9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත්
පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි.
එම පණිවුඩය දෙයාකර ය.9.176 පළමුව, දශක තුනකට ආසන්න කාලයකට පසුව අවසන් වුණු වේදනා ගෙන දෙන සහ දුබල කරවන
ගැටුමකින් ගොඩ විත්, සියලු ප්‍රජාවන්ට අයත් මහජනයා දැන් කල් පවත්නා සාමයක්, ආරක්ෂාවක්, මිත්‍රත්වයක්
සහ සුසංවාදයක් ප්‍රාර්ථනා කරති. මේ රටේ දේශපාලන නායකයන්ට විසඳිය නොහැකි හෝ ඔවුන් විසඳීමට
නොකැමැති ගැටලුවලට විසඳුම් සොයනු පිණිස මෙම භාග්‍යවන්ත භූමිය මත යළි කිසි දිනෙක ලේ හැලීමක්
සිදු නොවන බව සහතික කිරීම සඳහා අප අපට හැකි සියලු දේ කළ යුතු යැයි ඔවුහු එක සමාන
ප්‍රබලතාවකින් ප්‍රකාශ කර සිටිති.9.177 දෙවනුව, එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීම සහ විධායක ජනාධිපතිවරයෙකු නායකත්වය දෙන බලගතු
සහ පුළුල් පදනමක් සහිත ආණ්ඩුවකට මුල පිරීම උදාර අවස්ථාවක් සපයා ඇති බවට – සියලු ප්‍රජාවන් අතර
ප්‍රතිසන්ධානය, මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින්, සුලුතර ප්‍රජාවන්ගේගේ දුක් ගැනවිලිවලට
දේශපාලනික විසඳුම් සපයමින් සහ සියලු පුරවැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් අත්පත් වන බව සහතික
කරමින්, පාලන ගැටලු පරාසයකට විසඳුම් සෙවීම සඳහා ඒකමතික ඉදිරි මාවතක් වර්ධනය කිරීමට
අවස්ථාවක් සපයා ඇති බවට – පැහැදිලි පණිවුඩයක් පැවතිණ.
තවත් තැනක මෙසේ ද සඳහන් වෙයි.
ඇ. ගිනි අවි පාවිච්චිය සමග බැඳුණු දේශපාලන ප්‍රචණ්ඩත්වය මෙම රටේ නීතිගරුක පුරවැසියන් අතර
බොහෝ උත්සුකතාවන් පැන නංවා ඇත. දේශපාලන ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම සහ දේශපාලනඥයන් සහ
ඔවුන්ගේ ආධාරකරුවන් නීති විරෝධීව ගිනි අවි ළඟ තබා ගැනීම සහ පාවිච්චි කිරීම පිළිබඳව කොමිසම
නිරීක්ෂණය කරන්නේ උත්සුකතාවෙන් යුතුව ය.9.204 අනවසර ආයුධ ළඟ තබා ගෙන සිටින පුද්ගලයන් නිරායුධ කිරීමට මෙන් ම එවැනි වැරදිකරුවන්ට
එරෙහිව නීතිමය පියවර ගැනීමට ද ආණ්ඩුව ක්ෂණික පියවර ගත යුතු යැයි කොමිසම දැඩි ලෙස නිර්දේශ
කර සිටී.
ඉහත උපුටා ගැනීම සිදු කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් සංහිදියාව ඇති කිරීම සඳහා යැයි පවසමින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිදියාව පිළිබදව ජනාධිපති කොමිසමේ සටහන් කිහිපයකිනි.(එම කොමිසම් වාර්තාවේ මේවන තෙක් සිංහල හෝ දෙමළ බසින් නිකුත් කර නොමැත.) මෙම කොමිසම මාස 11කට ආසන්න කාලයක් විවිධ අංශයන්ගෙන් විමර්ශනය කර ඇති බවට වාර්තා වූ අතර කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාව සමඟ සැසිවාර 57ක් පැවැත් වූ බවත් වාර්තා විය.
