[Photo by – www.asianews.it]
ජේසු, මරියාවන්ගේ පුත්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක.
මරියා, ජේසුගේ මෑණියන්දෑ ය. ඕ තොමෝ උකුත් නොවීම ස්වර්ගය වෙත ඔසවා ගනු ලද්දෝ ය. එබැවින් තවමත් සජීවී වන්නාහ. එනමුත් ජේසුමරිය ඝාතනය කරනු ලැබ තිබේ.
අනුක්රමයෙන්, ඔහුගේ ගෙල වටා ඔතනු ලද්දාවූ කඹයකින් ගෙල සිර කිරීමෙනි. එහෙත් සමාජය විසින් එය හඳුන්වා දෙනු ලබනුයේ ස්වයං ඝාතනය නමිනි. ඔහුගේ නමවත් හරිහැටි උච්චාරණය කරගත නොහෙන ඇතැම් පත්තරකාරයෝ ඔහු සියදිවි නසාගෙන යයි පවසති. එබැවින් ජේසුමරියගේ ගෙලෙහි ලඹ දුන් කඹපටට පරිබාහිර වූ වෙනත් ඝාතකයකු නැතැයි කියනු ලැබේ. මරියාවන්ගේ ගර්භාෂයෙන් පැනනැගුණු, ජේසුස්ගේ ප්‍රාණ පරිත්‍යගය තුළ කූඨපාප්තිගත ක්‍රිස්තියානියේ අතීත තෙස්තමේන්තුවේ සීනායි කන්ද පාමුලදී දිගහැරුණු මෝසසියානු ශික්ෂා පද අතරේ ජීවිතය විනාශ නොකරවැයි දක්වා ඇත. එහෙත් මෙ තැන්හීදී ජීවිතය විනාශ කර දමනු ලැබ තිබේ. එබැවින් ජේසුමරිය අජීවී ය. මරණ දැන්වීමේ සවර්ගස්ථ වූ යැයි සඳහන් වුව සැබැවින්ම නම් ඔහුට තවත් චිරාත් කාලයක් අජීවීව ම සිටින්නට සිදුව තිබේ. ඒ, අවසන් විනිෂ්චය තෙක් ය. එහෙත් මේ මොහොතේ පවතින සැබෑ ගැටළුව වන්නේ ජේසුමරිය සැබෑ ලෙසම ඝාතනය කළවුන් කිසිඳු විලිලැජ්ජාකින් තොරව සජීවිව සිටීමයි. ජනතාවගෙන් පැහැර ගන්නා නේක බද්දෙන් පෝෂිතව ජීව උණ්ඩම විදින ගිනි අවිවලට ලැජ්ජාවක් කොයින්දා ?
මස් රාත්තලම ඉල්ලන වැනිසියේ වෙළෙන්දා නාටකයේදී ශේක්ෂ්පියර් සඳහන් කරනුයේ කවරකු හෝ විසින් තවත් අයෙකුගේ රැකියාවට කෙළවනු ලබන්නේ නම්, එය එකී තැනැත්තා ඝාතනය කිරීමට සමාන වන්නා වූ බවයි.
