[Picture by – shoutlanka.com]හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු අද්‍යතන දේශපාලන රඟම’ලෙහි දිදුළන ගිනිසිලුවකි. මෙයින් සත් මසකට පෙර දිනෙක හදිසියේ ඇය මෙසේ දිදුළන ගිනිසිලුවක් ලෙස පොලාපැන්නේ ඛේදවාචකයක ගිනියම මැදිණි. දේශපාලන ප්‍රචණ්ඩත්වය නිදන්ගත රෝගයක් වු අපේ වැනි වැඩවසම් සමාජවල අතිබහුතරයක් ස්ත්‍රීන් දේශපාලන – සමාජ තලයේ ගිනිසිලු බවට පත්වන්නේ එවැනි ඛේදවාචක මැදින් වීමේ ඉරණම, ඒ අනුව ඇයටද පොදුවී තිබේ.
ලාංකේය දේශපාලන ගොහොරුවේ සේම මාධ්‍ය කවචයේද වඩාත්ම දිදුළන ගිනිසිළුවක් වීමට අවශ්‍ය ආකර්ෂණීය රුව පමණක් නොව, මාධ්‍යයේද, දේශපාලනයේද හොඳින් අලෙවි වන කටක්ද ඇය සතුය. මේ ගිනිසිළුව අලු පොදක් හෝ ඉතිරි නොකරම වියැකීයාද, නැතිනම් තියුණු අවියකට පන්නරය දෙන අග්නි ප්‍රවාහයක් වේද යන්න ගැන වෛෂයික කරුණු විසින් පෙන්වන අනුමානයකට යාහැකි වුවත්, මේ ලිපියේ මුඛ්‍යාර්ථය එය නොවේ.
හිරුණිකාගේ අභිලාෂය වී ඇත්තේ සිය පියාගේ ඝාතනය අරබයා සාධාරණ අධිකරණ ක්‍රියාමාර්ගයකින් යුක්තිය ඉටුකරවාගැනීමය. එහෙත් අවසන් නඩුවාර කිහිපයකදීම මාධ්‍යයට අදහස් දැක්වු හිරුණිකා කියා සිටියේ අධිකරණ ක්‍රියාමාර්ගයේ සාධාරණත්වය ගැන තමන්ට විශ්වාස නැති බවය. ‘ශ්‍රී ලංකා එක්ස් නිවුස්’ වෙබ් අඩවිය හා දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් ඇය පවසන්නේ, ඝාතනයේ ප්‍රධාන සැකකරු වියයුතු දුමින්ද සිල්වාද පසුගිය නඩුවාරයේදී මේ සිදුවීමේ අගතියට පත් පුද්ගලයකු බවට නම්කිරීමත් සමඟ, අධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉටුවීම සැකසහිත බවයි.
යුක්තිය සොයන යෞවනිය
ඝාතනයවු සිය පියා වෙනුවෙන් යුක්තිය සොයායන 24 හැවිරිදි යෞවනියක වු හිරුණිකාට මේ සම්මුඛ වෙමින් තිබෙන්නේ පශ්චාද් නන්දිකඩාල් යුගයේ රාජපක්ෂයානු ශ්‍රී ලංකාවේ යථාවයි. දෛවෝපගත ලෙස සිය පියාගේ ඝාතනය සිදුවු විගසම, එනම් ඇය දේශපාලන රඟම’ලේ දිදුළන ගිනිසිළුවක් බවට ක්ෂණ දීප්තියක් ලත් විගසම, ඇයට මේ යථාව සම්මුඛ වීමේ ක්‍රියාදාමයද ආරම්භ විය. එතැන් පටන් ගතවන හැම නිමේශයක් පාසා ඒ යථාවේ තව තවත් අඳුරු අහුමුළු වෙත ඇය ක්‍රම ක්‍රමයෙන් නිරාවරණය වෙමින් සිටින්නීය.