එසේම ලංකාවේ විවිධ ප්‍රදේශ 40කට වැඩි ප්‍රමාණයක සංචාරය කරමින් විශේෂයෙන් උතුරේ හ නැගෙණහිර ජනතාව මුණ ගැසී කරුණු රැස් කරගත් බවත් එවකට වාර්තා විය. විශේෂයෙන් මෙම කොමිසම හමුවට උතුරේ සහ නැගෙණහිර ජනතාව තමන්ගේ වේදනාව පැවසීමට ඉතා උනන්දුවෙන් සහභාගී වුවත් ඔවුන්ගේ සාක්ෂිය, ඔවුන්ගේ හෘද සාක්ෂියට උනන්දුවෙන් අහුම්කම් දීමට මෙම කොමිසම දැක්වූ මැලිකමේ එක් වාර්තාවක් ‛විකල්ප’ ඡායාරූපද සමග පළ කළේය. (ඒ 2011 ජනවාරි 11වන දිනය බලන්න.දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC))
තවද උතුරු නැගෙණහිරදී තෝරාගත් මාධ්‍යට පමණක් මෙම කොමිසමේ සාක්ෂි කැදවීම වාර්තා කිරීමට ලැබුණු බව ද රහසක් නොවේ. එසේම බොහෝ සාක්ෂිවාරයන් වල සාක්ෂිදුන් සාක්ෂිකරුවන් තමන්ගේ අදහස ප්‍රකාශ කලේ ගැඹුරු වේදනාවකින් බව ඇතැම් රූප රාමු වලින් කියැවිනි. වසර ගණනාවක් යුද්ධයේ ගොදුරැ බවට පත් වී සිටි එම සාක්ෂිකරුවන් දැඩි විශ්වාසයකින් තමන්ගේ අදහස ප්‍රකාශ කලේ කර කියා ගැනීමට නොහැකි නිසා ඔවුන් තුළ කොමිසම පිළිබදව තිබූ විශ්වාසය නිසා වෙනි. නමුත් ඇතැම් මිනිසුන් සහ ගැහැණුන් දුන් සාක්ෂි නිසා ඔවුන්ගේ ප්‍රදේශයේ මෙන්ම රටේ ද විවිධ මැරයින් සහ බළධාරීන්ගේ ආරක්ෂාව යටතේ තව තවත් ලේ සුවඳට ඉව අල්ලන මුග්ධයින්ගේ ගොදුරු බවට පත්වේ යැයි ඔවුන් කවදාවත් සිතන්නට නැත. එසේම ස්වාධීන යැයි කියා ගන්නා ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දුන් පළියට ‛‛4වෙනි තට්ටුවට’’ කැඳවීමක් ලැබෙනු ඇතැයි ඔවුන් කවදාවත් සිතන්නට නැත.(දකුණේ අධිපතිවාදී දේශපාලනයේ මුග්ධ බව තවත් වරක් සනාථ වී ඇත. ඉිදිරයටත් එය වෙමින් පවතී)
නමුත් වූයේ එහි අනෙක් පැත්ත ය. දැන් මානව හිමිකම් ගැන පසුගිය 23වනදා තෙක් ලංකාවේත්, ජීනීවා වලත් තෙපර බෑ ආණ්ඩුව එල්එල්ආර්සී සාක්ෂිකරුවන් 4වෙනි තට්ටුවටත් ගෙන ඒම ආරම්භ කලේ මීට ටික කලකට පෙරය. එයින් කියා පාන්නේ සාක්ෂිකරුවෙක් ආරක්ෂා කිරීමට බැරි, මානව හිමිකම් හිමිකම් රකිනවා යැයි වහසි බස් දොඩවන රාජපක්ෂ ආණ්ඩුවේ තරමය. එයට කදිම නිදසුනක් ඊයේ(5) බීබීසී ය වාර්තා කලේය.
එය බීබීසී ය වාර්තා කළේ මේසේය.
