[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත් ලිපි, ප්‍රකාශණය – යුක්තිය පුවත් පත – මුද්‍රණය 1998.]
අද මේ තීරුවෙන් ගුණදාස අමරසේකර මහතා විසින් මෑතක දී කරන ලද දේශනයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නට මම කැමතියි. මේ දේශනය පවත්වන ලද්දේ බද්දේගම සාහිත්‍ය කලා සංගමය විසින් සංවිධානය කරන ලද පළමු වන ගණේගම සරණංකර හිමියන් අනුස්මරණ උත්සවයේදීය. ඔහුගේ දේශනය සදහා උදෘත පාඨය වශයෙන් අමරසේතර මහතා තෝරා ගෙන තිබුණේ ඒ හිමියන්ගේ “තරුණ වියේ උන්නා නම් සිවුර ගලවලා තියා සටනට යනවා” යන ප්‍රකාශයයි. මේ සිරස්තලය යටතේම දේශණය ගිය සතියේ “දිවයින” පත්‍රයේ හතර දවසක් පුරා පල විය.
මේ දේශනයේ එක් කොටසක් යොදා තිබෙන්නේ දැනට මෙරට ජනවාර්ගික අර්බුදයක් නැත යන මතය සනාථ කිරීමටයි. දැන් පවතින්නේ කොටි සංවිධානයට එරෙහි යුද්ධයකි. කොටි සංවිධානය රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ මිනිස්සුන්ට විදින්නට සිදු වූ වෙනස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන් ජනිත වූ බලවේගයක් නොවෙයි. එය සම්පූර්ණයෙන් දකුණු ඉන්දියාව හා ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළත් ද්‍රවිඩ රාජ්‍යයක් සදහා කෙරෙන අරගලයක කොටසකි. මේ නයින් බලන විට මෙය රටට බාහිර වූ රටින් පිට බලවේගයක් විසින් මෙහෙයවනු ලබන විදේශීය ආක්‍රමණයකි. එයට විරුද්ධව සටන් කළ යුතුයි. එය අවි බලයෙන් පරාජය කළ යුතුයි. අමරසේකර මහතාගේ මේ මතය පසුගිය ශත වර්ෂය තුළ සිංහල හා දෙමල අනන්‍යතාවයන් එකිනෙකට ගැටෙමින් වර්ධනය වූ ආකාරය නොසලකා හැර තම තමන්ගේ වැරදි වසා ගැනීමට පිටස්තර ක්‍රමන්ත්‍රන සොයන මතයකි. සිය මතයට විරුද්ධ අදහස් කිසිවක් නොඉවසන අමරසේකර මහතා එවැනි මත දරන්නන් වංචනික බුද්ධිමතුන් ලෙස අවඥාසහගතව හදුන්වයි. ඔවුන්ට අමනයන් කියයි. ඔවුන්ගේ තර්ක හා අදහස් දෙස විචාරාත්මකව නොබලයි.
අමරසේතර මහතා හැර බෙහෝ සිංහල බුද්ධිමත්තු මෙවැනි මත දරති. ඒ ස්ථාවරය හා සාවද්‍ය බව විග්‍රහ කළ යුතු වෙයි. ඒ ස්ථාවරය සහ එහි සාවාද්‍ය බව විග්‍රහ කළ යුතු වෙයි. එහෙත් අද ඒ සදහා නොව අමරසේකර මහතාගේ දේශනයේ තවත් කොටසකට ඔබේ අවධානය යොමු කළ යුතු වෙයි. කොටින් සමග යුද්ධ කිරීම සදහා ඔවුන් වැනසීම සදහා ඔවුන් මරා දැමීම සදහා සදාචාරාමක පසුබිමක් සැපයීමට ඔහු ගන්නා උත්සහයට ඔබේ අවධානය යොමු කරන්න. ඔහු උත්තරයක් හොයන්නේ “කොටි ම්ලේච්ච ආක්‍රමණිකයන් පිරිසක් වුව ඔවුන් වනසා ලීමට බෞද්ධයන් වන අපට අපේ ආගමෙන් ඉඩ කඩ තිබේද?” යන ප්‍රශ්ණයටයි. මෙහිදී ඔහු කියන්නේ බුද දහමේ එන පන්සිල් පවා සතුන්ට පමණක් සීමා වූ දෙයක් ලෙසයි. “ප්‍රාණඝාතය බුදු දහමේ පිටු දකින්නක්. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම සගුන් විසින් පිළිපැදිය යුතු විනය රීතියක්” එහෙත් එය ගිහියන්ට පැනවූ තහනමක් නොවේ.”
