කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි
යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු බෝම්බ (Cluster Bombs) සහ පොස්පරස් බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙයින් ජනතාවට බරපතල හානි සිදු විය. දිනකට වැසියන් 400ක් 600ක් අතර ප්‍රමාණයක් මිය ගියහ. ඒ සමගම දාහක් පමණ තුවාල ලැබූ බවත්, යුද්ධයේ අවසන් දින වල වන්නියේ සිදු වූ අති භයානක සිද්ධීන් පිළිබඳව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ඉදිරියේ හානියට පත් වැසියෙක් පසුගිය 19වනදා පූනරින්හි දී සාක්‍ෂි දුන්හ බව 2010 සැප්තැම්බර් 20 වන දින සුඩර් ඔළි පුවත් පත වාර්තා කර සිටියේ ය.
පූනරින් කෘෂි සංවර්ධන නිලධාරී වන එන්. සුන්දරමූර්ත්ති යන අය මෙසේ තමන්ගේ අත්දැකිමට අනුව කොමිසමට සාක්‍ෂි ලබා දුන්හ. ඔහු සඳහන් කළ සාක්‍ෂි මෙසේය:-
”මානුෂික හමුදා මෙහෙයුම යන නාමයෙන් ආරම්භ කළ යුද්ධය මන්නාරමේ සිට කිලිනොච්චි, මුලතිව් ආදි දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත විය. යුද්ධය අඛණ්ඩව දිගටම ක්‍රියාත්මක වූ නිසා ජනතාවත් දිගටම අවතැන්වීමට සිදු විය. මන්නාරමේ දී අවතැන්වීමට පටන්ගත් ජනතාව මුල්ලේවායික්කාල් දක්වාම අවතැන් වීමට සිදු විය. මේ කාල පරාසය තුළ ජනතාව විඳපු දුක් කන්දරාව අති මහත් ය. මෙම දුක් කන්දරාවට යුද්ධයේ යෙදුණු දෙපාර්ෂවයම හේතු විය. රජය විසින් යුධ මුක්ත කලාපය (Safe Zone) යන නාමයෙන් ජනතාව එක තැනකට එක් කිරීම නිසා, කොටින්ට තමන්ට අවශ්‍ය සාමාජිකයින් පහසුවෙන් බඳවා ගැනිමටත්, ඔවුන්ගේ අයුධ ස්ථානගත කිරීමටත් පහසු කරවන්නක් විය. රජය යුධ මුක්ත කලාපය ඇති නොකළේ නම්, අවශ්‍ය ආරක්‍ෂක තැන් අපම සොයාගෙන විනාශය අඩු කරලීමට හැකියාව තිබුණා. යුධ මුක්ත කළාපයේ සිටින විට ජීවිත හානි ඇතුළු විනාශකාරී තත්වයන්ට අපට මුහුණ දීමට සිදු වුණා. ජනතාව ආරක්‍ෂක වළල්ලක් ලෙස තබාගෙන හමුදාව වෙත ෂෙල් ප්‍රහාර එල්ල කර කොටින් එම ස්ථානයෙන් ඉවත් වූ පසුව එම ඉස්ථානයටම හමුදාව විසින් දිගටම ෂෙල් හා ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මේ නිසා දිනකට සිවිල් වැසියන් 200 දක්වා ප්‍රමාණයක් මිය ගියහ.”
”මේ නිසා කිහිප වතාවක්ම යුධ මුක්ත කලාපයේ සිට හමුදා පාලන ප්‍රදේශ වලට පැමිණීමට උත්සහ කළා. මේ අවස්ථාවන් වලදී පිටවීමට අවසර නොදී අපිට කොටින් අමු පිති වලින් ප්‍රහාර එල්ල කළා. අපිව බය කිරිම සඳහා අහසට කොටි වෙඩිත් තිබ්බා. ඒ සමගම තමන්ගේ පාලන ප්‍රදේශ වෙත එන ජනතාවට හමුදාවත් වෙඩි ප්‍රහාර එල්ල කළා. මේ නිසා අපිට දිගටම යුධ මුක්ත කලාපයේ සිටීමට සිදු වුණා. පුදුමාතලන්, සුදන්දිරපුරම්, අම්බලවන් පොක්කනායි, වලයිපාඩු සහ වලයිඥර්මඩම් යනාදී ප්‍රදේශවල දිගටම රැඳී සිටිමට සිදු වුණා. එක් වතාවක් යුධ මුක්ත කළාපයට හමුදාව විසින් එල්ලකළ ෂෙල් ප්‍රහාරයෙන් කාන්තාවන් 17ක් සහ කුඩා දරුවන් 6ක්ම එම ඉස්ථානයේදීම මිය ගියා.
