ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය පෑම ප‍්‍රසංශණීය මෙන්ම මාධ්‍ය නිදහසට බාධා කරන ආණ්ඩුවලටද අභියෝගයකි.
පසුගිය කාලවලදී අප එය හොදින් අත්දකින ලද අතර එපමණක් නොව විවිධ අවස්ථාවලදී අපද එම විරෝධතා උද්ඝෝෂණවලට සම්බන්ධ වී සිටියෙමු. නමුත් මෑත කාලවලදී එම විරෝධතාවල ක‍්‍රමක් ක‍්‍රමයෙන් අඩුවී යන තත්ත්වයක් හා සීමාසහිතවීම අපට දැකගැනීමට තිබේ. එසේ සිදුවීම අතිභයානක තත්ත්වයක් ඇතිකිරීමට ඉඩ ඇත.
එයට ආසන්නම උදාහරණය නම් පසුගිය දිනක මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් හිමිපානන් හට සහයෝගය දැක්වීමේ පෙළපාළියක් මන්නාරමේදී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ කතෝලික කණ්ඩායම් විසින් වුවද හින්දු ඉස්ලාම් ආගම් නියෝජනය කරන පිරිස්ද සහභාගි වී සිටීම විශේෂත්වයකි. එයට මන්නාරම් ප‍්‍රාදේශීය නිදහස් මාධ්‍යවේදියෙකු වූ මක්කල් කාදර් ද සහභාගි වී සිටියේ ය. විරෝධතාව පැවැත්වුණු දිනයට පසු දින එනම් මැයි මස 29වන දින මන්නාරම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අසලදී පස්වරැ 5ට පමණ කැබ්රථයකින් පැමිණි ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ (මුස්ලිම් දෙශපාලන පක්ෂ, ඇමැතිවරයෙක්) මැර කණ්ඩායමක් විසින් මක්කල් කාදර් මාධ්‍යවේදියා හට පහර දී ඇත. අත් වාරුවක් සහිත ගමන් කරන මෙම මාධ්‍යෙවිදියාට පහර දීම පිළිබදව කිසිදු මාධ්‍යයක් තම විරෝධය ප‍්‍රකාශ කර සිටියේ නැත. විශේෂයෙන් මෙවන් සිද්ධීන්වලදී දැඩි ලෙස විරෝධය දක්වන මාධ්‍ය සංවිධාන ද මෙම සිද්ධිය පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කරුණකි. විවිධ අවස්ථාවලදී මාධ්‍යවේදීන් පීඩාවට පත්වන අවස්ථාවලදී ඒ හා බැදී ලිපි ලියූ දකුණේ ඇතැම් පුවත්පත් ද මෙම සිද්ධියට කුඩා ඉඩක් හෝ නොදීම ඉතාමත්ම වේදනාකාරියි.
අවසානයේ අපට අසන්නට ඇත්තේ දකුණේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පිටු ගණන් වෙන්කළ ඇතැම් පුවත්පත්ද, වීදි පුරා උද්ඝෝෂණය කල මාධ්‍ය සංවිධානද මාධ්‍යවේදී මක්කල් කාදර් වෙනුවෙන් කිසිදු හඩක් නොනැගුවේ ඇයි.? ඔහු දකුණේ නොවන නිසාද? නැතිනම් වෙනම හේතුවක්ද?
සී. මනිමාරන්