වරාය නගර ව්‍යාපෘතිය ලංකාවේ එදා මෙදාතුර යෝජනා වුන රටට අහිතකරම ව්‍යාපෘතිය ලෙස හැඳින්වීමට හැකිය. එනම් සාමාජීය, ආර්ථික, පාරිසරික මෙන්ම දේශපාලනික බලපෑම් ද ඇතිවිය හැකි නිසාවෙනි. මන්දයත් මෙය සේදමාවතේ සංදිස්ථානයක් නිසාවෙන් ඒ හරහා චීනයේ One belt one road උපාය මාර්ගික සැළැස්ම ක‍්‍රියාත්මක කිරීමට චීනය සැළසුම් කර ඒ හරහා ලෝක ආර්ථික බලවතුන් අතර ප‍්‍රමුඛස්ථානයක් ගැනීමට චීනය සූදානම් වන හෙයිනි.
රාජපක්ෂ පාලනය තුළින් යෝජනා වුනු මෙම ව්‍යාපෘතිය ප‍්‍රමාණවත් පාරිසරික බලපෑම් වාර්තාවකින් තොරව ක‍්‍රියාත්මක කිරීමට එම රජය පසුගිය කාලය තුළ පෙළඹිණ. පාරිසරික සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු රටේ පොදු ජන මතයට පිටුපාමින් ඔවුන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැළසුම් සකස් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා එල්ල වුන දැඩි මහජන විරෝධය වාසියක් කරගනිමින් ගරු අග‍්‍රාමාත්‍යතුමා පසුගිය වසරේ ඔහු විපක්ෂයේ සිටින අවධියේ පවසා සිටියේ රටේ වෙරළ තීරය විනාශ වන වරාය නගර ව්‍යාපෘතිය ඔවුන් බලයට පැමිණි විගස නවතා දමන බවය.
#
Editors Note
Sri Lanka says China Port City to be re-started by March.https://t.co/G4qjXRcFLr
— Colombo Port City (@CmbPortCity) January 20, 2016
නමුත් අධිකරණ නියෝග මත මෙම ව්‍යාපෘතිය සඳහා EIA [Environmental Impact Assessment (EIA)] වාර්තාවක් සකස් කර එයට මහජන මතය විමසීමටත් පෙර අග‍්‍රාමාත්‍යතුමා හා මුදල් අමාත්‍යතුමා මෙම ව්‍යාපෘතිය සඳහා පක්ෂපාතී බව පැවසීම හාස්‍යට කරුණකි. මෙසේ කිරීමේදී එය පක්ෂග‍්‍රාහී නොවන මහජන මත විමසුමකට ඇති ඉඩකඩ වළක්වා දමන අතර වෙරළ සංරක්ෂණ පනත හා පරිසර පනත නොසලකා හැරීමට රජය කටයුතු කරන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් කිරීමකි.
පරිසරය පිළිබඳ තීරණ ගැනීමේදී EIA ක‍්‍රමවේදය ඉතා වැදගත් වන අතර එය නොසලකා මෙවැනි තීරණ ගැනීමෙන් පෙනී යන්නේ සැබෑ යහපාලනයට පටහැනිව හා විනිවිදභාවයකින් තොරව රටේ තීරණ ගන්නා බවය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව යටතේ වරාය නගර ව්‍යාපෘතියට අවසර ලබාදීම /නොදීම ගැටළු සහගතය. ඒ මන්දයත් 2014 වර්ෂයේ අසම්පූර්ණ EIA වාර්තාවක් යටතේ මෙම ව්‍යාපෘතියට අවසර ලබාදීමෙන් ඔවුන් දැනටමත් ව්‍යාපෘතියට පක්ෂග‍්‍රාහි ලෙස කටයුතු කර ඇති බැවිනි. එම නිසා මෙම දෙපාර්තමේන්තුව අපක්ෂපාති තීරණ ගැනීමට කටයුතු නොකරන බව ඉතා පැහැදිලිය.
* නීතිමය වශයෙන් මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට යෝජිතව ඇත්තේ වෙරළ සංරක්ෂණ කලාපය තුළ වුවද එයට අවශ්‍ය කළුගල් සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාගැනීමට නියමිතව ඇත්තේ ජාතික පාරිසරික පනතට අයත් බලප‍්‍රදේශ වලිනි. ව්‍යාපෘතිය හෝ ඉන් කොටසක් ජාතික පාරිසරික පනතට අදාළ නම් ඒ සඳහා ද EIA වාර්තාවක් අනිවාර්යයෙන්ම කළ යුතුය. එසේ නොකිරීම ජාතික පාරිසරික පනතේ නෛතික බලයට පටහැනිය. මෙවැනි නෛතික ප‍්‍රශ්න මග හරිමින් ව්‍යාපෘතියට අදාල ගල් දැනටමත් බලපත‍්‍ර සහිත ගල් වලවල් වලින් සපයා ගැනීමෙන් පෙනී යන්නේ EIA නීති වලට පටහැනිව කටයුතු කරන බවය.
