ආගමික දේශණයකට ලැබුණු ආරාධනාවක් මත මා දැනට සිටින්නේ මැදපෙරදිග බහරේන් රාජ්යකයේය. ඉඩ ප්රදස්තාවක් බලන සෑම විටම මා එහි සිටින අපගේ සිංහල සහෝදරවරු සිටින සේවා කඳවුරු බැලීමට යමි. ඇත්තෙන්ම පිටරටවල සේවය කරන ඔවුන්ගේ මුදල් අප රට වෙත නොඑන්නට අප රටට තිබෙන අන් සියළු ප්රයධාන ආදායම් මාර්ග දැන් ඇහිරෙමින් පවතී. අප ඔවුන් කරන සේවය අගය කළ යුතුය.
මා එම කඳවුරු වල සිටින අයගෙන් විමසු විට ලැබුණේ ඉතාමත් දුක්මුසු කථාන්දරය. බොහෝ දෙනෙකුට මෙම රටට ඒමට පෙර පොරොන්දුව තිබුණු වරප්රදසාද කිසිවක් හිමිවී නොමැත. සමහරු තමන්ගේ වැටුප වැඩි නිසා පැමිණ ඇති නමුත් දැන් කෑමට සහ නවාතැන් වලට දීමෙන් අතෙහි ඉතිරි වන්නේ සොච්චමකි. සමහරු ලංකාවේ ඉතාමත් හොඳ රැකියාවන් අතහැර ඉසුරු සොයා මැදපෙරදිග පැමිණ දැන් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් යන දෙකම නොමැති තත්වයට පත්ව සිටිති.
ඔවුන් බොහෝ දෙනෙකු මෙම ග්රීයෂ්ම සෘතුවේ රස්නය නොතකා සුළු ඩිනාර් ප්රනමාණයකට සිය සිරුරේ සියළු ශක්තිය වැය කරති. සමහරුන් කිසිදිනෙක දිවා ආහාරය නොගනිති. එයට හේතුව ඔවුන් වැඩ කරන්නේ මහපාර වල නිසා ආහාරයක් මිලදී ගැනීමට ලඟපාත කිසිදු ස්ථානයක් නොමැති කමිනි. එසේ ස්ථාන තිබුණද අධික මිල ගණන්ද දිවා ආහාරය පිළිකෙව් කිරීමට ඔවුන්ව පොලඹවයි.
රට රැකියාවකට ගොස් මුදල් ඉපයීමට උත්සාහ දැරීම හොඳ දෙයක් වුවද ඒ සඳහා නීත්යා නුකූල සහ සියළු තොරතුරු අසා නිවැරදිව සියල්ල වටහා ගෙන කටයුතු කිරීම ස්ථානෝචිත ප්රුඥාවයි. විශේෂයෙන් අප රට තුල විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකුගේ ඉදිරියේ ඒජන්සි කරුවා සමග තබන ගිවිසුම ඉතාමත් හොඳින් අධ්යේනය කිරීමෙන් පසුව අත්සන් කළ යුතුය. එම ගිවිසුමෙහි සඳහන් දේ ඔබට නොදුන් විට ඒ සඳහා ඔබට නීතිමය බලයක් ඇත. ඔවුන් වාචිකව දෙන සියළු පොරොන්දු උක්ත ගිවිසුමේ ඇතුලත් කර ගැනීමට උත්සාහ දැරිය යුතුය.
අන්වර් මනතුංග