iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි. උතුරු නැගෙණහිර ඇතුලු ලංකාවේ සෑම පළාතකින්ම දහස් ගණනක් ගොවීන් එම මැයි දින ‘ගොවි බලය’ උදෙසා පැමිණියේය.

“ගොවි ජන ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම සඳහා අඛණ්ඩව ලංකාව පුරා විසිරී සිටින සියලු ප්‍රගතිශීලීන් සමග සම්බන්ධ වෙමින් නොනවතින මැදිහත්වීමක් සිදු කිරීම, අප විසින් ම පවරා ගන්නා වගකීමක් බව සියලු දෙනාට දන්වා සිටිමු. ඒ වෙනුවෙන් සංවිධානය වීම, එක්සත්භාවය ශක්තිමත් කිරීම, සහයෝගීතාව පුලුල් කිරීම, විකල්පයන් ගොඩනැගීම හා නව පන්නයේ සමාජ, ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙලක් දිනා ගැනීම වෙනුවෙන් ගැමි ගොවි ව්‍යාපාරය ගොඩනගන්නෙමු” ඔවුන් විසින් එම රැළියේදී නිකුත් කරන ලද “ගැමි ගොවි ජනතාවගේ මැයි දින ප්‍රතිඥාව – 2024” නමින් වූ පත්‍රිකාවක දැක්විණි.

සම්පූර්ණ ප්‍රතිඥාව සදහා ගොවි_මැයි_දිනය_2024_-_සමුලු_යෝජනා අවසන් ලියවිල්ල[1] / VIDEO here