* ව්‍යාපෘතිය සඳහා පියවර දෙකකින් EIA වාර්ථා සැකසීම ගැටළුවකි. මුහුද ගොඩකිරීමේ අදියරට එක වාර්තාවකුත් ගොඩනැගීම් කටුයුතු සඳහා තවත් වාර්තාවකුත් සැකසීමට කටයුතු කර ඇත. මෙය EIA ක‍්‍රමවේදයට පටහැනිය. මන්දයත් නිවැරදි EIA වාර්තාවක් නම් එය සම්පූර්ණ ව්‍යාපෘතියටම සිදු කළ යුතු අතර එය සිදු කළ යුත්තේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථමයෙනි.
* වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වුවහොත් ජය කන්ටේනර් පර්යන්තයේ සිදුවන සියළු කටයුතු දකුණු වරායට මාරු වේ. දැනට දකුණු වරාය පෞද්ගලිකව මෙහෙයවනු ලැබේ. නමුදු එහි මෙහෙයවීම් කටයුතු සඳහා අවශ්‍ය සියළු සේවා ලබා දෙනු ලබන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මඟිනි.
දකුණු වරාය හොං කොං මූලික චීන සමාගමක් සමග Aitken Spence සමාගම හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ආයෝජනය කර ක‍්‍රියාත්මක වන්නකි.
එහි දායකත්වය 55%, 30%, සහ 15% ලෙසය. මෙහිදී පෙනී යන්නේ වරාය නගර ව්‍යාපෘතිය මඟින් දකුණු පර්යන්තයට ජය කන්ටේනර් මෙහෙයුම් කටයුතු මාරු කිරීමෙන් වරාය මෙහෙයුම් කටයුතු කෙමෙන් කෙමෙන් පෞද්ගලික අංශයට නතු වන බවය.
* මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ඝන මීටර් මිලියන 65 ක් ලබා ගැනීමට සැළසුම් කර ඇති අතර එය වර්ග කිලෝමීටර් 100 ක් පමණ ප‍්‍රදේශයකින් ලබා ගැනීමට නියමිතය. මීගමුව බසියවත්ත සිට මෝදර දක්වාද ගොඩබිමේ සිට කිලෝමීටර් 3 ක් දක්වාද ප‍්‍රදේශය මේ සඳහා අඩි 15 ක් පමණ මුහුද පතුල හෑරීමට කටයුතු කරන අතර මෙහිදී ධීවරයන් 15000 ගේ පමණ ජීවන වෘත්තිය අවුරුදු ගණනාවකට අහිමි කරනු ඇත.
* මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි ප‍්‍රමාණය ඉතා ඉහළ අතර එය ලබා ගැනීමට විකල්ප යෝජනා EIA වාර්තාවේ සඳහන්ව නොමැත. එමෙන්ම EIA වාර්ථාවෙහි වැලි ගැනීමට යෝජිත ස්ථාන වල වැලි නොමැති බව 2015/06/12 දාතම සහිතව පරිසර අධිකාරියෙන් අප වෙත එවන ලද ලිපියක පැහැදිළිව දක්වා ඇත. මෙසේ තිබියදී පරිසර වාර්තා මඟින් ව්‍යාපෘතියට අවශ්‍ය වැලි ලබා ගැනීමට හැකි බව පැවසීම ඉතා ගැටළු සහගතය. පාරිසරික අධ්‍යයන වාර්තාවෙහි (SEIA) සිදු නොවන බව සඳහන් ජලජ පරිසර පද්ධතිය තුළ අවසාදිත තැන්පත් වීම චන්ද්‍රිකා ඡායරූප සැසඳීමේදී අදටත් සිදුවෙමින් පවතින බව දැකගත හැකිය. ගොඩකිරීමේදී ඇතිවන පාරිසරික බලපෑම නිසා ජලජ ජීවීන්ට අයහපත් බලපෑම් ඇති වේ. වැඩිපුර මුදා හැරෙන අවසාදිත තැන්පත් වීම මඟින් මෙම ගැටළු ඇති විය හැක.
