිරීම වැනි කරුනුය.

මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණවලින් සමන්විත රජයේ ස්ථාවරය අඩංගු පුවත්පත් නිවේදනය සෑම සිංහල පුවත්පතක්ම මුල් පිටුවේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තාකර තිබුණි. මෙම පුවත් වාර්තාකරණය අතුරින් දිනමිණ පුවත්පත මෙම නිවේදනය සඳහා මුල් පිටුව තුළ වැඩි ඉඩකඩක් මෙන්ම වැඩි ආකර්ශනයක්ද ලබා දී තිබිණි. පහත දැක්වෙන්නේ ජූලි 8වැනි දින සිංහල පුවත්පත් පළ කළ පුවත් කිහිපයකි.

දිනමිණ පුවත්පත 2010 July 08

දිවයින පුවත්පත 2010 July 08

නමුත් ලංකාවේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය මේකද?

ශ්‍රී ලංකාවේ මෑත කාලීනව සිදු කරනු ලැබු උද්ඝෝෂණ ව්‍යාපාරයන් දෙකක් සම්බන්ධයෙන් පමණක් වත්මන් ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවරයන් දැක්වෙන පුවත්පත් වාර්තාකරණය පහත පරිදි පෙන්වාදිය හැකි වේ. උදාහරණ ලෙස පහත දක්වා ඇති සාමකාමී උපවාසය හා විරෝධතා ව්‍යාපාරය රජය විසින් පොලිසිය යොදා ගනිමින් ම්ලේච්ඡ ලෙස මැඩපවත්වනු ලැබිණි.
ජෙනරල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන මෙන් ඉල්ලා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සිදු කළ සාමකාමී උපවාසය

ඩේලි මිරර් (2010. 04. 06)

ලංකාදීප (2010. 04. 06)

සුඩර් ඔළී (2010. 04. 06)

සම සෞඛ්‍ය උපාධිය රැක ගනිමු යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් 2010 මැයි මස 4 වැනි දින කොළඹදී පවත්වනු ලැබූ සාමකාමී විරෝධතා ව්‍යාපාරය
ලක්බිම (2010. 05. 05)

වීරකේසරී (2010. 05. 05)

ඩේලි මිරර් (2010. 05. 21) (අන්තරය ඉහත කරුණ සම්බන්ධයෙන් මැයි 20 වැනි දින කොළඹදී සිදු කළ විරෝධතා ව්‍යාපාරය)

එච්. ජේ. සම්පත්/සෙල්වරාජ් රාජසේගර්

Jobless graduates are Brutally assaulted by the Sri Lanka Police 03 (2010 Nov 04)
[youtube]http://www.youtube.com/watch?v=KB4kH1m15oM[/youtube]

Battle in Colombo: a Protest Demanding Release of Sarath Fonseka (2010 Feb 10)
[youtube]http://www.youtube.com/watch?v=dJea6SfTFqs[/youtube]