ඉදින් අපි මොහොතක් හලාවත තලාඩිවැල්ල මත පියනගමු. ප්‍රසාද් පූර්ණිමාල් වනාහි තලාඩිවැල්ලෙහි වූ මේ සමස්ථ පීඩාවෙන් කොටසක් සිය කැමරාව තුළට ග්‍රහණය කරග ත් නිර්භීතකම් ඇති මාධ්‍යකරුවෙකි. එහෙත් බොහෝ විට අධිපති මාධ්‍ය ඔහුගේ සත්‍ය ගවේශනයන් බුද්ධියේ විමසුමට නතු කරලන්නට පැකිලෙයි. තම තමන්ගේ දේශපාලන ඇජෙන්ඩාවන් මිස ප්රථමයෙන්ව ත්, දෙවැනුවවත්, අවම වශයෙන් තෙවැනුවවත් සත්‍යය, පවතින්නේ නොවේ. බොහෝවිට අපට පූර්ණිමාල්ගේ දෘෂ්‍ය සටහන් කියවන්නට ලැබෙන්නේ අරගලකරුවන්ගෙන් සමන්විත මීපුර වෙබ් අඩවිය ඔස්සේය. පෙබරවාරි 15වැනිදා හලාවත දිස්වූ ම්ලේච්ඡුත්වයේ වෙඩි වරුසාව සේම ඉන් හරියටම සිව්මසක ඇවෑමෙන් ජූනි 15වැනිදා සිදුවූ ස්වයං ඝාතකයෙන් ඉක්බිති ඉකිබිඳුම් වේදනාවද ඔහුගේ කාච සටහනේ පවතී. තාත්තාගේ නිසල දෙණ සිව්රියන වෙත ගිලිහෙද්දී, ඒ අසබඩ වේදනාවෙන් අඬාවැටෙන ජේසුමරියයන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ සීතල කඳුළුබිඳු වල උණුසුම දකින ඕනෑම හදවතක් වේදනාවෙන් හැඬුම්බර වනු නියතය. එසේ නොවන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තලාට පමණි. ඉස්කෝලේ අටවැන්නේ වූ මෙකී පුත්‍රයා හය දෙනෙකුගෙන් සමන්විත පවුලක බර උර මතට ගන්නේ ආර්ථික දර්ද්‍රතාව සුනාමියක් සේ හිසටත් ගව් ගාණක් උඩින් යාමට පටන් ගැනීමත් සමග ය. පසෙකින් කුසගින්නට වැටුණු මල්ලියන් දෙදෙනෙකි, නංගියෙකි. පසෙකින් විටෙන් විට අසණීපයට පත් වන බැවින් අවම වශයෙන් කරෝල ටිකක් වේලා ගැනීමටවත් නොහැකි වූ අම්මා ය. ඉදිරියෙන් සිටින්නේ කුඩා කල පටන් තමන්ගේ ලෝකයේ වීරයා වූ නමුත් ආණ්ඩුවේ නිල අවිආයුධයකින් කකුළක් පැහැරගනු ලැබූ තාත්තා ය. ඉදින් පතපොත අත රඳවා ගැනීමෙන් ගෙදරට බත නොලැබෙන බව වටහා ගන්නා සෙබෙස්තියන් තුජාන්, පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තුගෙත් නාමෙන් ආමෙන් !!! ජේසු කියා තමන්ටම මතුරා ගනිමින් වැල්ලට බසී. ඔහු මූදු යන බෝට්ටු වලට තල්ලූ දමයි. මූදු ගොස් එන බෝට්ටු වෙරළට ඇද ගැනීමට ළමා ශක්තිය යොදවයි. දැලක් බේරීමට සහය වෙයි. මාලූ සේදීමට වතුර රැගෙන එයි. ඉන් ලැබෙන කුලිය වන්නේ මාලූ කූරයියකු හෝ දෙදෙනෙකි. මුදල් බවට පත්වනුයේ මාලූ කූරයියන් බවට පත් වූ ළමා ශ්‍රමයයි. ඉදින් ඉන් කුස් හයක් සංතර්පණය කෙරේ. කෙතරම් වීරත්වයක්ද? සෙබෙස්තියන් යනු ම වීරත්වයට පර්යාය පදයකි. මිනිසුන් මුනීන්ද්රයන් වන්නේ ජීවනභාවිකයෙන් හා මරණය විසින් ඊට එකතු කර දෙන අර්ථය නිසා බව නාමමාත්රික කතෝලිකයන්ට වැටහෙන්නේ නැත. එහෙයින් තාත්තාට වෙඩි තැබූ රණවිරුවන්ගේ ධෛර්යය වැඩවීමට අතීතය පුරා ඉටිපහන් පත්තු කළ, ගිනි අවි බෙන්සාරු කළ කතෝලිකයන්ට විලි වසාගැනීමට සෙබස්තියන් තුජාන්ගේ වීරත්වය විසින් එකදු අත්තික්කා කොළයක්වක් ඉතිරිකරනු ලැබ නැත. ජේසුමරිය කිංස්ලි මිය යාමය පෙර අනේකවාරයක් දණ ගසා සමාවගෙන ඇත්තේ තම වැඩිමහල් පුතා අබියස නොව මනුෂ්‍යත්වය අබියස ය. සිය දිවි නසාගැනීමට තරම් දරා ගත නොහුණු කැළඹිල්ල වූයේ මේ අතිමහත් මනුෂ්‍යත්වයයි. පේ‍්‍රමය පිළිබඳ පරමාදර්ශයයි. සංඛේතීය පියකු නොමැති සමාජයක සංඛේතීය පුතකු පහළවීමේ සනිටහන ජේසුමරිය වියෝව තුළ රැඳී නොවතින්නේද? එබැවින් මේ වන විටත් විවිධ වර්ණයන්ගෙන් යුත් දේශමාමාක දේශපාලූවන්, මෙකී වීරත්වය විනාශ කර දැමීම අරඹා තිබෙන්නට පිළිවන.