මෙහිදී ප්‍රශ්ණ කිහිපයක් පැණ නැගේ. ප්‍රාණ ඝාතය පිළිකෙව් කිරීම බුදු දහමේ සාරාර්ථයක් නොවන්නේද? බුදු දහමේ සාරාර්ථය හැටියට අපි එකිනෙකාට අර්ථකතනය දීමට පුළුවන්ද? බුද්ධ භාෂණය හා එහි ගැබ්වී ඇති දහම ගිහියන්ට නොව සතුන්ට පමණක් ද යන මතය සනාථ කිරීම සදහා අමරසේකර මාර්ටින් වික්‍රමසිංහයන් ද උපයෝගී කර ගනී. මේ වෙනස බටහිර පුඩුවන් විසින් නොදක්වා ලද බවක් ද අමරසේකර පවසයි. බුද්ධාතම පිළිබද වොබර් ගේ ප්‍රධාන ප්‍රවාහය මෙය බව ඔහු නොදන්නා සේය. මේ මතය හරි වුවත් වැරදි වුවත් ඔහුගේ ස්ථාවරයෙන් පැණ නගින තවත් ප්‍රශ්නයකි. එනම් ලංකාවේ අද පවතින වෝහාරික බුද්ධාගම ඔහු හදුනා ගන්නේ කුමක් ද? ලංකාවේ ඕනෑම පන්සලකට යන ගිහියෙකුට හාමුදුරුවෝ පන්සිල් දෙති. පෝය දා එන උපාසක උපාසිකාවන්ට අට සිල් දෙති. ඒ සිල් ගන්නා ගිහියෝ සිල් පිළිපැදීම ඔවුන්ගේ වගකීම ලෙස සලකති. එයයි අද පවත්නා වෝහාරික බුදු දහම. ඒ අනුව යන ගිහියෝ පස් පවින් වැළකීමට උත්සහ කරති. ජීවන ප්‍රයත්නය ඒ හා ගැටෙන විට, ඔහු ආගම අමතක කර දමති. මසුන් මරති. බොරු කියති. එහෙත් ඒ සියල්ල විෂමාචාර ලෙස සැලකීමට ද ඔවුහු පුරුදු වී සිටිති. එහෙත් පන්සිල් පවා ගිහියන්ට අදාල නොවන්නේ යැයි කියමින් අමරසේකර කරන්නේ මේ විෂමාචාර සාධාරණය කිරීමයි. එවිට ගිහියන්ට ඇති වී ඇත්තේ කුමන සාරාර්ථ පද්ධතියක් ද? මේ අනුව ගිහි ජීවිතය යනු සදාචාරයෙන් තොර පෞද්ගලික හෝ සාමූහික පැවැත්ම සදහා පමණක් සටන් කරන, ඒ සටන සාර්ථක කරන කුමන ප්‍රයෝගයන් වුවත් යහපත් යැයි සළකන පැවැත්මකි.
සංග්‍රාමයෙන් පසු සිත් තැවුලට පත් දුටුගැමුණු රජ තුමා අස්වැසීම සදහා ඔහු විසින් මරණ ලද්දේ එක හමාරක් පමණක් සැසි සිංහල රහත් තෙරහු පැවසී හ. කොටි වැනසීම ආගමෙන් පිළිකෙව් කරන ක්‍රියාවක් නොවේ යැයි පවසා ඒ සදහා මිනිසුන් උසි ගන්වන අමරසේකර ද ඒ රහත් පම්පරාවේම කෙනෙකි.
92 ජනවාරි 19 දා