පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජීවත් වන මාගේ මිතුරෙකුගේ මවගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා පසුගිය සෙනසුරාදා දහවල් මම වැල්ලවත්තෙන් පානදුර – කොළඹ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට ගෙඩවුනෙමි.(එහි අංකය 63-2737) කොළඹ සිට පානදුර දක්වා සුඛෝපභෝගී බස්රථයක ගමන් ගාස්තුව රුපියල් 40 කි. වැල්ලවත්තෙන් බසයට ගොඩ වූ මා කෙසෙල්වත්තට ප්‍රවේශපත්‍රයක් ඉල්ලා සිටියෙමි. ප්‍රවේශපත්‍රය මාවෙත ලබාදුන් එහි කොන්දොස්තර මහතා ඒ සඳහා රුපියල් 40 ක ගාස්තුවක් අයකරන ලදි. එහිදී මා සිතුවේ මා කොළඹට අයත් ප්‍රදේශයකින් බසයට ගොඩවූ නිසා සම්පුර්ණ මුදලම අයකරන්නට ඇති කියාය. එහෙත් මට පසුව ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශවලින් බසයට ගොඩවූ අයගෙන් ද එම ගස්තුවම අයකරනු මම බලා සිටියෙමි. මේ අතර මොරටුව ප්‍රදේශයෙන් බසයට ගොඩ වූ මැදිවියේ කාන්තාවක් මා අසලින් ඉඳගත් අතර ඇය ‛‛ පානදුරට කීයද කියා විමසමින් ’’ රුපියල් පනහේ නෝට්ටුවක් කොන්දොස්තරවරයාට ලබාදෙන ලදි. එවිට කොන්දොස්තරවරයා ඇය වෙත රුපියල් 10 නෝට්ටුවක් ඉතිරි මුදල ලෙෂ ලබාදෙනු ලැබුවාය. ඇය විමතියෙන් යුතුව කොන්දොස්තරවරයා දෙස මෙන්ම මා දෙසද බැලුවද කිසිවක් නොකිවාය. ඊට පසුද තවත් බොහෝ අය බසයට ගොඩවූ අතර ඔවුන්ගෙන්ද විවිධ ගණන් අය කරනු මා බලා සිටියෙමි.
ඩීසල් කියකින් හෝ වැඩිකළ විට බස්ගාස්තු වැඩිකළ යුතුයැයි කෑ මොර දෙන බස්හිමියන්ගේ සංගමය හෝ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ ප්‍රවාහන අමාත්‍යාංශය යන කිසිවෙකුත් මේ පිළිබඳව පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැත. මෙවැනි සිද්ධි පිළිබඳව තවත් බොහෝ දෙනෙකු මා සමගද පවසා ඇත. මෙරට පෞද්ගලික බස් සේවය කිසිදා පිළිවෙලක් කරනු ඇතිද කියා බලා සිටිනවා හැරෙන්නට අපට කළහැකි කිසිවක් නොමැත. එහෙත් බලා සිටියද නොහැක ඒ නිසාවෙන් මා මේ පිළිබඳව ගමනා ගමන පැමිනිලි කොමිසමට පැමිණිළි කලෙමි. එහෙත් එයට කුමක්වේද කියා මා නොදනිමි.
විනොත්