ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව ඊයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකදී එයට හේතු දැක්විය යුතුවිය නමුත් මෙහිදී කිසිදු හේතු දැක්වීමක් සිදු නොකර මෙය ප්‍රතික්ෂේප කිරීම තුල කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අධිකරණයක් තුළ ගොනු කරන ලදි මූලික අයිතිවාසිකම් පිලිබදව පෙත්සම් මගින් යුක්තිය ඉෂ්ඪ කර ගැනීම පිළිබදව තත්ත්වය මනාව පිළිබිබු වේ.
විශේෂයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සුනිල් ජයසේකර සහ උදය කලුපතිරණ යන අය විසින් ගොනු කරන ලද්දේ පසුගිය වසරේදී වෙබ් අඩවි 5ක් විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාව තුල එයට පිවිසීම වාරණය කිරීම නිසා ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ මූලික අයිතිය එයින් උල්ලංඝනය වන බව පවසමින් ය. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, එන්. ගාමිණි අමරතුංග සහ ආර්.කේ. සුරේෂ්චන්ද්‍ර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කරැවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ.සි. වැලිඅමුණ මහතා කියා සිටියේ වෙබ් අඩවි තහනම් කිරිමට මේ දක්වා නීතියෙන් ප්‍රතිපාදන නොමැති බවයි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ අදාළ වෙබ් අඩවි ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති බවයි.
කෙසේ නමුත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ නව මාධ්‍ය භාවිත කරමින් නව සංවාදයක් ඇති වෙමින් තිබියදී මෙන්ම එය බොහෝ විට ප්‍රධාන ධාරාව අමාන්ත්රණය නොකරන ඉසව් මෙම මාධ්‍ය තුලින් ආමත්‍රණ්ත්‍රය කරමින් තිබියදී මෙවැනි වාරණයන් පැනවීම තුලින් ලංකාව තුළ තිබෙන මාධ්‍ය ඒකාධිපතිත්වය නැවත වරක් මනාවට පිළිබිබු වේ. ඒසේම මෙවැනි අවහිර කිරීම් හෝ අඩපණ කිරීම ලෝකයේ ප්රජාතන්ත්රවාදය ගරැ කරන ශ්ෂ්ඪ සම්පන්න කිසිදු රටක් ක්‍රියාකර නොමැති අතර ඒ සදහා ඉතාමත් අසාර්ථක උත්සහයන් පවා ගෙන ඇත්තේ ප්රජාතන්ත්රවාදය, මූලික අයිතිවාසිකම්, තොරතුරැ දැනගැනීමේ නිදහස සහ පුරවැසියන්ගේ නිදහස පිළිබදව කිසිදු තැකීමක් නොකරන චීනය, මියන්මාරය වැනි රටවල් අතලොස්සක් පමණි.
එබැවින් මෙයින් ලංකාව නැවතත් ප්‍රදර්ශණය කර ඇත්තේ අදහස් පළකිරීමේ හා තොරතුරැ දැනගැනීමට පුරවැසියා සතු අයිතිය පිළිගැනීමට සහ භාවිතයට ඔවුන් තුළ අති අකමැත්ත සහ ඒ තුළින් ජනමාධ්‍ය මර්ධනය කිරීමට ඔවුන් තුළ ඇති දැඩි අභිලාෂයයි.