ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති සුනිල් සරත් පෙරේරා මහතා විසින් මාධ්‍ය රටාවක සමතාව හා අන්තර්ජාල කිචිබිචිය මැයෙන් පසුගිය ඉරිදා ලංකාදිප පුවත් පතට ලියන ලද ලිපියට පිළිතුරකි.
අප කවුරුත් දන්නා පරිදි වර්තමාන ඉරාන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරන, බටහිර ලෝකයට මෙන්ම ලෝක සංහිඳියාව වෙනුවෙන් පවත්නා එක්සත් ජාතීන් වැනි සංවිධාන වලටද විරුද්ධව ක්‍රියාකරන, ඉරානය තුළද දැඩි පාලනයක් ගෙන යන්නෙකි. පසුගිය දා ඉරානයේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ජයගනු ලැබූ බව ප්‍රකාශ කළද එම ප්‍රතිඵල වල ගැටළුවක් ඇති බව ලෝකය දැනගත්තේ ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ හුසෙන් මෙසාවි ඇතුළු එරට සාමාන්‍ය ජනයා ජනාධිපතිවරණ තීණ්දුවට එරෙහිව වීදී බැසීමත් සමගය. එහෙත් පසුගිය ඉරිදා ලංකාදීපයට ලිපියක් සපයන සුනිල් සරත් පෙරේරා මහතාට අනුව එම වීදි බැසීම බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. එම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ එරට සිට ක්‍රියාත්මක වන බීබීසී, සීඑන්එන් හා අල්ජසීරා වැනි බටහිර ගැති මාධ්‍යයයි. ඉරාන පාලනාධිකාරය විසින් එම මාධ්‍යකරුවන්ගේ ක්‍රියාත්මක වීම කාර්යාල තුලට සීමා කරනු ලැබූ අවස්ථාවේ ඔවුහු කළින් සැළසුම් කර තිබූ කුමන්ත්‍රණයේ ඊළඟ පියවර ක්‍රියාත්මක කළෝය. ඒ පුරවැසි මාධ්‍ය නැතහොත් සහභාගිත්ව මාධ්‍ය වශයෙන් අද වන විට සංනිවේදන ලෝකය හඳුනාගෙන සිටින නව මාධ්‍ය ක්‍රමෝපායයි. මෙම කුමන්ත්‍රණකාර බටහිර මාධ්‍ය ඉරානයේ දී පමණක් නොවේ පසුගිය හතරවන ඊළාම් යුධ සමයේදී මෙරටට එරෙහිවද ක්‍රියකල බව ඔහුගේ අදහසයි. මාධ්‍යවේදීන්ගේ පිළිගත් ශීක්ෂණයන්ට අනුගත නොවන අලුතින් බිහිවන මාධ්‍ය ක්‍රමෝපායක් වන පුරවැසි මාධ්‍යයෙන් අනෙකුත් රටවල් පරිස්සම් විය යුතු බවට ඔහු අනතුරු අඟවයි. මෙම අලුත් මාධ්‍ය බටහිර ගැති එක්තරා පංතියක් වෙනුවෙන් පවතින්නක් බවද ඔහු වැඩිදුරටත් සිය ලිපිය මඟින් අවධාරණය කරයි.
