බදුල්ල ආපදා කළමණාකරන ඒකකයේ ආපදාව

March 17, 2008 by Vikalpa_R  
Filed under සිංහල

badulla-flood-rz.jpg

දුරකථනය නාද වුනා එහා කෙලවරේ මගේ හිතවතෙක්
නයන වැස්ස වැඩි නිසා බදුලු ඔය පිටාරගලල හල්පේ ගෙවල් යට වෙනවා
පොඩිඩක් බලන්න
ඒ මගේ හිතවතෙකුගෙනි
මම ඔරලෝසුව දෙස බැලුවෙමි වෙිලාව සවස හතරට පමණ ඇත. අද උදෑසන සිට ධාරානිපාත වර්ෂාව බැවින් මෙසේ වීම පුදුමයක් නොවෙි යයි මට සිතින. එහෙත් දුරකථනයට කතාකල මාගේ පියාද පැවසුවේ උඩුවර ප්‍රදේශයද ජලයෙන් යටවන බවකි. මෙම ස්ථාන දෙකම බදුලුඔයේ පිලිවෙලින් පිහිටා ඇත.

තවත් පැය දෙකක හෝ තුනක කාලයක් ඇතුලත එම ජලය බදුල්ල ප්‍රදේශයට ලඟාවෙි. ඉන්පසු සිදුවන දේ ඉතා පැහැදිලිය ආපදා අවමකර ගතයුතුය. මා බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඵ්කකය ඇමතුවෙමි. මෙම ඒකකය පැය විසිහතරේම ක්‍රියාත්මක වන බව පවසා ඇති නමුදු කිසිදු නිලධාරියෙකු එම අවස්ථාවේ එහි නොවීය. මා එහි ප්‍රධාන නිලධාරියාගේ ජංගම දුරකථනයට කථා කලේමි. ඔහු ආපදා පිළිබඳ පුහුනුවක බැවි පැවසීය මා ආපදා තත්වය පැහැදිලිකලෙමි.
එහෙත් ඇතිවීමට යන ආපදාවට වඩා ඔහුට ඔහුගේ පුහුනුව වැදගත් බව මා අවධාරනය කර ගතිමි

මම බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇමතීමට උත්සහ ගත්තද ඉනුත් පලක් නොවුන.ී

මාධ්‍යවෙිදියෙකු වශයෙන් මාහට හැකි පරිදි සෑම අංශයක්ම දැනුවත් කලෙමි. පලක් වූයේ නැත. ගඟ දෙපස සිටින උදවියට එම ස්ථාන වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අපදා කලමණාකාරිකයන් විසින් කිසිදු නිවෙිදනයක් නිකුත් නොකලේය.

පස්වරු නමය පමණ වනවිට බදුලුඔය දෙපස ජලයෙන් යටවිය. නිවෙස් විශාල ප්‍රමාණයක් ගංවතුරින් විනාශවිය. ජලකද අඩි 19 ක් පමන ඉහල නැග තිබිනි. නිවෙස් විශාල ප්‍රමාණයක බඩු භාණ්ඩ ගසාගෙන යනු දැකීමට හැකිවිය. ප්‍රදේශයෙන් මරණ හතරක් වාර්ථා වූ අතර නිවාස 198ක් විනාශ වී පවුල් 260ක්ද මෙම උවදුර නිසා අවතැන්විය.
ඇතිවු සුනාමි ඛෙිදවාචකයද එසේය. එයද කලින් අනතුරු හැඟවීම් දන්වා තිබු නමුදු බලධාරීන් නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත දහස් ගනනක් විනාශයට පත්විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික ආපදා කලමණාකරන ඒකකයක් ස්ථාපනය කරනලදි.
දිස්ත්‍රික්කයන් වශයෙන් ආපදා කමිටු පිහිටුවිය. විශාල සැලැසුමි පෙන්විය. ආපදා අවම කල යුතු ආකාරය පිලිබද විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන්නට විය.
එයද පුස්සක් බව ඇතිවු සිද්ධීන් වලින් පෙනේ. දිස්ත්‍රික් ලේකම්වරයා හා ග්‍රාමනිලධාරී මහත්වරුන් නොවන්නට ආපදාවනට ලක්වුවන්ගේ බඩගින්නට කෑමට සිදුවන්නේ ආපදා කලමනා කාර ඒකකය නිකුත්කරන මාධ්‍ය නිවෙිදන පමනි.

නයන තෙන්නකෝන් බදුල්ල

Speak Your Mind

Tell us what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!