‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,
July 28, 2010 by Karapoththa
Filed under Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, සිංහල
රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත විය.
එම සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සදහන් වී තිබිණි.
‛‛යමෙක් ඔබේ දියණියට අතවර කර එහි වරද ඔබ පිට පටවනවා නම්, යමෙක් ඔබේ නිවස මංකොල්ල කා එහි වරද ඔබේ පුතෙක් පිට පටවනවා නම්, ඔවුන් සිරගෙයට යවනවා නම්, ඒ අසාධාරණය ඔබ ඉවසන්නේ කෙසේ ද?
අද අප පත්ව සිටින්නේ එවන් ඉරණමකටයි. මරා දැමුණු අපේ සොහොයුරා ගැන ශෝකය පලකරලා පෝස්ටර් ඇලෙව්වහම සිසුන් 10 දෙනෙක් පොළිසි 3කින් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ටත් පහර දුන්නා. ඔවුනුත් රෝහල් ගත කරා. මේ රටේ යුක්තිය මේක ද? අපි මහ හඬින් අහනවා. ‛මේ රටේ යුක්තිය මේකද? සරසවියේ සිටින දරුවෙක් මරලා, එක අම්මා කෙනෙක් සදාකාලිකව අඬවන ආණ්ඩුව ඒ වගකීමෙන් බේරෙන්න ඝාතනය තවත් දරුවෙක්ගේ පිට පටවලා, තවත් අම්මා කෙනෙක්ගේ පපුවට ගින්දර දෙනවා. මේ රටේ පොලීසිය ජනතාවට යුක්තිය ඉටු කරන්නේ මෙහෙමද?’’
අද දහවල් 2ට පමණ ආරම්භ වූනු එම සත්‍යග්‍රහය පැය 3කට ආසන්න කාලයක් පැවැත් විනි. ඒ වනවිට දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා දෙපස දැඩි රැකවල් යොදා තිබෙනු දක්නට ලැබිනි. නමුත් සත්‍යග්‍රහය පැවැත්වුනු කොටුව දුම්රියපොල අසලට එය අවසන් වන තුරුත් කිසිදු පොළිස් නිළධාරියෙකු පැමිණ සිටියේවත්, පැමිණියෙවත් නැති වීම මෙම සත්‍යග්‍රහයේ විශේෂ සිදුවීමක් විය.
අද මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට තීරණය කර තිබුණේ් විශ්ව විද්‍යාල කොමිසන් සභාව අසල වීම නිසා එම කොමිසම අසලත්, මල් පාර සහ පිත්තල හංදිය ඇතුලු මංසන්දි ගණනාවක පොළිස් නිළධාරීන් විශාල පිරිසක් සහ කැරලි මර්ධන ඒකකයන් සහ වතුර බවුසර ද පොලු මුගුරද සමගින් දහවල් වන විට ද එම ස්ථානවල රඳවා තිබුණත් විගසින් විශ්ව විද්‍යාල සිසුන් තම සත්‍යග්‍රහ ස්ථානය වෙනස් කිරීම නිසා පොලිස් නිළධාරීන්ද ව්‍යාකූල තත්වයකට පත් වී සැරි සරනු දක්නට ලැබිණ. කෙසේ වෙතත් සතයග්‍රහය පවත්වන විට කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට සහ දුමිරිය ස්ථානය වටා දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි.
එසේම කඳුඑ ගෑස් ප්‍රහාරයක් එල්ල කලහොත් එයට මුහුණ දීම සදහා සිසුන්ට නොහැකිවන සේ දුම්රිය ස්ථානය අවට ප්‍රදේශයේ ජල සැපයුමද නවතා දමා පොලීසිය පෙර සුදානමකින් පසු වූ බව එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පැවසී ය.





















