සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kurunegala, Life quips, Peace and reconciliation

83’ කලූ ජූලිය | Sunday සිල්!, Monday කිල්!


1983 ජූලි 24 දින එනම් හරියට වසර 29කට පෙර සමස්ත ශ‍්‍රි ලංකා වාසි දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනස් කළ ඒ දිනය;


83 කලූ ජූලිය

දිනය – 1983 ජූලි 24 සිටඅගෝස්තු මුල් සතිය දක්වා
ඉලත්තය – දෙමළ ජනයාගේ දේපල මංකොල්ල කෑම,විනාශ
කිරීම හා දෙමළ ජනයා ඝාතනය කිරීම
ප‍්‍රහාරය – ගිනි තැබීම්,වෙඩි තැබීම් හා කැපීම්,‍කෙටීම්
ආයුධ – පිහි, ලි, පොලූ, ගිනි අවි
ජීවිතක්‍ෂයටපත්වූවන් – 3000 කටඅධිකයි
තුවාල වූවන් – 25000 කටඅධිකයි
විනාශකළනිවාස – 18000 කටඅධිකයි

1983 ජූලි 22 සිකුරාදා දින රාත‍්‍රි 11.45ට පමණ සිදුවූ එම සිද්ධිය යාපනය තිගැස්වූවා පමණක් නොව සමස්ථ ශ‍්‍රි ලංකාවම ගනිබත් කළේය. යාපනය තිරුනෙල්වේලි, පලාලි මාර්ගයේ තැපැල් හන්දිය අසලදී හමුදා සෙබලූන් රැගත්, පලාලි සිට යාපනය නගරය වෙත ගමන්ගත් හමුදා ට‍්‍රක් රථයක් බිම් බෝම්බයකට හසුවීමෙන් හා ඉන් අනතුරුව සිදුවූ වෙඩි තැබීමෙන් එහි ගමන් කළ හමුදා සෙබලූන් 15 දෙනාගෙන් 13ක් මරුමුවට පත්විය. එම වකවානුවේදී හමුදාවේ මැදහත්වීම් බහුලව පැවැති අතර ඔවුන්ට විරුද්ධව තැනින් තැන පහරදීම් සිදුවුන ද තිරුනෙල්වේලි පහරදීම විශාල එකක් විය.

මෙම සිද්ධියෙන් තිගැස්සී සිටි තිරුනෙල්වේලි ජනයාට එදිනම රාති‍්‍ර නොසිතු තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. එනම් බිම්බෝම්බයකට හසුවීමෙන් පසු දිවි බේරාගත් දෙදෙනාගෙන් එක් හමුදා සෙබළෙකු විසින් තිරුනෙල්වේලි ගමේ නිවසින් නිවසට කඩාපැන තැබු වැඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 46 දෙනෙකු මරුමු වට පත්විය.

කෙසේ නුමුත් මෙම හමුදා රථයට පහර දීමට හේතු වශයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන ලදී. පළමුවැන්න කොටි සංවිධානයේ ප‍්‍රාදේශීය නායකයින් වූ සීලන් සහ ආනන්ත් යන දෙදෙනා තෙන්මරට්චි ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වූ නිසා එයට පළි ගැනීමක් වශයෙන් ප‍්‍රභාකරන් විසින් සිදුකළ එකක් බවටත්, දෙවැනි කරුණ වශයෙන් මෙම කාලපරිච්ඡේදයේ දී හමුදාමය මැදිහත්වීම යාපනයේ දී වැඩිවී තිබූ නිසා එය වැළැක්වීමට කළ ප‍්‍රහාරයක් බවටත් පවසන ලදී. කෙසේ නමුත් හමුදාවට එල්ල වූ මෙම ප‍්‍රථම දරුණු ප‍්‍රහාරයක් හේතුවෙන් සමස්ථ ශ‍්‍රි ලංකාවම ආන්දෝලනයට පත්වී තිබිණ.

දකුණේ ජීවත්වූ දෙමළ ජනයා වෙත තම ප‍්‍රහාරයන් එල්ල කිරීමට මාන බලමින් සිටි සිංහල ජාතිවාදින්ට මෙය කදිම අවස්ථාවක් විය. මිට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ ජනයාට විරුද්ධව කෝළාහල සිදුවුණ ද එනම්, සිංහල පමණක් නීතිය ඇතිකළ 1958 දී 1977 කෝළාහලයේ දී, 1981 යාපනය පුස්තකාලය ගිනිබත් කළ අවස්ථාවන් හා 1983 කෝළාහලය සමග සංසන්ධය කිරීමේදී 83 කලූ ජූලිය යම්කිසි සැළැසුම් සහගතව කළ එකක් බවට පෙනේ. එය කෙසේ වෙතත් මෙම 83 කලූ ජූලිය දේශපාලනමය වශයෙන් හා ඓතිහාසික වශයෙන් ඇති කළ බලපෑම අතිප‍්‍රබල එකක් විය.