යුක්තිය සොයායන ඇයට ඒ වෙනුවට හමුවන පශ්චාද් නන්දිකඩාල් යුගයේ රාජපක්ෂයානු ලංකාවේ යථාව කුමක්දැයි හඳුනාගැනීමට, හිරුණිකා නම් දීප්තිමත් ගිනිසිළුවම අපට ආලෝකය සපයයි. මෙහිද උත්ප්‍රාසයක් සැඟව ඇත. ඒ ආලෝකය සපයන හිරුණිකා නම් යෞවනියමත්, මේ මොහොතේ පවා, ඒ යථාව එහි සමස්තාර්ථයෙන් නොහඳුනන්නීය. එය හුදෙක් මෙයින් සත් මසකට ඉහත දිනයක් දක්වා සිය පියාත්, එතැන් පටන් තමනුත් පසුපස හඹා එන පුද්ගල නපුරුකමක් ලෙස පමණක් ඇය දකිමින් සිටින්නීය. ඒ ගැන අන්තර්ජාල අවකාශය ප්‍රමුඛ මාධ්‍ය කවචය ඔස්සේ ඇයට දරුණු විවේචන එල්ල වෙතත්, ලියුම්කරු ඈ දෙස දයාර්ද්‍රව බලමින් මේ ගැටලුව සලකා බැලීමට කැමැති වෙයි. (දයාර්ද්‍ර වීම වැනි ගුණාංග පෞද්ගලික මනුෂ්‍ය සබඳතාවන්හි දී තරමටම දේශපාලන ගනුදෙනුවේ දී වලංගු නොවන බැවින්, මේ ලියැවිල්ලද ඇය අරබයා යම් නිර්දය ඉසව්වක් කරා ගමන් කිරීමේ අනිවාර්ය අවදානම දරාසිටී)
භාරත නම් ප්‍රතිවීරයා
ඩී බී එස් ජෙයරාජ් වරක් විග්‍රහකළ පරිදි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු ප්‍රතිවීරයෙකි. ඔහු සිය දේශපාලන ශාස්තෘවරයා කරගත් විජය කුමාරතුංගගේ කොන්ඩා මෝස්තරයත්, ඔහුගේ සිනමා ප්‍රතිරූපය වු හිතහොඳ චණ්ඩියාගේ භුමිකාවත් තමන්ට අනන්‍ය කරගත්තෙකි. කොන්ඩා මෝස්තරය ඔහුගේ නලල මත කාල ප්‍රවාහය හා සටන් කරමින් රැඳී තිබුණත්, මෙය සිනමාව නොව තථ්‍ය ලොව වු බැවින් හිතහොඳ චණ්ඩියාගේ චරිතය දේශපාලනයේදී සංකීර්ණ හැඩගැසීම්වලට ලක්විය. ඔහු නියෝජනය කළ නාගරික ප්‍රදේශ ගත්කල අඳුරු සමාජතීරුවල මුක්කුව පිටිපස්සෙන් නැතිව හිතහොඳ චණ්ඩියා චරිතයට ඇඳීම කළ නොහැක්කක් විය. මේ අඳුරු සමාජතීරුවල මුක්කුව පසුපස නීතිවිරෝධී අවිවලින් ශක්තිමත්වු මැරබලය සේම අන්ධකාර ජාවාරම්වල ධනබලයද, ඒ සියල්ලට රැකවරණ සැපයු දේශපාලන බලහත්කාරයද විය.