මතබේදයට තුඩු දී ඇති නිර්දේශ යෝජනා කල උගත් පාඩම් හා සංහිදියාව පිළිබදව ජනාධිපති කොමිසමට සාක්ෂිදුන් නැගෙණහිර පළාතේ කාන්තාවක් නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බව ඊයේ(05) බීබීසී සංදේශය වාර්තා කළේ ය. ඇය දුන් සාක්ෂි අනුව නැගෙණහිර පළාතේ ආයුධ සන්නද්ධ රජයේ සහය ලබන පුද්ගලයන් සිටින බවයි. ඔවුන් නිරායුධ කළයුතු බවත් උගත් පාඩම් කොමිසමේ එක් නිර්දේශක අඩංගු වෙනවා. මේ පිළිබදව සාක්ෂි දීම සදහා නැවත කොළඹ යෑමට තමන් බිය බව ඇය ප්‍රකාශ කළාය.
මේ පිළිබදව බීබීසී ය වැඩිදුරටත් පවසන්නේ.. උගත් පාඩම් හා සංහිදියාව පිළිබදව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් කල්මුනේ පදිංචි රත්නම්පොංගෝදේ මහත්මිය තමන් නැවතත් සීඅයිඩී පරීක්ෂනය සඳහා 4වෙනි මහලට කැඳවා ඇතැයි පවසනවා.
‛‛අද කල්මුනේ පොලීසියෙන් මට පණීවිඩයක් ගෙනත් දුන්නා. ඒක තිබුණේ සිංහලෙන්. අනිද්දා මට හතරවෙනි තට්ටුවට පැමිණෙන්න කියලා සඳහන් වෙලා තිබුණා. මොකටද කියලා දන්නේ නෑ. කොළඹින් ලැබුනු පණිවිඩයක් කියලා තමයි ලිපිය බාරදුන් පොලීසිය කිව්වේ. ගිය අවුරුද්දෙ නොවැම්බර් 23වනදාත් කොළඹට පැමිණෙන්න කියලා මේ වගේ ලියුමක් ලැබුණා. ඒ ගැන එල්එල්ආර්සී එකත් මට දැනුම් දීලා තිබුණා. මට කොළඹ යන්න අමාරු නිසා කල්මුනේ දී පවත්වන්න කියලා ඉල්ලුවා. දිනයක් දැනුම් දෙනවා කියලා දන්වලා තිබුණා. නමුත් මුකුත් උනේ නෑ.’’ ඇය පවසනවා.
මෙම විමර්ෂණයට යාමට තමන් කැමති උනත් ආරක්ෂාව සහ ප්‍රශ්ණ ඇතැයි ද අය පවසනවා. ‛‛මාව කලින් රඳවාගෙන සිටි 4වෙනි තට්ටුවට ආපහු යන්න මම කැමති නැහැ. ආරක්ෂාව සම්බන්ධ බයකුත් තියනවා. මේ ලියුම දැක්කහම මට තිබුණු අසනීප තවත් වැඩිවෙලා. මම සීඅයිඩී කාර්යාලයට දුරකථනයෙන් කතා කළා. ඒ අයට මම කිවුව දේ පැහැදිලි ද කියලා දන්නේ නැහැ. එන්න කියලා තිබුණා නම් එන්න කියලා ඒ අය කිව්වා. අසනීපයි කව්වාහම වෙන දිනයක එන්න කිව්වා. ඒ පැත්තෙන් කතා කළේ කවුද කියලා දන්නෙ නැහැ.’’ ඇය තවදුරටත් මෙසේ ප්‍රකාශ කළා ය. ‛‛මාව පහැරගෙන ගිය වෙලාවේ පවුලේ අය පොලීසියට පැමිණිලි කළා. මල්ලිව පැහැරගත් වෙලාවෙත් පැමිණිලි කළා. නංගිව අරගෙන ගිහින් මොනවා උනාද කියලා තාම දන්නේ නෑ. පොලීසියෙන් මොනව කළාද කියලා දන්නේ නෑ. පරීක්ෂණ තිබුණේ නෑ. පරීක්ෂණ කරන්න ඕන. රජය ආරක්ෂාව ලබා දී ජීවිතාරක්ෂානව ලබා දෙනවා නම් ඕනම තැනකට යන්න සූදානම්.’’