ශමුදා සෙබලූන් ජීවිතක්‍ෂයට පත්වූ අවස්ථාවලදී එම සිරුරු ඔවුන්ගේ ගම්වලට රැගෙනවිත් අවසන් කටයුතු කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. නමුත් තිරුනෙල්වේලි සිද්ධයේ දී ඝාතනය වූ සෙබලූන් 13 දෙනාගේ දේහයන් රැගෙනවිත් තිබුණේ ද කොළඹටය. ජූලි 24 ඉරිදා බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු කිරීම හා බොරැල්ල සිට දෙමළ ජනයාට එරෙහි කෝළාහලය ආරම්හ කිරීමයි මෙහි අරමුණ වී තිබුණේ. සෙබලූන්ගේ දේහයන් බොරැල්ලට රැගෙන ඒමත් සමග අති විශාල පිරිසක් ද රජයේ බස්රථවලින් හා රජයේ වාහන මගින් ගෙන් වන ලදී. ඒ අතර බොහෝමයක් සිටියේ අපරාධකරුවන්ය. ඔවුන් පැමිණි වාහනවල කඩු, පිහි, පොලූ හා පෙට‍්‍රල් පුරවා තිබිණි. ජනාධිපති ජේ.ආර්.ගේ අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රබල ඇමැතිවරුන්ගේ ගෝලයින් ද මේ අතර විය.

කනත්තේ දී අවසන් කටයුතු සිදුවීමට පෙරාතුවම බොරැල්ල ගිනිබත් වන්නට පටන් ගත්තේය. එම ප‍්‍රදේශයේ ජීවත්වූ දෙමළ ජනයාගේ නිවාස හා කඩවල්වලට ගිනි තියන්නට වූහ. ජාතිවාදියෝ සම්පූර්ණ බොරැල්ල ප‍්‍රදේශයම ගිනි ජාලාවක් කළහ. කලූ දුම අහසට නැග්ගේ දෙමළ ජනයාගේ පණ උදුරා ගනිමින්ය. දෙමළ ජනයා තම පණබේරා ගැනීමට සතර දිසාවට දුවමින් සිටි අතර, මිනිමැරීමේ පිපාසෙන් සිටි වූවන්ගේ අතට පත්වූවන් කපාකොටා මරණ ලදී. පෝය දිනයක් වූ ඉරිදා ආරම්භ වූ කෝළාහලය එදින රාත‍්‍රියේදීම අවසන් වේවි යැයි කොළඔ ජීවත් වූ දෙමළ ජනයා විශ්වාස කළහ. සදුදා මෙය නිවී යනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි ඔවුන් හට ඒ සියල්ල සුනු විසුනු වී ගියේය. දෙමළ ජනයාට එරෙහි එම කෝළාහලය ලැව් ගින්නක් සේ පැතිර ගියහ. සදුදා පමණක් සියයකට අධික පිරිසක් ඝාතනය කරන ලදී.

ඉරිදා දින පෝය වූ නිසා බොහෝමයක් බෞද්ධයින් සිල් සමාදන් වී සදුදා මෙම මිලේච්ඡ කටයුත්තේ යෙදීම හේතුවෙන් ‘සන්ඬේසිල් මන්ඬේකිල්’ යනුවෙන් එක්තරා අවස්ථාවක දී සෞමියමූර්ති තොණ්ඩමන් මහතා ප‍්‍රකාශයක් නිකුත් කර සිටියේය.

ඉරිදා ආරම්හ වූ මෙම කෝළාහලය දින පහක් මුලූල්ලේ පැතිරෙමින් තිබූ අතර, එවකට ඉන්දීය අග‍්‍රාමාත්‍ය ඉන්ද්‍රා ගාන්දි ගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය පී.පී. නරසිම්ම රාව්(28 බදාදා දින) ලංකාවේ නිරීක්‍ෂණ චාරිකාවක් සිදුකළ අවස්ථාව වන විටත් අග නගරය ගිනි බත්වෙමින් තිබිණි.(2009 ද මෙසේම උතුරේ දී දෙමළ වැසියන් ඝාතනය කළ අවස්ථාවේදී ද ඉන්දීය නායකයින් ලංකාවේ නිරීක්‍ෂණ චාරිකාවේ යෙදී සිටියහ.) ගිනි බත්වෙමින් තිබූ වාහන හා නිවාස ද බලමින් ඔහු ගමන් කළේය.

