සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ජනඝාතක ගඩාෆිගෙන් නැවතත් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක්

ඊයේ(4) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිබියාවේ ජනඝාතක මුවම්මර් ගඩාෆිගෙන් දුරකථන ඇමතුමක් ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසන බව බීබීසී ය වාර්තා කළේ ය. හැකි ඉක්මනින්ම රටේ සාමය උදාකරන ලෙසත් ලිබියානු ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ලිබියානු නායකයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර බීබීසියට පැවසු බව එහි වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ පටන් ආරම්භ වූ ගඩාෆි එලවා දැමීමේ ජනතා උද්ගෝෂණය අතරතුර මෙවැනි දුරකතන සංවාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේය. මේ අතර ලිබියාවේ අල්ජමහිරියා රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ ලිබියාව් ජාතික ආරක්ෂාවට එරෙහිව දියත්වන කුමන්ත්‍රණයක් පිළිබදව ලිබියානු නායක ගඩාෆි, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, එම කුමන්ත්‍රණයට එරෙහිව ජනාධිපති රාජපක්ෂ, තමාගේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගය, ගඩාෆිට පළකල බවද ලිබියානු රාජ්‍ය රූපවාහිනිය පවසා තිබේ.

ලෝකය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින ජනඝාතක කර්නල් මුවම්මර් ගඩාෆි සමග මහින්ද රාජපක්ෂගේ ගජ මිතුරු කමෙහි තරම කියාපාමින් 2009 වසරේ අප්‍රේල් සහ අගෝස්තු මාසවල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලිබියාවේ සංචාරයක නියැළිනි. ඉන්පසුව රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙටුපුත් පා.ම නාමල් රාජපක්ෂ පසුගිය ජනවාරි 16දා සංචාරයක නිරත විය. එම සංචාරය සඳහා රාජපක්ෂ පවුලේ හිතවාදියෙක් වන වාස් ගුණවර්ධන, ආන්දෝලනාත්මක චරිතයක් වන පා.ම දුමින්ද සිල්වා, පා.ම. ලොහාන් රත්වත්තේ ද සහභාගී විය.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිතුරු, ගඩාෆිගේ පාලනය පිළිබදව පසුගිය 25වනදා විශේෂ සැසිවාරයක් පවත්වමින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඒකඡන්දයෙන්, එහි ලිබියානු සාමාජිකත්වය අහෝසිකරන ලදි. එසේම ලිබියාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් කෙලෙසීම් පිළිබදව සොයාබැලීමට අන්තර්ජාතික කොමිසමක් පත් කිරීමටත්, යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට වාර්තා කිරීමටත් තීරණය විය. එහිදී ආසියාවේ සියලු රටවල් ලිබියාවේ ජනතාවට එරෙහිව සිදුවන අපරාධ පිළිබදව විවේචනාත්මකව අදහස් පළ කරද්දි ශ්‍රී ලංකාව එහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ජනඝාතක ගඩාෆි ආරක්ෂා කරමින් ඒකාධිපතිත්වයට සහය දීමට ශ්‍රි ලංකාවේ රාජපක්ෂ අාණ්ඩුව සූදානම් බව ලෝකය ඉදිරියේද ප්‍රදර්ශනය කරමින්ය.

Update News from libyaLibya uprising – live updates