පෝෂ්‍යදායි ආහාර කිසිවක් එම ප්‍රදේශවල තිබුණේ නෑ. පිරිසුදු පානීය ජලයවත් එහි තිබුණේ නෑ. නැවෙන් බඩුමුට්ටු එනවා. නමුත්, ඒවා සම්පූර්ණයෙන්ම කොටින්ගේ අතට තමයි පත්වෙන්නේ. තමන්ගේ ගබඩා තොගවල ඇති ආහාර ද්‍රව්‍ය සහනයක් ලෙස කොටින් විසින් ජනතාවට බෙදා දුන්නා.”
”පොල් වැනි ද්‍රවයවල දැඩි හිඟයක් පැවතුණු නිසා සමහරුන් අසල ඇති ප්‍රදේශ වලට ගොස් පොල් කඩාගෙන පැමිණියා. එහෙම ගිය කිහිපදෙනෙක් හමුදාවේ දිගදුර විහිදුම් බලකාය (ෘැැච ඡැබැඑර්එසදබ ඹබසඑ) විසින් මරලා දැම්මා.
එක් වතාවක් උදේ පාන්දර කූඩාරම් වටේ ඇති කුඩා වලවල්වල මිය ගිය අයගේ සිරුරු කීපයක් ඇති බව අපි දැක්කා. ඒ අය මියගොස් ඇත්තේ කොටින්ගේ ප්‍රහාර වලින් හෝ හමුදා ෂෙල් ප්‍රහාර වලින්. එහි හුඟක් තැන්වල තිබූ වලවල්, හමුදා ෂෙල් වලින් ඉහත පිරිස මිය ගිහින් ඇති බව තහවුරු කරනවා.
යුධ මුක්ත කලාපයට ප්‍රහාර එල්ල කරමින් සිටි ගුවන්යානා වලටත් කොටින් ප්‍රති ප්‍රහාර එල්ල කළා. මෙයට ප්‍රති ප්‍රහාර ලෙස කොටින් වෙත තහනම් කළ පොකුරු සහ පොස්පරස් බෝම්බ හමුදාව විසින් එල්ලකරනු ලැබුවා. මේ නිසා පොදු ජනතාවට දැඩි හානි සිදු වුණා. දිනකට 400ත් 600ත් අතර ප්‍රමාණයක් මිය ගොස් 1000ක් දක්වා ප්‍රමාණයක් තුවාල වෙමින් දරුණු තත්වයක් ඇති වුණා. ඉන් පසු දැඩි පීඩා මැද හමුදා පාලන ප්‍රදේශ වෙත අපි පැමිණියා.
මෙහෙනුත් දිගු කාලයක් සුභසාධන කඳවුරුවල රඳවාගෙන දැන් තමයි අපිව නැවත පදිංචි කළේ. නමුත්, අපේ ගෙවල් වල තිබූ සෑම බඩුවක්ම හොරකම් කරලා. අපි ඇවිත් මුල් දවසේ තිබූ බඩුව අනිත් දවස වෙද්දි හොරකම් කරලා. ජනතාවගේ ගෙවල්වල තිබු උළු දැන් හමුදා මුරපොළවල්වලයි තියෙන්නේ. සිදු වූ විපත් සියල්ල නැතිවෙලා දැන්වත් ජනතාවට හොඳක් සිදුවෙන්න ඕන. මෙයිට පෙර ඇති කළ කොමිසම් සියල්ල පළ රහිත වූ ඒවා. එහෙම නොවී මෙම කොමිසමෙන් ජනතාවට හොඳක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ”
මෙම අවස්ථාවේදී තවත් පිරිස් මෙම කොමිසමට සාක්‍ෂි ලබා දුන්හ. අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ද ලියුම් කොමිසමට ඉදිරිපත් කළහ.
ෙම් එම සුඩර් ඔළි පුවත් පතෙ ස්කෑන් පිටපතයි
Pic By http://www.worldproutassembly.org