”අපේ තාත්තා අද ජනාධිපතිවරයා ඔතැනට ගේන්න හුඟක් මහන්සි වී වැඩකළ අයෙක්” යි හිරුණිකා කියන්නීය. (ශ්‍රී ලංකා එක්ස් නිවුස් සාකච්ඡාව) එය සැබෑවකි. මහින්ද වටා අද සිටින සියයට අනු පහක් ඔහුගේ පැත්තවත් නොබැලු කාලයේ භාරත ඔහු පසුපස සිටියේය. හිරුණිකා රටතොට දැන හඳුනාගන්නා කාලය වනවිට, එවකට බොහෝ අවාසිදායක බල තරගයක් මැද අමාරුවෙන් ඔලුව ගහගෙන සිටි මහින්ද පසුපස සිය පියානන් සිටි අයුරු දකින්නට ඇත. නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉස්මත්තට ආ ඕපාදූප කතාවකදී හිරුණිකා මාධ්‍යයට කී දෙයින්මත් මේ පවුල් දෙක අතර වු සමීප සම්බන්ධය පැහැදිළි වෙයි. මේ අතීත මතක වේදනාව ඇගේ ක්ෂතිමය අත්දැකීම තවත් භයංකර කරවයි.
එහෙත් මේ සමීප සබඳතාව මැද්දට බොහෝ අපල උපද්‍රව පසුකාලීනව කඩාවැටිණි. ඒ අතර වන පෞද්ගලික ඕපාදූප පසෙකට දැමුවිට, මේ සබඳතාව මැදට මෙයින් වසර පහක් තරම් මෑතක කඩාවැටුණු ‘හෙනහුරෙක්’ සිටියේය. ඒ භාරතගේ ගමෙන්ම ආ, තමන් විසින්ම සිරුරට ගිනිතබාගෙන දේශපාලන ගිනිසිළුවක් බවට පත්, සිය පවුල් ව්‍යාපාරයක් බේරාගැනීමේ එකම පරමාර්ථයෙන් ආණ්ඩුවට එක්වු දුමින්ද සිල්වාය. භාරත ජනාධිපතිවරයා ඇසුරේ භුක්තිවිඳි සැලකුම් ගෙවී, ඔහුගේ රශ්මි කදම්භය කෙමෙන් නිවී යන්නටත් මේ නව සම්බන්ධය හේතුවු බවට භාරතගේ අවසන් දේශපාලන කතාව පවා දෙස්දෙයි. මේ සබඳතා පළහිලව්වේ අතිශය වැදගත් කාර්යභාරයක්, දුමින්ද සිය සුරතලකු කරගත් ගෝඨාභය විසින් ඉටුකරන ලද බව ප්‍රකට කරුණකි.
තේ කෝප්පයෙන් විසඳිය හැකිවු ප්‍රශ්නය
භාරත සහ දුමින්ද අතර මාරාන්තික විරසකයටද වසර කිහිපයක ඉතිහාසයක් විය. භාරතගේ අවසන් දේශපාලන කතා කිහිපයේ හරය දෙස බලනවිට මේ විරසකය ඔහු අර්ථ දක්වා තිබුණේ කුඩු ජාවාරම්කාරයන් හා කුඩු ජාවාරමට එරෙහිවුවන් අතර සටනක් ලෙසටය. ඔහුට අනුව ගෝඨාභය පවා සිටියේ කුඩු ජාවාරම්කාරයන්ගේ පැත්තේය. දුමින්ද සිල්වා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් අතර සම්බන්ධයද මීගමු පැත්තේ වෙරළට ආ මත්කුඩු තොගයක් භාරගන්නට පැමිණ තිබු දුමින්දට අයත් සුඛෝපභෝගී වාහනයක් පිළිබඳ පොලිස් පොතෙන් මැකුණු සාක්කියක් ඇතුළු තවත් සාක්කි ගොන්නකින් අධිකරණ ක්‍රියාදාමයකට පිටින් තහවුරු වුවකි.