හලාවත තලාඩිවැල්ල යනු පොදුවේ ගත් කල දරිද්රව පවතින්නාවූ වපසරියකි. එහෙත් දරිද්‍රතාවට පහසුවෙන් බලාපොරොත්තු පරාජය කළ නොහැකිය. ජේසුමරිය කිංග්ස්ලි ද එබඳු බලාපොරොත්තු සහගත මිනිසෙකි. ඔහුට ඔහුගේ කුටුම්භය පිළිබඳව තිබී ඇත්තේ, දෛනිකව තමන් ඉදිරියේ දිස්වන මහා සාගරය සේ පළල්වූත්, ගැඹුරු වූත් ආකල්පයක් බව බැලූ බැල්මට වුව වටහා ගත හැකි ය. ආණ්ඩුව විසින් ගිනි බිඳින ලද්දේ එවන් පුතා මෙන් වීරයකු නොවන අවිහිංසක තාත්තෙකුගේ ආදරණීය අධ්යාත්මයටයි.
මා එසේ පවසන්නේ ඇයි?
වර්ණකුලසූරිය ජේසුමරිය කිංස්ලි යනු, සියලූ ධීවරයන් පීඩාවට පත් කළ භූමිතෙල් මිල ඉහළ දැමීමට එරෙහිව ධීවරයෝ අසංවිධානාත්මකව වුව අරගල බිමට පිවිසෙද්දී, සිමෙන්ති කොට්ටයක් මිළදී ගැනීමට යමින් සිටියදී වෙඩි වැදුණු ධීවරයෙකි. ඔහු ජන අරගලකරුවකු නොවන බව පැහැදිලි ය. තමන්ගේ දෑතින් ම තනනා බ්ලොක් ගල් වලින් තමන්ගේ බ්ලොග්ගල් කැදැල්ල නිමවා බිරිඳ හා දරු සිව් දෙනා සමග දිවි ගෙවීමේ පරම පිවිතුරු අල්පේච්ඡ චේතනාවෙන්, හේ, මඬන ලද්දේ වෙයි. භූමිතෙල් අරගලය හේතුවෙන් මූදු නොයනා ධීවරයන් උත්සන්න වූ වෘත්තීමය හැගීමෙන් සටන් බිමට පිවිසුණ ඉකුත් පෙබරවාරි 14 වැනිදා, ජේසුමරියාවන් සිතනුයේ ඉක්ම යන කාලය අපතේ නොහැර එය සප්රයෝජනවත්ව යෙදවීම වඩා යහපත් බවයි. ඔහු ඒ සඳහා තෝරා ගනුයේ සිමෙන්ති උරයක් මිළදීගෙන බ්ලොක් ගල් තැනීමයි. කෙතරම් අවිහිංසක, ආත්මාර්ථකාමී අල්පේච්ඡ කල්පනාවක්ද. මනුෂ්‍ය සොභාවය වන්නේ එයයි. සියලූ මනුෂ්‍යයෝ ධීවරයෝ නොවෙති.
සියලූ ධීවරයෝ අරගලකරුවෝ නොවෙති. සියල්ලන් වෙනුවෙන් මා නගන තර්කනය වන්නේ වත්මන් රාජ්‍ය ත්‍රස්තවාදය අරගලකරුවන්ටත් අවිහිංසකයන්ටත් එකසේ එල්ල වී ඇති බවයි. අහිංසකව, තමන්ගෙ පාඩුවේ ගෙයක් දොරක් හදාගෙන දරුපවුලත් එක්ක ජීවත්වීමට හිතීම වුව ආණ්ඩුවේ ලයිසන් තුවක්කුවෙන් වෙඩි කෑමට හේතුවකි. අජීවී ජේසුමරියා යනු එහි සජීවී උදාහරණයයි.
මංජුල වෙඩිවර්ධන[Manjula Wediwardhana]
[Photo by – www.asianews.it]