ඔහුගේ ලිපියේ සාරාංශයක් ඉදිරිපත් කළේ මෙම ලිපිය කියවන පාඨකයාට පහසුවනු පිණිසය. මාදන්නා තරමින් පුරවැසි මාධ්‍ය යනු කුමන්ත්‍රණකාරී මාධ්‍ය ක්‍රමෝපායක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දැඩි මර්දනයට ලක්වූ අවස්ථාවලදී විකල්පයක් ලෙස ක්‍රියාකල හැකි මාධ්‍යයකි. අනෙක් අතින් එය ප්‍රධාන ධාරාව තුළ ඉඩ කඩක් නොලැබෙන පහල ස්ථරයේ ජනයාගේ සිට විවිධ මත දරණ කණ්ඩායම් මෙන්ම විරුද්ධ අදහස් දරන්නවුන්ටද ඉඩකඩ ලබාදීම අරමුණු කොටගෙන බිහිවූ මාධ්‍යයකි. ඉරානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී අගයන් බිංදුවට සලකන රටක දී මෙන්ම දරුණු යුධ ගැටුම්, ඥාති සංග්‍රහ, වංචා දූෂණ , ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයන්ගේ බිඳවැටීම හා බරපතල ලෙස මානව හිමිකම් කඩවන අවස්ථාවලදී පුරවැසි මාධ්‍යකරුවන්ගේ කාර්යභාරය ඉතා සුවිශේෂී බව කිවයුතුය.ඉහත සඳහන් කළ රාජ්‍යයේ ප්‍රබලතම හා සංකීර්ණ ගැටළු සමුදාය විසින් සම්ප්‍රදායික ජනමාධ්‍ය වල පැවැත්ම අභියෝගයට ලක් කර ඇති නිසා මෙම නව මාධ්‍යයේ නැතහොත් පුරවැසි මාධ්‍යයේ ඉඩ ප්‍රස්ථාව ප්‍රබල ලෙස ජන සමාජයට දැනෙන බව කිව යුතුය.
‛‛මහජනයාගේ උද්වේගකර සිතුම් පැතුම් මාධ්‍ය හැඩගැසීමටත් මාධ්‍යයේ උද්වේගකර හැසිරීම විසින් මහජන විඥානය හැඩගැසිමත් යන විෂම අනොන්‍ය සම්බන්ධය පිළිබදව වන නියමය පිළිබද මෙම ලිපියේ කිසිදු සටහනක් නොමැත. පසුගිය යුධ සමයේ දී යුද්ධයට පක්ෂපාතී මාධ්‍යකරුවන් දේශප්‍රේමීන් ලෙසත් යුද්ධයට විරුද්ධ හා එහි යථාර්ථය වාර්තා කළවුන් ද්‍රෝහීන් ලෙසත් හංවඩු ගසනු ලැබු බව අප හොඳින් දන්නා කරුණකි. එහි අනෙක් තේරුම නම් තමන්ට අවනත වූවන් හොද මාධ්‍යවේදින් ලෙසත් අවනත නැතිවුන් බටහිර ගැති හෝ ත්‍රස්තවාදී ගැති ලෙස හංවඩු ගැසිමත් සිදූවන බවය. පශ්චාත් ඉරාන ජනපතිවරණ උද්ඝෝෂණ අතර තුරදී මියගිය ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ සිසුවියගේ දේහයේ ඡායාරූප ජංගම දුරකථන මඟින් ඡායාරූප ගත කොට ප්‍රචාරය කිරීම අනුමත කළ නොහැකි බව ලියුම් කරුගේ අදහසයි. එහෙත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදින්ව බළධාරීන් විසින් කාර්යාල තුළට කොටු කළ බව ඔහුම පවසන්නේ එය සිදූ විය යුත්තක් ලෙස සලකමිනි. තත්ත්වය එසේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය කළ වරදට ටෙහෙරානයේ වීදී වලදී වෙඩිකා මිය ගිය මෙම තරුණ විශ්ව විද්‍යාල ක්‍රියාකාරිනියගේ මරණය පුරවැසි මාධ්‍යකරුවන් නෙසිටින්න ට ලෝකයාට රහසක් වනු නොඅනුමානය. එසේම පසුගිය වසරේ බුරුමයේ මිලිටරි ජුංටාවට එරෙහිව විදී බට භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ එරට ජනයාගේ උද්ඝෝෂණය ලෝකයට වසන් වනු ඇත. මීට පෙර 1989 දී පමණ බුරුමයේ සිදුවූ මෙවැනිම මහජන නැගිටීම යකඩෙන් මර්දනය කළ අවස්ථාවේදී එය ලෝකයාට දැන ගන්නට ලැබුනේ එයට බොහෝ කලකට පසුවය. එහෙත් පුරවැසි මාධ්‍යයේ හා මාධ්‍යකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙවර එම උද්ඝෝෂණ ලෝකයට හෙළිදරවු වු බව කිව යුතුය. මේ පිළිබඳව තවත් උදාහරණයක් නම් ඉරාකයයි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල හමුදා සිය හිතු මනාපෙට ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමූ අවස්ථාවේ සිට ඇති වූ යුධ තත්ත්වයන් තුළදී පුරවැසි මාධ්‍යකරුවන් සුවිශාල කාර්යභාරයක් ඉටුකළ බව නොරහසකි. අද වන විට ලෝකයේ මාධ්‍යකරුවන්ට සිය රැකියාව කිරීමට භයානකම රටවල් අතර අංක එකේ ඉරාකය පසුවිමෙන් එය කෙසේද කියා වටහගත හැකිය. මෙහිදි ඉරානය කට ගැස්මට ගෙන මෙම ලියුම්කරු දිගින් දිගටම කීමට උත්සහ දරන්නේ ‛‛බටහිරට විරුද්ධ නම් කෙතරම් මර්දනකාරී ලෙස වුවද පාලනය ගෙනගියාට කමක් නැත කියාය. එසේම එම මර්දනිය ආණ්ඩු වල ක්‍රියා හෝ එම රටවල සිදුවන දේ ලොවට කියන මාධ්‍යවේදින් කුමන්ත්‍රණ කරුවන් කියාය. ජාතිමාමකත්වය ඉදිරියට දමාගත් බොහෝ දෙනෙකු සිතන විදිහ මෙය බව කිව යුතුය. ලංකාවේ අද දක්නට තිබෙන තත්ත්වයද මෙයමය. පසුගිය වසර තුනක පමණ කාලයේදී මෙරට මාධ්‍යවේදින් හා මාධ්‍ය සේවකයන් 15 දෙනෙකු පමණ ඝාතනය වී තිබෙන අතර ස්වයං වාරණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබියදී මේ ලියන මහතා ඇතුලු සියලු දෙනා නිහඩව සිටියේත්, සිටින්නේත් එම ජාතිමාමකත්වය නිසා විය යුතුය. අනෙක් අතින් අද වන විට වැඩිම ජනමාධ්‍යවේදින් පිරිසක් සිරගත කොට සිටින්නේද චීනය, කියුබාව, ඉරානය, වෙනිසියුලාව හා බුරුමය වැනි බටහිර විරෝධී රටවල බව කිව යුතුය. ලියුම්කරුම කියන පරිදි ඉරානයේ සියලු ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍ය රාජ්‍ය සතුවෙයි. එවිට රාජ්‍යයට එරෙහිව සිදුවන උද්ඝෝෂණ එම මාධ්‍ය ආයතන මඟින් ප්‍රචාරය නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එබැවින් පුරවැසි මාධ්‍යයක් ලොවට බිහිවන්නේම මෙවැනි පසුබිම් යටතේ සිදුවන මර්දනයන් අතික්‍රමණය සඳහාම බව පැහැදිලිය. එවිට එවන් කාර්යභාරයක් කුමන්ත්‍රණයක් වන්නේද? මේ නිසා අන්තර්ජාලය, බ්ලොග්කරුවන් , එස්.එම්.එස් හා ජංගම දුරකථන වැනි මහජනතාව හසුරුවන විභවයන් උපයෝගී කරගෙන ප්‍රජාතනුත්‍රවාදය වෙනුවෙන් පැහැදිලි බලපෑමක් කිරීම පුරවැසි මාධ්‍යයේ කාර්යයභාරය බව පැහැදිළිය.
