Colombo, Featured Articles, Features

‘අපේ සැමියන්ට ශක්තියයි – නිදහසයි’… කෲරත්වයට විනාශයයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී ජාත්‍යන්තර රැස්වීමකදී හිටපු නීතිපති මොහාන් පීරීස් පවසා සිටියේ ප්‍රගීත් විදේශයක සිටින බවය. නමුත් ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් කිරීමට බළධාරීන්ට නොහැකි වී තිබේ. කෙසේ නමුත් ප්‍රගීත් අතුරුදහන් කර වසර 2කක් ගතවෙන මොහොතේ ඔහු සොයා දෙන ලෙස බලකරමින් සංවිධාන කිහිපයක් සහ ප්‍රගීත්ගේ බිරිඳ සංධ්‍යා එක්නැළිගොඩ කොටුව, දුම්රියපොල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් දැක්වී ය.

පසුව ඔවුන් කොළඹ 13, ‛‛වේලන්කන්නි’’ දේවස්ථානයට ගොස් කන්නලව්වක් ද සිදු කළේ ය.

(මේ එම කන්නලව්වේ කොටසකි)
‛‛එදා මරිය තුමියනි
ඔබ තුමියට – වැලපෙන්න
පුත්‍රයාගේ දේහය
උකුලේ රැඳුනි
එහෙත් අපට
අපේ දරුවන් නැත – ස්වාමිවරුන් නැත.
කිනම්වදයක – කොතැන දැයි
අපි නොදනිමු.
රාත්‍රිය ද දවල ද අප ද, අපගේ දරුවන්ද
දරන්නේ – රජුන්ගේ කෘරත්වයයි.’’

පසුගිය කාලය පුරාම ප්‍රගීත් අතුරුදහන් කිරීම ගැන විවිද තැන් හී ඔහු සොයාගැනීම වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සගයන් මෙන්ම එම අතුරුදහන් කිරීමට විරුද්ධ මිනිසුන්, ගැහැණුන් එක ලෙස හඬ නැගී ය. විවිද අයුරින් බලපෑම් කළේ ය. ඒත් මේ වනතෙක් ප්‍රගීත් පිළිබඳව කිසිදු තොරතුරුක් නැත. ඔහුගේ බිරිද සන්ධ්‍යා ඔහු සොයා සෑම තැනකටම ගියේ ය. තවමත් යමින් සිටියි. ඒත් ඇයටත් මේ වන විට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවී තිබේ. මේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යහමින් ඇතැයි කියනා ‛(අ)මුතු’ ඇටයේ තත්ත්වය යි.

ඔවුන් පැවසූ පරිදිම ‘‘කෲරත්වයට විනාශයයි….‘‘

More Photos