කැලණිය විශ්ව විද්යාලයේ සිසුන් පිරිසකට පොලීසියෙන් පහර දෙයි.
July 27, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, සිංහල
ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්යාලයේ මානව ශාස්ත්ර හා සමාජ විද්යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන කිරිබත්ගොඩ පොලීසිය විසින් පහර දී ඇති අතර සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇතැයි වාර්ථාවේ.
මෙම සිද්ධියෙන් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. එක් අයෙකු ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්රතිකාර ලබමින් සිටින බවත් වාර්තා ෙව්.
කැලුම් මධුරංග