සුප්‍රසිද්ධ කොලොම්බිය ජර්නලිසම් රිවිව් (ඤකමපඉස් න්‍දමරබ්කසිප ඍැඩසැඅ* හී පීඩාකාරී පාලන තන්ත්‍රයක් යටතේ පුරවැසි ජනමාධ්‍යවේදයේ බලය පිළිබඳව ‛‛බ්ලොගින්ද කූප් මැයෙන් ’’(ඊකදටටසබට එයැ ජදමච* විමර්ශනාත්මක ලිපියක් ලියන ඩස්ටින් රෝආසා ්(ෘමිඑසබ ඍද්ි්* පවසන්නේ
‛‛පුරවැසි ජනමාධ්‍යවේදීන්ට වෘත්තිමය මාධ්‍ය ආයතනයකට අමතර ශක්තියක් එකතු කරනවාට වඩා, සම්පූර්ණයෙන්ම එයට විකල්පයක් ලෙස ප්‍රතිස්ථානය විය හැකිද යන්න පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේවන විට අධික ලෙස සංවාදයට ලක්වෙමින් පවතී. ජනමාධ්‍ය ආයතන ආණ්ඩුවේ දැඩි පාලනයට ලක්වන ලෝකයේ බොහෝ රටවල විශ්වාසය තැබිය හැකි එකම තොරතුරු මාධ්‍යය පුරවැසි ජනමාධ්‍යවේදීන් වනු ඇත. උදාහරණයක් ලෙස මියන්මාරයේ පුරවැසි ජනමාධ්‍යවේදීන් නැතිනම් පසුගිය අවුරුද්දේ එරට ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ වලදී කුමක් සිදු වූයේද යන්න දැනගැනීමට මහත් දුෂ්කර වනු ඇත. ඒ අතර අධික ලෙස වාරණයට ලක්ව ඇති, රජය යටතේ පවත්වාගෙන යන මැද පෙරදිග ජනමාධ්‍යවලට විකල්පයක් ලෙස අන්තර්ජාලයේ බ්ලොග් (ඉකදටි) පත්ව ඇත.” යනුවෙනි.
දිග් ගැස්සෙමින් තිබෙන ගැටුම්, සංකීර්ණ දේශපාලන පෙරැළි හා මුල් බැසගත් ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයන් අද ජනතාවගේ සන්නිවේදන අයිතිවාසිකම් සඳහා පැහැදිලි අභියෝගයක් එල්ල කර ඇත. බාධා රහිත සන්නිවේදනය හා නිදහස් අදහස් ප්‍රකාශනය ඕනෑම සාර්ථක පශ්චාත් ව්‍යසන වැඩපිළිවෙලක මුල්ගල ලෙස හැඳින්විය හැකිය. එහෙත් යුදමය වාතාවරණයත් සමගම ප්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මර්දනයට ලක්වීම නොවැළැක්විය හැකිය. පුවත් වාරණය හා ජනමාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන මෙන්ම ජනමාධ්‍යවේදීන් විසින් ස්වයං වාරණය තෝරා ගැනීමද ස්වාධීන මාධ්‍යට සෘජු බලපෑමක් එල්ල කරයි. සෑම ආණ්ඩුවක්ම පුරවැසියන්ගේ ඕනෑ එපාකම් සහ ඔවුන්ගේ සිතුම්පැතුම් හඳුනාගත් ජනමාධ්‍යවල වර්ධනයට බලපෑම් එල්ල කර තිබේ. ඒ බව ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලෙස ඔබ තරමි හොදින් දන්නා කෙනෙකු නෙමැති බව මගේ අදහසයි.
පුරවැසි ජනමාධවේදයේ සැබෑ විභවය යනු එය ගැහැනු පිරිමි, ජාති ආගම් කුල මෙන්ම වෙනස් අදහස් දරණ පුද්ගලයන් යන භේදයකින් පවා තොරව ලංකාවේ හැම ජාතියකටම, කුලයකටම, පන්තියකටම ආගමකටම අයත් සෑම පුරවැසියෙකුටම සම්බන්ධ විය හැකි සංවාද මණ්ඩපයක් තනන අතරවාරයේ ඔවුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩ සලසන්නක් වීමය. එමගින් සමාජයේ ප්‍රගමනයට දායකවන අදහස් හා ක්‍රමවේදයන්ට මනා ඉඩහසරක් සපයනු ඇත්තේ ය. එබැවින් කළ යුත්තේ බිහිවී එන මෙම නව ඉඩ හසර වඩාත් අර්ථාන්විත කිරීමේ සාකච්ඡාවක් ඇරඹීම මිස එය වාරණයට කටයුතු කිරීම නොවන බව යෝජනා කරනු කැමැත්තෙමි.