”මේක තේ කෝප්පයකින් විසඳන්න තිබුණු ප්‍රශ්නයක්” හිරුණිකා කියන්නීය. ”දෙන්නටම එන්න කියලා මේ මගේ පරණ මනුස්සයෙක් ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතිව වැරදි වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න කියලා දුමින්දට කියන්න තිබුණා.’‘ හිරුණිකාට මඟහැරෙන යථාවේ පළමු කොන ඇත්තේ එතැනය. පරණ හෝ අලුත් යාලුකම් මත පශ්චාද් නන්දිකඩාල් යුගයේ රාජපක්ෂයානු ලංකාවේ සංසිද්ධීන් තීරණය වන්නේ නැත. දශක දෙක තුනක් තිස්සේ භාරතට කරන්නට බැරිවු වැඩ කටයුතු රාශියක් දුමින්ද අතින් මේ අවුරුදු පහට සිදුවී තිබිය යුතු බවත්, ඒවා කලු සල්ලිවල සිට මිනිසුන් වාශ්ප කිරීම් දක්වා විය හැකි බවත් එළිදරව් වීමක් ගැන සිතන්නටවත් ලංකාව රාජපක්ෂයානු ග්‍රහණයෙන් මිදෙන කාලයක් එනතුරු බලා ඉන්නට සිදුවන ලකුණු පහළ වී අවසන්ය. ඊයේ පෙරේදා කරලියට ආ ‘ද ෆිනෑන්ස්’ කොටස් ගනුදෙනුවේ දුමින්ද සොයුරු රේනර් සිල්වා ඉටුකළ කාර්ය භාරය පවා මේ අඳුරු සබඳතා හෙළිදරව් කිරීමට අනාගතය විසින් නිරාකරණය කළයුතු ගැටලු ගොන්නට අයත්ය. භාරතලා දුක සේ දරදිය ඇද්ද සමයේ ඉටුකරවාගන්නට නොතිබු බොහෝ අඳුරු අවශ්‍යතා අද යුද්ධය හමාරකළ රාජපක්ෂවරුන්ට ඇත. ඒවා ඉටුකරදීමට භාරතලාට වඩා සමත් අපුරු සර්කස්කාරයෝ රාජපක්ෂවරුන්ට මුණගැසී සිටිති. මේ එබඳු සර්කස්කාරයන්ගේ වාරයයි.
මේ සිද්ධියේදී මහින්ද ගෝඨාභය දෙපළගේ පක්ෂපාතීත්වය තිබුණේ කාවෙතදැයි මුල් අවස්ථාවේදීම මනාව පැහැදිළි විය. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වු භාරතගේ රියදුරා දුන් කටඋත්තරයෙන් කියැවුණේ දුමින්ද සිල්වා භාරතට වෙඩිතැබු බවය. එහෙත් රාජපක්ෂ සොහොයුරෝ නීතියෙන් දුමින්දගේ රෝම කුපයකට හෝ හානියක් වන්නට නොතබා ඔහු රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව සහිතව රටින්ද පිටකළහ. මේ සියල්ල දන්නා රහස් පොලීසිය ඇතුළු යුක්තිය පසිඳලීම වෙනුවෙන් සිටින ආයතන දුමින්ද සිල්වා හා හොරා පොලිස් සෙල්ලමක නිරතව සිටී.
රාජපක්ෂවරුන්ගේ සුරතල්ලු
විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ දා පටන් එහි අසීමිත බලය නොයෙකුත් අකටයුතුකම් උදෙසා පාවිච්චි විය. ස්ත්‍රී දූෂණයකට හිරේගිය ගෝනවල සුනිල් නම් කුප්‍රකට චරිතය ජනාධිපති සමාව ලබන්නේ ජේආර් යුගයේදීය. පාතාල නායකයකු වු සොත්ති උපාලි ‘උපාලි ළමයා’ වී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කරා කැඳවෙන්නේ ප්‍රේමදාස යුගයේදීය. බැද්දගාන සංජීව ජනාධිපති ආරක්ෂක ඒකකයේ හයියෙන් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නේ චන්ද්‍රිකා යුගයේදීය. එහෙත් මේ හැම යුගයක්ම රාජපක්ෂ යුගයට දැනටමත් පරාදය. එය මහින්ද යුගයක් නොව පශ්චාද් නන්දිකඩාල් රාජපක්ෂ යුගයක් වන බැවිනි. එය අනාගතයටත් රාජපක්ෂ යුගයක් වන්නට නියමිත බැවිනි.
