සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල් වැඩි වීමෙන් නොවේ. තමන්ගේ ඉඩම හමුදාව විසින් අල්ලා ගෙන එය තමන්ට නැවත ලබාදෙන්නට කියා ඉල්ලූ විට හමුදා හඩ හි තිබූ බරපතලකමින් ඇතිවූ කම්පනය හේතුවෙනි.
සිංවාජිලිංගම්ට නොව සමස්ථ දෙමළ සමාජයටම හෘදයාභාධයක් හට ගත්තද පුදුමයක් වන්නට දෙයන් නැ. සියල්ල විනාශ වී ඇති මොහොතක තමන් සතුව ඇති එකම භෞතික වස්තුව වන ඉඩකඩම් නොමැතිව තමන්ට ජීවිතයක් නොමැතියැයි සිතීම මේ නිශ්චිත නිමේෂයට අනුව කිසිදු ආකාරයක වරදකාරී හැගීමක් නොවේ.
උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් මේ වනවිට හමුදාවේ ඉඩම් කොල්ලයට හසුවී තිබේ. ඒ ජනයා තමන්ට පුළුවන් ආකාරයට දෙමළ දේශපාලන පක්ෂ ද එක්කරගනිමින් විරෝධය පාති. හමුදාව විසින් වෙඩි තැබුවද කමක් නැත යන තීරණයේ සිට සුදුකොඩි රැගෙන අධි ආරක්ෂික කලාප ඇතුළුවීම ආදී වඩාත් රැඩිකල් ක‍්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පෙළබෙමින් සිටි. 40,000 පමණ තම ප‍්‍රජාවක් ඝාතනය වී තමන්ගේ විමුක්ති අරගලය අහවර වී ඈති මේ මොහොතට අදාළව උතුරේ මිනිසාගේ හැසිරීම ලෝකයේ ම විමුක්තිකාමී අරගල වෙත නව මානයක් සපයන බව ඔවුන්වත් නොදන්නවා ඇත. පසුගිය දින කීපය පුරාම උතුරේ ජනයා තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් නොනවත්වා නැගී සිටීමෙන් ඔවුන්ගේ පිළිඹුබ වන්නේ ඔවුන්ගේ වූ නොනවතින විමුක්තිකාමී අභිලාශයයි. ඒ මේ නිශ්චිත නිමේෂයට අදාළව උතුරේ තත්ත්වයයි.
පසුගිය සති කීපය තුළදී දකුණද නැවත වතාවක් ගිනියම් විය. ඒ ජුලම්පිටියේ අමරේ නිසාවෙනි. එම නිසාම තවටික දොහක් ගතවන තුරුම දකුණේ දේශපාලනයේ සහ මාධ්‍යයේ අනෙකා ජුලම්පිටියේ අමරේ වනු ඇත. සත්‍ය ලෙසම වනු ඇති නොව වී ඇත. දෛනික ජීවිතයේ සියලූ ප‍්‍රශ්ණ දෙවැනි වූ අතර අමරේ ප‍්‍රමුඛ කාරණය කිරීමට මාධ්‍ය වගබලා ගන්නා ලදී. පසුගිය සතිඅන්න පුවත්පත් සියල්ල කටුවන ඝාතනය තළුමරා තිබූනි.
සමාජ න්‍යාචාර්යවරුන් ද තමන් වනපොත් කෙරු න්‍යායන් නැවත පිරික්සා බැලූවේ අමරේ එල්ලූම්ගස් යැවීමට සූත‍්‍රයක් සොයාගැනීමටය.
සමහර මාධ්‍ය ගස් ගල් මෙන් විය. මන්ද ඔවුන් අමරේගේ අතීතාවර්ජනය සහ කටුවනදී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක් සහ සහෝදරියක් වෙඩිතබා මරාදැමීම සිද්ධිය වාර්තා කර තිබුණේ එතැන තිබූ ගස් ගල් පරිද්දෙනි. මන්ද ඔවුන් ඒ සිද්ධි සියල්ලක්ම අකුරක් නෑරම දැක ඈති අතර ඒවා ඉතා හොද නාට්‍ය පිටපත් බවට පත්කර තිබුණි.
එම ඝාතනයන්ට විරුද්ධ නීතිමය ආකාරයෙන් කටයුතු කිරීම සහ එම ඝාතනයන් හෙළා දැකීම අනිවාර්ය වන අතර ඒ පිළිබඳ කිසිඳු තර්කයන් නැත. නමුත් මෙහිදී වඩා සීරුවට විමසා බැලිය යුතු කාරණා කීපයක් වෙයි. නමුත් කටුවන සිද්ධිය මේ මොහොතට අදාළව සන්දර්භගත කළ විට උතුරේ දෙමළ මිනිසාගේ ඉඩම් අල්ලා ගන්නා හමුදාව දකුණේ මිනිසාට අපේ කොල්ලන් වී වන අතර එම ජනයාටම අමරේ මැරයෙක් වන්නේ ඇයිද යන්නයි. අමරේ සහ හමුදාව දෙකක්ද නැතහොත් එකක් ද යන්න විග‍්‍රහකර අනිවාර්යය කාරණයකි.
