Featured Video, Life quips, Matale, Video

යහඑ ගෙදර තිස්සෙම යාම හොඳ නැතේ…

මාතලේ, ලග්ගල, ඇටන්වල කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. මාතලේ ඉදලා කිලෝමීටර් 40ක් විතර දකුණට වෙන්න තමයි ඇටන්වල තියෙන්නේ. මහා වැස්සක් වැස්සොත් ඒ ගමට යන්න බැහැ. ඒ පාර වැටිලා තියෙන්නේ වැද්දා පැණි ඇල්ල නම් දිය ඇල්ලක් මැදින් නිසා. ඇටන්වල මිනිස්සු ප්‍රධාන පාරට එනකන් කිලෝමීටර 2කක් පයින් එන්න ඕන. සියලු දෙනා ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. හොඳ සාහිත්‍යක් තවමත් ඒ ගම්වල තියනවා. ජන සංගීතය වගේ දේවල් තවමත් ඇටන්වල නොනැසී තියනවා.

පසුගිය දිනක වැද්දා පැණි ඇල්ල අසලදී අපට හමු වූ 84 හැවිරිදි පී. ජී. පියදාස මහතා ඇටන්වල සංස්කෘතියට හොඳ උදාහරණයක් සපයනවා.