‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ දේශපාලන සිරකරු නිමලරූබන්ගේ මව වන රාජේෂ්වරී මහත්මියයි.
පසුගිය 2009 නොවැම්බර් මස 05වෙනිදා මිත‍්‍රයෙක් සමග යතුරු පැදියක ගමන් කරමින් සිටි නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප‍්‍රදේශයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට පත් වූ අතර අවුරුදු 03ක් තිස්සේ වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගත්තේය. අත්අඩංගුවේ සිටි කාලය පුරාම මොහුගේ මව මොහුව දැකීමට බන්ධනාගාරයට ගොස් ඇත. පසුගිය 28 වන බ‍්‍රහස්පතින්දාත් නිමලරූබන්ව හමු වූ මව ඔහුට අවශ්‍ය ආහාර-පානාදී වලින් සංග‍්‍රහ කර පැමිණ ඇති අතර, ඒ වන විටත් නිමලරූබන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වී සිට ඇත. මෙයින් පසුව සිදු වූ සිදුවීම පිළිබඳව අදහස් දක්වන නිමලරූබන්ගේ මව පවසා සිටින්නේ,
”පසුගිය 28වෙනිදා පුතාව බලන්න බන්ධනාගාරයට ගිය අවස්ථාවේ පුතා වෙනදා වගේම හොඳින් හිටියා. රැුගෙන ගිය ආහාර සහ අනෙකුත් භාණ්ඩ දීලා හෙට එන බව කියලා මම ආවා. 29වන සිකුරාදා බන්ධනාගාරයේ ප‍්‍රශ්නයක් සිදුවුණා කියලා ආරංචි වුණා. 30 වන සෙනසුරාදා පුතා බලන්න ආයිමත් වව්නියා බන්ධනාගාරයට ගියා. එහි සිටි නිළධාරීන් ‘අම්මේ සිරකරුවන් මෙහි නැහැ. ඒ අය අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. එහි ගිහින් බලා ගන්න’ කියලා කිව්වා. එදාම මම අනුරාධපුර බන්ධනාගාරයට ගියා. නමුත් එදින පුතාව බලන්න බැරි වුණා. එහි සිටි නිළධාරීන් ‘අද සිරකරුවන්ව බලන්න බැහැ. සඳුදා එන්න’ කියලා කිව්වා. මම සඳුදා (02* අනුරාධපුර බන්ධනාගාරයට ගිය විට බන්ධනාගාර නිළධාරියෙක්, මගේ පුතාව මහර බන්ධනාගාරයට මාරු කරලා තියෙන බවත්, එහි නොයන ලෙසත්, පුතාව බලන්න දෙන්නේ නැති බවත්, කිව්වා.”
”මම මානව හිමිකම් කොමිසමට හා රතු කුරුස සංවිධානයට පුතාගෙ අතුරුදහන් වීම පිළිබඳව පැමිණිල්ලක් කළා. පසුගිය 04 වෙනි බදාදා උදේ වාහන දෙකකින් පැමිණි වව්නියාව පොලීසිය ‘ඔබගේ පුතාට අසනීපයි, ඔබලාව බලන්න ඕනෙ කියලා එයා කියනවා, එන්න අපි රෝහලට එක්කගෙන යන්නම්’ කියලා කිව්වා. ඉස්සර වෙලාම වව්නියාවේ ‘ජෝශප්’ කඳවුරට රැුගෙන ගියා. පසුව වාහනය මහර බලා පිටත් වුණා. අපි රාත‍්‍රී 8ට පමණ මහර පොලිස් ස්ථානය වෙත ලඟා වුණා.”
”මහර පොලීසියට ගිය අපි, ‘ඇයි අපිව මෙහෙට එක්කගෙන ආවෙ?, අපේ පුතාව බලන්න ඕනෙ. එයාව පෙන්වන්න.’ කියලා කිව්වා. එහි සිටි නිළධාරීන් ‘? වෙලා නිසා පුතාව බලන්න බැහැ, උදේ වෙනකන් ඉන්න, එතකොට පුතාව බලන්න පුළුවන්’ කියලා කිව්වා. පසුව අපිව නේවාසිකාගාරයකට රැුගෙන ගිහින් නතර කළා. පසුදින (07* බ‍්‍රහස්පතින්දා උදේ 6ට පමණ පුතාව බලන්න ලෑස්ති වෙලා හිටපු අපිට නේවාසිකාගාරයේ තේ ලබා දීමට පැමිණි තරුණයෙක් ‘ඔයාගේ කවුද මිය ගියේ ?’ කියලා මගෙන් ඇහුවා. මොකක් හරි අනතුරක් වෙලා තියෙනවා කියලා මට බයක් දැනුණා.”
”එදින උදේ මහර පොලීසියට රැුගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ.”
”එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැුගෙන ගියා. එවිට මට පොලිස් වාහනය තුළම සිටින ලෙස පැවසූ පොලීසිය, මගේ ස්වාමිපුරුෂයාව පුතාව බලන්න කියලා එක්කගෙන ගියා. පුතාව බලන්න ගිය මගේ ස්වාමිපුරුෂයා කලන්තෙ හැදිලා වාහනයට දානවා මම දැක්කා. මා සමග කතා බහක නිරත වී සිටි පොලිස් කාන්තා නිළධාරිනියවත් තල්ලූ කරගෙන මම ඇතුළට ගිහිල්ලා බැලූවා. එවිට මම මගේ පුතාගේ මළ සිරුර දැක්කා.”
මෙම සිදුවීම නිමලරූබන්ගේ පියා විස්තර කළේ මෙසේය,
”පුුතාගේ පපුව ප‍්‍රදේශයේ බොහෝ තුවාල තිබෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇෙඟ් ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා.”
පන්දල් – හින්දු චාරිත‍්‍ර අනුව මංගල්ලයේදී සහ අවමංගල්ලයේදී පොල් අතු, ගොක් කොළ සහ කෙසෙල් ගස් භාවිතා කරලා සරසන වේදිකා විශේෂයකි.
[උපුටා ගැනීම – වීරකේසරී – 2012 ජූලි 08 | Photo by – Veerakesary]