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අල්ලපු ගමේ සිටි අමරේ මෙතරම් බලසම්පන්න පුද්ගලයෙක් වීම සහ උතුරේදී හමුදාව මෙතරම් බලසම්බන්න වීමේ කේන්ද්‍රය සොයාගැනීමෙන් ලංකාවේ දේශපාලනය පිටිපොට පැන ඇති ආකාරය, විශේෂයෙන්ම වාමාංෂිකයැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණේ දේශාපාලනය පිටපොට පැන ඇති ආකාරය නිරූපනය වෙයි.
රණවිරුවා උත්කර්ෂයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ ප‍්‍රබල භූමිකාවක් ඉටුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මහින්ද ජනාධිපතිධූරයට පත්කිරීමේ ව්‍යාපෘතියේද ප‍්‍රධාන භූමිකාව ඉටුකරනු ලැබුවේද ජනතා විමුක්ති පෙරමුණ මගිනි. කටුවනදී ඝාතනය වූ සහෝදරියගේ ඥාති සහෝදරයෙක් හඩමින් කෑගැසුවේ අපි මහින්ද ජනාධිපති කරන්න(?) දවල් රෑ නැතිව වැඩකරපු මිනිස්සු, ඇයි අපට වෙඩි තැබුවේ. ඔවුන් එදා ඉටුකරනු ලැබුවේ පක්ෂයේ ඉහළින් ඔවුන් වෙත ලබාදී තිබූ උපදෙස්ය. ඉතිහාස පුරාම ජනතා විමුක්ති පෙරමුණ පන්තිය වෙනුවට ජාතිය තෝරාගැනීමේ ඓතිහාසික දේශපාලනික වරදට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ තවත් අහිංසක ජීවිත දෙකකටය.
ඇමරිකානු උපහාස කතා රචක මාක් ට්වේන් කී ලෙසම දේශපේ‍්‍රමය තක්කඩියාගේ රැකවරණයයි. එය වැඩිම ශබ්ද නගා කතා කරන්නේ ඔහු විසිනි. 2009 දී දේශපේ‍්‍රමයේ හඩ රැව් පිළිරැව් දෙනවිට ජනතා විමුක්ති පෙරමුණ සේම අමරේ ද එහි ඒක හා සමාන කොටස්කරුවන් වූහ.
2009 මැයි මාසයේ උතුරේ ප‍්‍රජාවක් විනාශව යද්දී එහි ජයග‍්‍රහණයෙන් ඔදවැඞී ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණ ජයපැන් පානය කරනු ලැබුවේ තනිව නොව ජුලම්පිටියේ අමරේලා ද සමගය. සියලූ දේශපේ‍්‍රමී තක්කඞීන් හිතහොද චන්ඩින් කිරීමේ ඓතිහාසින වරද ට අද ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව සමස්ථ ලංකා සමාජයම වන්දි ගෙවමින් සිටී.
නමුත් තවමත් එය වටහාගත් බව ක් කිසිදු සළකුණකින් පෙනෙන්නට නැත. එක් පීඩිතයන් පිරිසක් විනාශකර ඒ සිරුරු මත කේතුමතී පුරය නිර්මාණය කරන්නට බලාසිටින දකුණේ පීඩිතයන්ට සිදුව ඇත්තේ තමන් වෙතින් උත්කර්ෂයට නැංවූ තක්කඩි දේශපේ‍්‍රමීන්ගේ තුවක්කුවලට තම හිස පූජාකරන්නටය.
කටුවන සිද්ධිය සම්බන්ධයෙන් සමාජවාදී න්‍යායධරයන් මෙන්ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යායධරයන්ද තමන්ගේ අකුරුවලින් අමරේට අච්චුකළ යුතු බවට පුවත්පත් පිටුගණන් පිරවූවද උතුරේ සිදුවන අකටයුතුකම් ඉදිරියේ තමන්ගේ පෑන තවමත් ගල්වී ඇත. ඉතිහාසය පුරාම සිදුවූයේද එයයි. ලෝකය පුරා වීරයන් ගැන පත්තර පුරා ලිපි ලියන විට, තමන් සිටිනා භූමියේ ධෛර්යවන්ත මිනිසුන්ගේ අරගලය ඔවුන්ගේ මානයට හසුනොවුනා නොව නොදුටු සේ සිටියහ. නමුත් අවසානයේ ඔවුන් වෙතද මර්ධනය කිසිදු වෙනසකින් තොරව සොයා ආහ. එය ඉතිහාසය අපට උගන්වා ඇති පාඩමයි.