* බේරේ ඇළ හරහා නගරයේ කාණු පද්ධතියෙන් පිටවන අප ජලය මෙම ව්‍යාපෘතිය නිසා අවහිර වන අතර වැසි කාල වලදී ගංවතුර තත්ත්ව ඇති විය හැක. එමෙන්ම අප ජලය නගරය තුළ එක්රැස්විය හැක. මේ පිළිබඳව පරිසර වාර්ථාව මඟින් නිසියාකරව වාර්ථා වී නොමැත.
* ව්‍යාපෘතිය සඳහා කළුගල් ලබා ගැනීමට ගල් කොරි 11 ක් යෝජනා කර ඇති අතර ඝන මීටර් මිලියන 3.45 ක් මේ සඳහා අවශ්‍ය වේ. එය එම කොරිවල ඇති ගල් වලින් 43% ක් පමණ වේ. එතරම් ප‍්‍රමාණයක් එක් ව්‍යාපෘතියක් සඳහා යොදා ගත් විට අනාගත අවශ්‍යතාවයන්ට ගල් ලබාගැනීමේදී විශාල පාරිසරික ගැටළුවකට මුහුණ දීමට සිදුවනු ඇත. එම ගල් කොරි වලින් ඇතැම් ගල් කොරි සඳහා මේ වන විටත් පරිසර ගැටළු හේතු කොටගෙන නීතිමය පියවර ගෙන ඇති බවද දැනගන්නට ලැබී ඇත.
* තවද ව්‍යාපෘති ප‍්‍රදේශයේ වතුර යට පුරා විද්‍යා වටිනාකම පිළිබඳ කිසිදු අධ්‍යනයක් කර නොමැත. මෙම ස්ථානය අතීත රජ දවස පටන් පැවති වරායක් මෙන්ම ලංකාව ආක‍්‍රමණය කරන ලද පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන ජාතීන් පරිහරණය කරන ලද වරායකි. එම නිසා මෙම ප‍්‍රදේශයේ මුහුදු පතුල තුළ සැඟව ඇති පුරා විද්‍යා වටිනාකමින් යුත් දෑ බොහෝය. එම නිසා ඒ පිළිබඳවද පූර්ණ අධ්‍යයනයක් කළ යුතුය.
*මෙම ව්‍යාපෘතිය නිසා ඇති විය හැකි වාහන තදබදය පිළිබඳ ප‍්‍රවාහන බලපෑම් වාර්තාවක් සකස් කොට නොමැත.
* විශාල වශයෙන්ම විදේශීය සමාගම් හා ආයෝජකයන් හට වැඩිපුර ආදායම් හා බලතල ලැබෙන ව්‍යාපෘතියක් කොළඹ නගරයේ බිහිවීම මඟින් දැනට කොටුව හා පිටකොටුව ඇතුළු ප‍්‍රදේශ වල පිහිටා ඇති සංචාරක හෝටල් හා විවිධ ව්‍යාපාර වලට අහිමි විය හැකි බලපෑම් පිළිබඳ අධ්‍යයනය නොකිරීම බරපතල ගැටළුවකි.
* එමෙන්ම ග‍්‍රාමීයව පවත්වා ගෙන යන පාරිසරික, සංස්කෘතික සංචාරක කර්මාන්ත ඇතුළු කොළඹ නගරයෙන් පිටත ඇති සංචාරක කර්මාන්ත හා ව්‍යාපාර වලට මෙමගින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අධ්‍යයනයක් කර නොමැත.
* පරිසර අධ්‍යයන වාර්තාව සඳහා විවිධ ඇමුණුම් එක් කර තිබුණද චීනය හා ලංකාව අතර අත්සන් තැබුණු මූලික ගිවිසුම අමුණා නොතිබීම මහජන අදහස් ප‍්‍රකාශ කිරීමට එය හානිකර ලෙස බලපා ඇත.
තවද මෙම ව්‍යාපෘතිය මඟින් මුහුදින් ලබාගන්නා වැලි වෙනත් ගොඩනැගීමේ කාර්යයක් සඳහා යොදා ගත්තේ නම් එහි මිල ඇ.ඩො. බිලියන 3.2 කට වඩා වැඩි වනු ඇත. එමෙන්ම මේ සඳහා යොදා ගන්නා ගල් වල වටිනාකම ඇ.ඩො.බිලියන 1 ක් පමණ වනු ඇත. එවිට චීන සමාගම වියදම් කරන ඇ.ඩො.බිලියන 1.35 පිළිබඳව චීනය හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙක උදම් ඇනීම විහිලූවට කරුණකි.
[කොළඹ වරාය නගර පරිසර වාර්තා පිළිබඳ ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ ලියවිල්ලකින් සකසන ලද්දකි]