විවිධ පාර්ශව වෙතින් මිනීමරුවන්, අපරාධකාරයන්, කප්පම්කාරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, මහජන දේපල මංකොල්ල කන්නන් ලෙස ප්‍රසිද්ධියේ චෝදනා ලබා සිටින අතිවිශාල පිරිසක් රාජපක්ෂවරුන්ගේ හොඳම සුරතල්ලු වී සිටිති. ඔවුන් අදටත් වැරදිකරුවන් නොවී සිටින්නේ ඒ පිළිබඳ සාධාරණ හා අපක්ෂපාතී නීතිමය ක්‍රියාදාමයක් නොමැති බැවින් පමණක්ම විය හැකිය. ඉතාම සුළු උදාහරණයක් ගතහොත් ටෙලිකොම් ආයතනයේ පරණ යකඩ හොරකමකට හා ව්‍යාජ ලිපිලේඛන සෑදීමකට වරෙන්තු දෙකක් ලබාසිටින අයිටීඑන් ප්‍රධානියකු වන සුධර්මන් රදලියගොඩ නැමැත්තා මේ වරෙන්තු පිටම මාස දහයක් තිස්සේ ප්‍රසිද්ධියේ සැරිසරයි. රූපවාහිනියේ නිතිපතා පෙනීසිටී. ‘දේශප්‍රේමී මාධ්‍යවේදීන්’ නියෝජනය කරමින් මහපාරේ රඟයි. ඔහු නීතියෙන් බේරන එකම ඉන්ද්‍රජාලික බලය රාජපක්ෂවරුන්ගේ රැකවරණයයි.
සුදුවෑන් භීතිකාව නමින් ප්‍රසිද්ධ මිනිසුන් අනීතිකව අතුරුදහන් කරවීම රාජපක්ෂවරුන්ගේ වැඩක් බවට මේ වනවිට නොබිඳිය හැකි සාක්ෂි හමුවී ඇත. කොලොන්නාව නගරාධිපතිවරයා පැහැරගෙන යාමට තැත්කිරීම, ජීවන් කුමාරතුංගගේ මස්සිනා පැහැරගෙන යාම, මත්ද්‍රව්‍ය නඩුවක සැකකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී බන්ධනාගාර නියාමකයන්ගේ භාරයෙන් පැහැරගෙන යාම සේම කුමාර් දිමුතු දෙදෙනා පැහැරගෙන යාම විසින්ද නැවත නැවතත් ඔප්පු කර පෙන්වුයේ මේ පසුපස ඇති හස්තය කුමක්ද යන්නය. එහෙත් නීතිය ඒ දෙස ඇසක් ඇර බලන්නට සුදානම් නැත.
විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ දා පටන් එහි අසීමිත බලය නොයෙකුත් අකටයුතුකම් උදෙසා පාවිච්චි විය. ස්ත්‍රී දූෂණයකට හිරේගිය ගෝනවල සුනිල් නම් කුප්‍රකට චරිතය ජනාධිපති සමාව ලබන්නේ ජේආර් යුගයේදීය. පාතාල නායකයකු වු සොත්ති උපාලි ‘උපාලි ළමයා’ වී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කරා කැඳවෙන්නේ ප්‍රේමදාස යුගයේදීය. බැද්දගාන සංජීව ජනාධිපති ආරක්ෂක ඒකකයේ හයියෙන් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නේ චන්ද්‍රිකා යුගයේදීය. එහෙත් මේ හැම යුගයක්ම රාජපක්ෂ යුගයට දැනටමත් පරාදය. එය මහින්ද යුගයක් නොව පශ්චාද් නන්දිකඩාල් රාජපක්ෂ යුගයක් වන බැවිනි. එය අනාගතයටත් රාජපක්ෂ යුගයක් වන්නට නියමිත බැවිනි.