වලිකාමන් උතුරේ තම ඉඩම් අයිතිය ඉල්ලූ ජනයාට ඒ වෙනුවට රාජ්‍ය ත‍්‍රස්ථවාදය කළුතෙල් සංග‍්‍රහ පවත්වද්දී අඩුම තරමින් ඒ පිළිබඳ අකුරක් නොලියන්නට තරම් ඔවුහු පරිස්සම් වූහ. මේ අතරම ශ‍්‍රි ලංකාවේ බහුතර වම ද සමාජවාදී න්‍යායෙන් පන්තිය බදාගත්තද ප‍්‍රයෝගික භාවිතයෙන් සහ අවිඥානයෙන් තවමත් බදා සිටින්නේ ජාතියයි.
මේ මොහොතේ න්‍යාය සහ ප‍්‍රයෝගික භාවිතය අතර වෙනස නිර්මාණය වී ඇත්තේ මේ නිසාවෙනි. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ සංගමයේ සභාපති ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිවසට ආරක්ෂ අංශ පැමිණීම සම්බන්ධයෙන් පිටුගණන් මාධ්‍ය නිවේදන, සම්මුඛ සාකච්ඡා පවත්වද්දී සිවාජිලිංගම්ලාට සන්තකව ඇති එකම වස්තුව එම ආරක්ෂක අමාතංශයේ අණලත් හමුදාව විසින් බලහත්කාරයෙන් මංකොල්ලකෑම ගැන විකල්ප මතධාරීන්යැයි පවසන අය ද නිහඩව සිටීම තුළ පෙන්වා දෙන්නේ තවමත් ඔවුන් තුළ තවමත් පවත්නා උතුරු දකුණු බෙදුම් රේඛාවයි.
නමුත් උතුරට ද දකුණටද මර්ධනයේ හස්තය ක‍්‍රියාත්මක් වෙමින් පවතින්නේද එක් කේන්ද්‍රයක් වෙතිනි. අප වටහා ගත යුතු වන්නේ උතුරේ රජයේ ආරක්ෂක හමුදා වන්නේද දකුණේදී අමරේ වන්නේද එකිනෙකට වෙනස් කුලකයන් දෙකක් නොව රාජ්‍ය මර්ධනයේ ස්වරූපයන් දෙකක් බවයි. එම ස්වරූපයන් දෙකම පිටුපස සිටින්නේ ධනපති මිනීමරු පාලකයන් බවයි. රාජ්‍යයේ හමුදාවක් යනු රාජ්‍යයේ පීඩක යාන්ත‍්‍රණයක් මිස අන් කිසිවක් නොවේ. ජුලම්පිටියේ අමරෙලා යනු ඒ පීඩක යාන්ත‍්‍රණය පිටින් ධනපති පාලකයන් විසින්ම පිහිටවූ අණුකන්ඩයි. අමරේ නිතර හමුදා නිළඇදුමකට සමාන ඇඳුමකින් සැරසී සිටීමේ අවිඥානික අර්ථය ඔහු ද රණවිරුවකුය යන අරුතයි. එය ඔහු විසින් අරුත්ගැන්වූවක් නොව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව දකුණේ පොදු සමාජය විසින්ම අරුත්ගැන්වූවකි.
මෙය වටහා නොගැනීමට තුළ සිදුවන්නේ දකුණේ මැර ක‍්‍රියා නැතහොත් පාතාලය ලෙස ලෙස අමරෙලාට ගොනු වීම සහ උතුරේ සියලූ මැර ක‍්‍රියා ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් වැසී යාමයි.
දකුණට අද එසවෙන මර්ධනයේ සෑම අසිපතක්ම අද ඔවුන් විසින්ම තැනූ ඒවා බව යථාර්ථවාදීයව වටහා ගැනීම යුගයේ අවශතාවයක් බවට පත්ව ඇති අතර උතුරේ සාමාන්‍ය ජනයාගේ තම අයිතිවාසිකම් වෙනුවෙන් වන නෙනවතින අරගලය කිසිඳු ආකාරයකින් තනිනොකළ යුතු අරගලය බවට යෝජනා කරන්නෙමු. එම අරගලය සමස්ථ විමුක්ති අරගලයක් දක්වා වර්ධනය කරගැනීමේ විභවය තවමත් පවතී. නමුත් එය වඩාත් ඉදිරියට ඒමට රාජ්‍යයේ ස්වරූපීය හැසිරීම වටහා ගැනීම මෙන්ම දකුණෙන් ද එවැනි අවංක අරගලයක අවශතාවයක් පවතී.
උතුරේ මිනිසුන්ට රාජ්‍යයේ මර්ධනය ඉදිරියේ තනිව තම අරගලය සිදුකිරීමට සිදුව තිබෙන අතර වම්මු තවමත් ජාතියක ස්ව්‍යං නිර්ණය අයිතිය පිළිබඳ න්‍යායික සංවාද පවත්වති. මේ සියලූ සංවාද විසංවාද තුළ දැන් තීරණයක් ගැනීමට කාලය පැමිණ තිබේ. මන්ද හෙට දිනයේ දකුණට එල්ලවී ඇති බොහෝ තුවක්කුවලින් නික්මෙන ගිනියම් මූනිස්සමේ ඉලක්කය ඔබේ හිස වියහැකි බැවිනි.
ක‍්‍රිශාන් රාජපක්ෂ[Krishan Rajapaksha]