29 සිතුරාදා දින කොටි සාමාජිකයින් කොළඔට පැමිණ ඇතැයි යන ප‍්‍රවෘත්තියෙන් විශාල භීතියක් ඇතිකර තිබුණි. නමුත් එසේ කොටි සාමාජිකයින් පැමිණ නැති බවට තහවුරු කරගත් මැරයින් එදිනත් සිය ගණන් දෙමළ ජනයා ඉතාමත් සහසික ලෙස මරා දැමූහ. ඔවුන්ගේ දේපළ මංකොල්ලකමින් හා ගිනි තියමින් පැතිරී ගිය ව්‍යසනය ජූලි 30 හා 31 දක්වාම සිදුවිය. අගෝස්තු මුල් සතිය වන විට ජේ.ආර්.ගේ ආණ්ඩුවට එල්ල වූ බලපෑම හේතුවෙන් පහරදීම් අවසන් වන්නට විය.

83 කලූ ජූලියේ දී වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුවූ අමානුෂික සිද්ධිය ද අතිපහත් කි‍්‍රයාවක් විය. එහි ඝාතනයන් අදියර දෙකකින් සිදුවිය. ජූලි 25 වන දින දේශපාලන සිරකරුවන් 35 දෙනෙකු කෲර ලෙස ඝාතනයට ලක්විය. බන්ධනාගාරයේ දී එසේ සිදුවූවත් අනෙකුත් සිරකරුවන් හට නිසි රැකවරණය ලබා දීමට ආරක්‍ෂක අංශය කටයුතු නොකිරීමෙන් දින දෙකකින් යළිත් (ජූලි 27)දේශපාලන සිරකරුවන් 17 දෙනෙකු ඝාතනයට ලක් වූහ. සම්පූර්ණයෙන් දේශපාලන සිරකරුවන් 52ක් කෲර ලෙස ඝාතනයට ලක් වූ අතර ඒ පිළිබදව කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකරන ලදී.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම ඝාතන සිදුවූ බව ද වාර්තා විය. පහර දීමට අවශ්‍ය ආයුධ සපයන ලද්දේ ද බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරීන් විසින්ම බවත්, දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා තිබූ වෙනම ප‍්‍රදේශයට යෑමට යතුරු ද නිලධාරීන් විසින් ම මැරයන්ට ලබාදෙන ලද බවත් කියැවිනි. නිලධාරීන්ගේ ඉදිරියේ ඔවුන් බලා සිටියදී දෙමළ සිරකරුවන් අමු අමුවේ මරා දමන ලදී. සිරකරුවෙකු ලෙස සිටි කුට්ටිමනි ගේ දෑස් ද මැරයන් විසින් හාරා ගන්නා ලදී. මරණ දණ්ඩනීය සිරකරුවෙක්වූ කුට්ටිමනි තමන්ව එල්ලූම් ගසේ එල්ලා මැරීමෙන් අනතුරුව තම දෑස් දෙමළ අයෙකුට ප‍්‍රධානය කළ යුතු බවට ප‍්‍රකාශ කර තිබීම, ඔහුගේ දෑස් මෙසේ හෑරීමට හේතු වූ බව ද සදහන් විය.

කලූ ජූලි කෝළාහලයේ දී ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබ්ණි.

– සමස්ත දෙමළ ජනයාට එරෙහිව සිදුවූ මෙම මිලේච්ඡ කි‍්‍රයාවට ආණ්ඩුව විසින් ‘නීතිමය අවසරය” ලබා දී තිබීම,

– පොලීසිය ත‍්‍රිවිධ හමුදාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස් ඉදිරිපිට අමු අමුවේ මිනිස් ඝාතන සිදුවන විට ඒ දිහාබලා සතුටුවූ මිනිමරුවන් හා ආරක්‍ෂකයින්ට රැකවරණය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවයි.

– දෙමළ ජනයා දකුණෙන් පන්නා දැමීමේ උවමනාවෙන් සිදුකළ කි‍්‍රයාදාමය හා දෙමළ නිජභූමිය හදුන්වා දීම,

– තම දේපල නිවාස අහිමිවූ දෙමළ ජනයා කොළඔ අනාත කඳවුරුවල ලැගුම් ගත් අතර පසුව ඉන්දීය ආණ්ඩුව යැවූ නැව් හරහා උතුරු නැගෙනහිරට යවන ලදී. ඒ තුළින් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙන්වා දුන්නේ දෙමළ ජනයාගේ ආරක්‍ෂාව ඇත්තේ උතුරේ හා නැගෙනහිර බවට යි.

එසේම ලක්‍ෂයකට අධික පිරිසක් ඉන්දියාවට සංක‍්‍රමණය වීම හා එසේම අතිවිශාල ජනකායක් යුරෝපා ඇතුලූ රටවල්වලට සංක‍්‍රමණය වීම වර්ධනය වූයේ ඉන් අනතුරුවයි.

‍මේ සියල්ලටම වඩා විශේෂයෙන් දෙමළ තරුණයින්ගේ ආයුධ සන්නද්ධ අරගලය තියුණූ කළේ ද ඓතිහාසික වශයෙන් ශි‍්‍ර ලංකාවට අපකීර්තියක් හා කලූ පැල්ලමක් ඇති කළ 83 කලූ ජූලියයි.

මනිමාරන්[Manimaran]