රාජපක්ෂයානු ලංකාවේ යථාව
රාජපක්ෂයානු ලංකාවේ යථාව තුළ ඔබ නිවැරැදි මිනිසකුද, වැරදිකාරයකුද යන වෛෂයික කරුණ තවදුරටත් වලංගු නැත. කුමන තරාතිරමේ අපරාධකාරයකු වුවත්, ඔබ සිටින්නේ රාජපක්ෂවරුන්ගේ පැත්තේ නම් ඔබේ රෝම කුපයකට හෝ හානියක් නැත. එහෙත් ඔබ සිටින්නේ රාජපක්ෂවරුන්ට අභියෝග කරන පැත්තේ නම් ඔබ නිවැරැදිකරුවකු වුව වැඩක් නැත. ඔබ දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති රගර් ක්‍රීඩයකයකු වුවත්, රාජපක්ෂවරුන්ට අභියෝග කරන්නේ නම් ඔබට වැඩ වරදින්නට නියමිතය.
මේ යථාව අවබෝධකරගත් පියසේන ගමගේ පුත්‍රයා මේ වසරේ ආවාහ කරගන්නට සිටි සිය පෙම්වතිය වු හිරුණිකාට සමුදුන්ණේය. මේ යථාව හුදෙකලා සිද්ධියක් ලෙස ගෙන කැරලි ගසන ආකර්ෂණීය කැරලිකාරිනියක හා ත්‍රාසය අත්විඳීම වෙනුවට ඔහු ඒ සමස්ථ යථාවට අනුගත වී සිය පියා සේම කරබාගෙන ඉන්නා තීන්දුවට පසුබැස්සේය. ඇගේම මව ජනාධිපතිවරයා විසින් සහනාධාර සලාකයක් සේ ලබාදුන් තනතුරකින් සෑහී ආණ්ඩුවේ නිල නිවසත් වාහනයත් තව ටික කාලයකට හෝ සිය දරුපවුල වෙත තබාගත්තාය. පසුගිය මැයිදින පෙළපාලියේ දී හිරුණිකා දක්වන්නට ගිය සංඛේත විරෝධතාව මේ ස්වයංක්‍රීය බොත්තම එබීමෙන් රාජපක්ෂවරු නවතා දැමුහ’යි මාධ්‍යවල වාර්තා විය. ශ්‍රී ලංකා මහජන පක්ෂය නම් හුළං ගිය තුන්රෝද රියේ සුක්කානම පේන දුරින් ලැබී ඇති ආසනය ඇගේ තුරුණු ජවයෙන් පිරි අවංක රැඩිකල් කතාවලට ගැලපෙන්නේ, රොකට්ටුවක් ඇදගෙන හඳට යන්නට යෙදූ බුරුවකුගේ සුසංයෝගයේ ගැලපුමට අනුවය.
හිරුණිකා, කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ ඔබට යුක්තිය හෝ එහි ඡායා මාත්‍රයක් හෝ හමුවේදැ’යි විශ්වාසයක් තබාගන්නට තරම්වන වාස්තවික හේතු මා අත නොමැති බවයි. එහෙත් ඔබට පශ්චාද් නන්දිකඩාල් යුගයේ රාජපක්ෂයානු ලංකාවේ යථාව නම්, ඔබේ පියා ඝාතනය වු මොහොතේ පටන් සම්මුඛ වී තිබේ. එය සමස්තාර්ථයෙන් හඳුනාගන්නවාද නැද්ද යන්න ඔබේ සටනේ අනාගතය තීරණය කරන පළමු සාධකය වනුඇත.
සනත් බාලසුරිය[Sanath Balasooroya]